මම පොඩි පිංකමක් කරන්න කියල හිතුව..

rwnfrnnd

Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    ඔබේ පරිගණකයේ පසුබිමින් ක්‍රියාත්මක වන (බොහෝ විට Task Manager මඟින් පමණක් පෙන්වන) අනවශ්‍ය වැඩසටහන් සියල්ලම එකවර ඉවත් කරන්නේ කොහොමද?

    ලෙඩේට පැලැස්තර දාන්න කලින් හේතුව හොයල බෙහෙතක් දෙන එක හොඳයි කියන එක මුලින්ම මතක් කරන්න ඕන. මේ නිසා පසුබිමින් ක්‍රියාත්මක වන අනවශ්‍ය වැඩසටහන් ඉවත් කරන්න හොඳම ක්‍රමය තමයි මෙම වැඩසටහන් අයත්වන ප්‍රධාන මෘදුකාංගය හෝ OS සේවාව හොයල ඒව සම්පූර්ණයෙන්ම අක්‍රිය කිරීම සඳහා සුදුසු ක්‍රියාමර්ගයක් ගැනීම. නමුත් මම මෙතන පැහැදිලි කරන්න යන්නේ මේ ක්‍රමයට අක්‍රිය කිරීමට නොහැකි හෝ අක්‍රිය කළද නැවත නැවතත් මතුවන කරදරකාරී වැඩසටහන් සියල්ලම එකවර වසා දමන ආකාරයයි (මොකද මේ මුලින් සඳහන් කළ ක්‍රමයේදී වැඩසටහනින් වැඩසටහනට ක්‍රියා පිළිවෙල වෙනස් වෙනවා).

    01. Notepad එක (හෝ ඕනෑම Text Editor එකක්) විවෘත කරගෙන පහත දැක්වෙන කෝඩ්ස් ටික ටයිප් කරන්න. මතක ඇතුව කෝඩ්ස්වල Moron-1, Moron-2 යනාදී වශයෙන් පෙන්නුම් කරන ස්ථානවලට ඔයගොල්ලන්ගෙ පරිගණකයේ ඉවත් කර ගැනීමට අවශ්‍ය වැඩසටහන්වල නම් (Task Manager වල පෙන්වන නම්) ටයිප් කරන්න. එහෙම නැතුව Moron-1/2 කියල දැන්මට වැඩක් වෙන්නෑ. :P

    Code:
    @echo off
    tskill Moron-1
    tskill Moron-2
    tskill Moron-3

    පෙන්වාදී තිබෙන ආකාරයට ඕනෑම වැඩසටහන් ප්‍රමාණයක් මේ ලිස්ට් එකට ඇතුළත් කළ හැකියි.

    02. දැන් මේ කෝඩ්ස් ටික ෆයිල් එකක් ලෙස, Task Killer කියන නමින් සහ .bat කියන Extention එක යටතේ සේව් කර ගන්න. මීළඟට Windows Explorer වලින් ෆයිල් එක තියෙන ෆෝල්ඩරයට ගිහිල්ල ෆයිල් එකේ ටයිප් එක 'MS-DOS Batch' ලෙස පෙන්වනවද කියල බලන්න. සාමාන්‍යයෙන් මවුස් පොයින්ටරය ෆයිල් එකේ නම උඩට ගෙනාවහම පොපප් එකක් ව්දිහට විස්තර පෙන්වනව. MS-DOS Batch ෆයිල් එකක් ලෙස පෙන්වන්නෙ නැත්නම් වැඩේ හරියට කරල නෑ.

    03. Notepad එකේ අළුත් ෆයිල් එකක් ආරම්භ කරල පහත කෝඩ්ස් ටික ටයිප් කරන්න.

    Code:
    Set WshShell = CreateObject("WScript.Shell")
    WshShell.Run chr(34) & "Task Killer.bat" & Chr(34), 0
    Set WshShell = Nothing

    04. මේ දෙවෙනි ෆයිල් එක Task Killer කියන නමින් (මේ ෆයිල් එකට කැමති නමක් දාගන්න පුළුවන්) සහ .vbs කියන Extention එක යටතේ සේව් කර ගන්න. පළවෙනි ෆයිල් එක වගේම මේකත් චෙක් කරල බලන්න කියපු ෆයිල් ටයිප් එකෙන්ම සේව් වෙලාද කියල. මේකෙ ෆයිල් ටයිප් එක 'VBScript Script' ලෙස පෙන්විය යුතුයි. ෆයිල් දෙකම එක ෆෝල්ඩරයක් තුළ තබා ගන්න.

    05. VBScript ෆයිල් එකේ ෂෝට් කට් එකක් ස්ටාට් මෙනුවේ යම් තැනකට අතුළත් කරන්න. ෂෝට් කට් එකේ ප්‍රොපටීස් ගිහිල්ල ඔබ කැමති කීබෝඩ් ෂෝට් කට් එකක් ඊට සෙට් කරගන්න.

    06. Task Manager එක විවෘත කරල ඔබට ඉවත් කරන්න අවශ්‍ය වැඩසටහන් දෙස අවධානයෙන් බලාගෙන සිටින්න. එච්චරයි.. ඔහොම බලාගෙන ඉන්න.. ඕනෙනම් පිළිකුල් භාවනව කරන්න. :dull::P

    :frown: බම්බුව, එපා වෙනව මේව ටයිප් කරන්න ගියහම.

    07. ආ.. තව පියවරක් තියෙනවා. ඔහොම බලා ඉන්න ගමන් අර පස් වෙනි පියවරේදි සෙට් කරපු කීබෝඩ් ෂෝට් කට් එක ඔබන්න. මොකද වුනේ? අර එපා කරපු වැඩසටහන් Task Manager එකෙන් ඉවත් වුනා නේද? අවුලක් නම් ඒ ගැන මගෙන් අහන්න.

    Edit: පොඩි කරුණක් එක් කරන්න ඕන. මම මෙතන කතා කළේ Task Manager එකේ Processes ටැබ් එකේ පෙන්වන වැඩසටහන් ගැන. එහෙම නැතුව Applications ටැබ් එකේ තියෙන ඒව ගැන නෙමෙයි. මේ නිසා පළවෙනි ෆයිල් එකේ කෝඩ්ස් වල භාවිතා කළ යුත්තේ මෙම Processes ටැබ් එකේ පෙන්වන නම් බව මතක තියා ගන්න.

    READTHIS
     
    Last edited:

    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ
    ඔබේ පරිගණකයේ පසුබිමින් ක්‍රියාත්මක වන (බොහෝ විට Task Manager මඟින් පමණක් පෙන්වන) අනවශ්‍ය වැඩසටහන් සියල්ලම එකවර ඉවත් කරන්නේ කොහොමද?

    ලෙඩේට පැලැස්තර දාන්න කලින් හේතුව හොයල බෙහෙතක් දෙන එක හොඳයි කියන එක මුලින්ම මතක් කරන්න ඕන. මේ නිසා පසුබිමින් ක්‍රියාත්මක වන අනවශ්‍ය වැඩසටහන් ඉවත් කරන්න හොඳම ක්‍රමය තමයි මෙම වැඩසටහන් අයත්වන ප්‍රධාන මෘදුකාංගය හෝ OS සේවාව හොයල ඒව සම්පූර්ණයෙන්ම අක්‍රිය කිරීම සඳහා සුදුසු ක්‍රියාමර්ගයක් ගැනීම. නමුත් මම මෙතන පැහැදිලි කරන්න යන්නේ මේ ක්‍රමයට අක්‍රිය කිරීමට නොහැකි හෝ අක්‍රිය කළද නැවත නැවතත් මතුවන කරදරකාරී වැඩසටහන් සියල්ලම එකවර වසා දමන ආකාරයයි (මොකද මේ මුලින් සඳහන් කළ ක්‍රමයේදී වැඩසටහනින් වැඩසටහනට ක්‍රියා පිළිවෙල වෙනස් වෙනවා).

