මනුස්සයෙක් උණාම

Mosess

Well-known member
  • Sep 6, 2021
    220
    741
    93
    Urban Area
    උදේ නැගිටින තැන ඉඳන් නිදාගන්න යන තැන දක්වා ගත කරන කාලය ඵලදායිව ගත කරන්න ඕන. ඇයි ඒ? මොකද මේ ගතවෙන හැම තප්පරේම අපිට වටින නිසා. මේ තප්පරේ තමා අපේ අනාගතයේ ගතවෙන හැම තප්පරයක්ම ලස්සන කරන්න උදව් වෙන නිසා. මේ ගතවෙන කාලෙ ආයෙ නොඑන නිසා. මේ තියෙන්නෙ ඒ වෙනුවෙන් පුංචි ලැයිස්තුවක්. විශේෂත්වය තමා මේ දේවල් වලින් බහුතරයකට ආරම්භක වෙලාවක් වගේම අවසාන කරන වෙලාවක් තීරණය කරගන්න ඕනත් තමුන්ම වීම.

    1. පැය 8ක් නිදාගමු (නින්ද කියන එක මනුස්සයට ඉතාමත් වැදගත් දෙයක්. නිදාගද්දි තමා ඇගේ ගොඩක් පද්ධති විවේක ගන්නෙ.ඒක ශරීරය වැඩි කල් සෞඛ්‍යමත්ව තියන්න උපකාර වෙනවා)

    2. තුන් වේල කමු (උදේට හොඳට කන්න. දවස පටන් ගද්දි බඩගින්නෙ පටන්ගන්න හොඳ නැ. දවල්ට ටිකක් අඩුවෙන් කන්න. රාජකාරි බහුල කෙනෙක් නං ‍දවල්ට ගොඩක් කාපුවම අලස වෙන්න ගන්නවා. රෑට තවත් ටිකක් අඩුවෙන් කන්න. මොකද රෑට අපේ ඇග විවේක ගන්නවා. ඕනවට වඩා කෑම දාපුවම ආහාර ජීරණ පද්ධතියට විවේක ගන්න තියෙන කාලය අඩුවෙනවා. බිත්තර, හාල්මැස්සන්,තන්තුමය ආහාර, එලවළු, පලතුරු, ධාන්‍ය, හොඳින් පිසූ මස් වගේ ආහාර වැඩිපුර ගන්නවනං හොඳයි. ප්‍රමාණය පොඩි උණත් පෝෂණයෙන් ඉහල කෑම බීම පරිභෝජනය කරන්න)

    3. හොඳට වතුර බොමු (කෑම කන ගමන් නං මද උණුසුම් වතුර උගුර ගානේ බොන්න. කෑම කාල ඉවරවෙලාත් වතුර උගුරු දෙකට වඩා බොන්න එපා. පැයක් ගියාට පස්සෙ ඇති තරං මද උණුසුම් හෝ සාමාන්‍ය උණුසුමේ වතුර බොන්න පටන් ගන්න. මොන වැඩේ කරන කලත් වතුර බොන එක අමතක කරන්න එපා. ලෝකෙ තියෙන හොඳම ශරීරයට හිතකරම බීම වර්ගය ඒක. හැබැයි සීතල වතුර වැඩිපුර බොන්න එපා)

    4. ඉගෙනගමු (මොනවමහරි දෙයක් දවසට ඉගෙන ගමු. මෙතනදි ප්‍රමාණය නෙවේ වැදගත්. පොඩි දෙයක් උණත් හරියටම ඉගෙනීමයි වැදගත්. ඉංග්‍රීසි වචන කිහිපයක්. අලුත් කම්පියුටර් වැඩක්, ලෝකෙ සිදුවන අපි නොදත් සිදුවීමක් අධ්‍යනය කිරීමක් වගේ ඕනම දෙයක් ඒකට පාවිච්චි කරන්න පුළුවන්. දවසට පැයක් වත් ඉගෙනගන්න යොදවන්න)

