මම එයාට ආදරේ කළේ එයා බැඳලා ළමයි ඉන්න බවත් ද&#3

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    මම එයාට ආදරේ කළේ එයා බැඳලා ළමයි ඉන්න බවත් ද&#3

    මම එයාට ආදරේ කළේ එයා බැඳලා ළමයි ඉන්න බවත් දැනගෙනයි
    Nirosha.jpg

    අපි හැමෝගෙම ජීවිතවල විවිධාකාර රහස් හැංගිලා තියෙනවා. මගේ ජීවිතෙත් එහෙමයි. ඒත් කාලාන්තරයක් ජීවිතේ දිගේම ආපු රහසක් තමයි අද මම මේ හෙළිකරන්නේ. වයස 6දී 7දී විතර ඉඳන් මම ක්‍ෂේත්‍රයට එනතුරා හා ඉන් පසු කාලය දක්වා දිව යන කතාවක් තමයි ඒ රහස.
    එතකොට මට වයස අවුරුදු 7ක් විතර ඇති. අපේ තාත්තා ක්‍රිකට්වලට ගොඩක් ලැදි කෙනෙක්. තාත්තා සා‍ලේ ටී.වී. එකේ මැච් එකක් බලනවා. මමත් නිකමට වගේ එතැනට ගිහින් ටී.වී. එකට එබිලා බැලුවා. එතකොට හරිම ලස්සන පිරිමි ළමයෙක් බැට් එකක් අරගෙන සෙල්ලම් කරනවා. ඒ වෙද්දී මම ඒ තරම් ලස්සන පිරිමියෙක් දැකලම නැහැ. මටත් පුදුමයි එයා දැක්කම අවුරුදු හතේදී මට ඇතිවූ හැඟීම ගැන. ඒ හැඟීම මොන වගේද කියලා මට තේරෙන්නේ නැහැ. මම තාත්තාගෙන් ඇහුවා ඒ කවුද කියලා.
    “රොෂාන් මහානාම”
    තාත්තා උත්තර දුන්නා. ඒ වෙලාවේ ඉඳන් තමයි මම මැච් බලන්න පටන් ගත්තේ. ඔය අතරේ රොෂාන් නැහැ. “රොෂාන් මහානාම
    කෝ?” මම තාත්තගෙන් ඇහුවා. “එයා අවුට් වුණා” තාත්තා කිව්වා.
    “අවුට් වෙනවා කියන්නේ මොකක්ද?” මම දිගින් දිගටම ප්‍රශ්න කළා.
    “ඔයාට ඕන මැච් එක බලන්නද. රොෂාන් බලන්නද?”
    තාත්තා ඇහුවේ මගේ හරස් ප්‍රශ්න තාත්තට කරදරයක් හින්දා. ඊට පස්සේ මම තාත්තගෙන් හරස් ප්‍රශ්න අහන්න ගියේ නැහැ. ක්‍රිකට් ගැන තනියම හොයා බැලුවා. රොෂාන් ගැනත් තොරතුරු හෙව්වා. කාලයක් යද්දී ක්‍රිකට් ගැනයි රොෂාන් ගැනයි ගොඩක් දේ දැනගත්තා. එදා ඉඳන් මම ටී.වී. එකේ මැච් බැලුවා. පත්තරවල ක්‍රිකට් ගැන පළවුණු ලිපි කියෙව්වා. හැබැයි මම ක්‍රිකට්වලට කැමති නැහැ. රොෂාන්ට තියෙන ආශාවටයි ඒ තොරතුරු හෙව්වේ. අවුරුදු 14 - 15 වෙද්දී ඒ ආශාව උමතුවකට හැරුණා. මගේ මේ “රොෂාන් උමතුව“ ගෙදර අයයි ඉස්කෝ‍ලේ යාළුවොයි දැනගත්තා.
    “එයා බැඳලා ළමයිනුත් ඉන්නවා..” යාළුවෝ කිව්වා. ඒත් මගේ උමතුව හොඳ වුණේ නැහැ.
    “අපරාදේ අපේ අක්කා ඉපදුන වෙලාවේ මම ඉපදුනා නම් මට කෙළින්ම රොෂාන්ට මගේ කැමැත්ත කියන්න තිබුණා...”
    මට එහෙම හිතුණා. මගේ මේ උමතුව හින්දම ගෙදර අය මාව මැච් එකක් බලන්න එක්ක ගියා. අපේ අයියා කෙනෙක් හිටියා එයා අපිව රොෂාන් ළඟට එක්කරගෙන ගියා. ඔහු හරිම සුහදව අපිට කතා කළා. මෙච්චර කාලයක් ටී.වී.එකේ දැකපු කෙනා ඇත්තටම දකිනකොට මම උමතුවෙන් වගේ ඒ දිහා බලාගෙන හිටියා.
    මම ටික ටික තරුණ වයසට ආවා. පිරිමි ළමුන්ගේ ආදර යෝජනා එන කාලෙනේ ඔය. ඒත් මම හෙව්වේ රොෂාන් වගේ කෙනෙක්. ඒ හිනාව ගමන බිමන ටිකක් හරි තියෙනවා නම් මම එයා ගැන උනන්දු වුණා. ඒත් එයා මට ළංවෙද්දී මේ පුද්ගලයා රොෂාන් වගේ නැහැ කියලා හිතුණම මම එයාගේ යෝජනාව ප්‍රතික්‍ෂේප කළා.
    වයසත් එක්ක අපි පරිණත වෙනවා. බොළඳ හිත වෙනස් වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. මටත් ඒක ‍පොදුයි. පස්සේ මම නිවේදිකාවක් වුණා. ඒ ස්වර්ණවාහිනී නාලිකාවේ. එහි උදේ වැඩසටහන් අතර ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ නිවසට ගිහින් කරන වැඩසටහනකුත් තිබුණා. එහි පළමු වැඩසටහනේ නිවේදිකාව ලෙස තෝරාගෙන තිබුණේ මාවයි. නිවේදිකාවක් විදිහට හා හා පුරා මට කාගේ ගෙදරට යන්න වෙයිද කියලයි මමත් හිත හිතා හිටියේ.
    “ඔයාට තියෙන්නේ රොෂාන් මහානාමගේ ගෙදරට ගිහින් එයාව ඉන්ටවිව් කරන්න...”
    නිෂ්පාදකවරයා එහෙම කියනවා මට ඇහුණේ හීනෙන් වගේ. ඊට පස්සේ මම මගේ කුළුඳුල් සම්මුඛ සාකච්ඡාව කළා. රොෂාන් ඔහුගේ බිරිඳ දරුවෝ මට හමුවුණා. නිවේදිකාවක් විදියට ඒ අය මට සුහදව සැලකුවා. හැබැයි ඒ වේලාවෙත් රොෂාන් එක්ක කතා කරද්දී මොකක්දෝ තිගැස්මක් මගේ හිතේ තිබුණා.

    ආරියවංශ කුලතිලක
     
    • Like
    Reactions: Capital_M

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රොෂාන් කොහොමත් ස්මාර්ට් හැන්ඩියෙක් ඒකාලේ ඉදන්ම .කෙල්ලෝ විතරක් නෙමේ කොල්ලෝ පවා (ගෙය් සීන් එතකොට තිබ්බේ නැ යකෝ ) උට වහ වැටිලා හිටියේ ..:lol::lol:

    දැන් ඉන්න ක්‍රිකට් ලපයි සිපයිල වගේ නෙමේ හැඩ වගේම වැඩත් නියමයි .මහත්මා ක්‍රීඩාවේ හිටපු හොදම මහත්මාගති තිබ්බ අදටත් තියෙන නියම මනුස්සයෙක් :love::love::cool:
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    මරුසිරා;22728691 said:
    රොෂාන් කොහොමත් ස්මාර්ට් හැන්ඩියෙක් ඒකාලේ ඉදන්ම .කෙල්ලෝ විතරක් නෙමේ කොල්ලෝ පවා (ගෙය් සීන් එතකොට තිබ්බේ නැ යකෝ ) උට වහ වැටිලා හිටියේ ..:lol::lol:

    දැන් ඉන්න ක්‍රිකට් ලපයි සිපයිල වගේ නෙමේ හැඩ වගේම වැඩත් නියමයි .මහත්මා ක්‍රීඩාවේ හිටපු හොදම මහත්මාගති තිබ්බ අදටත් තියෙන නියම මනුස්සයෙක් :love::love::cool:
    අර්ජුනය ඌ ට කැපිල්ල දැම්ම :yes::yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Yes , Roshan smart player kenek. Roshan, Sanath ekka ekathu vela batting record ekakuth thibba. Roshanta , erehiva sathuran sitiya team eke pava. Roshan ta team eke sitiya ekama friend --Sanath Jayasuriya pamanai.Srilanka team eke , ehema Dakshainta kapili thibuna avastha thibuna. Kapillata lak una Talent player kenek thama-------THILAN SAMARAWEERA.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රොශාන්ට කියන අන්නගන්න ඇති මේකි... මේකිට පුදුම කුලප්පුවක් තියෙන්නේ
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    Athal Comments From the WEB.


    Pragiya · 12 hours ago
    ඉතාම සතුටු වෙනවා. රොෂාන් මහනාමගේ තියෙන මොකද්දෝ වාසනාවකට තමයි නිරෝෂාගේ අක්කා ඉපදුනු වෙලාවේ නිරෝෂා ඉපදුනේ නැත්තේ. නැත්නම් අද ඔය ගයාන් චතුරිකා ඉන්න පැත්තේම තමයි රොෂාන් ඉන්නෙත් :yes::yes::yes::yes:

    ඩොකා · 11 hours ago
    මේ කියන විදියට නිරෝශ ගේ ගෙදර උන්දලටත් දුව රොශාන් ට දෙන්න පොඩි කැමත්තක් තිබිල තියනව වගේ උගේ පවුල කඩල හරි :yes::yes:



    කැනාසිරි · 4 hours ago
    මේකිට අලි කුලප්පුව දැන්... අර tv එකේ නාකින්ගෙ උඩ නගින හැටි දැක්කම අප්පිරියාවෙ බෑ... tv එක පොලොවෙ ගහනවා අපෙ නෙවිනo....:yes::yes:

    සියාතු මාමා · 12 hours ago
    ඇත්තම කියන්ඩ ලමයිනේ මටත් ඔය දේම වුනා , ආච්චී දැකපු පලවෙනි දවසේ, මම එදා ඒ කියන්නේ අච්චි තරුන කාලේ ගඟේ නාද්දි මම හොරෙන් බලන් ඉඳලා අච්චිගේ තාත්තාගේ අතටම අහුවෙලා , ඒ යකා ම්ගේ බෙල්ලෙන් අල්ලලා මට හොඳටම තඩිබාලා " හොරෙන් බලන්නේ මොකට බොල කසාද බැඳගෙන ඇතිවෙන්ඩම බලාපියකො " කියල මට බලෙන්ම බන්ඳලා දුන්නා . පස්සෙයි මම දන්නේ ආච්චි කර්තේලිස් අතින් බඩවෙලා කියලා , මොනවා කරන්ඩද මමත් ඉතින් බැඳ ගත්තු බෙරේ ගැහැවුවා :yes:
     
    Last edited: