මම හරි දුකින් ඉන්නේ යාලුවනේ

මම හරි දුකින් ඉන්නේ යාලුවනේ

මට මේ දුක බෙදාගන්න ඉන්නේ එළකිරියේ යාලුවන් ටික විතරයි. ඒක නිසයි මම මේක ලියන්නේ.

මචන්ලා.. මට විවාහ යෝජනාවක් ගෙනාව අපේ මාමා කෙනෙක්, එයා අදුනන තැනකින්. ඉතින් ඒ කෙල්ලත් එක්ක මමත් දැන් ටික දවසක ඉදන් ගොඩ වෙලා කතා කර කර ඉන්නවා ටෙලිෆෝන් එකෙන්. එයා ඉන්නේ ගොඩාක් ඈත පළාතක​.

කෙල්ල හොදයි.. ඒත් ඉතින් කියන්න තරම්ම පෙනුමත් නැහ​. ඒත් අපේ අම්මලටනම් ලස්සනයිලු. ඒත් මට එච්චරම ඇල්ලුවේ නැහ මුල් දවසේම​. ඒත් ඉතින් මම ඒ ඔක්කෝම අමතක කරලා දාලා කෙල්ලත් එක්ක ටෝක දැම්මා දිගටම​.. ඒ මගේ හිතට තදින් මමම බැණගෙන​. රෑපෙට වඩා හැදිච්චකමයි, උගත්කමයි වටිනවා කියලා මම මටම කියාගනිමින්.

ඒත් මචන් මගේ කටින් වැරදිලා කියවෙච්ච දෙයක් අල්ලගෙන මෙයා හැමදාම වගේ මාව සමච්චලයට පත් කරනවා. ඒක මම මගේ අවන්ක කම නිසාම කිව්ව දෙයක්. ඒත් එයාට ඒක මට දමලා ගහන්න ආයුධයක් කරගෙන දැන්. මම අද කිව්වම… "ඔයා හිතන් ඉන්න හැටි වැරදියි.. පොඩ්ඩක් අහන්න​" කියලා… එයා මගෙත් එක්ක රණ්ඩුවට වගේ.. "ඒකනම් බොරු හරිද​? ඒකනම් බොරු.. ඔයා එහෙම කිව්වේ නැහ එදා..!" කියලා මට කිව්වා.

ඒ වචන ටික මගේ පපුවට පිහියෙන් ඇන්නා වගේ වුනා. මගේ හිත ගොඩාක් පෑරුණා යාලුවනේ. මට අඩන්න තරම් හිතෙනවා. ඒත් කොල්ලෙක් නිසා මට ඒකත් කරන්න හිත දෙන්නේ නැහ​.

බදින්න ඉස්සර වෙලත් මෙහෙම මාව සමච්චලයට පත් කරනවනම්.. බැදල ඉවරවෙලා මාව මිනිස්සු ඉස්සරහා ගොඩාක් බාල්දු කරයි කියලා මට මහා භයක් දැනෙනවා යාලුවනේ.

ඒත් මම අවුරුදු 33ක් වෙලත් තාමත් තනිකඩයෙක්. මට ඒ ගැනත් හිතන්න ඕනා. ඒත් එහෙමයි කියලා මේ කෙල්ලව බැදගෙන​.. මාව එයා රූකඩයක් කරගනියි කියලා මට හරී භයක් දැනුනා අද​. මම කිසිම දවසක එයාගේ හිත පාරලා නැහ​.

එයා මගෙත් එක්ක එකග නොවුනත්.. විනීතව ඉන්න තිබුනා නේද කටට ආපු පලියට මම බොරු කාරයෙක් කියලා කියන්නේ නැතිව​.

මට මහා කලකිරීමක් ඇතිවෙලා තියෙන්නේ. ජීවිතයක හැටි. මට මම ගැනම හරී ආත්මානුකම්පාවක් ඇතිවෙලා.

උඹලට හිතෙන්නේ මේ කෙල්ල බදින්නෙ හොදද​?
 
rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    oya malk kadana welawaka kiyapu deyakda ?

    mage adahasa denna meet kata karanna

    samahara wira adre hindama kiyanwa wenna puluwan ..kola kamata ,,,,
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    උඹව සමච්චලයට ලක් කරානම් මගේ දැකීම විදිහට උඹ බඳින්න එපා,උඹට අඩුම තරමේ ගෞවරයක් වත් ඒ කෙල්ලගෙ නැහැ වගේ..එතන ආදරයක් තියන්න විදයකුත් නැහැ.උඹ පොඩ්ඩක් එ කෙල්ලට තෙරුම් කරන්න බලන්න.එහෙම අහන්නෙ නැත්තම් උඹ කෙල්ලට කියන්න උඹව අමතකර කරන්න කියලා.33 කෙල්ලෙක් හොයාගන්න පුළුවන්.ගොඩක් තියන්නේ මංගල සෙවාවන් අන්න එ වාගේ එකකට උනත් රෙජිසටර් වෙන්න පුළුවන්.හෙව්වොත් උඹට හම්බවෙනවා.....මෙකයි මම දකින් විදිහ...
     
    oya malk kadana welawaka kiyapu deyakda ?

    mage adahasa denna meet kata karanna

    samahara wira adre hindama kiyanwa wenna puluwan ..kola kamata ,,,,

    ආදරය කියලා මචන්.. තමන්ගේ අනාගත ස්වාමිපුරුශයාව ඔය වගේ පහත් කරලා කතා කරයිද​? මොකක්ද ඒකෙන් ලැබෙන ආදරය​?
     
    dilruk123

    Member
    Nov 30, 2006
    73
    1
    0
    ඉවසීම කියන එක වැදගත් සහෝ.මෙම තරුනිය ඔබගේ ඉවසීම ටෙස්ට් කරනවා ඇති.ඇයට කරුණාවෙන් දයාවෙන් අමතන්න.එය එපා කියන්න.
     
    උඹව සමච්චලයට ලක් කරානම් මගේ දැකීම විදිහට උඹ බඳින්න එපා,උඹට අඩුම තරමේ ගෞවරයක් වත් ඒ කෙල්ලගෙ නැහැ වගේ..එතන ආදරයක් තියන්න විදයකුත් නැහැ.උඹ පොඩ්ඩක් එ කෙල්ලට තෙරුම් කරන්න බලන්න.එහෙම අහන්නෙ නැත්තම් උඹ කෙල්ලට කියන්න උඹව අමතකර කරන්න කියලා.33 කෙල්ලෙක් හොයාගන්න පුළුවන්.ගොඩක් තියන්නේ මංගල සෙවාවන් අන්න එ වාගේ එකකට උනත් රෙජිසටර් වෙන්න පුළුවන්.හෙව්වොත් උඹට හම්බවෙනවා.....මෙකයි මම දකින් විදිහ...

    මමත් කියන්නේ ඕකම තමයි මචන්. මචන් අපි දෙන්නම දැන් ඉන්නේ මේ සමච්චල් කර කර සෙල්ලන් කරන වයසක නෙමෙයිනේ. අපි දෙන්නා නුදුරේදීම ස්වාමියායි භාර්‍යාවයි වෙන්න ඉන්නේ. ඉතින් ඇයි මෙහෙම මාව බාල්දු කරන්නේ ආදරයක් ඇතිනම්? දැනටමත් මෙයා මෙහෙමනම්… ඉස්සරහට කොහොම වෙයිද​?

    අනික මචන් මට කිසිම් ගැහැණියකට සැරෙන් කතා කරන්න හිතෙන්නේ නැහ​. ඒක මගේ පුන්චි කාලේදී වෙච්ච දෙයක් නිසා. ඒ නිසා අරයා ඒක ප්‍රයෝජනයට අරගෙන මාව අල්ලේ නටවයි කියලා මට හරීම් භයයි.
     
    ඉවසීම කියන එක වැදගත් සහෝ.මෙම තරුනිය ඔබගේ ඉවසීම ටෙස්ට් කරනවා ඇති.ඇයට කරුණාවෙන් දයාවෙන් අමතන්න.එය එපා කියන්න.

    මචන්.. මම ගොඩාක් ඉවසුවා මචන්. දැන් මේ තුන්වෙනි පාර මෙයා ඕක ඇදලා ගත්තේ. අනික අද​.. මම බොරු කියනවා කියලත් කිව්වම​.. මට මාර දුකකුයි… භයකුයි දැනුනා. ඒක් හරියට මම පොඩිකාලේ වගේ. අපේ අක්කත් ඉස්සර මට ඔයවගේ කරනවා. මම මෝඩයෙක්.. නිකමෙක් කියලා එයත් ඉස්සර කිය කිය මාව මානසිකව වට්ටනවා. ඉතින්.. මට බැහ ආයෙම ඒ තත්ත්වෙයට යන්න. ඇයි මම එහෙම වෙන්නේ? මට අද මගේ කකුල් දෙකෙන් නැගී සිටින්න ශක්තිය තියෙනවා. ඒක මම හරීම දුක් මහන්සි වෙලා ලබාගත්තේ.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ලසන්ත පෙරේරා;16834301 said:
    මචන්.. මම ගොඩාක් ඉවසුවා මචන්. දැන් මේ තුන්වෙනි පාර මෙයා ඕක ඇදලා ගත්තේ. අනික අද​.. මම බොරු කියනවා කියලත් කිව්වම​.. මට මාර දුකකුයි… භයකුයි දැනුනා. ඒක් හරියට මම පොඩිකාලේ වගේ. අපේ අක්කත් ඉස්සර මට ඔයවගේ කරනවා. මම මෝඩයෙක්.. නිකමෙක් කියලා එයත් ඉස්සර කිය කිය මාව මානසිකව වට්ටනවා. ඉතින්.. මට බැහ ආයෙම ඒ තත්ත්වෙයට යන්න. ඇයි මම එහෙම වෙන්නේ? මට අද මගේ කකුල් දෙකෙන් නැගී සිටින්න ශක්තිය තියෙනවා. ඒක මම හරීම දුක් මහන්සි වෙලා ලබාගත්තේ.

    eka atta ,,kelage wayasa kiyada ? ,,sidiya kiwanm,gess karanna puluwan ,,,eka hari nane ,,anika kelek set una kiyala hama dema kiyanna epa eka para wallak wenawa ,ekyi oya wela tiyenna
     
    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    machan,...kawadawath kellk ekka kata karna kota baya wenna epa...ehema unama ape pirimi kamen wedak nene.,..e kella umbawa test kanawa ethi..ewagema mama nam kiyanna umbata gawrawayak thinna ona tikak hari....ehama nethhtam e kiyanne meya ganne athal ekak.nethham umbawa athal ekata ganna puluwan kikyala meter wela..eka marry karnna inna dennakuta honda deyak neme...e wagema kata karala tikan tikan anduna ganna ona denna mona wageda kiyala....ehama case nam..ekkenkta ekkenek set wenne nethhtem ehama affiair ekak wedak...ehama case eka nam umba konda kelin thiyan ayin wenna ona..kellk wage andanna hadala wedak neee....owata selenna epa bn 33 kiyane kollkta awlak ne..tawa kal hitapan hari kellk set wenakan....;)
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ලසන්ත පෙරේරා;16834228 said:
    මට මේ දුක බෙදාගන්න ඉන්නේ එළකිරියේ යාලුවන් ටික විතරයි. ඒක නිසයි මම මේක ලියන්නේ.

    මචන්ලා.. මට විවාහ යෝජනාවක් ගෙනාව අපේ මාමා කෙනෙක්, එයා අදුනන තැනකින්. ඉතින් ඒ කෙල්ලත් එක්ක මමත් දැන් ටික දවසක ඉදන් ගොඩ වෙලා කතා කර කර ඉන්නවා ටෙලිෆෝන් එකෙන්. එයා ඉන්නේ ගොඩාක් ඈත පළාතක​.

    කෙල්ල හොදයි.. ඒත් ඉතින් කියන්න තරම්ම පෙනුමත් නැහ​. ඒත් අපේ අම්මලටනම් ලස්සනයිලු. ඒත් මට එච්චරම ඇල්ලුවේ නැහ මුල් දවසේම​. ඒත් ඉතින් මම ඒ ඔක්කෝම අමතක කරලා දාලා කෙල්ලත් එක්ක ටෝක දැම්මා දිගටම​.. ඒ මගේ හිතට තදින් මමම බැණගෙන​. රෑපෙට වඩා හැදිච්චකමයි, උගත්කමයි වටිනවා කියලා මම මටම කියාගනිමින්.

    ඒත් මචන් මගේ කටින් වැරදිලා කියවෙච්ච දෙයක් අල්ලගෙන මෙයා හැමදාම වගේ මාව සමච්චලයට පත් කරනවා. ඒක මම මගේ අවන්ක කම නිසාම කිව්ව දෙයක්. ඒත් එයාට ඒක මට දමලා ගහන්න ආයුධයක් කරගෙන දැන්. මම අද කිව්වම… "ඔයා හිතන් ඉන්න හැටි වැරදියි.. පොඩ්ඩක් අහන්න​" කියලා… එයා මගෙත් එක්ක රණ්ඩුවට වගේ.. "ඒකනම් බොරු හරිද​? ඒකනම් බොරු.. ඔයා එහෙම කිව්වේ නැහ එදා..!" කියලා මට කිව්වා.

    ඒ වචන ටික මගේ පපුවට පිහියෙන් ඇන්නා වගේ වුනා. මගේ හිත ගොඩාක් පෑරුණා යාලුවනේ. මට අඩන්න තරම් හිතෙනවා. ඒත් කොල්ලෙක් නිසා මට ඒකත් කරන්න හිත දෙන්නේ නැහ​.

    බදින්න ඉස්සර වෙලත් මෙහෙම මාව සමච්චලයට පත් කරනවනම්.. බැදල ඉවරවෙලා මාව මිනිස්සු ඉස්සරහා ගොඩාක් බාල්දු කරයි කියලා මට මහා භයක් දැනෙනවා යාලුවනේ.

    ඒත් මම අවුරුදු 33ක් වෙලත් තාමත් තනිකඩයෙක්. මට ඒ ගැනත් හිතන්න ඕනා. ඒත් එහෙමයි කියලා මේ කෙල්ලව බැදගෙන​.. මාව එයා රූකඩයක් කරගනියි කියලා මට හරී භයක් දැනුනා අද​. මම කිසිම දවසක එයාගේ හිත පාරලා නැහ​.

    එයා මගෙත් එක්ක එකග නොවුනත්.. විනීතව ඉන්න තිබුනා නේද කටට ආපු පලියට මම බොරු කාරයෙක් කියලා කියන්නේ නැතිව​.

    මට මහා කලකිරීමක් ඇතිවෙලා තියෙන්නේ. ජීවිතයක හැටි. මට මම ගැනම හරී ආත්මානුකම්පාවක් ඇතිවෙලා.

    උඹලට හිතෙන්නේ මේ කෙල්ල බදින්නෙ හොදද​?

    මගේ දෙයියෙ‍ා්... ඔය වහන්තරාව අතෑරපන්. ඔය ගෑනි බඳින්න කලින් ඔහොම එකට එක කියනවනම් තව ටික දවසකින් මොනව නොකරයිද.
    5.gif
    නළලේ තියන් ඉන්න එකියන් වගේ පේන්නේ. මටත් ඔය වගේ මළ වාතයක් සෙට් වෙලා ඉන්නේ. කතා කලොත් මරාගන්න හදනවා. මේව ගෙවල් වලින් දන්නෙ නෑ. බඳින එකත් කල් දාගෙන ඉන්න ඒ නිසා. පුදුම කරුමයක් :sorry::sorry::sorry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :)
    මම හිතන හැටියට මේක උබට හොදම අවස්ථාවක් ඔය කෙල්ලව තේරුම් ගැනීමට
    හෙට කෙල්ලට කතාකරලා හොදින් තේරුම්කරලා දියන් ආයෙත් ඔය කතාව අදින්න එපා
    ඒකෙන් උබව මානසිකව ගොඩාක් අපහසුතාවයට පත්වෙනවා කියන එක..
    කෙල්ල ඒක තේරුම් අරගෙන ආයෙත් ඒ සිද්ධිය මතක් නොකර හිටියොත්
    කෙල්ල ගැන අනාගත බලාපොරොත්තුවක් උබට තියාගන්න පුළුවන්නේ
    එහෙම නැතුව ආයෙත් උබට වදේ ගැහුවොත් ,,,කරන්න ඕනි දේ මම කියන්න ඕනි නැහැ නේ ...

    තවත් දෙයක් ,,,
    මට උබේ කතාවෙන් මෙහෙම දෙයකුත් තේරෙනවා
    උබ ඔය සිද්දිය උනේ නැතත් කෙල්ල ගැන ගිතාගෙන ඉන්නේ නෙගටිව් විදිහට කියලා මට හිතෙනවා.
    උබ බොරුවට හිත රවට්ටගෙන තීරණයක් අරගෙන දැන් පැනලා යන්න හේතුවක් හොයනවා කියලා මට හිතෙනවා ..
    කවදාවත් එහෙම කරන්න එපා බන් ,,
    ඒකෙන් උබෙයි ඒ කෙල්ලගෙයි දෙන්නාගේම අනාගතය විනාශ වෙනවා.
    කෙලින් තීරණයක් ගනින් ''හා'' ''බෑ'' එච්චරයි ..
    (තරහාවෙන්න එපා මචෝ මම මට හිතෙන හැගෙන දේයි කිව්වේ)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඉවසීම කියන එක වැදගත් සහෝ.මෙම තරුනිය ඔබගේ ඉවසීම ටෙස්ට් කරනවා ඇති.ඇයට කරුණාවෙන් දයාවෙන් අමතන්න.එය එපා කියන්න.
    :):D
    මචං උබ 2006 ඉදන් ඉදලා පොස්ට් 6යි දාලා තියෙන්නේ
    ඒත් උබ නොගහපු පොස්ට් ලක්ෂයකට වැඩිය මට මේ කොමන්ට් එක වටිනවා.
     
    eka atta ,,kelage wayasa kiyada ? ,,sidiya kiwanm,gess karanna puluwan ,,,eka hari nane ,,anika kelek set una kiyala hama dema kiyanna epa eka para wallak wenawa ,ekyi oya wela tiyenna

    මචන්.. මේක ලොකු දෙයක් නෙමෙයි.. මම කිව්වේ මගේ ඇඳුම් ගැන පොඩි දෙයක් එයාට​. ඒක ඔය තරම් ඔලුවට ගන්න තරම් එයා ඇයි මෙච්චර නරුම​? අනික හැමදාම මාව පාච්චල් කරන්න​?

    මම අනික මචන් මේකිට උදේට මෝර්නින් කීයලා ටෙක්ස්ට් කලාම​, රිප්ලයි කරන්නේ එයාට ඕන වෙච්ච වෙලාවට​.

    සතියේ දවස් වල බොරුවට මට මිස් කෝල් එකක් දෙන්වා. ඊට පස්සේ මම කෝල් කරාම ආන්සර් කරන්නේ නැහ​. ඉතින් මම පෙරේදා ඉදන් මෙයා සදහා අවධානය යොමුකරන එක නැවැත්වුවා. ඔන්න ඊයේ රෑ මට නිදාගන්න දෙන්නෙත් නැතිව​… එයාත් එක්ක කතාවට එන්නලු ෆෝන් එකෙන්.

    මට හිතෙනවා හොදට මෙයා මාව අල්ලේ නටවන්න තමයි හදන්නේ කියලා. ඇයි මචන් මටම මෙහෙම වෙන්නේ? අනිත් කොල්ලොන්ට කොච්චර හොද කෙල්ලෝ ලැබිලා තියෙනවද​?

    අපේ ගෙදරින් මේ කෙල්ලව කරගහගනින් කියලා නොකියා කියනවා. "ආස නැතිනම් කියන්න පුතා… අපි ඒ ලමයගේ ගෙදරට එහෙන් ඉතින් දන්වන්නම්…" කියල නිකම් දුකෙන් වගේ ඒ අය කතා කරන්නේ. හරියට රාජ කුමාරියෙක්ව නැතිවෙනවා වගේ. මට මේක මහා කරුමයක් මචන්ලා. තිත්ත වෙලා තියෙන්නෙ.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මගේ දෙයියෙ‍ා්... ඔය වහන්තරාව අතෑරපන්. ඔය ගෑනි බඳින්න කලින් ඔහොම එකට එක කියනවනම් තව ටික දවසකින් මොනව නොකරයිද.
    5.gif
    නළලේ තියන් ඉන්න එකියන් වගේ පේන්නේ. මටත් ඔය වගේ මළ වාතයක් සෙට් වෙලා ඉන්නේ. කතා කලොත් මරාගන්න හදනවා. මේව ගෙවල් වලින් දන්නෙ නෑ. බඳින එකත් කල් දාගෙන ඉන්න ඒ නිසා. පුදුම කරුමයක් :sorry::sorry::sorry:
    :lol::lol::(
    sorry බන් හිනා යන මානසික තත්වයක නෙවෙයි උබ ඉන්නේ කියලා මම දන්නවා
    ඒත් මේ විස්තරය උබ ලියලා තියන විදිහට මට පැලෙන්න හිනා ගියා ......:sorry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලසන්ත පෙරේරා;16834356 said:
    මචන්.. මේක ලොකු දෙයක් නෙමෙයි.. මම කිව්වේ මගේ ඇඳුම් ගැන පොඩි දෙයක් එයාට​. ඒක ඔය තරම් ඔලුවට ගන්න තරම් එයා ඇයි මෙච්චර නරුම​? අනික හැමදාම මාව පාච්චල් කරන්න​?

    මම අනික මචන් මේකිට උදේට මෝර්නින් කීයලා ටෙක්ස්ට් කලාම​, රිප්ලයි කරන්නේ එයාට ඕන වෙච්ච වෙලාවට​.

    සතියේ දවස් වල බොරුවට මට මිස් කෝල් එකක් දෙන්වා. ඊට පස්සේ මම කෝල් කරාම ආන්සර් කරන්නේ නැහ​. ඉතින් මම පෙරේදා ඉදන් මෙයා සදහා අවධානය යොමුකරන එක නැවැත්වුවා. ඔන්න ඊයේ රෑ මට නිදාගන්න දෙන්නෙත් නැතිව​… එයාත් එක්ක කතාවට එන්නලු ෆෝන් එකෙන්.

    මට හිතෙනවා හොදට මෙයා මාව අල්ලේ නටවන්න තමයි හදන්නේ කියලා. ඇයි මචන් මටම මෙහෙම වෙන්නේ? අනිත් කොල්ලොන්ට කොච්චර හොද කෙල්ලෝ ලැබිලා තියෙනවද​?

    අපේ ගෙදරින් මේ කෙල්ලව කරගහගනින් කියලා නොකියා කියනවා. "ආස නැතිනම් කියන්න පුතා… අපි ඒ ලමයගේ ගෙදරට එහෙන් ඉතින් දන්වන්නම්…" කියල නිකම් දුකෙන් වගේ ඒ අය කතා කරන්නේ. හරියට රාජ කුමාරියෙක්ව නැතිවෙනවා වගේ. මට මේක මහා කරුමයක් මචන්ලා. තිත්ත වෙලා තියෙන්නෙ.
    :(
    උබ විදවනවා බන්
    තවම ජීවිතය පටන්ගෙනවත් නැහැ උබ ගොඩාක් විදවනවා
    මම හිතන්නේ උබ මේක අතහරින්න ඕනි බන් ...