මම එදා ගෙදර ගිය ගමන් මගේ මහත්තයට කිවුවා

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මම එදා ගෙදර ගිය ගමන් මගේ මහත්තයට කිවුවා

    ඔන්න එකමත් එක කාලෙක තිබුනලු ලෝක කාන්තා මහා සමුළුවක්… මේක අවුරුද්දක් අවුරුද්දක් ගානේ වරද්දන්නේ නැතිව පවත්වගෙන යන එකක්ලු හොඳේ… මේ කතාවට අදාල සමුළුව නම් පැවැත්වුනේ මේ දවස් වල වැඩිපුරම කතා බහට ලක් වෙන ස්විට්සර්ලන්තේ ජිනීවා නුවරලු…

    කොහොමින් කොහොම හරි න්‍යාය පත්‍රයට අනුව සමුළුව පටන් අරගෙන ඉස්ඉස්සෙල්ලාම තිබුනේ පසුගිය සමුළු වාරයේදී සම්මත කරගත්ත යෝජනා ක්‍රියාත්මකවීම පිලිබඳව ප්‍රගතිය සමාලෝචනය කිරීමලු. ඔන්න ඉතිං මූලාසනයේ හිටපු සභාපතිනිය, ඒ කියන්නේ ස්විට්සර්ලන්තේ කාන්තා අයිතීන් පිළිබඳ නියෝජිත වරිය වැඩේ පටං ගත්තලු…

    “හොඳයි අපිට අද මුලින්ම කරන්න තියෙන්නේ පසුගිය සභා වාරයේදී සම්මත කරගත්ත යෝජනා සහ ඒවා ක්‍රියාත්මක කල ආකාරය ගැන සාකච්ඡා කිරීමයි. ඒ කතිකාවතේ හැටියට පසුගිය යෝජනා වල තිබුණු අඩුපාඩු සහ අළුතින් කල යුතු කාර්යයන් පිළිබඳව අදහසක් ගන්න පුළුවන් වේවි. අපි ගියවර සම්මත කරගත්ත යෝජනා වල මුලින්ම තිබුනේ “තමුන්ගේ වැඩ වලින් කොටසක් පුරුෂයාට පැවරිය යුතුයි” යන්නයි. මම මේ පිළිබඳව මුලින්ම අදහස් දක්වන්න කියලා ආරාධනා කරනවා අපේ ඇමරිකානු නියොජිත වරියට.“

    සභාවේ උණුසුම් පිළිගැනීමත් එක්කම සෑහෙන අත්පුඩි ගානකුත් වැදුනට පස්සේ ඇමරිකන් නියෝජිත වරිය නැගිටලා ගියාලු ප්‍රධාන වේදිකාවට, බොහොම ආඩම්බරෙන්… තමන් අර කියපු යෝජනාව ක්‍රියාත්මක කරපු හැටි ගැන දැන් මේ උන්දෑ දේශනා කරනවලු…

    “මම එදා ගෙදර ගිය ගමන් මගේ මහත්තයට කිවුවා… “මින් මත්තට මම තමුසෙගෙ රෙදි හෝදන්නේ නැහැ… කොහොම හරි කරලා තමුසෙගේ රෙදි ටික තමුසෙම හෝදගන්නවා!!“ කියලා…. හැබැයි මට පළවෙනි දවසෙ නම් මොකවත් අමුත්තක් පෙනුනේ නැහැ… දෙවෙනි දවසෙත් කිසි දෙයක් පෙනුනේ නැහැ… ඒත් තුන් වෙනි දවසේ මම දැක්කා මහත්තයා එයාගෙ රෙදි ටිකයි මගේ රෙදි ටිකයි ඔක්කොම එකතු කරගෙන තනියම හෝදනවා… ඉතිං හැමෝටම මේ වගේ පුරුෂාධීපත්‍යයට යට වෙන්නේ නැතිව ඉන්න පුළුවන් කම ලැබෙන්න ඇති කියලා මම හිතනවා…“

    මෙහෙම කියපු ඇමරිකන් නෝනට සෑහෙන ප්‍රතිචාරයක් ලැබුනලු සභාවෙන්… ඊළඟට උදා වුනේ එංගලන්ත නියෝජිත වරියගේ අවස්ථාවලු… එයත් තමුනගේ පුරාජේරුව සභාවට කියලා දැම්මලු…

    “මමත් ගෙදර ගිය ගමන් මහත්තයට කිවුවා “ආයෙ නම් මට මේ ළමයි බැලිල්ල කරන්න බැහැ… තමුසේටනේ මෙච්චර ගොඩක් ළමයි හදා ගන්න උවමනාව තිබ්බේ… දැන් ඒක හින්දා ළමයින්ගේ වැඩ ටික තමුසේම කරනවා.. මට නම් ආයෙ කියන්න එපා ඕවා කරන්න හොඳද!!…” කියලා. මටත් පළවෙනි දවසේ කිසි දෙයක් වෙනවා පෙනුනේ නැහැ. දෙවනි දවසෙත් කිසි දෙයක් පෙනුනේ නැහැ… ඒත් මෙන්න තුන්වෙනි දවසේ මේ මනුස්සයා ළමයි ටික නාවලා.. කවලා.. පොවලා… ඉස්කෝලෙටත් ගිහිල්ලා දැම්මා… ඒ මදිවට ළමයින්ගේ ගෙදර වැඩ ටිකත් කරලා දෙනවා… දැන් නම් මම ඒ කරදරෙන් නිදහස් වෙලයි ඉන්නේ…“

    මේ කතාව අහපු සභාවෙ කට්ටිය ඇමරිකන් සුද්දිට දුන්නට වඩා චියර් පාරක් දුන්නලු එංගලන්තෙ සුද්දිට… දැන් තියෙන්නේ ශ්‍රී ලංකා නියොජිත වරියගේ අවස්ථාවලු… ශ්‍රී ලංකා නෝනත් ලස්සන ඔසරියක් එහෙම ඇදගෙන බොහොම හෙමින් සැරේ වේදිකාවට ගොඩ වුනාලු තමුන්ගේ කතාව සභාගත කරන්න.

    “කලින් වතාවෙ ඉදිරිපත් වෙච්ච යෝජනාවෙ විදියට මමත් ගෙදර ගිය ගමන් මහත්තයට කිවුවා “මීට පස්සේ මට නම් කියන්න එපා තමුසෙගේ කෑම හදන්න කියලා… තමුසේ කන විදියකට කනවා… මම මින් මත්තට කෑම හැදුවෙත් හදන්නේ මට කන්න විතරයි. තමුසෙට කන්න ඕනෙ නම් තමුසේ උයාගෙන කනවා!!…” කියලා. මටත් අනිත් හැමෝටම වගේ පළවෙනි දවසෙදි නම් මෙලෝ දෙයක් පෙනුනේ නැහැ…. දෙවෙනි දවසෙත් කිසිම දෙයක් පෙනුනේ නැහැ… ඒත් තුන් වෙනි දවසේදි මට යාන්තමට වගේ ඇස් අරින්න පුළුවන් වෙනකොට දැක්කා General Hospital එකේ සිවිලිම….”

    උපුටා ගැනිමකි
     
    Last edited:

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    lolololol.gif