මන්ද නාව කාරණාව යන්න අපේ වන්දනාව

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
මන්ද නාව කාරණාව යන්න අපේ වන්දනාව



මන්ද නාව කාරණාව යන්න අපේ වන්දනාව..
මට හරි පාළුයි ළම‍යෝ...
මට හරි පාළුයි ළමයෝ...​

නන්දා මාලිනියගේ මේ සින්දුව ඔයාලා අහලා ඇති ‍හුඟක් වෙලාවට. හරි අපූරු පද පේලියකට ඒ ව‍ගේම අපූර්ව තනුවක් එකතු කරලා ඇගේ අපූර්ව කට හඬ ඊට එකතු කරලා...

මේ සින්දුව ඇහෙද්දි මට සිහියට ආවා කොයිතරම් නම් මට මගේ අරමුණට ලඟා වෙන්න උපකාරයක් මේ වචන වලින් මට ලබා දෙනවාද කියලා. සමහර විට ඔයාලාටත් ඒක දැනිලා ඇති. මට දැනෙන දේත් වැඩිය නොවුනත් ඔයාලත් එක්ක ටිකක් බෙදා හදා ගන්න මන් හිතුවා. මුලින්ම කියන්න ඕනා සමහරවිට ඔයාලට මේ මොන විකාරයක්ද කියලා හිතෙයි. ඒ ගැන මන් පසු තැවෙන්නේ නෑ. ඒත් පස්සේ දවසක ඔයාලටත් මේ දේ තේරුම් යයි. අනිත් දේ තමයි මේක ටිකක් පැටලිලි සහිතයි කියන එක හොඳද...

ඉතින් බලන්න මේ සින්දුවෙදි සරලවම කියන්නේ කොයි තරම් සෙනගක් එක්ක ඉඳියත් මොන දේ දැක්කත් තමන්ගේ හිතේ බැඳීම ඇති කෙනා තමන් ලඟ නොසිටින විටදී තනිකම පාළුව මොනදේ තිබුනත් තමන්ට දැනෙනවා කියන එකයි. බුදුහාමුදුරුවෝ දම්ම පදයෙදි එක් වෙලාවකදි තණ්හාය ජායතී සෝකෝ කියලත් තවත් වෙලාවකදි රාගතෝ ජායතී සෝකෝ කියලත් මේ බව දේශනා කරලා තියෙනවානේ. සසරෙ නිමක් තෙරක් නැතිව ගමන් කරන්නේ මේ කියලන බැඳීම් නිසා‍නේ. සමහරවිට ඒක ගැහැණියකට තියෙන බැඳීමක් වෙන්න පුළුවන්. සමහරවිට ඒක පිරිමියෙක්ට තියෙන බැඳීමක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙන මොකක් හරි දේකට තියෙන බැඳීමක් වෙන්න පුළුවන්. හරියට අර අයිස් ඒජ් චිත්‍රපටි ත්‍රිත්වයේ ඉන්න ලේනා මේ වෙලාවෙදි ඔයාලට හොඳ උදාහරණයක්. අර ‍ඔලිව් ඇටයක් අරන් ඒක කා ගන්න බැරිව දඟලන්නේ... මොන දේකට මේ බැඳීම ඇති වුනත් මේ නිසා සසරේ නොරැඳි අපි ගමන් කරනවානේ.. මේ බව මේ සින්දුව මුල් වතාවෙදිම අහද්දි මට තේරුම් ගිය දෙයක්. ඒත් ඒ කාලෙ මේ එළකිරි පෝරම් එක තිබ්බෙ නෑ මන් හිතන්නේ. ඒ තිබ්බත් මට කොම්පියුටරයක් තිබ්බේ නෑ ඉන්ටර්නෙට් එක්ක..

ඒ එක්කම මතක් වෙන දෙයක් තමයි සිදුහත් - යශෝධරා. සාරාසංඛ්‍යෙ කල්ප ලක්ෂයක් එක්ව සංසාරේ ගමන් කලානේ මේ බැඳීම නිසා අපි වෙනුවෙන්. මේ ගෞතම බුද්ධ කාලයේදී ලොව පහල වුන පහලවෙන සියළුම ගැහැණුන් අතරින් අති උත්තම ගැහැණිය මේ බැඳීම නිසා මන් දන්න මන් විශ්වාස කරන මෙලොව පහල වුන අති උතුම්ම ශ්‍රේෂ්ටතම පුරුෂයත් එක්ක නොවිඳිනා දුක් විඳිමින් එක්ව ඉපදි ඉපදි මැරි මැරි සසරේ එක්ව ආවනේ. එක් අවස්ථාවකදි අපි වෙනුවෙන් වගේම ඒ අය වෙනුවෙනුත් ඒ බැදීම ඒ අය නැති කරලා දැන්මනේ.. ඒ බවත් මේ සින්දුව නිහ‍ඬව අහද්දි මට දැනුන දෙයක්...මන් හිතන්නේ ඔයාලටත් වැටහෙන්නැති...

