මම දුටු මට සිතුණු දෙයක්... සංවාදයට
මම ගොඩක් දැකලා තියනවා විශේෂ නිවාඩු දින වලදී සමහර පාරිබෝගික සේවා ස්ථාන විවුර්තව තියනවා උ.දා: සමහර Super Markets, කෑම කඩ,ඇදුම් කඩ ,තෑගි බඩු කඩ වගේ ඒවා. සිංහල අවුරුද්ද / වෙසක් පෝය / නත්තල් / නිදහස් දවසේ ඇරලා තියනවා,
ඒවගේ වැඩ කරන්නෙත් අපි වගේම මිනිස්සු, ඒ අයටත් ගෙවල්, පවුල් තියනවා, එහෙම තියෙද්දිත් අකමැත්තෙන් වුනත් වැඩට එන්නේ රස්සාව ඕනි නිසා. (අකමැත්තෙන් කියල කියුවේ මම එහෙම කීප දෙනෙක් ගෙන් අහල තියන නිසයි)
ඒ ආයතන එහෙම ඇරලා තියෙන්නේ අපි පාරිබෝගිකයෝ විදිහට ඔය කියපු දවස් වල ඒවාට යන නිසා. සමහර වෙලාවට අපි එහෙම යන්නේ ඇත්තටම අපිට ඒ දේ එදාම ගන්න වෙන නිසාද? උ.දා, ඇයි අපිට ඇදුමක් කලින් අරන් තියා ගන්න බැරි? ඇයි Super Markets එකෙන් ගන්න දේවල් දවස් 2-3 කට අරන් තියා ගන්න බැරි? ඇයි තෑගි බඩු කලින් අරන් තියා ගන්න බැරි? ඇයි සමහර කෑම කලින් අරන් තියා ගන්න බැරි? එහෙම කළොත් ඒ පාරිබෝගික සේවා ස්ථාන වල වැඩ කරන අයටත් නිවාඩුව ලැබෙයි. එයාලත් එයාලගේ පවුලේ අයත් එක්ක ඉදියි අපි වගේම,
මම කියන්නේ නෑ ඔක්කොම ඒවාට මේක කරන්න පුළුවන් කියල අත්‍යවශ්‍ය ඒවත් තියනවා ඒවා ගැන නෙමෙයි මම කතා කරන්නේ. අපිට තව කෙනෙක් වෙනුවෙන් කරන්න පුළුවන් කියල හිතෙන දෙයක්, අපි අද මේක පටන් ගත්තොත් ඉස්සරහ දවසක එක ආයතනයක සේවක පිරිසක් හරි සතුටින් නිවාඩුවක් ගතකරයි...
මෙය මාගේ අදහසක් පමණි.. ඔබගේ අදහස් යෝජනා චෝදනා එක් කරන්න

Last edited: