මම වෙනත් ආගමක හින්ද ප්‍රශ්නයක් වෙයිද
මචන්.. උඹ මොකක්ද හොයාගෙන යන්නෙ කියල ඉස්සෙල්ලම තෙරුම් ගනින්..
තථාගතයන් වහන්සේ දේශනා කලා සියළු දේ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියල.
අන්න ඒ දේ තේරුම් ගන්න තමයි අපි බෞද්ධ අය මේ ධර්ම මාර්ගයෙ, තම තමන්ට හැඟෙන විදියට යන්නෙ.
"මම අන්‍යාගමිකයි කියල" උඹ උඹේම හිතේ ගැටළු දාගන්න එපා.. විවෘත් මනසකින් පලයන්.
කිසිම දෙයක් ගැන ගැටීම් ඇති කරගන්නෙ නැතුව ධර්ම මාර්ගයට මුලපුරන්න සහෝ.
යම් දෙයක් තිබේ නම්, එය සුදුසු ද නැද්ද කියල උඹ උඹේ හිතෙන් අහල පිළිගනින් මචන්.. මම එහෙම කිව්වෙ එලකිරියෙ religious section එකේ බොහොම ධර්ම කරුණු තියෙනවා.. කියවල තේරුම් ගනින්
සමහරු කියාවි එලකිරියෙ තියෙන්නෙ වයිරය කියල... නමුත් උඹ වයිරය දිහා ගැටෙන්නෙ නැතුව, ගන්න තියෙන හොඳ දේ ගනින් ..
පන්සලකට පලයන්.. ඒත් ගිහින් උඹ අහන දේ හරියට පෙලගස්සගෙන පලයන් මචන්..
ඉතාම සරලව බුදු දහමේ හැඳින්වීමක් තියෙනවා රෙරුකානෙ මහනායක මාහිමිපාණන්වහන්සෙ ලියූ බෞද්ධයාගෙ අත්පොතේ.
ඊට අමතරව රට පුරා බොදු මඟ ගැන ලියැවුන පොත් එමටයි.. කියවපන් මචන්
ඒ වගේම ගැටළු අහපන්.. අපිත් දන්න හැටියට පිළිතුරු දෙන්නම්..
තෙරුවන් සරණයි


