මම වගේ නරුමයෙක් !
මම වගේ නරුමයෙක් !
අසෝක ගුණතිලක
රත් පැහැ ගැන්වුණු හිරු රත්ගම පළාතේ ඈත දියඹෙන් අවරට හැරෙන අයුරු පොල් කොටයකට බරදී හිඳගෙන සිටි මම බලා සිටියෙමි. වෙරළට රොක් වූ ධීවරයෝ සිය කර්මාන්තය සඳහා මුහුදු යැමට සැරසෙන අයුරුද මම දුටිමි. මුහුදු රැල්ලේ රිද්මයට අනුව 'චකස්' චකස් හඬ නගමින් ලතාවට ඉහළ පහළ පැද්දෙන ධීවර බෝට්ටු තවත් හෝරා කිහිපයක් අවසානයේ ඈත දියඹ බලා යන අයුරුද ඇස නොගැසුනා නොවේ.
අවට පරිසරය විදුලිය විසන්ධි වූ ලෙස වෙනස් විය. මම එතැනින් නැගිට ගත්තේ වැල්ලේ රස්නය නිසාම නොව, 'බොක්ක රත්වූ' හෙයිනි.
"අඩුම ගානේ, මම මුහුදු රස්සාව ඉගෙන ගත්තා නම්, රට්ටුන්ටත් වැඩක් කරන්න තිබුණ... රට්ටුන්ගෙන් ප්රසංශාවක් අනුකම්පාවක් ලබන්න තිබුණා" යි මටම කියෑවුනත්, සහතිකයෙන්ම, ඉර අවරට යන සැන්දෑවක අසිරිය, ලතාවට පැද්දෙන ධීවර බෝට්ටු දැක වින්දනයක් ලබන්නට තරම් මගේ සිත අභ්‍යාස ලබා තිබුණේ නැහැ.
යන එන මං නැතිව සිටි මට වෙරළේ පොල් ගස් දුන් සෙවන සෙනෙහසින් වැළද ගන්නට තරම්වත් දැනුමක් නැති වුණත්, පෙරදා මෙන්ම මෙදිනත් වෙරළට ඇවිත් සුපුරුදු පොල් කොටයට බරදී ඈත දියඹ දිහා බලාගෙන ඉන්න විටයි, මට මගේ අතීතය මතක් උනේෘ
මම ඉපැදිලා තියෙන්නෙ ගාල්ලේදී, 1983 අගෝස්තු මාසෙ දවසක. කවුරු හරි පත්තරකාරයෙක් 'සුභ උපන් දිනයක්' කියල අගෝස්තු මාසෙ දිනක පත්තරේ දැම්මොත්, ඒ දවස මගේ උපන් දිනය කියලා මම දැන් දන්නවා.
කර දඬු උස් මහත් වෙනකං ඉස්කෝලෙ ගියත් හරි හමන් විශේෂ දෙයක් ඉගෙන ගන්න බැරි වීම ගැන මට මා ගැන හරිම කණගාටුවක් ඇති වෙනවා. අඩුම ගානෙ හරියට හැසිරෙන අයුරුවත් ඉගෙන ගන්න බැරි වුණා. කරුමෙ වෙන්න ඇති.ෘ
කෙසේ වෙතත්, දැලි රැවුල එන කාලෙ වෙනකොට මට මං ගැන හොඳ ආරංචියක් ලැබුණා. "මේ කොලුවාට කවදා හරි සල්ලි උල්පතක් මතු වෙනවා." යි වේලාපත්කඩේ බලපු ඈයෝ කියලා තියෙනවා.
මම රස්සාවල් හොයාගෙන නොගිය තැනක් නැහැ. අන්තිමේදී අපේ පළාතෙ කෙනෙක් මට එයාගෙ ත්‍රීවිල් එක දුන්නා. "උඹත් කීයක් හරි හොයා ගනිං. හැබැයි මට දවසකට රුපියල් 200/} ක් දෙන්නම ඕන" යි කියමිනුයි මට ත්‍රී වීල් එක බාර දුන්නෙ.
ත්‍රී විල් රස්සාව හරිම µන්. හැටට හැටේ යන්න පුළුවන්. වෙට්ටු දාන්න පුළුවන්. අද රුපියල් 200 ක් වත් හම්බ වුනේ නැහැ කියන්නත් පුළුවන්.
කාලයාගේ ඇවෑමෙන් මගේ අතේ සල්ලි ගැවසෙන්න පටන් ගත්තා. එතකොට මට හිතුනා දැන් මේ තුන් කාල් කලිසම, විකාර රූප ටී ෂර්ට් ඇන්දා ඇති කියලා. එම නිසා ටිකක් 'ඉට්ටැයිල්' එකට අදින්න පළදින්න පටන් ගත්තා. හවසට හිතෙන හිතෙන දිහාවෙ මම ගියා. ත්‍රී වීලෙත් අඩන්න පටන් ගත්තා, නිවාඩු නැතිව.
ඒ වගේ ගමන්වලදී තමයි මට ලසිතා මුණ ගැහුනේ. චම්පියා මුණ ගැසුනේ.
ඇගලුම් කර්මාන්ත ශාලාවක රස්සාවක කළ ලසිතා සුන්දරයි. සුකොමාලයි. අහිංසකයි. ලසිතාගේ මේ අපූරු ගති පැවතුම් ගැන මම දැන ගත්තේ අපි දෙන්නගෙන ඇගෑලුම්කම වැඩිදුර යමින් තියෙන කොට.
අපිට රත්ගම වෙරළේ වැලි ඇට ගණන කියන්න පුළුවන් තරමට එහි ඔබ මොබ ඇවිද්දා. අල්ලාගෙන හිටි ලසිතා අත අත හැරියේ ගින්දර විසිවන තරම්ම රත් වුණාම.
ලසිතා මට කථා කළේ ස්වර්නෙ කියලා. ආදරේ ඉස්මත්තෙ ගියාම රත්තරන් කියලත් කියුවා. ඇත්තටම අහිංසකයි. අවංකයි. ඒ නිසාම දෝ, ලසිතා සතෙන් සතේ එකතු කරලා තියාගෙන හිටපු සල්ලිමිටිය මට දුන්නා. දැන් ඔයා ත්‍රී වීල් පැද්දා ඇති රත්තරං. ආ මේ මම පඩියෙන් ඉතුරු කරගත්තු සල්ලි. ඔයා මේකෙන් මෝටර් සයිකලයක් ගන්න." කියලා දුන්න සල්ලි මිටිය අතට ගන්නකොට මගෙ පපුව හෝස් ගාලා පිච්චිලා ගියා. උගුරේ මොකක්දෝ හිරවෙනවා වගේ දැනුණ. ඔයාට පිං ලසිතා. මට පුළුවන් දවසක් ආවොත් මම ඔයාට බීඑම්ඩබ්ලිව් එකක් දෙනවා." යි කියන්නටවත් මම එදා දැනගෙන හිටියෙ නැහැ.
හුරු බුහුටි මෝටර් සියකලේ නැගලා මම රෝන්දෙ ගියා. එහෙම ගිය දසක තමයි 'චම්පියා' සෙට් වුණෙ.
මම, දැනගෙන හිටිය එකම ක්‍රීඩාවෙ නිරත වෙලයි ඒ වෙලාවෙ හිටියේ. මම හොල්මන් විදියට අත කරකවමින් අධි වේගයෙන් හරියටම ඉලක්කයට බෝල් කරනවා දැකපු චම්පියා මට නියම සාත්තරේ ඉගැන්නුවා ඉහළටම යන්න පුළුවන් ඉනිමගේ පළමු පියවර වශයෙන් ගාල්ලේ ලොකු ඉස්කෝලෙකට බැදෙන්නත් උපකාර කළා.
එහෙම කාලයක් යනකොට මම ක්‍රිකට් පිටියේ 'පොරක්' වී ගෙන ආවා. චම්පියට පිං සිද්ධ වෙන්න. මට මාධ්‍යයෙන් බේරිල්ලක් තිබුණෙ නැහැ. රූපවාහිනියෙ, ගුවන් විදුලියේ, පත්තර සඟරාවල මගෙ විස්තර ගලන්න පටන් ගත්තා. එමගින් මම නියම 'පොරක්' වුණා.
ඔය අතරතුර තමයි මට කොළඹින් ඇමතුම් ආවේ. එම නිසා පානදුර පැත්තෙ ඥතිකෙනකුගෙ කුටියක ගාල් වෙලා මෝටර් සයිකලයෙන් ඉහළ පහළ ගියා. කාර්ය බහුල වෙන්නත් පටන් ගත්තා. 'රත්ගම ගමක් විතරයි 'නේ' යි හිතෙන්නත් පටන් ගත්තා.
එම නිසා මම ඉස්සෙල්ලාම කළේ ලසිතා ට, එයාගේ ජීවිතේ කිසිදාක අමතක නොවන තෑග්ගක් දෙන්න. එය, 'බූට්' එක නමින් හදුන්වමි.
ලසිතාට බූට් එක දීම ගැන අපේ ගමේ හැමෝම මට දැන් වෛර කරනවා.
කාලය ගෙවී ගියේ 'වේග පන්දු' වේගයෙන්ම යි. මම මගේ රටේ පමණක් නොව සකල ක්‍රිකට් ලෝකයේම 'ආදරණීය ක්‍රිකට් තානාපති' වශයෙන් ගෞරවයට පාත්‍ර වුණා. එහෙත් එම සතුටු සිනහව අතරින් මට ලසීතා මැවී නොපෙනවාම නොවේ. ලසිතාට දුන් ගින්දර මෙළොව වසන සතුරෙකුටවත් අත් නොවේවා යි පැතීමට මට අවශ්‍ය වුනේ නැහැ.ෘ
මම පැදුරෙන් ඉවත්ව වතුර පිරවූ මෙට්ටයක් මත නිදා ගැනීමට තරම් දක්ෂ වීම ගැන සතුටු වෙමි. සිටුවරයකු මෙන් ජීවත් වෙමින් අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට අවස්ථාව උදාකර ගැනීම ගැන උදක්ම සතුටු වෙමි.
එහෙත්, මම නොසරුප් පරිසරයක ගැවසී සංයමයක් නැති, විනයක් නැති, සුභාෂිත වචන නැති චරිතයක් වීම ගැන දැන් හඩා වැලපෙමි.
මම එදා සකල ශ්‍රී ලංකා මාධ්‍ය මුහුණට කෙළ ගැසුවේ පීඩනයට යටත්ව අහිංසක වූ නිසා නොවෙයි. 'බොක්කෙන්ම එන' සිරිත නිසාවෙනි.
වසර 100 කට එහා අතීතයක් ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කථාවේ පහත්ම පෙළේ චරිතය මම යෑයි මම සිතමි. එබැවින්, මින් ඉදිරියට, මාධ්‍යයෙන් මට සමාවක් නොලැබෙන බවද ඉදුරාම දනිමි.
දුලිප්, සිදත්, රෝයි, අර්ජුන, රංජන්, රොෂාන්, අරවින්ද සහ තවත් එවැනි මහත්වරුන්ට මෙන්ම චම්පියාටත් මම අවමාන කළෙමි. මගේ ක්‍රිකට් අනාගත අදුරු වන්නේ නම්, මම මට සුපුරුදු රත්ගම වැල්ලේ පොල් කොටයට බරදී ඈත දියඹ දෙස යළි බලා සිටීමට උත්සුක වීම යෙහෙකි.
කණ්ඩායමේ සෙස්සෝද කපන්න බැරි අත සිඹින්නෝය. ලසිතා වෙතද යා නොහැක. අවරට යන හිරු රත් පැහැ ගැන්වී නොමැත. දැන් මගේ දෙනෙත් රතු පැහැ ගැන්වී ඇත. එබැවින්, වත්මන් ආදරණීය බිරිඳ ආදරයෙන් රැකගෙන ඉදිරියට යා යුතුය.
එහෙත්, තනිවමය. ශ්‍රී ලංකා මාධ්‍ය මගේ තනියට නොඑනු ඇත.
අපරෙදෙ, මම නයාට ගැහුවේ....
මං වගේ නරුමයෙක් !
http://www.divaina.com/2013/03/07/sports07.html