මනුස්සකම සහ යුතුකම.......

man white

Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    මනුස්සකම සහ යුතුකම.......

    pregnant-woman-on-the-bus.jpg



    ස්ථානය - කොළඹ-තංගල්ල බස් රථයක් තුල

    මං වාඩි වෙලා හිටියෙ සීට් 3 පේලියේ ජනේලෙ පැත්තෙ අයිනෙම.. මට වම් පැත්තෙන් වයස 20ක 25ක කෙල්ලෙකුයි එයාගෙ අම්ම කියන්න පුළුවන් කෙනෙකුයි වාඩි වෙලා හිටියෙ... ඒ කෙල්ලගෙ අම්ම කියල මං හිතුවෙ වාඩි වෙන වෙලාවෙ කෙල්ල මගේ ළඟින් වාඩි වෙන්න හදන කොට ඒ ඇන්ටි මැදට පැනල කෙල්ලව කොනට දාපු නිසා

    මෙහෙම ටික දුරක් යද්දි හබරාදුවෙන් මුස්ලිම් ජෝඩුවක් නැඟලා මං හිටපු තැනට ආවා.. ඒක එච්චර විශේෂ දෙයක් නෙවෙයි.. තරුණ වයසෙ විවාහක ජෝඩුවක් වගේ.. ටික වෙලාවකින් මට තේරුණා ඒ ගෑණු එක්කෙනා අර පටු ඉඩේ හිටගෙන යන්නෙ අමාරුවෙන් වගේ කියලා.. එතකොටයි මං හරියටම දැක්කෙ ඒ මනුස්සයා බඩ දරු අම්ම කෙනෙක් කියලා..

    එතෙක් මෙතෙක් මගේ බස් ගමන් ඉතිහාසය තුල මං කවදාවත් බඩදරු මුස්ලිම් ගෑණු කෙනෙක් දැකල තිබුණෙ නෑ.. තිබුණත් අඳුරගන්න අමාරුයි එයාලගෙ ඇඳුම නිසා.. කොහොම උනත් මේ කෙනාගෙ නම් බැලූ බැල්මට පේනවා.. ඒත් අමාරුවෙන් වටපිට බල බල හිටිය මිසක් කාගෙන්වත් වාඩි වෙන්න ඉල්ලුවෙ නෑ..

    එතනම හිටියෙ අර කෙල්ල.. ඒකි ෆෝන් එක ඔබනවා.. ඊළඟට අම්ම.. එයා මුහුද හොයනවා.. කොනේම මම.. කරන්න වෙන දෙයක් නැතිම තැන අර ඇන්ටිවයි විශේෂයෙන් කෙල්ලගෙයි කකුල් පාගනෙ මං නැඟිටල අර මුස්ලිම් ගෑණු මනුස්සයට වාඩි වෙන්න කිව්වා.

    පිරිමි කෙනා මාත් එක්ක බොහොම සුහද විදියට හිනාවෙලා "බොහෝම ස්තූතියි! " කිව්වා.. ඒත් කොහෙ යන්නද අර අම්මණ්ඩිල දෙන්න බූරු ඇඳවල් පළල් කරගෙන වගේ නොදැක්ක ගානට ඉන්නවා.. අර මුස්ලිම් අම්ම ආපහු බොහොම අහිංසක විදියට මං දිහා බැළුවා..

    මට සාමාන්‍යයෙන් තරහා යනව බොහොම අඩුයි. ඒත් තරහා ගියාම (හනී බනීගෙන් අසා දැන ගන්න).ඇත්තටම මට ඒ වෙලාවෙ තරහටත් වඩා පුදුම ලැජ්ජාවක් ආවෙ මෙහෙමත් ගෑණු ඉන්නවද කියලා..

    "නංඟී පොඩ්ඩක් එහාට යනවද මෙයාට වාඩි වෙන්න"

    මං කෙල්ලට කිව්වා.. කෙල්ලයි අම්මයි දෙන්නම මං දිහා ඔරවල බලල පිටිපස්සට උනා එතනින් ගිහින් කොනෙන් වාඩි වෙන්න කියන්න වගේ..

    "ඇන්ටි, මේ මනුස්සයට මෙහෙම ඕක අස්සෙ රිංඟන්න බෑනෙ.ඔයාල එහාට වෙන්න"
    මං කුණුහර්ප කියන්න බැරි කමට කිව්වා..

    ඔන්න ඒ පාර උන් දෙන්නම ඇටි කෙහෙල් කාපු රිළව් වගේ එහාට උනා. අර මනුස්සයත් එතනින් වාඩි උනා..
    * * * * * *

    වැලිගමට ආවම මමත් බහිනවා, ඒ මුස්ලිම් ජෝඩුවත් බහින්න ලෑස්ති වෙලා අර මුස්ලිම් පිරිමි කෙනා බොහොම සුහද විදියට අර අම්මටයි දුවටයි,
    "බොහෝම ස්තූතියි, කරදරයක් උනා නම් සමා වෙන්න" කිව්වා.

    සිද්ධිය එච්චරයි.. බස් එකට බඩදරු අම්ම කෙනෙක් හරි ළමයෙක් වඩා ගනිපු අම්ම කෙනෙක් හරි නැඟ්ඟම සීට් එක දෙන එක මහ අමුතු දෙයක් නෙවෙයි.. ඒත් මගේ ජීවිතේ පළවෙනි වතාවටයි සීට් එක දුන්නම "ස්තූතියි! " කියන වචනෙ ඇහුවෙ.
    ලංකාවෙ කිසිම නීති පොතක නෑ එහෙම කෙනෙක්ට සීට් එක නොදුන්නොත් දඩ ගහනව කියලා.. ඒක කරන්නෙ මනුස්සකමට.. මනුස්සකමට සීට් එක දුන්නම "ස්තූතියි" කියන එක තමයි යුතුකම..

    ප.ලි :
    මෙතන ජාති ප්‍රශ්ණයක් නෙවෙයි. සමහර විට ඒ අම්මයි දුවයි දකින්නෙ නැතුව ඇති ඒ ගැබිණි මවක් කියලා. ඒත් එහෙමම හිතන්නත් අමාරුයි.
    කොහොම උනත් මේක බලන මුස්ලිම් අය සිංහල උන් ගැන වැරදි ප්‍රතිරූපයක් ගොඩ නඟාගන්නෙපා.. හැම ජාතියක්ම උසස්.. හැම ආගමක්ම එහෙමයි.. ඒත් මේ වගේ මනුස්සකම් නැති නාමික මිනිස්සු ඉන්නවා.

    හරි හෝ වැරදි හෝ වේවා මං මගේ පෞද්ගලික මතයක ඉඳන් වෙනත් ආගමකට/ජාතියකට ඇඟිල්ල දික් කරන්න යන්නෙ නෑ.. කොහෙන් හරි අහුල ගනිපු පොඩි කොටසකින් බුදුන් වහන්සේට/ අල්ලාහ් දෙවියන්ට/ ජේසුතුමන්ට හෝ වෙනත් ආගමික ශාස්තෲවරයෙකුට හෝ ආගමකට නිග්‍රහ කරන එක තරම් මන්ද බුද්ධික වැඩක් මං දැකලම නෑ..

    ෆේස් බුක් එකේ සමහර අන්තවාදී පේජ් වල ශෙයා කරන ඒව දැක්කම කට වහන් ඉන්න හිතෙන්නෙත් නෑ. ඒත් ඕවට කතා කරල උන්ට ආතල් සපයන්න බැරි නිසාත් වෙනත් ආගමක් තියා මං අදහන බෞද්ධාගමේ සම්පූර්ණ හරය ගැන නිසි අවබෝධයක් නැතුව මං මොනව කියන්නද ?
    (මගේ ආගම ගැන පූර්ණ අවබෝධයක් තිබ්බ නම් මේ තාවකාලික සියල්ලම අතෑරල මං නිවන් අවබෝධ කරගෙන හුඟක් කල්.. අවාසනාවට නිවන හුඟාක් දුරයි)


    "මිනිසා යනු මනස උසස් සත්වයෙකු නොව, මනස උසස් තත්වයට පත් කරගත හැකි සත්වයෙකි"
     
    • Like
    Reactions: djiresh and pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    dan kale manussakama 0i bn :( api thambi ekka yuddayak patalawaganna eka wadi athaka nemei machoo me yana widiyata :(
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    dn yanne manusssakamai jaathi wadayai pilibada fight ekak.
    uba blpn mulim un ape ayata denwada kiyla.
    mn nm rajagiri-maradana route eke ynwa sahenna.
    mn one tharan dakala thiynwa muslim unuth unge untamai.

    samahara wita othneta sinhala pregnant knk nagga nm kattiyama nagitala seat eka dei.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    owa ohoma thama ban.. ada ude mama bu eke enakota ekkenek babek wadagena awa.. mama negitta.. issaraha seat ekenuth kenek negitta.. araya issaraha idagatta senaga tikak nisa passata enna beri nisa.. menna bole mata pitipassen hitiya minihek penala awith mage seat eke idagatta.. mama hitagena awa :lol::lol:
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    owa ohoma thama ban.. ada ude mama bu eke enakota ekkenek babek wadagena awa.. mama negitta.. issaraha seat ekenuth kenek negitta.. araya issaraha idagatta senaga tikak nisa passata enna beri nisa.. menna bole mata pitipassen hitiya minihek penala awith mage seat eke idagatta.. mama hitagena awa :lol::lol:

    :lol::lol::lol::rofl::rofl:
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    "මිනිසා යනු මනස උසස් සත්වයෙකු නොව, මනස උසස් තත්වයට පත් කරගත හැකි සත්වයෙකි"
     

    K M J

    Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    "මිනිසා යනු මනස උසස් සත්වයෙකු නොව, මනස උසස් තත්වයට පත් කරගත හැකි සත්වයෙකි"