අපේ හිත් නිතරම මොනව හරි දෙයක් හොයා ගෙන යනවා. බැඳීම ඇති කරගන්නවා. දුක් ඇති කරවනවා. සතුට ඇති කරවනවා. අඩුම තරමේ නින්දට ගියහම වත් ඒ හිත එක් තැනක නතර වෙලා වෙහෙස නිවා ගන්නේ නැහැනේ. කෙනෙක්ට තමන් කැමති දෙයක් කැමති කෙනෙක් ලඟ නැති උනාම පාළු දැනෙනවා. ( ඒ වෙන මුකුත් නිසා නෙවෙයි ඇලීම නිසා.) හරියට නන්දා මාලිනී මේ සින්දුවේදී කියනවා වගේ. ඉතින් අපි මොකද කරන්නේ පාළුව ඇති වෙච්ච වෙලාවේ ඉඳන් ඒක නැති කරන්න උත්සාහ කරනවා. ඇයි ඒ? අපි දුක් විඳින්න කැමති නෑනේ චුට්ටක් වත් අනිත් අයට දුක් දෙන්න කැමති වුනාට.. ඒ දේ කරන්නේ අපි නොවෙයි, අපේ හිතයි.

දන්නවානේ අපිට තනිකම දැනෙන්නේ පාළුව දැනෙන්නේ අපේ හිත්වල හිතන්න දෙයක් නැති වුනා‍මයි කියලා. ඒ කියන්නේ අපේ හිත්වල සිතුවිලි පහල වීම එක්කෝ අඩු වෙලා නැත්නම් නැති වෙලා. ඒ කියන්නේ ඒ වෙලාවෙදි හිතේ ඇලීම කියන දේ නැහැ.නමුත් අපේ හිතේ ස්වභාවය නිසා හුඟක් ඉක්මණින් අළුත් අරමුණක් අල්ල ගන්න හිත සමත් වෙනවා. ඔයාලා ඒ අත් දැකීම විඳලා ඇති කියලා මන් හිතනවා. ඇත්තම කිව්වොතින් මේ සින්දුව ඒ බව නියමෙටම කියනවා.

ඉතින් අපි මෙහෙම තනිකම අපිට දැනෙද්දි හොඳ සිහියෙන් ඒ තනිකම විඳිනවනම් ඒ තමයි අපේ අරමුණට ලන් වීමේ ප්‍රායෝගික මාර්ගය. ඒ තනිකම අපිට අපේ කලබලකාරී, ගිනිගන්නා, එහා මෙහා දුවන හිත එක තැනකට කරලා තියා ගන්න උපකාරී වෙනවා. අපේ තියෙන කෙලවරක් නැති බැඳීම් වලින් ඈත් වෙන්න මේ තනිකම උදව් කරනවා. අවශ්යන වෙන්නේ තනිකමයි ප්‍රඥාවයි විතරයි.

මේටත් වඩා තව හුඟක් දේ මේ සින්දුවෙන් මගේ අරමුණට ලන් වෙන්න මට හිතට ලබා දීලා තියෙනවා. මන් ඒ දේ දැන් විඳිනවා. හුඟක් සතුටින් ඒ නිසා මන්. ඒත් ඒ හැම දේම ටයිප් කරන්න විදියක් නෑ මට. කොහෙම වුනත් මන් නම් කියන්නේ ඔයාලත් මේ ගැන ටිකක් හිතන්න කියලායි...
 

cd_akhila

Member
Feb 25, 2008
106
19
0
හරිම සම්පූර්ණ විදිහට ඔබතුමා මේ දේවල් පැහැදිලි කරලා තියෙනවා, ඉතාම වටිනා අදහසක්, ඔබතුමාට බොහෝ පින්.
:):):):):yes::yes::yes::yes:
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

yaluwane ape jeewitha waladi api baudda iganweem walata anuwa jeewath wenawanam, Niwan dakeema ape aramuna widiyata hithanawanam, hamadeyak dihama pranchawen uthuwa api dakinna ona. mathupitin pena de gana witharak gana nohitha. ekai Buduhamuduruwo apita desana kale.e sathya dakinna oyalata udaw kireema witharai mage balaporotthuwa methanadi.