    01. Notepad එක (හෝ ඕනෑම Text Editor එකක්) විවෘත කරගෙන පහත දැක්වෙන කෝඩ්ස් ටික ටයිප් කරන්න. මතක ඇතුව කෝඩ්ස්වල Moron-1, Moron-2 යනාදී වශයෙන් පෙන්නුම් කරන ස්ථානවලට ඔයගොල්ලන්ගෙ පරිගණකයේ ඉවත් කර ගැනීමට අවශ්‍ය වැඩසටහන්වල නම් (Task Manager වල පෙන්වන නම්) ටයිප් කරන්න. එහෙම නැතුව Moron-1/2 කියල දැන්මට වැඩක් වෙන්නෑ. :P

    Code:
    @echo off
    tskill Moron-1
    tskill Moron-2
    tskill Moron-3

    පෙන්වාදී තිබෙන ආකාරයට ඕනෑම වැඩසටහන් ප්‍රමාණයක් මේ ලිස්ට් එකට ඇතුළත් කළ හැකියි.

    02. දැන් මේ කෝඩ්ස් ටික ෆයිල් එකක් ලෙස, Task Killer කියන නමින් සහ .bat කියන Extention එක යටතේ සේව් කර ගන්න. මීළඟට Windows Explorer වලින් ෆයිල් එක තියෙන ෆෝල්ඩරයට ගිහිල්ල ෆයිල් එකේ ටයිප් එක 'MS-DOS Batch' ලෙස පෙන්වනවද කියල බලන්න. සාමාන්‍යයෙන් මවුස් පොයින්ටරය ෆයිල් එකේ නම උඩට ගෙනාවහම පොපප් එකක් ව්දිහට විස්තර පෙන්වනව. MS-DOS Batch ෆයිල් එකක් ලෙස පෙන්වන්නෙ නැත්නම් වැඩේ හරියට කරල නෑ.

    03. Notepad එකේ අළුත් ෆයිල් එකක් ආරම්භ කරල පහත කෝඩ්ස් ටික ටයිප් කරන්න.

    Code:
    Set WshShell = CreateObject("WScript.Shell")
    WshShell.Run chr(34) & "Task Killer.bat" & Chr(34), 0
    Set WshShell = Nothing

    04. මේ දෙවෙනි ෆයිල් එක Task Killer කියන නමින් (මේ ෆයිල් එකට කැමති නමක් දාගන්න පුළුවන්) සහ .vbs කියන Extention එක යටතේ සේව් කර ගන්න. පළවෙනි ෆයිල් එක වගේම මේකත් චෙක් කරල බලන්න කියපු ෆයිල් ටයිප් එකෙන්ම සේව් වෙලාද කියල. මේකෙ ෆයිල් ටයිප් එක 'VBScript Script' ලෙස පෙන්විය යුතුයි. ෆයිල් දෙකම එක ෆෝල්ඩරයක් තුළ තබා ගන්න.

    05. VBScript ෆයිල් එකේ ෂෝට් කට් එකක් ස්ටාට් මෙනුවේ යම් තැනකට අතුළත් කරන්න. ෂෝට් කට් එකේ ප්‍රොපටීස් ගිහිල්ල ඔබ කැමති කීබෝඩ් ෂෝට් කට් එකක් ඊට සෙට් කරගන්න.

    06. Task Manager එක විවෘත කරල ඔබට ඉවත් කරන්න අවශ්‍ය වැඩසටහන් දෙස අවධානයෙන් බලාගෙන සිටින්න. එච්චරයි.. ඔහොම බලාගෙන ඉන්න.. ඕනෙනම් පිළිකුල් භාවනව කරන්න. :dull::P

    :frown: බම්බුව, එපා වෙනව මේව ටයිප් කරන්න ගියහම.

    07. ආ.. තව පියවරක් තියෙනවා. ඔහොම බලා ඉන්න ගමන් අර පස් වෙනි පියවරේදි සෙට් කරපු කීබෝඩ් ෂෝට් කට් එක ඔබන්න. මොකද වුනේ? අර එපා කරපු වැඩසටහන් Task Manager එකෙන් ඉවත් වුනා නේද? අවුලක් නම් ඒ ගැන මගෙන් අහන්න.

    READTHIS

    machan ethakota kohomada dena ganne task manager eke run wena anavashya programme monavada kiyla......
     
    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    machan ethakota kohomada dena ganne task manager eke run wena anavashya programme monavada kiyla......

    ඔය ගැන මම දාන්නනෙ හිටියෙ.. :P කොහොම වුනත් හොඳ ප්‍රශ්නයක්. ඕකට සෘජු විසඳුමක් නම් නැහැ. නමුත් මම පොඩි ඉඟි කිහිපයක් දෙන්නම්. සමහර කරුණු ඔබ භාවිතා කරන OS එක අනුව වෙනස් විය හැකියි. මම භාවිතා කරන්නෙ Windows XP.

    1. ස්ටාට් මෙනුවෙ Startup ෆෝල්ඩරයට ගිහින් අනවශ්‍යයි කියල හඳුනා ගත හැකි සියළුම ෂෝට් කට්ස් ඉවත් කරන්න.

    2. සිස්ටම් ට්‍රේ එකේ රන් වෙන ප්‍රොග්‍රෑම්ස් වල සෙටින්ග්ස් (හෝ වෙනත් නමකින් තිබෙන්න පුළුවන්) ඩයලොග් බොක්ස් එකට ගිහින් 'Start with Windows' වගේ ඔප්ෂන් එකක් තිබෙනවා නම් ඒක ඕෆ් කරන්න.

    3. ඔබ ඉන්ස්ටෝල් කරල තිබෙන සියළුම මෘදුකාංග වල Auto Update සහ 'Start with Windows' වැනි ඔප්ෂන්ස් තිබේනම් ඒවත් ඕෆ් කරන්න. මෙම ඔප්ෂන්ස් තිබෙන ස්ථාන මෘදුකාංගය අනුව වෙනස් වෙනවා. බොහෝ අවස්ථාවලදී මේවා තිබෙන්නේ ප්‍රධාන සෙටින්ග්ස් ඩයලොග් බොක්ස් එකේම තමයි. සමහර මෘදුකාංගවල මෙවැනි ඔප්ෂන්ස් ඇත්තේම නැහැ. ඒ වගේම මතක තියාගන්න, අනාගතයේදීද යම් මෘදුකාංගයක් ඉන්ස්ටෝල් කළ පසුව ඉහත සඳහන් කළ ආකාරයේ ඔප්ෂන්ස් ගැන හොයල ඒව අත්‍යාවශ්‍ය නැත්නම් ඕෆ් කරල දාන්න.

    4. ඔබේ පරිගණකයේ කිසියම් System Maintenance මෘදුකාංගයක් (CCleaner, TuneUp Utilities වගේ) පිහිටුවා තිබෙනවාද? තිබෙනවානම්, බොහෝදුරට මෙවැනි මෘදුකාංගවල start up programs ඔන්/ඕෆ් කිරීම සඳහා පහසුකම් සහිත යුටිලිටි එකකුත් ලබා දෙනවා. සාමාන්‍යයෙන් මෙයින් කෙරෙන්නේ එක් එක් Processes අයත්වෙන මෘදුකාංගය සහ කාරණය පිළිබඳව පොඩි විස්තරයක් දීල, එම තොරතුරු උපයෝගී කරගෙන ඔබට අනවශ්‍ය Processes ඕෆ් කිරීමට ඉඩ ලබා දීම. හැකිනම් මේ පහසුකමත් භාවිතා කරල බලන්න.

    මේ හැම පියවරකදීම මතක තියා ගත යුතු දෙයක් තමයි ඔබ ඉවත් කරන හෝ අක්‍රිය කරන වැඩසහටන් පරිගණකයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට අදාල ඒවා නොවිය යුතු බව.

    5. දැන් පරිගණකය Restart කරන්න.
    6. විනාඩියක් දෙකක් ඉඳල, Task Manager එක විවෘත කරන්න. අපේ ක්‍රියාවලිය පටන් ගන්න කලින් තිබුණ යම් Processes ප්‍රමාණයක් ඉවත් වෙලා නේද? නැද්ද? :no: නැත්තන් ඉතින් ගිහින් දොයිය ගන්න. යන්න.. :P

    7. ඊළඟ පියවර එච්චර සරල නෑ.. ඔය ඉතිරිවෙලා තියෙන එක් එක් Processes ගැන ඔබේ අත්දැකීම් වලින් සහ අන්තර්ජාලය මගින් විස්තර දැන ගත යුතුයි.

    8. ඕනෙනම් මම පොඩි උදව්වක් කරන්නම්. ඉහත සඳහන් කළ සියළුම පියවරයන් අනුගමනය කළාට පසුව, ඕගොල්ලන්ගෙ Task Manager එකේ Screenshot එකක් (Processes ටැබ් එක සිලෙක්ට් කරල ඉන්න) මෙතන දාන්න. එතකොට මට (සහ එළකිරිවල ඉන්න වෙනත් අත්දැකීම් තියෙන කට්ටියට) යම් උපදෙසක් දෙන්න පුළුවනි.

    READTHIS
     
    Last edited:

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    නියමයි මචන් මහන්සිය වගෙම අනිත් අයටත් ගොඩක් වැදගත්... දිගටම කරගෙන යමු.. +රෙප්
    11.gif
    11.gif
    11.gif
     
    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    nikamma hondayi kiyala comments danavata vada me tips valin prayojanayak gaththada? mathuvechcha getalu monavada? veni karunu gena comments danavanam thamayi vadath honda.

    udaharanayak hetiyata menna me vage;
    machan ethakota kohomada dena ganne task manager eke run wena anavashya programme monavada kiyla......

    hondayi kiyala comments demmath magen virodayak ne ithin. :rolleyes:
     
    Last edited:

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    03. වෙබ් බ්‍රවුසර් වල ඇඩ්‍රස් බොක්ස් එකේම සෙවීම් සිදු කරන්නේ කොහොමද? සහ එහිදී සෙවුම් යන්ත්‍ර කිහිපයක් සමග එකවර කටයුතු කරන්නේ කොහොමද?

    වෙබ් බ්‍රවුසර් වල ඇඩ්‍රස් බොක්ස් එකේම අවශ්‍ය වචනය ටයිප් කර සෙවීම් කිරීමෙන් ඔබේ කාර්යක්‍ෂමතාවය වැඩිකරගන්න කැමතිද? සමහර අය දැනටමත් මේ පහසුකම යම් ප්‍රමාණයකට භාවිතා කරනවා වෙන්න පුළුවන්. නමුත් මම කියන්න යන්නේ මෙය ටිකක් ඇඩ්වාන්ස්ඩ් විදිහට කරන ආකාරය.

    නිකම්ම විස්තර කරනවා වෙනුවට මම උදාහරණයක් මගින්ම පැහැදිලි කරන්නම්. මේ සඳහා අපි පළමුවෙන්ම යොදා ගමු බොහෝ දෙනා භාවිතා කරන Firefox වෙබ් බ්‍රව්සරය.

    a) ඉස්සෙල්ලාම මෙන්න මේ වෙබ් අඩවියට පිවිසෙන්න; http://chat.reichards.net/ (මේක ටිකක් අමුතු ආකාරයක ඩික්ෂනරියක්, මේ මගින් නවීන සන්නිවේදන සංස්කෘතියේ බහුලව යොදා ගන්නා කෙටි යෙදුම්වල අර්ථය පෙන්වා දෙනවා. ටිකක් භාවිතා කරන කොට ඔයගොල්ලන්ට තේරෙයි. මෙම පියවරේදි යොදා ගන්නා වෙබ් අඩවිය කුමක්ද කියන එක එතරම්ම වැදගත් නැහැ. යමක් සෙවීම සඳහා භාවිතා කළ හැකි බෝහෝ වෙබ් අඩවි මේ සඳහා උචිතයි.)

    b) ඉහත දැක්වූ වෙබ් අඩවියේ සෙවුම් කොටුව සොයාගෙන ඒ තුළ Right Click කරන්න. මතුවෙන පොපප් මෙනුවෙන් Add a Keyword for this search... කියන විධානය තෝරන්න. දැන් Add Bookmark නමින් සංවාද කොටුවක් විවෘත වෙයි.

    c) Add Bookmark සංවාද කොටුවේ Name: ලෙස වෙබ් අඩවියේ මාතෘකාවත් (වෙබ් අඩවිය හඳුනා ගැනීමට හැකි ඕනෑම වදනක්), Keyword: ලෙස cd යන ඉංගිලිසි අකුරු දෙකත් (කලින් භාවිතා කර නැති ඕනෑම ගැලපෙන Keyword එකක් යොදා ගත හැකියි) අතුළත් කර, Create in: යටතේ තමන් කැමති ස්ථානයක් තෝරා, සංවාද කොටුව OK කරන්න.

    d) වෙබ් බ්‍රව්සරයේ අළුතෙන් ටැබ් එකක් විවෘත කර ගන්න. ඇඩ්‍රස් බාර් එක තුළ පිළිවෙලින්, ඔබ භාවිතා කළ Keyword එක, හිස්තැනක් සහ සෙවීමට අවශ්‍ය කෙටි යෙදුම ටයිප් කර එන්ටර් කරන්න (උදා: cd lol). මොකද වුනේ? :D ඔබ සෙව්වේ ඉහත වෙබ් අඩවියේ තිබෙන යෙදුමක් නම් අදාල යෙදුමේ අර්ථයන් රැගත් සෙවුම් ප්‍රතිඵල ලැයිස්තුවක් දර්ශනය වේවි. :)

    e) ඉහත දැක්වූ පියවරයන් අනුගමනය කරමින් වෙබ් අඩවි ගණනාවක සෙවුම් පහසුකම් ඔබේ වෙබ් බ්‍රව්සරයේ ඇඩ්‍රස් බාර් එකට එක් කර ගත හැකියි. වැදගත්ම දේ එකිනෙකට වෙනස් සහ අදාල වෙබ් අඩවියේ සෙවුම් පහසුකමට ගැලපෙන Keyword යොදා ගැනීමයි.

    ඔබ භවිතා කරන Firfox බ්‍රව්සරයේ සංස්කරණය අනුව ක්‍රියා පිළිවෙල තරමක් වෙනස් විය හැකියි. ගැටළු තියෙනවනම් මෙතන දාන්න.

    ඒ වගේම මම දන්න තරමින් මෙම පහසුකම ලබා දෙන අනෙක් වෙබ් බ්‍රව්සරය තමයි Opera. භාවිතා කරන්නන්ගේ ඉල්ලීම අනුව Opera වලින් මේ දේ කරන හැටි පසුව දාන්නම්.

    READTHIS
     
    Last edited:
    • Like
    Reactions: deshanshashi

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    04. සම්පූර්ණ ෆෝල්ඩර් පද්ධතියක්ම (ෆයිල්ස් නොමැතිව) එක් තැනකින් තවත් තැනකට කොපි කරන්නේ කොහොමද?

    උදාහරණයකට අපි හිතමු අපේ My Documents ෆෝල්ඩර් එක තුළ පහත දැක්වෙන ආකාරයේ උප ෆෝල්ඩර් පද්ධතියක් තියෙනව කියල හිටන්.

    Level 1: [Sri Lanka]
    Level 2: [Sri Lanka] > [Western, Northern, Eastern, Southern, etc..]
    Level 3: [Western] > [Gampaha, Colombo, Kalutara], etc..
    Level 4: [Gampaha] > [Gampaha, Kelaniya, Wattala, etc..], etc..

    ඒ වගේම අපි හිතමු මේ හැම ෆෝල්ඩරයක් ඇතුළෙම විවිධාකාරයේ ෆයිල්ස් එහෙමත් තියෙනව කියල හිටන්. :P දැන් මෙවැනි විශාල ෆෝල්ඩර් පද්ධතියක සම්පූර්ණ කොපියක් (ඒවයෙ ඇතුළෙ තියෙන ෆයිල්ස් නොමැතිව) ලබා ගන්න ඕන වුනොත් ඕගොල්ලො කොහොමද ඒක කරන්නෙ? සාමාන්‍යයෙන් මෙවැනි අවශ්‍යතාවයකදී අපිට කරන්න වෙන්නෙ ෆයිල්ස් සමගම කොපියක් දාගෙන පසුව ෆයිල්ස් ටික ඔක්කොම මකා දැමීම. එහෙම නැත්නම් සියළුම ෆෝල්ඩර්ස් නැවත නිර්මාණය කරමින් ෆෝල්ඩර් පද්ධතියම මුල සිට සකස් කර ගන්න සිදු වෙනව.

    මම කියන්න යන්නෙ මේ කාර්ය ලෙහෙසියෙන්ම කරගත හැකි එක් ක්‍රමයක් ගැන (තව ක්‍රම තියෙනව :nerd:). ක්‍රමයක් කිව්වට මේකෙදි කෙරෙන්නෙ අදාල කාර්ය සඳහාම නිර්මාණය වෙච්ච ඉතාම කුඩා Portable මෘදුකාංගයක් භාවිතා කිරීමයි. පෝටබල් මෘදුකාංග ලෙස හඳුන්වන්නෙ සාමාන්‍ය ක්‍රමයට Install කරන්නෙ නැතුව පෙන් ඩ්‍රයිව් එකක් තුළ තබාගෙන වුවත් ධාවනය කළ හැකි මෘදුකාංග වලටයි. මෙවැනි මෘදුකාංග බොහෝ විට ඉතා සීමිත ෆයිල් සංඛ්‍යාවකින් සමන්විතයි. මම කියන්න යන මෘදුකාංගයට අයිති වෙන්නෙ එක් .exe ෆයිල් එකක් සහ එක් .htm ෆයිල් එකක් (උදව් ෆයිල් එක) පමණයි.

    හරි, මේ තියෙන්නෙ භාණ්ඩෙ; :)

    TreeCopy_1.png

    මෘදුකාංගය භාගත කර ගැනීම සඳහා ලින්ක් එක: http://www.rjlsoftware.com/download/treecopy.zip

    අපි බලමුද එහෙනම් වැඩේ කරන්නෙ කොහොමද කියල හිටන්, :D

    a) දීල තියෙන ලින්ක් එකෙන් ගිහින් මෘදුකාංගය භාගත කර ගෙන සුදුසු ෆෝල්ඩරයක් තුළට Unzip කරගන්න.

    b) Unzip කරහම ලැබෙන treecopy කියන .exe ෆයිල් එකට ෂෝට් කට් එකක් හදල එය ඔබ භාවිතා කරන OS එකේ ගැලපෙන මෙනු එහෙකට කොපි කර ගන්න. දැන් මෘදුකාංගය ධාවනය කරන්න.

    c) ආපහු යන්න OS එකේ ෆයිල් දර්ශකයට (Windows Explorer for XP). ඔබට ෆෝල්ඩර් පද්ධතියේ අළුත් කොපිය දාගන්න වුවමනා ස්ථානයට ගිහිල්ල Sri Lanka නමින් ෆෝල්ඩරයක් නිර්මාණය කරගන්න (මෙය තම්යි අළුත් පද්ධතියෙ පළමු ෆෝල්ඩරය වෙන්නෙ).

    c) නැවත අපේ මෘදුකාංගයට එමු. ඕගොල්ලන්ට පෙනෙයි මේකෙ ඉන්ටෆේස් එකේ ෆෝල්ඩර් ගස් දෙකක් තියෙනව. එයින් වම් පැත්තෙ තියෙන ගහෙන් කොපි කරගන්න වුවමනා ෆෝල්ඩර් පද්ධතිය තෝරන්න (මේ සඳහා පද්ධතියට අයත් පළමු ෆෝල්ඩරය, එනම් උදාහරණයට අනුව Sri Lanka ෆෝල්ඩරය තේරිය යුතුයි).

    d) දකුණු පැත්තෙ ගහෙන් කොපිය තැන්පත් විය යුතු ෆෝල්ඩරය (උදාහරණයට අනුව අපි අළුතෙන් හදපු Sri Lanka ෆෝල්ඩරය) තෝරන්න.

    e) දැන් මෘදුකාංගයේ ඇඩ්‍රස් බාර් එක මැද තියෙන GO බොත්තම තද කරන්න. මතුවෙන පණිවිඩ කොටුවේ Yes බොත්තම ඔබල ඔබේ අනුමැතිය ලබාදෙන්න.

    f) මෘදුකාංගය වැඩේ කරල දෙයි. එච්චරයිනෙ.. තවත් තියෙනවද? :frown:

    READTHIS
     
    Last edited:
    • Like
    Reactions: flag au:

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    නියමයි මචන් මහන්සිය වගෙම අනිත් අයටත් ගොඩක් වැදගත්... දිගටම කරගෙන යමු.. +රෙප්
    11.gif
    11.gif
    11.gif

    Thanks.. karagena yanna nam puluvan eth ithin kattiyagen kisima prathicharayak nene. :dull: