මනුෂ්‍යත්වය වෙනුවෙන් කටයුතු කරමු..

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මනුෂ්‍යත්වය වෙනුවෙන් කටයුතු කරමු..

    මහපොළොවට ආදරය කරන්න. අසීමිත ලෙස ආදරය කරන්න. ගරු කරන්න. මහ පොළොව නොමැතිව අපට පවතින්නට පුලුවන්ද ? අපි මේ මිහිකතට...මවක් ලෙස ගරු කල යුතුයි. කරුනාවන්ත විය යුතුයි. කෙලෙහිගුණ කල යුතුය. මහපොළොව සමග ජලය. වාතය. අහාර. ගින්දර. ගුරුත්වාකර්ෂණය වගේ දේවල් පිලිබඳව දිනපතාම මෙනෙහි කරන්න.

    අතීතයෙහි මේ දේවලට මිනිසුන් ගරු කලේ මිනිස්සුන්ට ගුණවත් කම තිබුන නිසා..

    ඒක අවිද්‍යාව හෝ නුගත්කම ලෙස අපිට අද පේන්න පුලුවන්.

    මොහොතක් සිතන්න.
    අපිට මොබයිල් ෆෝන් එක. කාර් එක. ටෙලිවිෂනය..ගෙවල් දොරවල් මේ සියල්ල නොමතිව ඉන්න පුලුවන්..

    සල්ලි. තනතුරු. බලය.ආගම ..ජාතිය නොමතිව ඉන්න.පුලුවන් ...

    දෙවියන් වහන්සේ විශ්වාස නොකර ඉන්න පුලුවන්....

    මොහොතක් හිතන්න...

    ඒත්
    වාතය නොමතිව
    ජලය නොමැතිව
    සුර්යයා නොමැතව
    අහාර නොමැතිව
    ගුරුත්වාකර්ෂණය නොමතිව....

    මොහොතක් හිතන්න...

    වාතයට...ජලයට.. ආහාරවලට..
    ගුරුත්වාකර්ෂණයට ..
    මහපොළොවට...
    ගහ කොලට. සතාසිවුපාවට..
    මිනිසුන්ට ..
    පරිසරයට..
    ස්වභාවධර්මයට...

    ආදරය කරන්න. ගරු කරන්න...අගය කරන්න
    ඔබේ යුතුකම ඉටු කරන්න....

    මෙය භාවනාවක්...සිරිතක්...කර ගන්න....

    දෙවියන් වෙනුවෙන් ....දිව්‍ය ලොකයට යන්නට මිනිසුන් මරනා
    බලය.මුදල් .තනතුරු වෙනුවෙන් ඕනම දෙයක් කරනා

    ලෝකයක....

    මනුෂ්‍යත්වය වෙනුවෙන් කටයුතු කරමු..

    Source - https://www.facebook.com/dilanthe.withanage.5/posts/561430210734197