මම තාම ඔයාව හොයනවා

Ditzone

Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    මම තාම ඔයාව හොයනවා

    අවුරුද්ද ඇතුලේ ගොඩක් අමතක නොවෙන දේවල් උනා.හොද නරක දුක සතුට හැම දේම සමව බෙදිලා තිබ්බ අවුරුද්දක්.උබලට අලුත් ජොබ් හම්බ වෙනකොට මන් ජොබ් එකෙන් අයින් උනා.හරි ඒවා වැඩක් න මම කියන්නම් අමතක නොවෙන කතාවක්.මේක උනේ ඊයේ රෑ එක හින්ද හොදට මතකයි.ඊයේ පන්සලේ පිච්ච මල් පුජාවක් තිබ්බ මල් ගිනියන්න බැරි උනත් ඒවගේ දෙකට යන්න පුළුවන් උනේ අපේ කොල්ලෝ ටික නිසා.ඉතින් උන්ට පින් දීල කතාව කියන්නම්.
    අපේ උන් මට ඉස්සෙල්ල පන්සල් ගිහින් මාත් දඩු මොනරේ නැගල පන්සල පැත්තේ ගියා යනකොට හාමුදුරුවෝ මංගල සුත්‍රය කියනවා.ඒ කියන්නේ වැඩේ ටිකක් අන්තිම හරිය.මන් අපේ උන්ට කෝල් එකක් දීල බැලුව කොහෙද ඉන්නේ කියල මුන්ටික ඉන්නවා දැහැනට සමවැදිච්ච රිලව් සෙට් එක වගේ යන්තම් බිම දාපු පැදුර උඩ මාත් වාඩි උනා.දැන් හාමුදුරුවෝ බන කියනවා.මටත් ඉතින් නිකන් ඉන්න බැරි නිසා කට්ටියට පොඩි හිනා යන කතාවක් කිව්වා දැන් මුන් වැඳගෙන හිනා වෙනවා.උපාසක අම්මලත් රවාගෙන බලනවා.වැඩේ හරියන්නේ නෑ අපේ උන්ට රහසින් හිනා වෙන්න දන්නේ නෑ.ඔන්න ඔහොම ඉන්නකොට පොඩි මීටරයක් සෙට් උනා.සෙනග මැද්දෙන් මන් මන්දිහා බලන් ඉන්න රුපයක් හුටා.මට බයත් හිතුන.මාත් දෙපාරක් තුන් පාරක් බලල හිනා කෑල්ලකුත් දැම්ම.මීටර් 5 ක් විතර දුරුන් හිටියට හරියටම පෙන්නේ මුණ විතරයි.කට්ටියට වැහිලා.එත් මට හරියටම ශුවර් නෑ
    එයා මන් දිහාද බලන්නේ මාත් වටපිට බැලුව වෙන එකෙක් වත් මීටරේ අල්ලන් ඉන්නවද කියල.එහෙම එකෙක්වත් නෑ .දැන් එයත් හිනා වෙනවා මාත් හිනා වෙනවා දෙන්න 5 හේ ටොපි කාලා වගේ.ඔකේ අපේ උන්ට අහු උනා දැන් උනුත් මට සපෝර්ට් උන් හස්ත සංඥා අරව මේවා වැඩ කලි දාල එක එක ඒවා කියනවා.මන් කිව්වා දැන් කියපල්ලා උබලද ටෝක් කරන්නේ මන්ද කියල.මුන්ගෙන් සද්ද නෑ.
    දැන් හාමුදුරුවොත් බණ ඉවර කරන්න ලෑස්තියි යකෝ මේ සෙනග මැද්දේ ඔක්කොම නැගිට්ටම මම කොහොමද එයාව හොයා ගන්නේ.හාමුදුරුවෝ බණ කියල ඉවර උනා.කට්ටිය නැගිටලා පෝලිමේ එන්න පිරිත් නුල් බදින්න.දැන් ඉතින් රත්තරන් කිලෝ එකක් දෙනවා වගේ කට්ටිය පොර කාලා පෝලිමට සෙට් උනා.මට පිරිත් නුල නෙමෙයි මට ඕනේ මාත් එක්ක ඒ හිනා වුනු කෙල්ලව බලන්න වට පිට බැලුව පෙන්න නෑ.අපේ උනුත් දැන් හොයනවා ආගිය අතක් නෑ.ඔහොම පෝලිමත් හාමුදුරුවෝ ලගට ලං උනා මාත් පිරිත් නුලක් ගැට ගහගෙන එලියට ආවා.මට දැනෙනවා මන් දැන් නිකන් ස්ටෑන්ඩ් ෆෑන් එකක් වගේ.වටේම කැරකි කැරකි එයාව හොයනවා.
    ඔය අතරේ මන් දැක්ක එය වගේ කෙල්ලෙක් බුදු මැදුරේ බැම්මට හේතුවෙලා ඉන්නවා.
    අඩ අදුරට හරියට පෙන්නේ නෑ.දැන් මාත් ගියා පුරුෂ ශක්තියත් අතේ තියාගෙන ඇයි මොනවා හරි කතා කරන්න ඕනේ නේ.ලන්වෙනකොට හිනාවක් දැම්ම අඩ අදුරේ උනත් දත් සෙට් එක දිලිසුනා ඒ මෙච්චර වෙලා මාත් එක්ක හිනා උනු කෙල්ල තමයි.ලග යාලුවෙකුත් ඉන්නවා.මාත් ඉතින් හොර පුස වගේ ලංවෙනවා.දැන් නීල් අයියා හඳට ගියා වගේ.දැන් මන් එයා ලගට ලං උනා එතකොට මන් දැක්ක එයාගේ එක කකුලක් කොටයි.ඇවිදින්න අමාරුයි.මන් මෙච්චර වෙලා හිතින් ආදරේ කරලා තියෙන්නේ මේ කෙල්ලට.හිතේ ලොකු දුකක් මං එයා ලගට යනවද?මට හිත හද ගන්න බෑ මම හිනා වෙලා එතනින් යන්න ගියා.
    මම ඒ කරපු වැඩේට තමත් මං දුක් වෙනවා:(:(.ඒ කෙල්ල හරි ලස්සනයි අඩුපාඩුව තියෙන්නේ කකුල විතරයි:(.අනිත් හැම දේම සම්පුර්ණයි.මට එදා එයත් එක්ක කතා කරන්න තිබුන එත් මගේ හිත එකට ඉඩ දුන්නේ නෑ:(.මම මහා පව් කාරයෙක්:(.මම බයික් එකේ නැගල ගෙදර ආවා.අනිත් උන් මව හොයල.එයා මාව හොයන්න ඇති.අයෙත් මං එයි කියල මං ගියා පර දිහා බලන් ඉන්න ඇති.මාව දකින්න නැති උනාම එයට එයා ගැන කොච්චර දුකක් හිතෙන්න ඇද්ද:(.
    බෝමලුවේ වැලි තලය මත
    අතුරා සුදු රැලි ගවුම
    මිමිණු බණ පදය අමතක වීදෝ
    හොරෙන් හොරෙන් බල හිනැහුණේ
    බල ඉන්නට අනිමිසයෙන් නුබේ දෙස
    වරක් හමුවේවා දිනෙක


