මයිල නුවන්... :D

SUPER SONIC

Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    ගත්තේ බුකියෙන්.. :D


    හා හා පුරා කියලා දාපු කතා පොජ්ජ re post එකක්ලු කියලා කට්ටිය comment කරලා මගේ වෙන්ඩ හාමිනේගෙන් මට උසුළු විසුළු කෝටියයි.. ඉතින් බං මම දන්නවයැ ඒ මගුල re post කියලා.. උන්දෑමනේ මට කිව්වේ ඒක..
    කාගෙන්වත් මොනාවත් අහන්නේ මොකටද කියලා ඔන්න කොහෙත්ම re post නොවෙන කතාවක් දානවා මං අද.
    කට්ටිය හිතයි මේක re post නෙවෙයි කියලා මම කොහොමද මෙච්චර sure එකටම කියන්නේ කියලා..
    මොකද මේක මටම වෙච්ච සිදුවීමක් නිසා................!
    මීට අවුරුදු 9 කට විතර කලින් ඒ කියන්නේ මම පැටියා කාලේ 7 වසරේ ඉද්දි වෙච්ච සීන් කෝන් එකක් මේක..
    ඒ කාලේ දැන් වගේ නෙවෙයි මං හොඳේ.. මගේ චින්තන ශක්තිය (අම්මටහුඩු...) බොහෝම ඉහල මට්ටමක තිබුණාය..
    කොච්චරවත් පන්තියේ හිටපු මම කොච්චරවත් හිටියේ පන්තියේ නෙවෙයි.. ඒ කියන්නේ ගතින් හිටියත් හිතින් නං මං හිටියේ පන්තියේ නෙවෙයි.. වෙනම ලෝක වල..
    ඉතින් ඔන්න ඔය වගේ සුන්දර දවසක interval එකෙනුත් පස්සේ ටිකක් නිදිමතත් හැදීගෙන එන ජාමෙට අපිට තිබ්බේ සමාජ අධ්‍යනය period එකක්..
    ඇසවහක් කටවහක් නෑ අපිට සමාජ අධ්‍යනය කොරන්න හිටපු ගුරුතුමිත් පන්තියට එන්නේ නිදිමත බෙද බෙද..
    ඔන්න එයත් ඇවිල්ලා පාඩම පටන් ගත්තා..
    පාඩම නං මොකද්ද කියලා මතක නෑ.. හැබැයි මම ඇරෙන්න පන්තියේ අනිත් එවුන් ඔක්කොම වගේ උනන්දුවෙන් අහන් හිටිය කියලා නං මතකයි..
    ගැමි වහර ගැන මොන මොනවා හරි කිව්වා වගේ තමයි මතක..
    සමාජ අධ්‍යනය අච්චු පොත තිබ්බෙත් පන්තියේ පැමිණීම සටහන් කරන register ඒක තිබ්බෙත් ගුරු මේසේ උඩ ඒක ළඟ..
    ටිකක් වෙලා ඔය දෙක දිහා බලන් හිටපු ගුරුතුමී එක පාරටම පන්තිය දිහා බලලා ඇහුවා
    "කවුද මයිලණුවන් කියන්නේ" කියලා..
    Harry Potter and the Philosopher's Stone ලෝකේ හිටපු මට සිහිය ආවේ ඔන්න ඔය ටික ඇහුවට පස්සේ..
    මම හිතුවේ මේ ගෑනි කන්නාඩි දෙකත් නොදා register එකේ උඩින්ම තියන මගේ නම වරද්දලා කියනවා කියලා..
    දඩි බිඩි ගාල පුටුවෙන් නැගිට්ට මම අතකුත් උස්සලා කිව්වා.......
    "මිස්, මයිලණුවන් නෙවෙයි මං අමිල නුවන්" කියලා..