මම නම් අලුත් ..........

subhashgg

Member
Dec 26, 2009
3
0
0
Colombo
මම , ඌ..ඒකී...අරකී හා ඒකා............

ඌ ඒකිව දැකපු මුල්ම දවසේ..
රට්ටු මොනවා කීවත් නොකීවට..
රෝස තොල් සිඹ්න්නමයි උගේ හිත කිව්වේ... ලැජ්ජාවටද මන්දා.....
උගේ හිත ඒකත් හංග ගත්තා.
එතකොට ඌ ලොකු එකා..ඒකී පොඩි එකී..
එහෙම කිව්වට.....
උන් දෙන්නනම එකම පන්තියේ..එකම බන්කුවේ..
මොකුත් නොදන්නව වුනාට.....
ඌ එකීගෙන් මොනවදෝ ඉල්ලුවා..ඌ වැරදිද මන්දා..
ලැබුනත් නොලැබුනාට එකී හොඳ කෙල්ල.. ඒක එහෙම වෙන්න ඕනේ...
ගොලීය උනුසුමට පින්සිද්ද වෙන්න...
උන් ඌ සහ ඒකි......ඔය ලොකුයි කියන සිප් හල් වලට ගියා නෙමේ යැවුනා....
ගියාට මොකද.....
කකුල් තියනවා කියන උගේ හිත සීමාකරී අවස්ථාවක හිටියේ නෑ......
ඌ අපහු ආවා.....
ටියුටරියට යන්න උට හිත දුන්නෙම නෑ......
ඒකිගේ පන්තිය පහු කරගෙන උගේ හිතට යන්න බෑ..
අව්වේ කර වෙවී..එකිටත් වහන් වෙලා
කොටස් එකතු කරගෙන එකිගේ මූණ ඌ හදා ගත්තෙ දවස් ගානකින්.........
ආ... ඒකි කොන්ඩෙත් වවලා ලස්සණ වෙලා
හිතේ හැටියට ඌ හදා ගත්ත රූපෙ ඌ ඉඹ්න්න ඇති.....
ඌ වැරදි කියලා හිතෙන් නෑ.....
ඒකි වෙනස් වෙලාද මන්දා..උගේ හිත කිව්වට ඌ ඇහුවේ නෑ.....
පුදුමයි කියල හිතෙන්නෙත් නෑ.....
මෙච්චර මල් තියන ලෝකෙ උට කියලා හිතන් හිටපු චූටි පිච්ච මලේ.....
කූඩැල්ලෙක් එල්ලිලාලු.....
බර ඒකිට දරාගන්න බෑ කියලා ඌ දැනගෙන හිටියට කියාගන්න උත්සහ කරත්
උට කියා ගන්න බැරි වුනා....
ඒකී වෙනස් වෙලා...........
ඌ කඳුලු බීලා..පොලවේ පස් කෑවා..කඳුලු හංගන්න ..
අනන්තයට යන පාරවල් අයිනේ...
අහු මුලු වල සිගරට් කොට මහ ගොඩක් ඌ බිම දාල පාගල දැම්මා.....
රහක් නැති ගිනි වතුර අමාරුවෙන් බීලා දැම්මා..
කොහොම කරත් දුක දුකමනලුනේ..
ඌ ලෝකෙට ආපහු මූන පෙන්නුවා.....
ඒකිගෙ පුංචි හිතට තේරෙන්න ටික දවසක් ගියාට මොකද..
කූඩෑල්ලව ඒකි ගලවලා දෑම්මා.....
රට්ටු මොනවා කිව්වත් ඒකි හරි කියලා උගෙ හිත උට කිව්වා..
ඉර ලොකේ වටේ ගොඩක් සැරයක් කැර්කුනා..
ඌ බලාගෙන හිටියා..
ඌ ඒකිව දැක්කා..
නොදැක්කා වගේ ඌ යන්න ගියා.. උගේ ලොකු එකද කියලා දන් නෑ..
ලෙන්ගතුකම වැඩි හින්දා වෙන්න ඇති..
ඒකි කැම්පස් ගියා කියලා උට දුක හිතුන් නෑ...
ඒකී එහෙදි ගොඩ ගියාලු.....
උට ඒකීට කතා කරන්න හිතුනා ඌ කතා කලා..
ඒකි වෙනස් වෙලා නෑ කියලා උට ලෝකෙටම කියන්න හිතුනා...
ඌට දුක නැති වුනාට උට දුකයි..........
ඒකා ගැන හොයන්න උට ඕන වුනේ නෑ... ඒකා හොඳ එකා වෙන්න ඇති.......
ඒකා පින් කාරයා........
ඌ හිත හදා ගත්තා...
හිතා ගන්න බැරි විදියට ඌත් ගොඩ ගියාට මොකද....
උට ඒකිව අමතක නෑ.... වෙන්න විදියකුත් නෑ.. ඒකිටත් එහෙමද දන් නෑ..
මොනවා උනත් ඌ අරකිටත් ආදරේයි......

සීතලත් එක්ක වෙනස් වෙන ලොකේ උගේ වෙනස් නොවෙන එකම පැතුම ඒකි විතරයි..
ඒකිත් ඒක දන්නවා.......
අන්තයට ගිහින් අලුත් පාරෙන් ජිවිතේ පටන් ගන්න ඌට ඒකිව ඕනේ කියලත් ඒකි දන්නවා..
ඌ ඒක ඒකිට කියලා තියනවා..
දැන් උට ඕනේ ඉක්මනට අනන්තයට ගිහින්..
ඒකි එනකන් හන්දියේ බංකුවකට බර දීලා මග බලන් ඉන්න....
එදාට ඌ ඒකිව අඳුන ගන්නෙ ඒකිගේ චූටි ඇඟිල්ලෙන් කියලා එකී තාම දන්නේ නැතුව ඇති...

ප : ලි
ඒකිට හයියක් උනත් නොවුනත් ඒකිත් එක්ක ඌ තාම ඉන්නවා...
එදාත් අදත් හෙටත් ඒකිට ඌ තාම ඉස්ස්සර වගේම ආදරෙයි කියලා
මම දන්නවා.....