මෛත්රී භාවනාව/ මෙත් වැඩීම කියන්නේ මොකක්ද? සියළු සත්ත්වයන් නිදුක් නිරෝගී වේවා, කොන්දේ අමාරු, බඩේ අමාරු හොඳ වේවා කියන එකද? නෑ... ඒක තමයි බමුණන්ගේ මෙත් වැඩීම.
මෙන්න මේ සූත්රය බලන්න. බමුණන්ගේ මෙත් වැඩීම ගැනත් තියනවා. බුදුන් වහන්සේ වදාළ මෙත් වැඩීම තමා මේ
"මහණෙනි, කෙසේ වඩන ලද මෛත්රීචිත්තවිමුක්තිය කිනම් ගති ඇත්තී කුමක් උතුම් කොට ඇත්තී කිනම් අනුසස් ඇත්තී කුමක් කෙළවර කොට ඇත්තී වේ ද යත්; මහණෙනි, මෙහි මහණ විවෙකනිස්සිත විරාගනිස්සිත නිරොධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට මෙත්තාසහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... මෙත්තාසහගත උපෙඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. ඉදින් හෙතෙමේ ඉටුඅරමුණෙහි අනිටු හැඟීම් ඇතිව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහිලා අනිටු හැඟීම් ඇතිව වෙසෙයි. ඉදින් අනිටු අරමුණෙහි ඉටුහැඟීම් ඇතිව වෙසෙන්නෙමි යි කැමති නම් එහිලා ඉටුහැඟීම් ඇතිව වෙසෙයි. ඉදින් ඉටු අරමුණෙහිත් අනිටු අරමුණෙහිත් ඉටු හැඟීම් ඇතිව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහිලා ඉටුහැඟීම් ඇතිව වෙසෙයි. ඉදින් ඉටු අරමුණෙහිත් අනිටු අරමුණෙහිත් අනිටු හැඟුම් ඇතිව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහිලා අනිටුහැඟුම් ඇතිව වෙසෙයි. ඉදින් ඉටු අරමුණත් අනිටු අරමුණත් යන දෙක දුරු කොට උපේක්ෂා ඇතිව සිහි ඇතිව මනාදැනුම් ඇතිව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහිලා උපේක්ෂා ඇතිව සිහි ඇතිව මනාදැනුම් ඇතිව වෙසේ. ශුභවිමොක්ෂයට හෝ පැමිණ වෙසේ. මහණෙනි, ලෞකිකප්රඥා ඇති මතු විමුක්තිය (අර්හත්වය) අවබෝධ නොකරන මහණහට මෛත්රීචිත්තවිමුක්තිය ශුභය කෙළවර කොට ඇත්තීයයි මම කියමි."
(මෙත්ත සූත්රය)
https://www.thripitakaya.org/tipitakaya/Index/138?s=2204
නිවන් දකින නිවන් දකින "මෙත්තා චේතෝවිමුක්තිය" හෙවත් "ලෝකෝත්තර මෛත්රී භාවනාව" මෙන්න.
කසින භාවනාත් හොදයි. . ලේසියෙන් අරමුනු කරැකි. .

මයිත්රී භාවනාව වර්ග 2ක් තියනවා. එකක් තමයි ආර්ය මයිත්රී භාවනාව..අනිත් එක තමයි අනාර්ය මයිත්රී භාවනාව. මේ දෙකෙන්ම යහපත් ප්රතිඵල තියනවා. ඒත් බෞද්ධයන්ට කැප ආර්ය මයිත්රී භාවනාව තමයි.. හිතට වයිරයක් ආපු වෙලාවක මෙත් වඩන එක තමයි හරිම ක්රමය..
bump

