මම පොඩි පිංකමක් කරන්න කියල හිතුව..
වෙස්සන්තර රජතුමා කළා වගේ දෙයක් කරන්නයි යන්නෙ. මගේ පරිගණක ජීවිතයේදී රැස් කරගත්තු වටිනා ධනය ඔයගොල්ලන්ට බෙදල දෙන්න ඕන කියල හිතුව. ජීවිතය කියන්නෙ මහ පුදුම දෙයක්. අපී තන්හාවෙන් මේව එකතු කරගෙන ඉඳල වැඩක් නැහැනෙ.

හැබැයි මම ධනය සහ වස්තුව කිව්වෙ මුදල් වලට හෝ වෙනත් භෞතික දේවල් වලට නම් නෙමෙයි, දැනුමට.
තවත් විදියකින් කිව්වොත් මම පරිගණක භාවිතයේදී අත්දැකීම් වලින් ලබා ගත්තු දැනුම පොඩි පොඩි කරුණු හැටියට (Tips & Trix) විදිහට මේ ත්‍රෙඩ් එකෙන් ඉදිරිපත් කරනව. හැබැයි මතක තියා ගන්න මම තොරතුරු තාක්ෂණය ගැන Expert කෙනෙක් නෙමෙයි. ඕගොල්ලො වගේම භාවිත කරන්නෙක් පමණයි. ඒ නිසා මේ ත්‍රෙඩ් එක කොම්පියුටර් කාල වතුර බීල ඊට පස්සෙ අතුරු පසක් විදිහට සෙල් ෆෝන් කාපු උදවියට එතරම් වැදගත් නොවෙන්න පුළුවන්.
ඔන්න පළවෙනි එක.
01. අන්තර්ජාලයේ නරඹන වීඩියෝ ක්ලිප් එකක් නැවත නැරඹීම සඳහා පරිගණකයේ සේව් කර ගන්නේ කොහොමද?
සාමාන්‍යයෙන් අපි අන්තර්ජාලයේ විවිධ මීඩියා ෆයිල්ස් සහිත වෙබ් අඩවි වලට පිවිසෙන විට, අපගේ වෙබ් බ්‍රව්සරය විසින් සදාගෙන තිබෙන විශේෂ ෆෝල්ඩරයකට මෙම මීඩියා ෆයිල්ස් ඔටෝ ඩව්න්ලෝඩ් වෙනව. එක් එක් බ්‍රව්සරය අනුව මෙම ෆෝල්ඩරයේ නම සහ එය පරිගණකයේ පිහිටා තිබෙන ස්ථානය වෙනස් වෙන්න පුළුවන්. මේක අපිට Cache ෆෝල්ඩරය කියල පොදුවේ හඳුන්වන්න පුළුවන්.
උදාහරණයකට අපි හිතමු මම YouTube වල තියෙන වීඩියෝ එකක් නරඹනව කියල (වැදගත් එකක් මොකක් හරි
). මෙවිට අදාල වීඩියෝ ෆයිල් එක ඉබේම මගේ බ්‍රව්සරයේ කෑෂ් ෆෝල්ඩරයට භාගත වෙනව. මේ හේතුව නිසා මම වීඩියෝ එක නැවත බලන විට මගේ කනෙක්ෂන් එක ස්ලෝ එකක් උනත් මට වීඩියෝ එක ප්ලේ වෙන වේගයෙන්ම නරඹන්න හැකියාව ලැබෙනව. හැබැයි මේ ෆයිල්ස් කෑෂ් ෆෝල්ඩරය තුල සදාකාලිකවම තියෙන්නෙ නෑ.
බ්‍රව්සරයේ සෙටින්ග්ස් අනුව යම් කිසි කාල සීමාවකට පස්සෙ එයා විසින්ම පරණ ෆයිල්ස් මකා දමනව. මෙතෙන්දි මතක තියා ගත යුතු තව දෙයක් තමයි බොහෝ වෙබ් බ්‍රව්සර් මෙම මීඩියා ෆයිල්ස් කෑෂ් විදිහට සේව් කර ගන්නෙ ඒවයේ ඇත්ත නමින්ම නෙමෙයි, යම් කිසි කෝඩ් එකක් වගේ නමකින්. ඒ වගේම ෆයිල්ස්වල Extension පවා වෙනස් කර හෝ සම්පූර්ණයෙන්ම ඉවත් කර තියෙන්න ඉඩ තියෙනව. 
දැන් අපි බලමු ඉහත පැහැදිලි කරන ලද තාක්ෂණික ක්‍රියාවලිය භාවිතා කරල අන්තර්ජාලයේ අපි නරඹන වීඩියෝ ක්ලිප් එකක් නැවත නැරඹීම සඳහා තමන්ගෙ පරිගණකයේ සේව් කර ගන්නේ කොහොමද කියල. මේ ඉදිරිපත් කරන්නෙ මම මේ දේ කරන ආකාරයයි හොඳේ. තම තමන් භාවිතා කරන බ්‍රව්සරය අනුව ක්‍රියා පිළිවෙල වෙනස් වෙනව.
මගේ ප්‍රධාන වෙබ් බ්‍රව්සරය තමයි Opera බ්‍රව්සර් එක.

1. ඔන්න මම විවෘත කලා ඔපෙරා කෑෂ් ෆෝල්ඩරේ, ඊළඟට ෆයිල් සයිස් එක අනුව ලිස්ට් එකක් හැදෙන විදිහට Explorer වින්ඩෝ එකේ View සකස් කර ගත්තා. මකල දැන්ම දැනට ඒකෙ තියෙන විශාල කැපෑසිටි එකක් තියෙන ෆයිල්ස් ටික.
2. ඔපෙරා වලින් ගියා මට බලන්න ඕන වීඩියෝ එක තියෙන වෙබ් පිටුවට. ප්ලේ බොත්තම ඔබල පළමු වරට බැලුව වීඩියෝ එක.
3. නැවත Explorer එකට ඇවිත් Refresh කළා View එක. මතක ඇතිනෙ මම කලින්ම ෆෝල්ඩර් එකේ තිබිච්ච ලොකු ෆයිල්ස් මකා දැන්ම කියල. මේ නිසා දැන් තියෙන ලොකු ෆයිල් එක තමයි මට ඕන කරන වීඩියෝ එක. ඔපෙරා විසින් ෆයිල් Extension ඉවත් කරන නිසා මට සිදු වෙනව ෆයිල් එක ගැලපෙන Extension එකක් දීල Rename කරන්න. නමුත් බය වෙන්න දෙයක් නෑ, ඔබට පුළුවන් Extension එක මොකද්ද කියල අනුමාන කරන්න. මේක වීඩියෝ ෆයිල් එකක් නිසා බොහෝ දුරට .flv හෝ .mpg විය යුතුයි. වැඩේ හරි. ඔය තියෙන්නෙ එළකිරි වගේ.
මතු සම්බන්ධයි..
READTHIS

Last edited: