දේශපාලනයට එන සෑම පුද්ගලයකුම බලය බලාපොරොත්තු වෙනවා.
ජෙනරල් ෆොන්සේකාත් තමාට දුන් තනතුරේ බලතල මදි වීම නිසා කළකිරුණු බව කියා තිබෙනවා.
අනික් අයත් මොනයම් හෝ විදිහකින් බලය ලැබීමේ රස නිසා තමයි දේශපාලනයට එන්නෙ.
ප්රශ්නෙ තියෙන්නෙ රටටත් මොනව හරි හොඳක් කෙරෙනවනම් මේ අය අතින්.
මේ කියල තියෙන ප්රකාශයෙ සමහර තැන් ගැටලුසහගතයි නේද? උදාහරණයක් විදිහට, පාර්ලිමේන්තුව විසුරුවා හැර, සියලු පක්ෂ නියෝජනය වෙන භාරකාර ආණ්ඩුවක් කිව්වම, එක් එක් පක්ෂයෙ නියෝජනය තීරණය කරන්නෙ කොහොමද? ඒ කියන්නෙ එක් එක් පක්ෂෙකින් කීදෙනෙක්ද කියන එක? මේක ඒ තරම් ප්රායෝගිකයි කියල මට හිතෙන්නෙ නෑ.
අනික රාජපක්ෂලාට විරුද්ධ වීම ඇරුණුකොට වෙන මුකුත් ප්රතිපත්තියක් මට පැහැදිලි නැහැ. විශේෂයෙන් ජෙනරල් සරත් ෆොන්සේකා මහතා සමග සිටින පිරිස නියෝජනය කරන්නෙ රටට හානිකර බලවේග.