2013 වසර අවසානය වන විට ශ්‍රී ලංකාවේ සියළුම මාධ්‍යයන් රජයේ ඍජු පාලනයට හෝ වක්රාකාර පාලනයට නතු විය යුතු බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා අවධාරණය කොට ඇත.
ඔහු එසේ අවධාරණය කොට ඇත්තේ 2014 වසර දේශපාලනමය වශයෙන් ඉතාමත් තීරණාත්මක වසරක් විය හැකි බව පවසමිනි.
ජනාධිපතිවරයාගේ නියමයත් සමග රජයේ අනුග්‍රහය ලබන සහ රජයෙන් යැපෙන ව්‍යාපාරිකයන් හා ජාවාරම්කරුවන් විවිධ ජනමාධ්‍ය මිලදී ගැනීම සඳහා මේ වන විට පිඹුරු පත් සකස් කරමින් සිටී.
මේ යටතේ ‘කෝප්’ කමිටුවේ විමර්ශණයන්ගෙන් චෝදනා ලබා එම චෝදනාවලින් ගැලවීම සඳහා ආණ්ඩුවට එකතු වූ එජාප ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන මිලින්ද මොරගොඩ මහතා එසේ තමා වෙත දූෂණ චෝදනා එල්ල කළ ප්‍රභල පුවත්පතක් වූ ‘රාවය’ පුවත්පත මිලදී ගැනීම සඳහා වෑයම් කරමින් සිටී.
එමෙන්ම මේ වන විට ‘සන්ඩේ ලීඩර්’ සහ ‘ඉරුදින’ පුවත්පත් පල කරන ‘ලීඩර්’ ප්‍රකාශන සමාගම ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයෙකු වන නාමල් රාජපක්ෂ මහතාගේ රග්බි පුහුණුකරු අසංග සෙනෙවිරත්න මහතා විසින් ජනාධිපතිවරයා විසින් පිලියෙල කර දුන් රාජ්‍ය බැංකු ණයක් මගින් මිලදී ගනු ලැබීය.
ඊට පෙර ‘රිවිර’ සහ ‘නේෂන්’ පුවත්පත් පල කරනු ලබන ‘රිවිර මීඩියා කෝපරේෂන්’ සමාගම එහි පළමු අයිතිකරු වන සේන යද්දෙහිගේ මහතාගෙන් ජනාධිපතිවරයාගේ ඥාතීන්වන කර්නල් ප්‍රසන්න වික්‍රමසූරිය සහ නිලංක රාජපක්ෂ විසින් මිලදී ගනු ලැබීය. වර්තමානයේ එහි අයිතිය ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතෙකු වන කෝටිපති ව්‍යාපාරික රවී විජේරත්න මහතා සතු වේ. තහවුරු නොකළ ආරංචි මාර්ග පවසන්නේ ‘ලක්බිම’ සහ ‘ලක්බිම නිව්ස්’ පල කරන ‘සුමති පබ්ලිකේෂන්ස්’ සමාගම මිලදී ගැනීම සදහා රවී විජේරත්න මහතා සාකච්ඡා කරමින් සිටින බවයි.
එමෙන්ම ව්‍යාපාරික මහින්ද රාමණායක මහතාට අයත් ‘මැක්ස් ටීවී’ නාලිකාව මිලදී ගැනීම සදහා ද ජනාධිපතිවරයාට හිතවත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක්ම සාකච්ඡා කරමින් සිටින බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
ජනතා විමුක්ති පෙරමුණට අයත්ව තිබූ ‘වී එෆ්එම්’ ගුවන් විදුලි නාලිකාව රුපියල් කෝටි 200කට ජනාධිපතිවරයාගේ විශ්වාසවන්තම කැබිනට් ඇමතිවරයා වන වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් මීට වසරකට පමණ ඉහත දී ජනාධිපතිවරයාගේ ආශිර්වාදය මත මිලදී ගනු ලැබීය.
දැනට රාජපක්ෂ රජයට විශාල හිසරදයක්ව පවතින දේශීයව හා විදේශීයව ක්‍රියාත්මක වන වෙබ් අඩවි මිලදී ගැනීමට හෝ අවම වශයෙන් වෙළඳ දැන්වීම් ලබා දී හෝ ඔවුන්ව පාලනය කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා තම ව්‍යාපාරික සගයින්ට අවධාරණයෙන් යුතුව දැණුම් දී ඇත. ඒ යටතේ ‘ගොසිප් 9’ වෙබ් අඩවිය මිලදී ගෙන වසා දැමීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට හිතවත් ව්‍යාපාරිකයෙක් කටයුතු කර ඇති බව තහවුරු නොකළ ආරංචි මාර්ග සදහන් කර සිටී.

ඒ තරමට මානසිකව වැටිලා 