මම යනවා

B.Chat

Well-known member
  • Jun 28, 2021
    6,687
    14,627
    113
    මම යනවා. ආයේ එන්නේ නෑ. මේ මගේ අන්තිම ලියුම. එයාගේ ආදරයක් තියා අනුකම්පාවක්වත් මට ලබාගන්න බෑ. එයා කවුද කියලා ඔයාලා දැකලා තියෙනවා. දැන් නම් මතක නැතුව ඇති. මම එයාට ආදරේ කළා. ඒත් එයා මට කැමති වුණේ නෑ. එයාට එහෙම කැමති වෙන්න හේතුවක් තිබුණේ නෑ. අනික ඇත්තටම එයාව දිනා ගන්න එකට වඩා මට ඕනි වුනේ එයාගෙන් අනුකම්පාවක්, ඇහුම්කන් දීමක් වගේ දෙයක්.කොහොම හරි අන්තිමට මම යාළුකමත් නැති කර ගත්තා. එයාට මාව වදයක් වුණා.එයා මාව යළුකමෙන් අයින් කර. මම හිටියත් කොහොමත් වැඩක් නෑ. මට දැන් මේ කිසි දෙකින් වැඩක් නෑ කියලා හිතෙනවා. මට එයාව අමතක කරන්න බෑ. එයා යාළුවෙක්වත් නොවෙන එක මට දරා ගන්න බෑ. මට වෙන කරන්න දෙයක් නෑ. මම යනවා. අම්මේ , ආයියේ ඔයාලා දෙන්නා විතරයි මට මේ ලෝකේ ඇත්තටම ආදරේ කළේ......

    ටික්....ටිටික්.....ටික්......

    ඒ වචන ටික ලියද්දි ආපු කදුළු බින්දු වලින් කොලේ තෙමුනා. ඒ සැණින් කොලේ ඉරපු ඔහු එය ගුලි කරලා පැත්තකට විසින් කරා. ඇදට පැනලා ඇස් දෙක ගුලිකරල බර හුස්ම අරන් නිදා ගත්තා.
    ******* ******* *******

    ආදරේ හරි යාළුකමක් හරි හින්දා ඇත්තටම ආදරේ මිනිස්සු දාලා යන්න තරම් මෝඩයෙක් වෙන්න එපා.

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    මැරෙන්නම හිතෙන වෙලාවක් එයි ඒත් ඉවසලා ඉන්න ටිකක්. කල්පනා කරල බලන්න එහෙම කරන එකෙන් වෙන හොඳක් නෑ කියලා. ප්‍රශ්න නැති මිනිස්සු නෑ. කවුරුත් සම්පූර්ණත් නෑ. මිනිස්සු ඔයාව ප්‍රතික්ෂේප කළා කියලා තමනුත් තමන් ප්‍රතික්ෂේප කර ගන්න ඕනි නෑ නේ ද? තමන්ට වටිනාකමක් හදා ගන්න මහන්සි වෙන්න. එතකොට අනිත් මිනිස්සු ඔයාට වටිනාකමක් දෙයි.

    - උපුටා ගැනීමක් -
     
    Last edited:

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    897
    93
    මිනිස්සුන්ට මොනවා හරි දෙයක් තියනවා ජීවිතේ වද වෙන්න...
    ආදරේ ගැන ප්‍රශ්න නැති අයට වෙන මොනවා හරි දෙයක් තියනවා...
    මොකක්ද මේ ජීවිතේ..
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    6,687
    14,627
    113
    මිනිස්සුන්ට මොනවා හරි දෙයක් තියනවා ජීවිතේ වද වෙන්න...
    ආදරේ ගැන ප්‍රශ්න නැති අයට වෙන මොනවා හරි දෙයක් තියනවා...
    මොකක්ද මේ ජීවිතේ..
    ඇත්ත. හැමෝටම ප්‍රශ්න තියෙනවා. අඩුම කෙටිකාලීනව හරි. ඇත්ත තේරුම් ගන්නේ නැති එකයි ඒ ඇත්තට මූණ දෙන්න අකමැති එක නැත්තන් ඒ ඇත්තෙන් පැනලා යන්න හදන එක තමයි ගොඩක් අය කරන වරද(මමත් එහෙමයි තාම 🤕)
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    3,456
    3,580
    113
    ටිකක් නෙවෙයි ගොඩක්
    ඇයි බන් එහෙම
    මට තේරෙන්නේ නෑ ඒ සීන් එක

    ඇයි දුක, අදුර වගේ දේවල්ම අල්ලන්න හිතෙන්නේ උඹලට
    එහෙම තිබ්බත් ඒ ටික escape කරලා සතුට කියන දේ ගැන හිතන්න බැරිද

    නොතේරෙනම නිසා ඇහුවේ
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    6,687
    14,627
    113
    ඇයි බන් එහෙම
    මට තේරෙන්නේ නෑ ඒ සීන් එක

    ඇයි දුක, අදුර වගේ දේවල්ම අල්ලන්න හිතෙන්නේ උඹලට
    එහෙම තිබ්බත් ඒ ටික escape කරලා සතුට කියන දේ ගැන හිතන්න බැරිද

    නොතේරෙනම නිසා ඇහුවේ
    ඒක පුරුද්දක් වගේ. එහෙම හිතන්න හේතුත් තියෙනවා. මගේ ම වැරැද්ද තමයි. කොහොම හරි මේ අවුල හදා ගන්න try කරන එක අතඇරලා නෑ තාම. අඩුම පොඩි බලාපොරොත්තුවක් හරි තියෙනවා
     
    • Like
    Reactions: Solo Rider

    apoi

    Active member
  • Dec 20, 2018
    265
    197
    43
    Yanna EPA.meke Aya banna kiyala ohoma Yana eka pirimi kamata hoda Naha. Rawula thibba kiyala pirimiyek wenne naha. Rawula nam oya pusontath thiyenne.