මම බැඳපු මිනිහෙක්

Kosalamail

Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    මම බැඳපු මිනිහෙක්

    දවසක්දා ස්වාමිපුරුෂයෙක් පාටි එකකට ගිහින් හොදටම බීලා රෑ දෙගොඩ හරි ජාමේ ගෙදර ආවා. ...ඒ ඇවිත් වෙරිමර ගාතේ ගෙදර සාලේ ලස්සනට තියල තිබ්බ මැටි බදුන් පොලවේ ගහපු මෙයා ගෙදර පුරා වමනෙ කලා.මෙයාගේ භාර්යාව මෙයාව කාමරේට ඇදගෙන ගිහිල්ලා මෙයාගේ ඇදුම් මාරු කරලා මෙයා වමනෙ කරපු තැන් සුද්ධ කරලා දැම්මා. ස්වාමිපුරුෂයා පහුවදා උදේ නැගිට්ටාම මතක් වුනා කලින් දා රෑ පාටි එකට ගිහින් හොදටම බීලා රෑ වෙලා ගෙදර ඇවිත් පිස්සු නටපු හැටි. මෙයාට හොදටම ෂුවර් අද නම් උදේ පාන්දරම භාර්යාව ඊයෙ රෑ සිද්ධ උන දේවල වාඩුව ගන්න රණ්ඩුවක් පටන් ගන්න බව.මෙයා ඉතින් දෙවියොන්ට කිය කිය හිටියා රණ්ඩුවක් නම් ඇති වෙන්න එපා කියලා.
    පොඩ්ඩක් නැගිටලා වටපිට බලනකොට මෙයා දැක්ක ලග තිබුනු මේසෙ උඩ පොඩි ලියුම් කෑල්ලක් තියෙන බව,ඉතින් මෙයා නැගිටලා ඒක ගත්තා. ලියුමේ මේ විදියට ලියලා තිබුනා
    "මගේ වස්තුව,
    මම ඔයාට ඔයා කැමතිම කෑම හදලා මේසෙ උඩින් තිබ්බා...මට උදේම මාර්කට් යන්න වෙනවා ඔයාට රස දවල් කෑමක් හදලා දෙන්න බඩු ගේන්න...මම ඉක්මනින් එන්නම්..
    මම ඔයාට ගොඩක් ආදරෙයි.උම්ම්ම්මා..."

    දැන් ස්වාමිපුරුෂයට ගොඩක් පුදුමයි. ඇයි ඉතින් කලින් දවසේ රෑ බීලා ඇවිත් පිස්සු නටපු විදියට මෙහෙම ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙන්න බෑනේ.ඉතින් මෙයා පුතා ලගට ගිහින් හෙමීට ඇහුවා
    "පුතාට මතකද ඊයේ රෑ මොකද උනේ කියලා"? කියලා.
    "ඔව් තාත්තා හොදටම බීලා ගොඩක් රෑ වෙලා ගෙදර ආවේ
    ඒ ඇවිත් ගෙදර බඩු පොලවේ ගැහුවා..හැමතැනම වමනෙත් දැම්මා
    අම්මා ගොඩක් අමාරුවෙන් තාත්තව ඇදගෙන ගිහින් ඇදෙන් දැම්මේ..
    එහෙම කරලා අම්මා තාත්තාගේ ඇදුමුයි සපත්තු දෙකයි ගලවනකොට තාත්තා කෑ ගහල කිව්වා

    "උඹට පිස්සුද ගෑනියේ...මම කසාද බැඳපු මිනිහෙක්
    මගේ ලගින් පලයන්..." කියලා...




    - උපුටා ගැනීමකි -





    :D:D:D:D:D:D:D:D:D:D:D
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    big-smile-smiley-emoticon.gif