මම හරි දුකින් ඉන්නේ යාලුවනේ
මට මේ දුක බෙදාගන්න ඉන්නේ එළකිරියේ යාලුවන් ටික විතරයි. ඒක නිසයි මම මේක ලියන්නේ.
මචන්ලා.. මට විවාහ යෝජනාවක් ගෙනාව අපේ මාමා කෙනෙක්, එයා අදුනන තැනකින්. ඉතින් ඒ කෙල්ලත් එක්ක මමත් දැන් ටික දවසක ඉදන් ගොඩ වෙලා කතා කර කර ඉන්නවා ටෙලිෆෝන් එකෙන්. එයා ඉන්නේ ගොඩාක් ඈත පළාතක.
කෙල්ල හොදයි.. ඒත් ඉතින් කියන්න තරම්ම පෙනුමත් නැහ. ඒත් අපේ අම්මලටනම් ලස්සනයිලු. ඒත් මට එච්චරම ඇල්ලුවේ නැහ මුල් දවසේම. ඒත් ඉතින් මම ඒ ඔක්කෝම අමතක කරලා දාලා කෙල්ලත් එක්ක ටෝක දැම්මා දිගටම.. ඒ මගේ හිතට තදින් මමම බැණගෙන. රෑපෙට වඩා හැදිච්චකමයි, උගත්කමයි වටිනවා කියලා මම මටම කියාගනිමින්.
ඒත් මචන් මගේ කටින් වැරදිලා කියවෙච්ච දෙයක් අල්ලගෙන මෙයා හැමදාම වගේ මාව සමච්චලයට පත් කරනවා. ඒක මම මගේ අවන්ක කම නිසාම කිව්ව දෙයක්. ඒත් එයාට ඒක මට දමලා ගහන්න ආයුධයක් කරගෙන දැන්. මම අද කිව්වම… "ඔයා හිතන් ඉන්න හැටි වැරදියි.. පොඩ්ඩක් අහන්න" කියලා… එයා මගෙත් එක්ක රණ්ඩුවට වගේ.. "ඒකනම් බොරු හරිද? ඒකනම් බොරු.. ඔයා එහෙම කිව්වේ නැහ එදා..!" කියලා මට කිව්වා.
ඒ වචන ටික මගේ පපුවට පිහියෙන් ඇන්නා වගේ වුනා. මගේ හිත ගොඩාක් පෑරුණා යාලුවනේ. මට අඩන්න තරම් හිතෙනවා. ඒත් කොල්ලෙක් නිසා මට ඒකත් කරන්න හිත දෙන්නේ නැහ.
බදින්න ඉස්සර වෙලත් මෙහෙම මාව සමච්චලයට පත් කරනවනම්.. බැදල ඉවරවෙලා මාව මිනිස්සු ඉස්සරහා ගොඩාක් බාල්දු කරයි කියලා මට මහා භයක් දැනෙනවා යාලුවනේ.
ඒත් මම අවුරුදු 33ක් වෙලත් තාමත් තනිකඩයෙක්. මට ඒ ගැනත් හිතන්න ඕනා. ඒත් එහෙමයි කියලා මේ කෙල්ලව බැදගෙන.. මාව එයා රූකඩයක් කරගනියි කියලා මට හරී භයක් දැනුනා අද. මම කිසිම දවසක එයාගේ හිත පාරලා නැහ.
එයා මගෙත් එක්ක එකග නොවුනත්.. විනීතව ඉන්න තිබුනා නේද කටට ආපු පලියට මම බොරු කාරයෙක් කියලා කියන්නේ නැතිව.
මට මහා කලකිරීමක් ඇතිවෙලා තියෙන්නේ. ජීවිතයක හැටි. මට මම ගැනම හරී ආත්මානුකම්පාවක් ඇතිවෙලා.
උඹලට හිතෙන්නේ මේ කෙල්ල බදින්නෙ හොදද?