මම අද ඉඳන් ලෝයර් කෙනෙක්

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    36834557.jpg
     

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    ජනාධිපති පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයකු වශයෙන් අද දිවුරුම් දීමට නියමිතයි.

    අගවිනිසුරු, ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්‌ හමුවේ මෙම දිව්රුම්දීම දිවුරුම් දීම සිදු කිරීමට නියමිතය.2011 වර්ෂයේ නීති විභාගය සමත් 250 ක් පමණ පිරිස අතරින් දිනකට 60 ක් පමණ මෙසේ දිව්රුම් දෙනු ලබයි.

    කෙසේ නමුත් නාමල් රාජපක්ෂ මහතාගේ නීතිඥ වරයෙකු වීමට සුදුසකම් සපුරන අවස්ථාවේ ඔහුට විරුද්ධව චෝදනා දෙකක් ගොඩ නැගී තිබුනා.ඉන් එක් චෝදනාවක් නිත්‍යානුකුලව ඉදිරිපත්වී තිබුන අතර මෙම චෝදනා දෙකම මෙතෙක් තහවුරු වී නැහැ.

    ඉන් පළමු චෝදනාව වන්නේ නාමල් රාජපක්ෂ මහතා මුහුණ දුන් අවසන් විභාගය සඳහා නාමල් රාජපක්ෂ වෙත වෙනම වායු සමීකරණය කල හා අන්තර්ජාල සම්බන්ධතාවය සහිත පරිගණයක් ඇති කාමරයක් තුල පහසුකම් සැපයු බවයි.

    එමෙන්ම නාමල් රාජපක්ෂ මහතාගේ සමීපතයන් වෙත එම විභාගයේ ප්‍රශ්නපත්‍ර පිටවී තිබුන බවත් චෝදනා කලේ නීති විද්‍යාලයේ අවසන් වසරේ ශිෂයෙකු වූ ඩී.එම් තුෂාර ජයරත්න මහතායි.

    ඒ අනුව මෙය පැමිණිලි කිරීමට ගිය තුෂාර ජයරත්න මහතාට බොහෝ කරදර වලට මුහුණ පෑමට සිදුවූ අතර අද ඔහු සිටින තැනක් පවා රහසක් වී තිබෙනවා
    නාමල් වෙත එල්ලවී ඇති අනෙක් චෝදනාව වන්නේ ඔහු නීති විද්‍යාලයේ වාර්තාවක් තබමින් දිලක්ත නිතිය ප්‍රශ්න පත්‍රයට ලකුණු 99 ක් ලබාගෙන ඇති බවයි.

    මීට කලින් මෙවන් වාර්තාවක් සඳහා සාක්ෂි නීතිය සඳහා ලකුණු 99ක් ලබමින් වාර්තාවක් තබා තිබුණේ හිටපු අධිකරණ ඇමැතිවරයකු වන ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා විසිනි.

    කෙසේනමුත් අද දිනයේ නීතිඥයෙකු ලෙස දිව්රුම් ලබන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එල්ලවූ මෙම කිසිදු චෝදනාවක් තවමත් සාධක සහිතව ඔප්පු වී නොමැත.