මම බෙහෙත් අරන් ලංකාවට ආවා. ආයෙත් යන්න වෙයි :(

Internet Explorer

Active member
  • Sep 22, 2013
    210
    49
    28
    මම බෙහෙත් අරන් ලංකාවට ආවා. ආයෙත් යන්න වෙයි :(

    මම ලංකාවේ හිටියේ නැහැ. වැඩිදුර ප්‍රතිකාර ලබන්න XXXX නැමැති රෝහලේ නැවතිලා හිටියේ. ඒකයි එළකිරි එකට එන්න බැරි උනේ.
    එහෙ මම වගේ ලෙඩ්ඩු ගොඩාක් හිටියා. උබලා විහිළුවකට ගත්තට මම වගේ ගොඩාක් අය තව ඉන්නවා. අපිට එක එක treatments කරනවා. ඉට අමතරව experiments වලටත් යොදා ගන්නවා අපේ කැමැත්ත අනුව.
    මට ඉස්සර ඉදන් නිල්පාට පේන්නේ නැහැ. මම කලින් කියලා තියෙනවා නිල් වෙනුවට මට රතු පේන්නේ කියලා. ඔයාලට ඒ හැගීම ගන්න බැහැ. දැන් අවට වට පිටාවේ තියෙන සේරම නිල් පාට අයින් කරලා එතන රතු පාට හිතා ගන්න.
    අන්න ඒ විදිහට තමයි මට පේන්නේ.මම නිල්පාට ගැන හිතුවොත් මගෙ VISION එකට පොඩි පොඩි අවුල් වෙනවා. අනික් පාට සේරම නිල් නැතුව spectrum එක පේන්න ගන්නවා. රතු වල කොටස් 2ක් තියෙනවා මට.
    නියම රතු සහ නිල් වලට පේන රතු. හරියටම නිල් පාට මගෙ මොලයට
    reflect කරන්නේ නැහැ. එක පොඩ්ඩක් මතකයේ තියා ගන්න.
    මාත් එක්ක hospital එකේ හිටියා වියට්නාම් කෙල්ලෙක් එයාට තියෙන අවුල තමයි. තනියෙම ඉන්න කොට කිසිම ශබ්දයක් නැතත්. පොඩිලමයි ගොඩක් සෙල්ලම් කරන ශබ්දයක් ඇහෙනවා. කියපු විදිහට නම් පාර්ක් එකක් වගේ.ලොකු merry go round එකක් එක්ක තියෙන. නමුත් ඇත්තට එහෙම කවුරුත් නැහැ.
    American කොල්ලෙක් හිටියා එයාට සීමාවක් නැතුව දුර පේනවා. ඒක උබලා හිතුවට advance ඇහැක් තියෙනවා කියලා මනසේ ඇතිවෙන සිද්ධියක්. ඉත්න් ඇහෙන් පේන සේරම දේවල් ඔලුවට ආපුවහම පිස්සු. Normal ඇස් දෙකක් තියෙන්නේ. නමුත් මනසින් ඒකට ගොඩක් ජාති add වෙලා තමයි vision එක හැදෙන්නේ.
    මම ලංකාවට ඇවිල්ලා දවස් 10ක් වෙනවා. ඒ දවස් ටිකට මම විවේකීව කාලය ගත කරන එක තමයි කරේ. රෑ 2,3 වෙනකම් ඇහැරලා ඉන්නවා. ඉතින් උදේට මට නින්ද යනවා 10,11 වෙනකම්.
    ඊයේ අදේ 7ට විතර මම එක පාරටම නැගිට්ට උනා. නිදිමත ගතියට ඇඟට තිබුණත් පණ නැති උනත් මම උදේ නැගිට්ට උනා. ජනේලේ ගාවට ගිහිල්ලා වතුර බොන කොට මගෙ vision එක වෙනදාට වඩා ගොඩක් bright ගතියක් පෙනුනා. අහස එහෙම රතු පාට නැහැ. හරියට
    #0000FF වගේ පේන්න ගත්තා. මම එදා තමයි නිල් පාට හරියටම දැක්කේ පට්ට සතුටක් ආවා. ජනේලේ යකඩ රාමුවට අත තියෙන කොට තමයි තේරුනේ ඒක ගොඩක් සීතල වෙලා කියලා. හරියට අයිස් වැටිලා වගේ.
    ආයෙත් මම අනික් අතින් යකඩ ජනෙල් රාමුව අල්ලන කොට ඒ අතින් සිටි සිටි ගාලා spark වෙන්න ගත්තා.එක පාරටම ගොඩක් නිල් පාටට මගෙ ඇගෙන් ජනේලයේ යකඩ ආමුවට ඇදිලා ගියා.

    මම ගැස්සිලා පස්සට ආවා වතුර වීදුරුවත් අත ඇරුනා. පස්සේ හිමීට ආයෙත් ඇවිල්ලා ජනේලේ ආමුව හිමීට අත තිබ්බා. ඒක කිසිම සීතලක් තිබුනේ නැහැ. සාමාන්‍ය විදිහයි. අහසේ පාටත් වෙනස් වෙලා තිබුණා. මම දැක්කා පාරේ උස ජැකට් එකක් දාපු සුදු මිනිහෙක් මගෙ කාමරය දිහා බලාගෙන ඉන්නවා. මම ඔයි කියලා කෑගැහුවත් මිනිහා අඩි ඉක්මන් කරලා ගියා. පාරෙන් වෙලට පැනලා එක පාරටම අතුරු දහන් උනා. මම පාතට දුවලා බැලුවත් මිනිහෙක් ගියා පාරක් තිබුනේ නැහැ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    ෂා.. තව කතාවක් කියන්නකෝ

    ඔය දාපු post එක උබට පේන්නේ මොන පාටින්ද :baffled:
     
    Last edited: