මම වෙනුවෙන් මම....?

මම වෙනුවෙන් මම....?

31558_564077660276488_2144217429_n.jpg


මම වෙනුවෙන් මම

අදින් සහශ්‍රයකට පෙර ඔවුහු අවකන් දේශය වැනසුහ. බෞද්ධයන්ද භික්ෂුන්ද මරා දැමුහ. වෙහෙර විහාර වැනසුහ. බුදු සසුන අතුගා දැමුහ. අපේ ලේ නයන් අපෙන් වෙන් කළහ. මම අද ඒ ගැන කතා කිරීමට නොකැමැත්තෙමි. මක්නිසාදයත් මට අවකන් දේශය (ඇෆ්ගනිස්ථාන්) සමග ගනුදෙනුවක් නොමැති බැවිනි.

ඔවුහු කාශ්මීරයට කඩාවැදුණහ. මෙහෙණවර වනසා දැමුහ. භික්ෂුනීන් වහන්සේද, සාමනේරින් වහන්සේ ද අමු අමුවේ දුෂණය කොට මරා දැමුහ. ලොව වැඩිපුරම බණ පොත් ලියවුනු වැඩිපුරම මෙහෙණින් වහන්සේලා විසු සුන්දර කාශ්මීරයෙන් බුදු දහම අතුගා දැමුහ. අපේ ලේ නෑකම් අවසන් කළහ. මම අද ඒ ගැන කතා කිරීමට නොකැමැත්තෙමි. මක්නිසාදයත් මට කාශ්මීරය සමග ගනුදෙනුවක් නොමැති නිසාය.

ඔවුහු බුදුන් උපන් දේශයට කඩාවැදුණහ. නාලන්දාව, අයෝධ්‍යාව වැනසුහ. ලක්ෂ ගණනක් භික්ෂුන් පණපිටින් ගිනි තැබුහ. ජයශ්‍රීමහා බෝධිය මුලින් උදුලා, යලි ලියලා නොවැඩෙනු පිණිස මුල් සිඳ, කඳ අතු වියලා මුලයෙහි රැස්කොට ගිනිබත් කළහ. බුදුන් උපන් දේශයෙන් බුදු දහම අතුගා දැමුහ. මම අද ඒ ගැන කතා කිරීමට නොකැමැත්තෙමි. මක්නිසාදයත් මට ඒවායින් වැඩක් නැති නිසාය.

ඔවුහු ජාවා රට ආක්‍රමණය කළහ. ලොව විශාලම විහාර සංකීර්ණ ද පෙරදිග භාෂා විශ්වවිද්‍යාල ද සමගින් ලොව විශාලම බෞද්ධ රාජ්‍යය වනසා දැමුහ. අපේම ලේ නෑයින් අපට අහිමි කළහ. මම අද ඒ ගැන කතා කිරීමට නොකැමැත්තෙමි. මක්නිසාදයත් මට ඉන්දුනීසියාව සමග ගනුදෙනුවක් නොමැති නිසාය.

ඔවුහු බාමියන් බුදු පිළිම කඩා විනාශ කළහ. ඉන්පසු ගවයින් විසිදාහක් ඝාතනය කොට, පුජා පවත්වා තම ප්‍රමාදයට පවු සමාකරගත්හ. මම අද ඒ ගැන කතා කිරීමට නොකැමැත්තෙමි. මක්නිසාදයත් මට නිවන් දැකීමට ගල් පිළිම වලින් වැඩක් නැති නිසාය.

ඔවුහු චිතගොන් කදුකරය ආක්‍රමණය කළහ. බෞද්ධයින් පලවාහැරියහ. වෙහෙර විහාර ගිනිබත් කළහ. බෞද්ධයින් උන්ගේම බිමෙහි අනාථයන් බවට පත්කළහ. මම අදවත් ඒ ගැන වචනයක් කතා නොකරමි. මක්නිසාදයත් බංගලි බෞද්ධයින් ගෙන් මට මොනවත් නොලැබුන නිසාය.

ඔවුහු බුදුන් වැඩිය දීඝවාපි පුදබිම, කුරගල ද වැනසුහ. බෞද්ධ පුරාවස්තු ගෙන වැසිකිලි, කුකුළු කොඳ තැනුහ. මම ඒ ගැන කතා නොකරමි. මක්නිසාදයත් මට දීඝවාපියෙන් වැඩක් නැති නිසාය. කොයිදේත් වගේම දීඝවාපියත්, කුරගලත් අනිත්‍යය නිසාය. කතාකරන්නට පුංචි උවමනාවක් තිබුනත් කතාකරන්නට බය නිසාය. අනිත් අය මා ජාතිවාදියෙකු ලෙස දකිතියි යන චකිතය නිසාය.


ඔවුහු පුත්තලමේ ප්‍රාග් ඓතිහාසික නටඹුන් වැනසුහ. ඒවායේ පෞරාණිකත්වය නැති කළහ. ගල් පොකුණු, මල් ආසන වටකොට කොන්ක්‍රීට් ගොඩනැගිලි තැනුහ. මම ඒ ගැන කතා නොකරමි. මක්නිසාදයත් එහෙම දේවල් ගැන මම දන්නේ නැති නිසා.

කාශ්මීරය වගේම, අවකන් දේශය වගේම, ජාවා සුමාත්‍රා වගේම, පකිස්ථානය බංගලිදේශය වගේම උන් හෙට මගේ රටත් වනසාවි. බාමියන් පිළිම වගේම අවුකන, රැස්වෙහෙර, තොලුවිල, මාලිගාවිල පිළිමත් වනසාවි. මහමෙවුනාවේ සමාධි පිළිමයත්, ජයශ්‍රිමහා බෝධියත් වනසා දමාවි. මම ඒ ගැන කතානොකරමි. මක්නිසාදයත් මට නිවන් දැකීමට පිළිම වුවමනා නැති නිසාය.

උන් හෙට දීඝවාපිය, පල්ලෙකඩුව, පොතුවිල, කුරගල වගේම මගේ ගමේ පන්සලත් වනසාවි. මම ඒ ගැන කතානොකරමි. මක්නිසාදයත් මට අසපුවක් මිස ගමේ පන්සලක් ඕන නැති නිසාය.

ඔවුන් හෙට මගේ මවටත් සොහොයුරියටත්, මිතුරියන්ටත්, මගේ බිරිඳටත්, මගේ දියණියන්ටත් කළු රෙදි අඳින්නට බල කරාවි. කළු රෙද්දෙන් මුණ වහගෙන ඉන්නට බලකරන නීති දමාවි. ළමා සාරිය, ඔසරිය විතරක් නොවෙයි, පාසලත්, විශ්වවිද්‍යාලයත් ඇයට තහනම් වේවි.

ඒ විතරක් නෙවෙයි දුප්පත් පොහොසත් භේදය අනුව ඇයට මිලකුත් නියම වේවි. අපේ ම රටේ අපි අතපල්ලෙන් වැටුනවුන් බවට පත් කරාවි.

එතකොට කවුරුවත් මම ගැන කතා කරයිද? මම ගැන කතා කරන්නට කවුරුවත් ඉතුරු වෙලා ඉඳීද? හිටියත් මම ගැන කතා කරන්නට උවමනාවක් තියෙයිද? මොකද මට මං ගැන නැති අමාරුවක් වෙන කාටවත් කොයින්ද? මම නිකමට අපේ හෙට දවසේ අවදානම ගැන කතා කරනවාද? මම තවම ඒ ගැන කතා නොකරමි. මට ඒ ගැන හිතන්නට මොලයක් නැති නිසාද? මට ඒ ගැන හිතන්නට වෙලාවක් නැති නිසාද? මම මගේ ජාතියේ සංස්කෘතියේ වටිනාකම නොදන්නා නිසාද? මට ඒ ගැන හැගීමක් නැති නිසාද? සරලව සංක්ෂිප්තව කියනවා නම් මම ජාතියක්, ජන්මයක් නැති එකෙක් නිසාද? නැහැ. මම මගේ මොලය හෝදගෙන ඉන්න නිසා. මම දිරවගන්න බැරි ලනු ගිලල ඉන්න නිසා. නැහැ, ඒ එකක් හින්දවත් නෙවෙයි, උඹල උඹලගේ සතුරන් මිතුරන් අඳුරන්නේ නැති නිසා.

උඹල උඹලගේ මොළ හෝදගෙන ඉන්න නිසා උඹල උඹලගේ ජාතිය, සංස්කෘතිය ආගම එක්ක වෛර බැඳගත්තු උන් දෙන ලනු තවම ගිලින හින්දා. උඹලට තවම කල් තියෙනවා. හිතපල්ලා, කතා කරපල්ලා, කොන්ද කෙලින් තියලා දෙපයින් හිටගනිල්ලා. සිංහලකම, බෞද්ධ කම හිතට ගනිල්ලා. එතකොට උඹලට දිනන්න පුළුවන්. සිංහලයෝ කවදාවත් පැරදුනේ නෑ.

https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash3/598399_309842065791783_899554478_n.jpg
අපි හැමදෙයින්ම දිනනවා!
අන්තිමේදී සසරිනුත් දිනනවා!

598399_309842065791783_899554478_n.jpg

 
Last edited: