මම පාලනය කළා ඇති...අලුත් නායකත්වයක් ඕනේ -මහින්ද

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මම පාලනය කළා ඇති...අලුත් නායකත්වයක් ඕනේ -මහින්ද

    මම පාලනය කළා ඇති...අලුත් නායකත්වයක් ඕනේ -මහින්ද​


    යළි පාලන බලය ලබාගැනීමේ අපේක්ෂාවක් තමාට නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
    නව නායකත්වයක් යටතේ පක්ෂය ඉදිරියට යා යුතු බව හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
    අද (04) පෙරවරුවේ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක මහාවිහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදින් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

    ප්‍රශ්නය - ජනාධිපතිගේ කතාව කොහොමද
    "හොඳයි කතාව ඉතින්."

    ප්‍රශ්නය - ජනාධිපතිතුමා කියනවා ජාත්‍යන්තර පරීක්ෂණයක් එපා කියලා ?
    "ඔව් ඒක හරි. ඒක තමා ජනතාවත් බලාපොරොත්තු වෙන්නේ."

    ප්‍රශ්නය - ඔබතුමත් සැරට කතා කරපු කෙනෙක් ජාත්‍යන්තර මාධ්‍යට. රනිල් මහත්තයත් ඒ ගාණට ගිහින් තියෙනවා.
    "හොඳයි ඉතින්. එහෙම එපැයි කරන්න."

    ප්‍රශ්නය - මාධ්‍ය වාරණයක් කරනවා කියලා තියෙනවා.
    "නෑ. නෑ.. එහෙම කිව්වට කවුරුත් අත උස්සන්නේ නෑ නේ."

    ප්‍රශ්නය - චැනල් ෆෝ ගැන මොකද හිතන්නේ ?
    "චැනල් ෆෝ එකට ඕන විදියට අපිට නටන්න බෑනේ."

    ප්‍රශ්නය - ජීවත් වෙන්න අමාරුයි. උපදෙසක් දෙන්න බෑ ද ආණ්ඩුවට ?
    "ආණ්ඩුවට අපි කියන්නේ, ජනතාව අමාරුවෙන් ඉන්න මේ වෙලාවේ ජනතාවට පිහිටවෙන්න ඕනේ. අපි එදා ඉඳලම ජනතාවගේ පැත්තේ."
    "අපෙන් උපදෙස් ඉල්ලුවොත් දෙන්න පුළුවන්. බලෙන් දෙන්න බෑනේ."


    ප්‍රශ්නය - පාලන බලය ඔබතුමාගේ පැත්තට ගන්න බලාපොරොත්තුවක් නැද්ද?
    "එහෙම නෑ. මම පාලනය කළා ඇතිනේ. අලුත් නායකත්වයක් ඇති වෙලා ඉදිරියට යන්න ඕනේ."
     
    • Haha
    Reactions: italymad