    5. ව්‍යායාම කරමු (දවසට පැයක් හෝ එකහමාරක් ව්‍යායාම කරමු. ජිම් යනවනං ඒක. ගෙදර වැඩ කරනවනං ඒකත් හොද ව්‍යායාමයක්. නැත්තං සරල ව්‍යායාම ටිකක් සින්දුවක් එහෙම දාගෙන කරන්න පුළුවන්. ඇගේ තියෙන ගොඩක් ලෙඩ අඩුවෙනවා මේක නිසා)


    6. ලිංගික ආස්වාදය ලබමු (ඕනම තනිකඩ කෙල්ලෙක්ට කොල්ලෙක්ට කරන්න පුළුවන් හොදම දේ තමා ස්වයංවින්දනය. දවසකට එක් පාරක් හෝ දෙපාරක් මේක කරන්න පුළුවන්. ඊට වැඩි වාර ගාණක් උණත් කමක් නෑ තමන්ට උවමණා නං. විවාහක අයට නං ඉන්ටකෝස් කරන්න පුළුවන්. මේකට ගතවෙන කාලය ඔයාට තීරණය කරන්න පුළුවන්. මානසික පීඩනය වගේ දේවල් ගොඩක් රිලීස් වෙනවා මේ ක්‍රියාවලියෙන් පස්සෙ. ස්වයංවින්ද‍නයෙන් නං ගොඩක් වාසි තියෙනවා අපේ කොල්ලන්ට කෙල්ලන්ට. සිංහලෙන් කිව්වොත් මේකෙන් තෘප්තිමත් වෙන එකාට වටේ යන්න උවමණාව එනවා අඩුයි. තනිකඩයෙක්ට [කෙල්ලෙක්/කොල්ලෙක්] වෙනත් කෙනෙක් එක්ක ලිංගික අත්දැකීමක් ගන්න ඕන නං තමන්ගෙ ලිංගික නැමියාව අනුව කැමති කෙනෙක් එක්ක ඒක කරන්න පුළුවන්‍. කාටවත් හානියක් නෑනේ. විවාහක අයත් ගොඩක් වෙලාවලට ස්වයං වින්දනය කරනවා ඇති. නමුත් ස්වයං වින්දනයට පැයක් වගේ මේ වැඩේට දාගත්තොත් දවසෙ ඉතිරි පැය ටික අර්ථවත් දේකට යොදවන්න පුළුවන්. ඉන්ටකෝස් ‍එකක් නං කරන දෙන්නගෙ උවමණාව අනුව කාලය වෙනස් වේවි. )

    7. රස්සාව හරියට කරමු. (මෙතනදි කියන්නෙ රැකියාවට ගරු කරලා නිසියාකාරව ඒකෙ වැඩ ටික තමන්ගෙ පුද්ගලික වැඩ එක්ක මික්ස් නොවී කරගෙන යන එක. අනික රැකියාවෙ ප්‍රශ්න රැකියා පොලට විතරක් සීමා කරන්න ඕන. මොකද ගෙදර ප්‍රශ්න රැකියාවට අරං යන්න බෑනෙ ලොජික් එකේ හැටියට. රැකියා පොලේදීම සියලුම වැඩ හෝ පුළුවන් උපරිමය ඉවර කරලා එන එකයි සුදුසු. කවදාවත් ගෙදරට රස්සාවෙ කිසි දෙයක් ගේන්න එපා. මොකද අපි ගෙදර එන්නෙ විවේක ගන්න. සීරියස්ම වැඩක් තිබ්බොත් කලාතුරකින් වගේ ගේන එක වෙනම දෙයක්.‍ ගෙදර ඉඳන් මුදල් හොයන අයට මේක අදාල නෑ. මොකද එයාලගෙ බොස්ල එයාලම නිසා)

    8. තව කෙනෙක්ට උදව් කරමු (මේක නං පුරුද්දක් විදිහට තියාගන්නවනං හොඳයි. මනුස්සයෙක්ට විතරක් නෙවේ. සතෙක්ට කෑම ටිකක් දෙන එකත් මේකට අදාලයි. හැබැයි මොනව කරන්න ගියත් තමන්ගෙ සීමාව ඉක්මවලා යන්න එපා. මොකද වැඩි හොද කරන්න ගිහින් කෙලවගත්තු අයත් ඉන්නවා. කෙනාගෙ හැටි තේරුම් අරං උදව් කරානං හරි. වචනෙන් උනත් උදව්ව කරන්න පුළුවන්. හරියට හිත හදනව වගේ)

    9. හොඳට හිනාවෙමු (මොනවහරි කොමඩි වීඩියෝ එකක්, මීම් එකක් වගේ දෙයක් බලල හිනාවෙන්න ට්‍රයි කරන්න පුළුවන් හැම වෙලාවෙම. මනස සතුටින් තියන්න තියන්න අපේ ආයුෂත් වැඩි වෙනවා. පොසිටිව් වයිබ්ස් වැඩි දියුණු වෙනවා. හොඳ දේවල් කරන්න පෙලඹෙනවා. තරහක් ආපුවහම උණත් තරහ පාලනය කරගන්න උදව් වෙනවා. මේකට හොඳ වෙලාවක් කියල නෑ. පුළුවන් හැම වෙලාවෙම තව කෙනෙක් ලග ඉන්නවනං ඇස් රතු නොවන විහිළුවක් උණත් කරලා එයාවත් හිනා ගස්සලා අපිටත් හිනාවෙන්න පුළුවන්. ඇගේ තියෙන ස්ට්‍රෙස් මාර විදිහට පිටවෙනවා මේක නිසාම.)

    10. මුදල් ආයෝජනය කරමු (කන්න බොන්න ලස්සනට ඉන්න ශරීරය නඩත්තු කරන්න අපි මුදල් වියදම් කරනවා වගේ අනාගතයට ගන්න දවසට රුපියල් 10ක් වත් ඉතිරි කරන්න. නැත්තං වෙන ආයෝජන ක්‍රමයක් පාවිච්චි කරන්න. දිගින් දිගටම වියදම් ඉහල යනවා මිසක් පහල යන්නෙ නෑ. දවසක අපි ඉතිරි කරපු රු.10 අපිට ප්‍රයෝජනවත් වේවි බඩගින්න නිවාගන්න)


    මහපරිමාණෙන් නෙවේ. චූටියට පටන්ගන්න. ජීවිතේ යන්නං වාලෙ ඔහේ යන්න නොදී මොනවමහරි දෙයක් තමන් වෙනුවෙන් කරගන්න. මීට අමතරව මාසෙකට සැරයක් දෙකක් වත් ට්‍රැවල් කරන්න, යාලුවො එක්ක පාටියකට ජොයින් වෙන්න, ෂොට් එකක් දාන්න දවසක් දෙකක් වෙන් කරගන්න.


    updated...
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    3,629
    9,579
    113
    සුපිරි.

    අවුරුදු 7ක විතර ඉතින් මම උදේට කන්නේ නැ පුරුද්දක් විදියට. තාම කිසි අවුලක් නැ.
    Breakfast is the most important meal of the day කියන්නේ සිරියල් company එකක් slogan එකක්.
    කොයි වෙලාවේ කෑවත් කැලරි කැලරි ම තමයි.
     

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    220
    741
    93
    Urban Area
    අනිත් ඔක්කොම හරි, මට කියපන්කො පැයක් ස්වයන් වින්දනේ කරන විදිය?:baffled:
    ආවේණික ක්‍රම හදාගන්න ඕන ඉතිම්. පෝස් ඇන්ඩ් ප්ලේ වගේ
    ;)
     
    • Like
    Reactions: TNHM