මනුෂ්‍යත්වය

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මනුෂ්‍යත්වය කියන්නේ හරි ම සුන්දර අත්දැකීමක්. නමුත් බිලියන හතක් විතර වෙන ලෝක ජනගහනයෙන් ඒ අසිරිමත් මනුෂ්‍යත්වයේ සැබෑ ම සුන්දරත්වය මොහොතකට හරි විඳගන්න සමත්වෙලා තියෙන්නේ කීයෙන් කී දෙනාද…? ඔබ ඔබම ගැන මොහොතක් හිතන්න. වසර ගණනක් ගෙවී ගිහිල්ල තියෙන ඔබේ ජීවිතයෙදි මේ මනුෂ්‍යත්වයේ සොඳුරු හැගීම ඔබට කී වතාවක් දැනිල තියෙද….? සමහරවිට ඔබ ඒ ගැන හිතන පළමුවෙනි වතාව වෙන්නත් පුළුවන් මේ. තව කෙනෙක් හිතන්න පුළුවන් මොකක්ද මේ මනුෂ්‍යත්වය කියල. මිනිසත් බවයක් ලබපු එක නේද මනුෂ්‍යත්වය කියල. ඒ වගේ ම ඇයි මේ මනුෂ්‍යත්වය ගැන අමුතුවෙන් කතාකරන්නෙ කියලත් කෙනෙක් හිතන්න පුළුවන්.

    මිනිසත් බවයක් ලැබීම හරිම දුර්ලභ යි. ඒ වග අපට කියාදුන්නේ මෙලොව පහල වී වදාළ තුන්ලෝකාග‍්‍ර වූ උත්තම මනුෂ්‍යරත්නය, භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මනුෂ්‍යත්වය තමයි ඒ දුර්ලභව ලැබුණ මිනිසත්බවය සරසන ආභරණය. ඒ සුන්දර ආභරණය, අසිරිමත් අත්දැකීම මිනිසත් බව ලැබූ පමණින් හැම කෙනෙකුට ම ලැබෙන්නෙ නැහැ. යහපත් අවවාද ලැබීමෙන්, යහපත් පිරිස් ඇසුරින් දියුණු කරගත් ගුණ ධර්ම තුළින් ම පමණ යි ඒ සුන්දරත්වය ස්පර්ශ කරන්නට හැකිවන්නේ. අපි අහල තියෙනවනෙ කන්දෙන් පහළට වැටුණු අර ගිරා පෝතකයො දෙන්නගෙ කතාව. මේ නිසා ම යි අපි මුලින් ම සඳහන් කළේ මේක සුන්දර අත්දැකීමක් විදියට.

    ආදරණීය මිනිසුනේ…, පිනට ලැබුනු ඔය දෑස් යුග ඉදිරියේ තියෙන ආත්මාර්ථයේ පවිටු කඩතුරාව මොහොතකට මෑත් කරල බලන්න ඔබ අවට ලෝකය දිහා….. පිනට ලැබුණු ඔය නුවණින් මොහොතකට හිතන්න ඒ ඔබ වටා සිදුවෙන සිදුවීම් ගැන….

    කෙනෙකුගෙ දුකකදි, අසරණ වුණ වෙලාවක අපේ හිතත් ඒ දුක වෙනුවෙන් උණුවෙනව නම්…. ඒ කෙනාට පිහිට පිළිසරණ වෙන්න අපේ හිතත් නැමෙනව නම්…. තව කෙනෙක් හිනැහෙනව, සතුටුවෙනව දැකල ඒ වෙනුවෙන් සතුටු කඳුලක් හෙලන්න අපිටත් හැකිනම්…. වියදමකින් තොර ව ම ලබාදිය හැකි අව්‍යාජ සිනහවකින්, සුන්දර වචනකින් අපිට කෙනෙකුට සංග‍්‍රහ කරන්න පුළුවන් නම්…. තව කෙනෙක් කරන යහපත් දෙයක් දිහා බලල ඒ යහපත සතුටින් අනුමෝදන් වෙන්න හැකිනම්…. කෙනෙකුගෙ අතින් වරදක් වුණා ම ඒ දිහා උපේක්ෂාවෙන් බලල අනුකම්පාව, මෛත‍්‍රීය වඩන්න හැකිනම්…. දයාවෙන්, කරුණාවෙන්, ඉවසීමෙන් යුක්තව නිතරම, හැමදෙයක් ගැන ම හිතන්න පුළුවන් නම්…. උතුම් මිනිසත් බවයක් ලබපු අපි ගහ-මරා ගන්න යුද්ධ වලට එළඹෙන එකක් නැහැ නේද? අනෙකගෙ දෙයක් කඩා-වඩා ගන්න හිතෙන එකක් නැහැ නේද? ඉහළට යන කෙනාට පෙත්සම් ගහන එකක් නැහැ නේද? බොරු කියල, වංචාකරල, මිනිස්සු මුලා කරන එකක් නැහැ නේද? සත්තු මරල, ගිනිවතුර විකුණල ජීවිකාව කරගෙන යන්න පෙළඹෙන එකක් නැහැ නේද? සුන්දර සිනහවන් වෙනුවට රැවුම්-ගෙරවුම් ඉස්මතුවෙන එකක් නැහැ නේද? සුමිහිරි, නිවුනු වදන් වෙනුවට රුදුරු, අසැබි වදන් පිටවෙන එකක් නැහැ නේද?

    අපෙන් ගිලිහුනු ඒ සුන්දර රජදහනේ කිරීටය අපි නැවතත් පැළඳිය යුතුයි. ඒ සෙනෙහසේ රජදහනේ පවුරු පදනම් අපි ශක්තිමත් කළ යුතුයි. හෙළ දේශයේ ඒ සොඳුරු මනුෂ්‍යත්වය යළි රජයා යුතුයි. ඒක අපට කරන්න හැකි දෙයක්. අපේ ගුණ දහම් පෝෂණය කරගන්න අපි කැපවෙන්න ඕන. ගල් වන් සිත් වෙනුවට මල් වන් සිත් ලබන්න අපි කැමති වෙන්න ඕන. එතකොටයි ඒ මනුෂ්‍යත්වයේ සොඳුරු මාවතේ අසිරිමත් අත්දැකීම් අපටත් විඳින්නට හැකි වෙන්නෙ.
    මේ බුදු දහමින් පෝෂණය වූ දේශයක්. නිකෙළෙස් මුනිවරුන්ගේ පහස ලත් දේශයක්. මනුෂ්‍යත්වයේ ගුණ සුවඳ ලොව දස දිග පැතිර වූ උත්තම මිනිසුන්ගේ දේශයක්. ඉඩෝරයකට හසු වූ ඒ අභිමානවත් මනුෂ්‍යත්වයේ දේශය, මනුෂ්‍යත්වයේ සොඳුරු වැස්සෙන් නහවා, මනුෂ්‍යත්වයේ උත්තම ගුණ සුවඳින් සුවඳවත් කරනු වස්, මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔබ වෙතට එන ‘මහාමේඝය’ යි මේ…!

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොහොම ස්තුතියි මචං.. ඇත්තටම වටින ලිපියක්.. මේක උඹ ලියපු එකක්ද මචෝ.. මට මතකයක් තියෙනවා මේ වගේ ලිපියක් පත්තරේකද කොහෙද තිබිලා කියෙව්වා..:yes:
    රෙප් කලින් දීලා..
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Some has slash my REPs and placing the following comment "Maha mega= Maha Yaana,, Dont become a victim of mahamewnawa"
    Why are these people developed so much haterism towards Mahamevnawa.
    What's wrong with my post.
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    හොද ලිපියක් , උබද ලිව්වේ?. නැත්නම් ගතිපු තැන දාපන්. රේප් දුන්න කලින් එකට. ස්තුතුයි බෙදා ගත්තට.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    anunge dukedi duk wenawata wada amaru deyak anunge sathutedi hadawathinma sathutu wena eka :yes:
    ekata kiyanne mudithawa kiyala
    1.gif