මනෝකාය

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    ►මරණයත් සමග සිරුර හැර යන මනෝකාය◄

    ගත් වෛද්‍යවරුන් මහාචාර්යවරුන් හා මනෝ විද්‍යාඥයන් විසින් ද, මියයාමෙන් පසුව ස්වාභාවිකව පළි පණ ලැබූ අයගේ “අන්තර් කාල සීමාව“ පිළිබඳව දීර්ඝ ලෙස පරීක්‍ෂණ පවත්වා තිබේ. මේ හැම පරීක්‍ෂණයකම ප‍්‍රතිඵලය වූයේ මරණය යනු ද්වීතීය ශරීරය නොහොත් මනෝකාය මිනිස් සිරුර හැර යාම සහ ප‍්‍රාණය යළි ලැබීමේදීම සිදුවන්නේ එය යළි සිරුර කරා පැමිණීමත්ය. සිය වැරදි සහගත හැඟීම් හා අතපසුවීම් කෙරෙහි මිනිසා හොඳ සිහි බුද්ධියෙන් ඉන්නා බැවින් ම පර්යේෂකයන් බහුතරයක්ම තීරණය කොට ඇත්තේ මරණින් මතු අත්දැකීම් කෙරෙහි මිනිසා මහත් බියකින් පසුවන බවයි.

    ශරීරයෙන් පිටත්ව ගොස් යළි ශරීරය කරා පැමිණි අය පවසනුයේ එසේ සිය සිරුරෙන් පිටත ගතකළ කාලය තුළ බියජනක අත්දැකීම් හෝ බියට සමාන සිතිවිලි - දසුන් හා අත්දැකීම් හෝ තමා විසින්ම අත්දුටු අවස්ථා විරල බවය. මියගොස් යළි මෙලොවටම එන්නට දඟලන සිතකට සහයවන බියජනක එකී සිතුවිලි ගැන “ඩෙත් එන්කවුන්ටර්ස්” (Death Encounters) නැමති ග‍්‍රන්ථයේ මෙලෙස සඳහන් ය. එය ළඳකගේ කතාවකි.ඇය යළි පැමිණි විට කීවේ “..... මා හිතුවේ මා මැරිලා කියලයි. මා නම් සිටියේ මහා නරකාදියකයි.....” ඇගේ දෙනෙත් බියෙන් ගැහෙමින් තිබිණි. දෙවියනේ මම හිතුවේ මම ඉන්නෙ අපායක කියලයි අප ඇය සැනසූ නමුත් ටික වෙලාවකින්ම මේ අපායේ අත්දැකීම් ගැන අපට කීවාය....දිගුකාලීනව බලපෑ වැරදි සහගත හැඟීම්වලින් ඇගේ සිත පිරී තිබිණ. අවජාතකව ලැබූ දරුවන් මෙන් ම විවාහ ජීවිතයෙන් පරිබාහිරව ඇය රහසේ ගෙන ගිය අනියම් සබඳතා පිළිබඳ ඉඟිද කෙළවරක් නැතිව අනාවරණය විය. කෙනකුට සිය සිරුර ගැන ඇති දැඩි ආශාවටද මරණින් පසු යළි ජීවිතයක් ලබන්නට පිහිට වෙයි.භූමිදානයේදී හෝ ආදාහනයේදී විය හැකි ශාරීරික හානි හෝ අවයව ඉවත්කර ගැනීම් හෝ පිළිබඳව නැඟෙන සිතිවිලි මතද මේ ගැන අවබෝධය ඇති පුද්ගලයාට නම්, ක්‍ෂූද්‍ර ශරීරයේ සිට යළි පියවි ලෝකයට එන්නට ඇති ඉඩකඩ ඉතා වැඩිය.

    මළවුන් සමග කළ කතාබහ වලදී හා ඒ පිළිබඳ පර්යේෂණවලදී ෂද්‍යාඥයන්ට දැනගන්නට ලැබුණේ ඒ අය බොහොමයක් ම සිය අවමඟුල් උත්සව නැරඹූ අපූරු ආකාරයයි.මේ අනුව දැනට සොයාගෙන ඇති මනෝකාය පිළිබඳ වූ වෛද්‍ය නිගමනයන් මෙලෙස ය.තවදුරටත් පදිංචිය ගෙන යා නොහැකි තත්ත්වයට පත්වූ සිරුරකින් මනෝකාය ඉවත් වෙයි. කුමක් හෝ විද්‍යාවක් මගින් සැබෑ දේහය ඊට සුදුසු තත්ත්වයට ගෙනා විට මනෝකාය යළි එම සිරුරට එයි. නොහොත් යළි පදිංචිය ගනියි.නිතරම සිරුර තමා හැර යන මනෝකායේ යළි පැමිණීම අපේක්‍ෂාවෙන් ම සිටියි.මෙලොව අපගේ යුතුකම් බොහෝ බැවින් ම ඒ ලොවේ අපට සුබ පතන්නොද යළි අපට මෙලොවට එන්නටම උදව් කරති.විටෙක, ඒ ලොවේ මනෝකායන් ආගන්තුක පුද්ගලයා නවත්වා ගැනීමට උත්සාහ කළද දරුවනට හා අන් අයට ඉටුවිය යුතු වගකීම් හා බැඳීම් මතක් කර දෙමින් අධ්‍යාත්මික අධිරාජ්‍යයේ එකී උදවියම ආගන්තුකයා යළි යැවීමට නොහොත් එවීමට උත්සුක වෙති.

    සමාධිය - ධ්‍යානය - අසිහිය - ප‍්‍රමෝදය සුවය ආදි තත්තවයන් තුළදී ප‍්‍රාණය ශරීරය හැර ගියත් එකී සම්බන්ධය පරිපූර්ණව ඉවත් වී නැත. එය හුයක් (නූලකින්) සිරුර හා බද්ධව තිබේ. මෙය “හුය” මානව පියවි ඇසට නොපෙනේ.සිරුරක මිනිස් රශ්මි මාලාද, ශාරීරික රශ්මි මාලාව, මානසික රශ්මි මාලාව, මනෝමූල රශ්මි මාලාව සහ විහිදුම් රශ්මි මාලාව යනුවෙන් වර්ග කිහිපයකි.මරණයක් සිදුවූ වහාම, මොළයට ඔක්සිජන් සැපයීමෙන් අවශ්‍ය නම් පළමු රශ්මි මාලාව සිරුරෙහිම නොනැසී ඉතිරි කර ගත හැකිය.

    මනෝකාය, විවිධ නාමයන්ගෙන් හැඳින්වෙයි. ඒවා මෙසේය.

    ►ක්ෂූද්‍ර දේහය - Astral Body
    ►ද්විතීය ශරීරය - Secondry Body
    ►ජීව ප්ලාස්ම සිරුර - Bio - Plasma Body
    ►බලශක්ති සිරුර - Energy Body
    ►අප‍්‍රකට (සියුම්) ශරීරය – Subtle Body
    ►ප‍්‍රතිරූප ශරීරය - Counterpart Body
    ►දිව්‍යමය සිරුර - Ethical Body
    ►ජීවය (ප‍්‍රාණය) - Spirit
    ►ආත්මය -Soul

    මෙතෙක් ලොව පහළවූ ආගම් මෙන් ම විද්‍යා - ශිල්ප විසින් ද මේවා ඊට අදාළ නාමයන් ආරූඪ කර භාවිතා කළ බැව් පැහැදිලිය. එහෙත් මේ සියල්ල හරහා අරුත් ගැන්වෙන්නේ එකම එක සාධකයකි. එනම් මනෝකායයි.

    සිසිල් රුද්‍රිගු
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මරණයත් සමග සිරුර හැර යන මනෝකාය◄

    දැන් පේනවා