මමත් පිනක් දහමක් කරගන්න හිතුව ඕන්න.

33000W

Member
මමත් පිනක් දහමක් කරගන්න හිතුව ඕන්න.

කම්මැලියි ඕයි:eek: කරන්න වැඩකුත් නෑ. ආතල් එකේ thread එකක් දාන්න හිතුව:P. හදල ටික දවසක් වෙනවා. දාන්න හිත දුන්නෙ නෑ:(:rofl:. අද පෝය දවස නිසා පිනක් දහමක් කරගන්න හිතුව:baffled:




562919_439007389464084_1301996703_n.jpg




සර්පයෙක් මීයෙක් ගිලින ගමන්. මේ මීයට මොනව හිතෙනව ඇතිද දැන්?:shocked::oo::oo:




282263_438862089478614_985545251_n.jpg




ස්වභාවදහමත් එක්ක තරග කරන්න පුළුවන් කාටද?:yes: පට්ට ලස්සනයි බන් මේක:D



428931_438844619480361_1406187061_n.jpg





මේ මොකෙද්ද මේ....:shocked:මේ මොකෙක්වත් නෙමෙයි මේ නළුවෙක්:P. මුගේ නම ෂාම්. දකුණු ඉන්දියාවෙ නළුවෙක්.(මම ඔය ඉන්දියාවෙ උන්ට නම් වැඩිය මනාපයක් නෑ:growl:) ඒව වැඩක් නෑ. එත් දන්නවද? මේ චිත්‍රපටියක රූ ගත කිරීමක් අතරතුර ගත්ත පින්තුරයක්;). මාර මේකප් එක නේද?:cool: නෑ මේක මේකප් එකක් නෙමෙයි:shocked:. මේ නළුව මේ චරිතය වෙනුවෙන් මුළු අවුරුද්දක් පුරාවට රැවුලයි කොන්ඩෙයි වවල තියනව:oo:. ඒත් කොහොමද මේ ඇස් දෙක ඉදිමුනේ?ඒක උනේ මෙයා දවස් දහයක් එක දිගට විනාඩියක්වත් ඇහැ පියගන්නෙ නැතුව නිදිමරාගෙන ඉදල තියනව:sorry:. කොහොමද?:confused: මෙයාගෙ මේ තත්වය දැකල මෙයාගෙ අම්ම හොදටම අඩල තියනවලු .පහලින් එයාගෙ නිකම් ෆොටෝ එකකුත් දාන්නම්:cool:






...............................................................................................................




532657_438376886193801_1258711485_n.jpg




කවද දකින්නද ඉතින් මේ වගේ ෆොටෝ එකක්:P. ස්ටාර් ෆිෂ් ල බයියන් කනව දැකල නැහැනෙ:eek:;).



564065_438263899538433_1184496780_n.jpg




නෑ නෑ නෑ මේක ෆොටෝෂොප් නෙමෙයි:rolleyes:. මේ ඉන්න කිබුල් තඩිය අඩි 18 ක් දිගයි:shocked:. Katrina Bridgeford කියන කෙනා තමයි මේ ෆොටෝ එක අරගෙන තියෙන්නෙ:cool:. මේක ඕස්ට්‍රලියාවේ තියන Adelaide River ගගේදී තමයි අරගෙන තියෙන්නෙ. බෝට්ටුවේ හිටිය කට්ටියට මොනව හිතෙන්න ඇද්ද?:oo: (අපේ උන් ගියානම් ඉතින් හිතයි අද නම් හොද කිබුල් මස් ටිකක් කන්න පුළුවන් කියල.ඒ වගේ ඩයල් නේ ලංකාවේ ඉන්නෙ:rofl::baffled:)




428492_428021590562664_877894030_n.jpg





කෙල්ලෙක්ද:oo:, නෑ කොල්ලෙක්:shocked:. Miss International Queen උනා 2011 දී:D. මොන බම්බුවක්ද මේක වැඩකට ඇති දෙයක් නෙමෙයි. මම ආතල් එකටවගේ ඕක දැම්මෙ. ඕකෙ විස්තර ඕන නැහැනෙ:P.




