මම ජනපති වී සිටිනතාක් විදේශීය අධිකරණයකට

Jul 5, 2012
1,773
265
0
මම ජනපති වී සිටිනතාක් විදේශීය අධිකරණයකට

විදේශීය අධිකරණයකට, විනිසුරුවරයෙකුට හෝ කිසිදු සංවිධානයකට අපේ රටේ අභ්‍යන්තර පරිපාලනයට සහ අධිකරණයට ඇඟිලි ගැසීමට ඉදිරියටත් ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

පසුගිය යුද සමයේ සිදුවූවායැයි පැවසෙන මානව හිමිකම් කඩවීම් පිළිබඳ අපට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විදේශීය විනිසුරුවරුන් ගෙන ඒමට සහ විදේශීය යුද අධිකරණ පිහිටුවීමට කුමන ස්ථානවල, කුමන ආකාරයෙන් අදහස් ප‍්‍රකාශ වුව ද තමා ජනාධිපති ධූරයේ කටයුතු කරනතාක් ඒ සඳහා කිසිදු ඉඩක් ලබා නොදෙන බව ද ජනාධිපතිවරයා කියයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ අද (08) පස්වරුවේ පානදුර නගර සභා කි‍්‍රඩාංගණයේ පැවති ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ 70 වන ජාතික උපසම්පදා විනය කර්ම මහෝත්සවයට එක්වෙමිනි.

අපේ රටේ නිදහසට, ස්වාධිනත්වයට සහ භෞමික අඛණ්ඩතාවයට අභියෝගයක් වන ආකාරයේ කිසිදු ජාතික හෝ ජාත්‍යන්තර කටයුත්තකට ඉඩ නොතබන බවද මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළ ජනාධිපතිවරයා මාතෘ භූමියේ නිදහස සහ ස්වාධීනත්වය වෙනුවෙන් නොපසුබටව කටයුතු කරන බවට ද මහා සංඝරත්නය ඉදිරියේ ප‍්‍රතිඥා දුන්නේය.

ජාතික ආරක්ෂාව ඇතුළු රටේ සියලූ කටයුතුවලදී ගෞරවනීය මහා සංඝරත්නයේ අවවාද, අනුශාසනා සහ මගපෙන්වීම යටතේ කටයුතු කිරීම වත්මන් රජයේ ප‍්‍රතිපත්තිය බවද පැවසූ ජනාධිපතිවරයා බෞද්ධයෙකු ලෙස මෙන්ම රාජ්‍ය නායකයා ලෙස රටේ අභිමානවත් ඉතිහාසයට ගරු කරමින් ශී‍්‍ර ලාංකීක සමාජයත් ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවන බවද අවධාරණය කළේය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ බුදු දහමට හිමි ස්ථානය තවදුරටත් ශක්තිමත් කිරීමට මෙන්ම පෝෂණය කිරීමට කැපවන බවට ද ජනාධිපතිවරයා මෙහිදී මහා සංඝතරත්නය ඉදිරියේ සහතික විය.

අද සිට ජූලි 16 වනදා දක්වා පානදුර නදී උදකුක්ඛේප සීමා මාලකයේදී ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ 70 වැනි උපසම්පදා මහා විනය කර්මය සිදු කෙරේ.

පානදුර, ගොරකපොල විද්‍යාරාජ පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පුණ්‍යෙත්සවය පැවැත්වෙන අතර අද පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා විහාරාධිපති හිමියන් බැහැ දැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.

අනතුරුව පානදුර නගර සභා කි‍්‍රඩාංගණයේ පැවති උපසම්පදා පූණ්‍ය මහෝත්සවය සඳහා එක්වූ අතර උපසම්පදාලාභී භික්ෂුන් වහන්සේලා වෙත සහතිකපත් ප‍්‍රදානය සහ ගෞරව සම්මාන උපාධි ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

චීන හිමිනමක් වන ෂීන් ෂෙන්ග් ස්වාමින් වහන්සේ විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද එහිදී පිළිගැන්වීය.

රාමඤ්ඥ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නායක ස්වාමින් වහන්සේ විසින් රාමඤ්ඤ වංශය, සහ පටිපදා සමරු කලාපය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය. උපසම්පදා විනය කර්මයේදී භාවිතා කරනු ලබන විජිණිපත ජනාධිපතිවරයා අතින් රාමඤ්ඤ මහා නිකායේ මහානායක ස්වාමින් වහන්සේ වෙත පූජා කෙරිණි.

ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි නායක ස්වාමින් වහන්සේ, අතිපූජ්‍ය දොරණගොඩ විජිතසේන අනුනායක ස්වාමින් වහන්සේ, අතිපූජ්‍ය වරාගොඩ පේමරතන අනුනායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද විදේශීය තානාපතිවරු ඇතුළු දෙස් විදෙස් සැදැහැවත් පිරිසක් මෙම පුණ්‍ය මහෝත්සවයට එක්ව සිටියහ.
 
  • Like
Reactions: සොහොන

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113
    සිරිසේන වැට් අඩුකරනවා කිව්වා ගිය සදුදා කෝ කරාද?
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Niwata Sirisenayage wisil witharai balti na. Yakow Rs. 3125 giya medical checkup eke 425kma VAT kiyala kihallako. Ko me ponnaya VAT adu karanawai kiuwata kare nahane. Niwata wesige putha....:angry::angry::angry::angry::angry:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ජිංතක ජිල්ලබකිට;20388556 said:
    විදේශීය අධිකරණයකට, විනිසුරුවරයෙකුට හෝ කිසිදු සංවිධානයකට අපේ රටේ අභ්‍යන්තර පරිපාලනයට සහ අධිකරණයට ඇඟිලි ගැසීමට ඉදිරියටත් ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

    පසුගිය යුද සමයේ සිදුවූවායැයි පැවසෙන මානව හිමිකම් කඩවීම් පිළිබඳ අපට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විදේශීය විනිසුරුවරුන් ගෙන ඒමට සහ විදේශීය යුද අධිකරණ පිහිටුවීමට කුමන ස්ථානවල, කුමන ආකාරයෙන් අදහස් ප‍්‍රකාශ වුව ද තමා ජනාධිපති ධූරයේ කටයුතු කරනතාක් ඒ සඳහා කිසිදු ඉඩක් ලබා නොදෙන බව ද ජනාධිපතිවරයා කියයි.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ අද (08) පස්වරුවේ පානදුර නගර සභා කි‍්‍රඩාංගණයේ පැවති ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ 70 වන ජාතික උපසම්පදා විනය කර්ම මහෝත්සවයට එක්වෙමිනි.

    අපේ රටේ නිදහසට, ස්වාධිනත්වයට සහ භෞමික අඛණ්ඩතාවයට අභියෝගයක් වන ආකාරයේ කිසිදු ජාතික හෝ ජාත්‍යන්තර කටයුත්තකට ඉඩ නොතබන බවද මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළ ජනාධිපතිවරයා මාතෘ භූමියේ නිදහස සහ ස්වාධීනත්වය වෙනුවෙන් නොපසුබටව කටයුතු කරන බවට ද මහා සංඝරත්නය ඉදිරියේ ප‍්‍රතිඥා දුන්නේය.

    ජාතික ආරක්ෂාව ඇතුළු රටේ සියලූ කටයුතුවලදී ගෞරවනීය මහා සංඝරත්නයේ අවවාද, අනුශාසනා සහ මගපෙන්වීම යටතේ කටයුතු කිරීම වත්මන් රජයේ ප‍්‍රතිපත්තිය බවද පැවසූ ජනාධිපතිවරයා බෞද්ධයෙකු ලෙස මෙන්ම රාජ්‍ය නායකයා ලෙස රටේ අභිමානවත් ඉතිහාසයට ගරු කරමින් ශී‍්‍ර ලාංකීක සමාජයත් ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවන බවද අවධාරණය කළේය.

    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ බුදු දහමට හිමි ස්ථානය තවදුරටත් ශක්තිමත් කිරීමට මෙන්ම පෝෂණය කිරීමට කැපවන බවට ද ජනාධිපතිවරයා මෙහිදී මහා සංඝතරත්නය ඉදිරියේ සහතික විය.

    අද සිට ජූලි 16 වනදා දක්වා පානදුර නදී උදකුක්ඛේප සීමා මාලකයේදී ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ 70 වැනි උපසම්පදා මහා විනය කර්මය සිදු කෙරේ.

    පානදුර, ගොරකපොල විද්‍යාරාජ පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පුණ්‍යෙත්සවය පැවැත්වෙන අතර අද පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා විහාරාධිපති හිමියන් බැහැ දැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.

    අනතුරුව පානදුර නගර සභා කි‍්‍රඩාංගණයේ පැවති උපසම්පදා පූණ්‍ය මහෝත්සවය සඳහා එක්වූ අතර උපසම්පදාලාභී භික්ෂුන් වහන්සේලා වෙත සහතිකපත් ප‍්‍රදානය සහ ගෞරව සම්මාන උපාධි ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

    චීන හිමිනමක් වන ෂීන් ෂෙන්ග් ස්වාමින් වහන්සේ විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද එහිදී පිළිගැන්වීය.

    රාමඤ්ඥ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නායක ස්වාමින් වහන්සේ විසින් රාමඤ්ඤ වංශය, සහ පටිපදා සමරු කලාපය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය. උපසම්පදා විනය කර්මයේදී භාවිතා කරනු ලබන විජිණිපත ජනාධිපතිවරයා අතින් රාමඤ්ඤ මහා නිකායේ මහානායක ස්වාමින් වහන්සේ වෙත පූජා කෙරිණි.

    ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි නායක ස්වාමින් වහන්සේ, අතිපූජ්‍ය දොරණගොඩ විජිතසේන අනුනායක ස්වාමින් වහන්සේ, අතිපූජ්‍ය වරාගොඩ පේමරතන අනුනායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද විදේශීය තානාපතිවරු ඇතුළු දෙස් විදෙස් සැදැහැවත් පිරිසක් මෙම පුණ්‍ය මහෝත්සවයට එක්ව සිටියහ.

    හිටං කියවන්න අමාරුයි. :rofl::rofl:
    දිග වැඩි හිටං