    මම අඩ උදෙත් ගියා එත් එයා ඇවිත් නෑ.එක පාරක් කතා කරන්න සමාව ගන්න එකම එක පාරක් එයාව හමුවෙන්න ආසයි.

    ඔන්න ඕකයි ගිය අවුරුද්දේ අමතක නොවෙන කතාව ටිකක් දිගයි දුකයි.උබල මට බනියි.ඕන දෙයක් අහන්න මම ලෑස්තියි.මොකද වරද මගේ අතේ නිසා.

    ප.ලි මම මේක ලිව්වේ මේකේ නුලක් තිබ්බ 2012
    සිදුවෙච්චර අමතක නොවෙන සිදුවීම් කියල අද උදේ දැන් මට එක හොයා ගන්න බෑ එක නිසා මම මේක අලුත් එකක් විදිහට දැම්ම ඔයාලගේ ජීවිතයේත් මේ වගේ දේවල් සිද්ද වෙලා තියනවනම් මෙතන දාන්න ඒවා අනිත් අයත් එක්ක බෙදා ගෙන දුක අඩු කරගන්න.
     
    Last edited:

    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    itn uba sorry kiyanne ai bn uben atin waradak unee na ne :confused:
    මචන් මම එයා ලගටම ගිහින් හැරිලා ආවා .උබ හිතපන් මචන් මම එයාගේ ඒ අඩුපාඩුව දැකල කතා නොකර ගියා කියල තාම හිතනවා ඇති එයා දුක් වෙනවා ඇති.කවදාවත් එයාට කාත් එක්කවත් ආදරේ කරන්න ලැබෙන්නේ නෑ කියල හිතෙනවා ඇති.මචන් එහිතට දැනෙන දුක අපිට තේරෙන්නේ නෑ.කොච්චර බලාපොරොත්තු තියාගෙන ඉන්නවා ඇත්ද.ජීවිතේ එපා වෙච්ච දවස් කොච්චර ඇත්ද.මට වචනෙකින් හරි එයාට උදව් කරන්න පුළුවන් උනා නම්.


    මම සමාව ගන්න ඕනේ මං කරපු ඒ ගොන් වැඩේට
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මචන් මම එයා ලගටම ගිහින් හැරිලා ආවා .උබ හිතපන් මචන් මම එයාගේ ඒ අඩුපාඩුව දැකල කතා නොකර ගියා කියල තාම හිතනවා ඇති එයා දුක් වෙනවා ඇති.කවදාවත් එයාට කාත් එක්කවත් ආදරේ කරන්න ලැබෙන්නේ නෑ කියල හිතෙනවා ඇති.මචන් එහිතට දැනෙන දුක අපිට තේරෙන්නේ නෑ.කොච්චර බලාපොරොත්තු තියාගෙන ඉන්නවා ඇත්ද.ජීවිතේ එපා වෙච්ච දවස් කොච්චර ඇත්ද.මට වචනෙකින් හරි එයාට උදව් කරන්න පුළුවන් උනා නම්.


    මම සමාව ගන්න ඕනේ මං කරපු ඒ ගොන් වැඩේට

    සිරාවට මචෝ ඒවගේ කෙල්ලෙක්ට උදවු කරන එක තරම් පිනක් නෑතුව ඈති තවත්........මම උබේ තත්වේ හිටියනම් මම ඒ කෙල්ලට ආදරේ කරනවා මචන්..මොකද දෑන් ඉන්න කෙල්ලොන්ට රෑවටෙනවට වෑඩිය හොදයි මේ වගේ අහින්සක කෙල්ලෙක්ට ආදරේ කරන එක...
     

    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    සිරාවට මචෝ ඒවගේ කෙල්ලෙක්ට උදවු කරන එක තරම් පිනක් නෑතුව ඈති තවත්........මම උබේ තත්වේ හිටියනම් මම ඒ කෙල්ලට ආදරේ කරනවා මචන්..මොකද දෑන් ඉන්න කෙල්ලොන්ට රෑවටෙනවට වෑඩිය හොදයි මේ වගේ අහින්සක කෙල්ලෙක්ට ආදරේ කරන එක...

    ඔව් මචන් මටත් එහෙම හිතෙනවා තව එක පාරක් එයාව දකිනකන් මේ දුක මගේ හිතේ තියෙයි