අපේ ගෙදර වටේ තියෙන්නේ එයා පෝර්ට් දැලක් ඇඳපු වැටක්.. එතනින් ගම්මානෙකට පාරක් තියෙනවා. ඒකෙ දැන්වීමක් ගැහුවොත් පාරේ යන ඔක්කොටම පේනවා . අවුරුද්දකට විතර ඉස්සර අපේ වැටේ මොන්ටිසෝරියක දැන්වීමක් ගහලා තිබුණා. එයාලා අපෙන් අහල නෙමේ එක ගහලා තිබ්බේ. මොන්ටිසෝරි එක කරන්නේ කවුද කියලවත් අපි දන්නෑ. නමුත් මොන්ටිසෝරියක් නිසා අපි නිශ්ශබ්දව හිටියා . ඩිජිටල් බැනර් එක දිරලා ගිහිල්ලා තිබ්බ හින්දා අපිම ගලවලා අයින් කරා. ඒ දැන්වීම තිබ්බෙ වැටේ කොනක. දැන් ඒගොල්ලොම අලුතෙන් දැන්වීමක් ගහලා ඩිජිටල් බැනර් එකක් අපේ ගේට්ටුව ගාවම එහා පැත්තේ එයාපෝට් දැලේ. ඒක ගහනවා අපි දැක්කේ නෑ. මෙදා පාරත් ඇහුවේ නැති හින්දා මම කෝල් කලා. ඒ මොන්ටිසෝරි එක කරන ගෑණු කෙනා තමා ආන්සර් කළේ. මම එයාට කිව්වා අපි ඔයගොල්ලෝ ගැන දන්නෑ. බැනර් එකක් ගහනවනම් පොඩ්ඩක් අපිට කියලා ගහන්න. ළමයින්ගේ වැඩක් නිසා ඕක තිබ්බට කමක් නෑ කියලා.
එයා මට කියනවා ගියපාර complain කරපු නැති හින්දයි දෙවැනි පාර ගැහුවේ. දැන් මොකක්ද තියෙන ප්‍රශ්නේ කියලා. මම කිව්වා පළවෙනි පාර ළමයින්ගේ වැඩක් නිසා අවස්ථාව දුන්නා. දෙවැනි පාරත් ඒ වැරැද්ද ම කරපු නිසයි කෝල් කරලා කිව්වේ කියලා. ගෑණු කෙනා කියනවා ඇවිල්ලා එයා බැනර් එක ගලවා ගන්නම් කියලා. එයාලගේ වැරැද්ද පිළිගන්නේ නෑ. මට අවශ්‍ය වුණේ බැනර් එක ගලවන්න නෙමෙයි එයාලගෙ වැරැද්ද අඟවන්නයි. මම කළේ වැරැද්දක්ද?