486938_425981754099981_1607038604_n.jpg





මුළු ලෝකෙම ආදරය දිනාගත්ත කෙනෙක්:cool::yes:.නම Lonesome George:dull:. දන්නවද විශේෂත්වය මේ වගේ වර්ගෙන් මුළු ලෝකෙටම ඉන්නෙ මෙයා විතරයි:(:nerd:. දැන් ගොඩක් වයසයි:love:




532686_425750744123082_1896936386_n.jpg





දන්නවද මුළු ලෝකෙන්ම දැනට පටිගත කර ගත්ත වැඩිම ශබ්ධය නිකුත් කරල තියෙන්නෙ මොකෙන්ද කියල:oo:. නෑ උබලගෙ කෑල්ලගෙ කටෙන් නෙමෙයි:no::P.
KRAKATOA කියන ගිනි කන්දෙන් ආපු ශබ්ධය තමයි දැනට වැඩිම පටිගත කරගත්ත ශබ්ධය විදියට වාර්තා වෙලා තියෙන්නෙ:yes:. මේකෙ ශබ්ධය කිලෝ මීටර් 3100 ක් දුරට ඇහිල තියනව:shocked:හිතාගනිල්ලකෝ. ඒ වගේම මුළු ලෝකෙම තියන පීඩන මාන වලට මේකෙන් ඇති උන පීඩනය දැනිල තියනව:shocked::D. එකත් දවස් පහක් පුරාවට එක දිගට:baffled:. මේකෙන් නැගුන දුම කිලෝ මීටර් 80 ක් උසට ගිහින් තියනව:love:.





269267_425700207461469_687735336_n.jpg




address bar එකේ ගිහින් fb.com කියල type කරල බලපන් මොකද්ද open වෙන්නෙ කියල:eek:.
ඔය domain නේම් එක විතරක් ගන්න facebook එක ඩොලර් මිලියන 8.5 ක් වැය කරල තියනව වෙනමම:shocked:. (ඉතින් මොන බම්බුවටද ඕයි අකුරු පහකට ඔච්චර ගානක් ගෙවන්නෙ:baffled:. මෙච්චර කල් ගහපු එකේ අපි ඉස්සරහටත් ඕක ගහගන්නම්:P. මාක් අයිය ඕකෙන් wife ට මොනව හරි අරන් දුන්න නම් ඉවරයි:rofl:.)






540832_380049395391604_1423142266_n.jpg





ඔහොම පොඩ්ඩක් හිටපන්:baffled:.ඕක ලියල මහන්සියි:dull:. පොඩි rest එකක් ගන්න නියම තැනක් සෙට් උනා:rolleyes:.



521436_425697257461764_1100520835_n.jpg




මුළු ලෝකෙන්ම මට පස්සෙ වැඩියෙන්ම නිදා ගන්නෙ කෝලා සතුන් කියන ජාතිය:rofl:. දවසට පැය 22 ක් නිදා ගන්නව(දැන් ඉතින් උබල හිතනව ඇති ලංකාවේ වගේ නෙමෙයි උන්ට දවසට පැය හතළිහක් වත් ඇති කියල. නෑ ඕයි. උන්ටත් පැය 24 යි තියෙන්නෙ:eek:) ඔව්, උන් නැගිටලා ඉන්නෙ පැය දෙකයි:P. හෙන ගහපිය:frown:. මොන මගුලට ඒ පැය දෙක නැගිටල ඉන්නවද මන්ද. එකත් නිදා ගත්ත නම් ඉවරයි:angry:. ඒ වගේම මුන් තනිකරම යැපෙන්නෙ (මම දන්න විදියට කපුරු ගස් වල කොළ තමයි උන් කන්නෙ. එත් මට sure නම් නෑ:P) ගස් වල කොල වලින්. අඩුම තරමෙ වතුරවත් බොන්නෙ නැහැ:no:. ඒවත් මේ ගස් වලින්ම තමයි උන් ගන්නෙ. ඒත් කොල වලින් ගන්න ප්‍රමාණය මදි උනොත් උන් වතුර බොනවා:yes:. ඒත් ගොඩක් කලාතුරකින් තමයි:baffled:.




582460_425691027462387_704343079_n.jpg





avatar ෆිල්ම් එක බැලුවද? බලල ඇති නෙ? ඔව් නෙ? බැලුවනේ?:rofl: හරි හරි. මම කියන්න ගියේ ඇවටර් ෆිල්ම් එක දාන්න කොච්චර ඉඩ ඕන ඇද්ද:confused:? අපි නම් මොනව හරි කරල vcd එකකට උනත් ගහයි. ඒත් මේකෙ original එක හදද්දී කොච්චර ඉඩ ගිහින්ද කියල හිතාගන්න පුලුවන්ද:confused:? සරලව කියන්නම්. ටෙරා බයිට් 2 ගානෙ hard disk 500 ක් ඕන මේ ෆිල්ම් එකේ original ම කොපි එකට:shocked::shocked:. වෙනත් විදියකින් කියනවනම් අවුරුදු 32 ක් පුරාවට දිවෙන hight quality mp 3 එකක් දාන්න පුළුවන් ඉඩක් ඕන:eek:.




382422_425681717463318_1477604908_n.jpg





Bruce Lee ව දන්නවද:D? අර හන්දියේ කජු විකුනන්නෙ. අර සෝමේ අයියගෙ පුතා බන්:rofl:. දැන් මතක් උනාද? හොදයි එහෙනම් මතක් කරගෙනම හිටපන්:P. Bruce Lee කියල කියන්නෙ ඉතාම වේගවත් මිනිහෙක්:D. කොච්චර වේගවත් ද කියල කියනවනම් මෙයාගෙ ෆිල්ම් හදනකොට හදන කට්ටියට ගොඩක් අමාරු වෙලා තියනව. මොකද දන්නවද ඒ මෙයා කැමරාවට උනත් දරා ගන්න බැරි තරම් වේගවත්:shocked:. තත්පරයකට රූප රාමු 24ක් ගන්න පුළුවන් කැමරාවකින් මෙයාව ඉස්සෙල්ල රූ ගත කරන්න හදල තියනව. ඒත් ඒ වැඩේ හරි ගිහින් නැහැ:no:. මෙයාගෙ අංග චලන ගන්න බැහැලු. මෙයා එච්චරට වේගවත්. ඊට පස්සෙ මෙයාව තත්පරයකට රූප රාමු 32ක් රූ ගත වෙන කැමරාවකින් රූ ගත කරල:cool:. ඒත් බැරි වෙලා තියනව:shocked::shocked::shocked:. පස්සෙ රූප රාමු 32 කේ කැමරාවෙන් වීඩියෝ කරල ඒ රූප රාමුත් අන්තිමට slow motion දාල අරගෙන තමයි අදටත් ඔය තියන එයාගෙ ෆිල්ම් තියෙන්නෙ:eek::eek:.(බොලාට කියන්න මටත් ඔය හැකියාවම තියනව:yes::yes::D. ඒත් කවුරුවත් මාව වීඩියෝ කරන්න එන්නෙ නැහැනෙ.එක නිසා කවුරුවත් දන්නෙත් නෑ:(:rofl:)








මේ වීඩියෝ එක වැදගත් අයත් ඉන්නවා ඇති:D. වැදගත් නොවන අයත් ඉන්නවා ඇති:dull:. වැදගත් අය ඉන්නවනම් බලන්න. එත් පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ මේ වීඩියෝ එක බලන්න ටිකක් අමාරුයි:rolleyes:. සමහර තැන්වල හිරවෙනව. ඒ වෙලාවට තව තත්පරයක් විතර පොඩ්ඩක් ඇදල එහාට කරන්න:oo:. කැමති නම් විතරක් බලන්න:cool:. මේකේ තියෙන්නෙ මහත කැත ගෑනියෙක් හීනි ලස්සන අක්කි කෙනෙක් උන හැටි.පෙති අරව මේවා මොනවත් අරගන්නේ නැතුව. මෙයාගේ fb එකත් පහලින් දාන්නම්. ගිහින් බලගනින්කො කොහොම කෑල්ලක්ද කියල:love::love::love::love:
http://www.facebook.com/sapnavyaspatel



532220_262767940489704_1481130243_n.jpg




අද කාලෙ මීඩියා මේ වගේ තමයි:frown:. තමන්ගෙ market එක හදාගන්න ඕනෑම බලු වැඩක් කරයි.මම ඕකම ඕන තරම් දැකල තියනව:growl:






555307_497119683637383_1445489888_n.jpg





fb එකේ ඉන්න වයසකම කෙනා තමයි මේ ඉන්නෙ:love::love:. මේ පින්තුරෙ අරන් තියෙන්නෙ වයස අවුරුදු 103 දී:oo:.නම Lillian Lowe.
මෙයා අවුරුදු 104 දී වලකජ්ජ ගහල:baffled:.නිදාගෙන ඉන්න ගමන්.ජූලි මාසෙ තමයි මැරිල තියෙන්නෙ. ඒ කියන්නේ මේ මාසෙ.(ගිය අවුරුද්දේ:P)



392520_10150855753682946_97689993_n.jpg




චිම්පන්සියෝ සහ ඩොල්ෆින්ල විතරයි දැනට සත්ව ලෝකෙන් කන්නාඩියකින් තමන්ගෙ මූන හරියටම අදුර ගන්න පුළුවන් සත්තුන්ට ඉන්නෙ:shocked::shocked::baffled:



600142_252701578179004_15128760_n.jpg





දැනට ලෝකේ තියන මිල අධිකම පොත තමයි මේ තියෙන්නෙ:cool:. "ඇමෙරිකාවේ කුරුල්ලෝ" කියන පොත.මේකේ කුරුල්ලෝ 1000 කගේ විස්තර තියනව එකෙන් 435 ක් ම ජීවත් වෙන ප්‍රමාණයටම තමයි ඇදල තියන්නෙ:dull:.මේකේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 11.4 ක් වෙනව:shocked:.ඇදල තියෙන්නෙ ඉන්දියාවේ ඉපදුන ඇමරිකානු ජාතිකයෙක් වෙන John James කියන අන්කල්:rolleyes:. 1830 දී තමයි ඇදල තියන්නෙ:nerd:. මේකත් එක්කම තවත් දෙයක් කියන්නම්. ලියනාඩෝ ඩාවින්චි ගේ අත් පොත විදියට හැදින්වෙන "කොඩෙක්ස්":cool: කියන පොත දැනට ලගතියාගෙන ඉන්නෙ බිල් ගේට්ස්:baffled:. හැබැයි එකට එයා ඩොලර් මිලියන 30 ක් ගෙවල තියනව:oo:. එත් වැඩේ කියන්නේ මේ පොත ඇමරිකාවේ කුරුල්ලෝ කියන පොත තරම් හොද නැහැලු:D. එත් වටිනාකම් පරතරය තුන් ගුණයකින් වැඩියි:oo:. සොරි ම තමයි බිල් අන්කල්:sorry:. නරක වෙලාව තමයි. ඔන්න මම එකේ පින්තුරෙකුත් දාන්නම්.



codex-gigas.jpg


...................................................................................................................................





523799_252519328197229_82962229_n.jpg





සිංහයෝ තමන්ගෙ අභිමානය ආරක්ෂා කරගැනීමේ උපක්‍රමයක් වශයෙන් සිංහ දේනුවන් දඩයම් කරගත්ත ගොදුර උන් විසින් මුලින්ම කාල තමයි සිංහ දෙනුවට දෙනවා කියන්නෙ:D:D:yes:. එත් මේ සිංහයෝ කියන්නෙත් දඩයම් කරන්න බැරි කට්ටියක් නෙමෙයි:no:. ටිකක් කම්මැලිකම තමයි තියෙන්නෙ:dull:. සිංහ දේනුවෝ කණ්ඩායම් වශයෙන් ගිහින් තමයි දඩයම් කරන්නෙ:P. ඒත් මේ සිංහයෝ දඩයම් කරන්නෙ උන්ට ඕන උනාම විතරයි:baffled::baffled:. නැත්නම් සිංහ දෙනුවෝ දඩයම් කරගත්ත දේවල් තමයි කන්නෙ:eek:. එත් සින්හයොන්ට ඕන උනාම උන් තනියම තමන්ගෙ දඩයම් කරගන්න යනව. සිංහයෝ කියන්නෙ ඉතාම දක්ෂ දඩයම් කරුවෙක්:growl::growl:.



166079_251214774994351_692267798_n.jpg




මේක කරන්න පුළුවන්:yes::yes::yes:



558726_10150671907692946_514867503_n.jpg





මොනව ඉගෙනගෙන තිබ්බත් අපි තාමත් හරියට නිදාගන්නවත් දන්නෙ නෑ:eek:. කියන්න ඕන නෑ.
උඩ
පින්තුරෙ තියනව හරියට නිදා ගන්න හැටි:nerd:. මොනව උනත් මම නම් නිදා ගන්නෙ යටම තියන විදියටම තමයි. අනිත් ඒවට වඩා ඒක තමයි ආතල්ම:lol:




528820_10150869451112946_306998348_n.jpg




tom and jerry බලල තියනවනෙ (බලල නැත්නම් ගිහින් පැනපන් මුහුදෙ:rofl::rofl:) ඕක මුලින්ම හදල තියෙන්නෙ 1940 දී. එතකොට කතාව ටිකක් වෙනස්, ටොම් ගෙ නම ටොම් නෙමෙයි ජැස්පර්:shocked:. එතකොට ජෙරීට නමක් තිබිල නැහැ
:eek:







318206_10150819741297946_978153549_n.jpg




මේ තියෙන්නෙ ලෝකේ පලවෙනි පියාබන තරු පහේ හෝටලය:shocked:



554440_10150752877512946_1803419744_n.jpg




1932 දී අපු ඉතා දරුණු ශ්‍රීත කාලගුණයක් නිසා නයගරා දිය ඇල්ල මුළු මුනින්ම අයිස් මිදුන:cool:. මේ තියෙන්නෙ ඒ වෙලාවේ ගත්ත පින්තුරයක්:oo:




182145_250062191776276_1885965642_n.jpg
d3204579-315e-476e-b145-51f184a82b33.jpg




පිස්සු හැදෙනව:shocked:. මේක ඇත්තම තැනක්:yes:. ඊජිප්තුවේ තියන Porto Sukhna කියන හොටෙල් එක:shocked::shocked::(









527894_252185878230574_1370809578_n.jpg




ගොළු බෙල්ලෙක්ට එක දිගට අවුරුදු තුනක් හරි හතරක් හරි ඌට ඕන නම් නිදා ගන්න පුළුවන්:yes::yes::shocked:. අවශ්‍යනම් සතියකින් විතර අවදිවෙන්නත් පුළුවන්:dull:.ඒ වගේම තමයි අපි සීනි ටිකක් හරි ලුණු ටිකක් හරි උගේ
ඇගට දැම්මොත් ඌ මැරෙනව:D:D. උන්ට ඒක විසයි:baffled:




moon.jpg



හදේ පස් වෙඩි බෙහෙත් සුවදයිලු:D:D (
පුළුවන් එකෙක් ඉන්නවනම් ගිනිකූරක් ගහපන්:P)





205340_252185661563929_1429895908_n.jpg




මේ තියෙන්නෙ ලෝකයේ ඉතාම ඉක්මනින්ම වැඩෙන ශාක විශේෂය:yes::yes:. මානෙල් විශේෂයක්. මේක දවසකට අඩියක් විතර වැඩෙනවලු:shocked:





292314_251699594945869_1103424543_n.jpg





ගැලීලියෝ ගැලීලි ගෙ ඇගිල්ල තමා මේ:eek:, කපල තියෙන්නේ 1737 දී:sorry:. මේත් එක්කම තව ඇගිලි දෙකකුත්, එක දතකුත් ගලවල තියනවා:rofl:. දැනට ඉතාලියෙ තියෙන්නෙ:P




mark_zuckerberg.jpg




කවුරු හරි @[4:0] කියල type කලොත් ඒක වදින්නෙ mark zuckerberg කියල:love:.
අමාරුවක් එහෙම තියනවනම් නම් කොරලම බලහල්ල:P:P:oo:






දිවියෝ වැඩිපුර ඉන්න රටක් තමයි ඉන්දියාව කියන්නෙ:yes: (දිවියෝ විතරක් නෙමෙයි කොටිත් ඉන්න රටක් තමයි ඉන්දියාව කියන්නෙ.කකුල් දෙකේ කොටි:frown:. මට ඕකුන් ඔක්කොම පේන්නෙ එහෙමයි:growl:) 2012 ජනවාරි හත සෙනසුරාදා දවස නම් මේ මිනිහට එච්චර හොද දවසක් නෙමෙයි:no:. කොහෙද මන්ද ඉන්න දිවියෙක් ඇවිල්ල මුව කාල:sorry:. එච්චර විස්තර ඕන නැහැනේ. දැනගත්ත කියල වැඩක්ය:P:rolleyes:. පින්තුර ටික ඇති:cool:








AP110109066198.jpg






මේ තියෙන්නෙ කොටියට ටිකට් එක දුන්න වෙලාවේ ගත්ත පින්තුරයක්:oo::oo::baffled:.








ඔය තියෙන්නෙ මිනිහ කොටියගෙන් බේරුනාට පස්සෙ ගත්ත එකක්:dull:






article-2016812-0D15DD4A00000578-929_636x695.jpg



ඕක ෆොටෝ ෂොප් නෙමෙයි:no::no::P. මමත් හිතුවේ මුලින් එහෙම. ඕක ගැන ඊලග thread එකේ දාන්නම්:love:. අද එකට දාන්න බෑ.දිවියො වැඩියි:P



thread එක ඉවරායි. දැන් ඕක බලල ඇති වෙලාද? එහෙනම් මේකත් බලලම යමල්ල.ලස්සන සින්දුවක්. location ටිකත් ලස්සනයි. බලන්න වටිනව.

bump එකක්වත් ඕන:(

ඔබට යාර ගණනක් ඉදිරියට යන්නට අවශ්‍ය නම් අඩි ගණන පසෙක තබා අගල් වලින් ආරම්බ කරන්න.






10_-_hasta_la_vista.png




dancing.gif


540973_441857915848880_1526103400_n.jpg
 

kawisha1

Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    හොද thread එකක් ගොඩාක් මහන්සි වෙලා තියනවා වගෙයි.. ස්තුතියි මේ දේවල් අපිත් එක්ක බෙදා ගත්තට..
    rep +

    මම ceylonlanka
     
    • Like
    Reactions: 33000W

    33000W

    Member
    හොද thread එකක් ගොඩාක් මහන්සි වෙලා තියනවා වගෙයි.. ස්තුතියි මේ දේවල් අපිත් එක්ක බෙදා ගත්තට..
    rep +

    මම ceylonlanka
    :D:D:D:D thanks machan. views ganayi post ganayi dakkla mama thread eka atharala daala thibune. :( mama ube site eka dannava.eka mama google account eke pava save karagena thiyenne.:yes::yes::yes:
     
    • Like
    Reactions: I'ts My Style

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මේ වගේ පට්ට ත්‍රෙඩ් දාන්න තව තවත් පින් ලැබේවා.....
    11.gif

    පුළුවන් වුනාම සලකන්නන් ;)
     
    • Like
    Reactions: 33000W
    Jun 26, 2012
    591
    162
    0
    මේ වගේ තව Thread දාලා තිබුණා නේද ඔයා?? මට Msg කරන්නකො ඒවයි Links ටික ගොඩක් ලස්සනට ලියලා තියෙනවා :yes::yes::yes: