මයිත්රී පාලනයක් සුබ අනාගතයක්

Nov 24, 2014
789
64
0
මයිත්රී පාලනයක් සුබ අනාගතයක්

මයිත්රීපාල සිරිසේන හොර චන්ද දැම්මත් තියෙන ජනතා අප්රසාදය හමුවේ දිනන්න ලේසි නෑ. ඒත් ශ්රී ලංකාවේ කරුමයට බැරිවෙලා හෝ දිනුවොත් මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමාට හීනෙකිංවත් හිතාගන්න බැරිවුනු සුබ අනාගතයක් ගේනව. එකම වෙනස ඒ ශ්රී ලංකාවට හෝ ශ්රී ලාංකිකයන්ට නෙමේ. ඒ සුබ අනාගතය, ඒ මයිත්රී පාලනය ගේන්නෙ කොටින්ට. මයිත්රී පාලනය්ක් කොටින්ට සුබ අනාගතයක්. චන්දෙ පෙර සිටම ක්රියාවෙන්ම ඒ බව ඔප්පු කර පෙන්වූ මයිත්රී සමග මයිත්රී පාලනයක් කොටින්ට සුබ අනාගතයක්.
 

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    1994දී චන්ද්‍රිකා slfp එකේ බලය අරගෙන 1994දීම රනිල් unp එකේ බලය ඩැහැ ගත්තට පස්සේ මේ දෙන්න මේ දැවැන්ත පක්ෂවල හිටපු ඒ සිංහල බෞද්ධ ජාතික බලවේග කොන් කරලා නන්නත්තාර කරල දැම්ම. ඔවුන් දෙන්නම ඉන්නේ මතවාදීමය ලෙස ඉන්නේ එකම තැනක. වටේ ඉන්නේ එකම යාලුවෝ. සිතුම් පැතුම් එකයි.
    ඔවුන් දෙදෙනා වටේ හිටිය සහ ඉන්න බලවේග සිංහල බෞද්ධ බලවේග දිහා බලන්නේ අන්තවාදී නුගත් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ ඇහැකින්. හැබැයි අනිත් ඔක්කොම සුළු ජාතීන්ගේ අන්තවාදය හෝ ත්‍රස්තවාදය දකින්නේ ඉතාම මානුෂික සාධාරණ අංගයක් විදිහට.
    හැබැයි රතන සාධුගේ හෙළ උරුමේත් අනුර දිසානායකගේ ජවිපෙත් අද වඩා සමීප රවී කරුනායක සහ අලුත් මාදලුවාවේ සෝභිත සාධු හිතන පිළිවෙලට. මේකත් හරියට අර 1994 ඉඳන් චන්ද්‍රිකා රනිල් එකට හිතනවා වගේ තැනක්.
    ඔය කව්රු ජාතික බලවේග ඉන්නේ තමන් එක්ක කියල හිතාගෙන හිටියත්, ඇත්ත කතාව ඒ ජාතික බලවේග ඉන්නේ තමන්ට වඩාත් සමීප ව දැනෙන තැන එක්ක.
    හෙළ උරුමේ නායකයෝ දෙතුන් දෙනා 2015 ජනවාරි 09 වෙනිදට ඉගෙන ගන්න පාඩම ඒක.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10500385_844050512323824_7917764924278121024_n.jpg

    යුද අපරාධ පරීක්ෂණයක් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ පැවැත්වීමට නීතිප්‍රකාරව නොහැකි නිසා, තමන් ජනාධිපතිවරණය ජයගතහොත් යුධ අපරාධ පරීක්ෂණයක් දේශීය වශයෙන් පවත්වන බව විපක්ෂයේ පොදු අපේක්ෂක සිරිසේන කියයි.