මරණයෙන් අනූනමයෙන් බේරුණු අවස්ථා

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මරණයෙන් අනූනමයෙන් බේරුණු අවස්ථා

    මරණයෙන් අනූනමයෙන් බේරුණු අවස්ථා තියෙනවද උඹලගේ ජීවිතයේත් ?

    පළවෙනි අත්දැකීම.
    අපේ තාත්තා මට මෝටර් බයිසිකල් පදින එක තහනම් කරලා තිබුනේ.තාත්තා ගාව බයික් එකක් තිබුණා.දවසක් වැස්ස දවසක තාත්තා බයිසිකලේ ගෙදර දාල බස් එකේ ඔෆිස් ගිහිල්ල.මම ඉස්කෝලේ ගිහින් හවස්වෙලා ගෙදර එද්දී ගෙදර කවුරුත් නෑ .බයිසිකලෙත් ගෙදර.තාත්තා එන්න පැයක් තියෙන නිසා පුළුවන් මම සෑහෙන්න දුරක් පාරේ ගියා..ගිහින් ආපහු හැරිලා එද්දී ගෙදර යන්න වෙලාව මදි. ඒක නිසා ටිකක් හයියෙන් 70-80KMPh වගේ ආවා ..පුළුවන් හැම වාහනයම ඉස්සර කළා ..ඒත් ඒ දවස්වල timing හරියට නැතිනිසා එක Elf ලොරියක් ඉස්සර කරද්දීම අනිත් පැත්තෙනුත් ඒ වගේම ලොරියක් ආවා..මාව ලොරි දෙක මැද්දේ හිරවුනා ...මොකක් කරන්නද කියලා හිතාගන්න බැරිඋනා.ඇස් දෙක වහගෙන handle එක කෙලින් අල්ලාගෙන එහෙමම ගියා…

    කුණුහරුප 10-15ක් ලොරිකාරයෝ දෙන්නගෙන්ම ඇහුනා මතකයි….එහෙමම ගෙදර ආවා ..මුකුත් වුනේ නෑ වගේ හිතාගෙන ඇඳට ගිහින් නිදා ගත්තා ...රෑ නැගිටලා බලද්දී Side කණ්නාඩි දෙකම හීරිලා ...ඒ වෙද්දී මගේ වයස අවුරුදු 16 යි.අදටත් ඒ සිද්ධිය මතක් වෙද්දී හිතෙනවා පුරුවේ වාසනාවකට එදා මැරුණේ නැත්තේ කියලා…

    දෙවෙනි අත්දැකීම..
    යාලුවෙක් එක්ක මාලිගාවත්තේ එකෙක් හම්බවෙන්න ගියා ක්‍රිකට් match එකක ටිකට් බ්ලැක් market price එකට ගන්න..5 ට ළඟ නිසා traffic වලට ඉස්සෙල්ලා යන්න ඕනේ හදිස්සියක් ත්‍රීවීල් පොරට තිබ්බා.
    ත්‍රීවීල් එක එලවපු පොර හරියට පාර බලන්නේ නැතුව ලොකු වංගුවක් ගත්තා මාලිගාවත්ත හරියේදී...තඩි කන්ටේනර් එකක් මුණට මුණ සෙට් වුණා..ආපු වේගෙට අහකට කපලා ත්‍රීවීල් එක බ්‍රේක් ගැහුවා...එතන ඉඳන් මීටර් 4ක් පහක් විතර වාහනේ ගියේ දෙපැත්තට පැද්දී පැද්දී ...එක වෙලාවකට මම උඩ යනවා ...මම බිමට ආවම අනෙක් පැත්තේ හිටපු මගේ යාළුවා උඩ යනවා … :D

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    සිරාවට බං මටත් ඔහොම වුණාම හිත හදාගන්ඩ හරි අමාරුයි :sorry: දැං ඉතිං ඉඳල වැඩක් නෑ. මම මැරණ වගේම තමා :rofl:

    මට ඔච්චර ලොකු දේවල් නෙමේ, පොඩි දේවල් වලටත් අවුල් යනව..

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ගොන් පාර්ට්ස් කියල හෙඩින් එක මාරු කරපන්.

    ගොන් පාට් වෙන්නෙ කොහොමද හුත්තො, තෝ ගුලි කාලද :angry:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    දැනට අවුරුදු 8-10 ට ඉස්සෙල්ල රත්නපුරේ පැත්තේ ගඟක නාන්න ගියා, මාත් එක්ක හිටිය පොන්නයට පීනන්න බැ, ඒ හුකන්න ගිලෙනකොට මගේ ඔලුවට අත් දෙක තියල උඩ එන්න හැදුවා එක දිගටම. දැන් ඩබලම ගිලෙනවා, වටේ හිටිය සෙට් එකක් පැනල අරුව උඩට ඇදල ගත්ත. එදා ඉදන් වතුරට බහින්නකොට ඔය උත්ත මතක් වෙනවා
     
    • Like
    Reactions: HSW

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    මිනිහෙක් ගිලෙනකොට ඕක ඉබේටම වෙනවා බං. ඌ හිතල කරන එකක් නෙමේ. මොකේ හරි එල්ලෙන්න බලන්නෙ. :sorry:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    යාළුවා;23183959 said:
    මිනිහෙක් ගිලෙනකොට ඕක ඉබේටම වෙනවා බං. ඌ හිතල කරන එකක් නෙමේ. මොකේ හරි එල්ලෙන්න බලන්නෙ. :sorry:

    ඔව් මාත් අහල තියෙනවා ඒ වෙලාවට මරුවිකල්ලෙන් පඳුරක හරි එල්ලෙනවාලු .
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉස්සර දවසක (2004 වගේ) දවසක් හොදට හෙයාර් ක්‍රීම් එහෙම ගාගෙන කොන්ඩෙ හදාගෙන බස් එකේ යන්න සෙට් වුනා. ඒ පාරෙ තිබ්බෙ අර පොඩි රෝසා බස්.. ඒක කට කපල සෙනග.. ෆුට්බෝඩ් යන්න සෙට් වුනේ.. මගදි තව ඇන්ටිල ටිකක් සෙට් වුනා. ඒ අයවත් ඇතුලට දාලා මමයි තව ඩයල් එකකුයි තනි අතකින් එල්ලිල යනවා දැන්.. පාරත් පොඩියි. ඒත් බස් කාරය අරිනව එකසිය ගානට. කොහොම හරි මගේ කොන්ඩෙ අවුල් වෙලා, ඇදුම් විකාර වෙලා ටික දුරක් ගියා. පස්සෙ කොන්ඩෙ හදාගෙන ආයිත් එල්ලුනා. ඔලුවෙ ගාලා තිබ්බ හෙයා ක්‍රීම් වල තෙල් ගතිය අතට සෙට් වුනා. ඉතින් දැන් බස් එකේ යකඩ පොල්ල අල්ලන් යද්දි මට තේරෙනවා ඒක ටික ටික ලිස්සල අත ඇරෙනවා.. හෙයා ක්‍රීම් වල තෙල් ගතියට.. කකුලක බාගයක් විතරයි තිබ්බෙ. අත ඇරැන ගමන් අනිවා බිමට වැටෙනවා යන ඈන්ගල් එකත් එක්ක. දැන් මට වැටෙනවට වඩා හොදයි බස් එකෙන් පනින එක කියල හොද තැනක් බල බල මර බයෙන් යනවා. ඒ එක්කම අත ඇරුන කියහන්කො. හිතාගන්න බැරි විදිහට මට එහා පැත්තෙ ගිය එකා සෙනිකව මාව අල්ලගත්තා දෙයියො එව්වා වගේ.. පොරට තේරුනා මම හෙන අමාරුවෙන් ආවෙ කියල. පස්සෙ මම ඊළග හෝල්ට් එකෙන් බැහැල වෙන එකක ගියා.. ඒ බස් එක ගිය ස්පීඩ් එකට වැටුනනන් එක්කො මැරෙනවා. නැත්නන් අබ්බගාත වෙනවා අනිවා..
     
    • Like
    Reactions: HSW

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ගොන් පාර්ට්ස් කියල හෙඩින් එක මාරු කරපන්.

    උඹ අළුතෙන් එහෙම එකක් දාපං.මාත් බම්පියක් දාන්නම්.මේකේ හෙඩින් මාරු කර කර ඉන්න එක මට ආතල් නෑ.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ඔව් මාත් අහල තියෙනවා ඒ වෙලාවට මරුවිකල්ලෙන් පඳුරක හරි එල්ලෙනවාලු .

    එළකිරි එකේම ඉන්නව මගෙ යාලුවෙක් ඌටත් ඕකම උනා. පස්සෙ ඌ කිව්ව ඌට හිතුන දේවල්. ඌයි තව හතර දෙනෙකුයිද කොහෙද ගිලෙන්න ගියෙ :eek:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ඉස්සර දවසක (2004 වගේ) දවසක් හොදට හෙයාර් ක්‍රීම් එහෙම ගාගෙන කොන්ඩෙ හදාගෙන බස් එකේ යන්න සෙට් වුනා. ඒ පාරෙ තිබ්බෙ අර පොඩි රෝසා බස්.. ඒක කට කපල සෙනග.. ෆුට්බෝඩ් යන්න සෙට් වුනේ.. මගදි තව ඇන්ටිල ටිකක් සෙට් වුනා. ඒ අයවත් ඇතුලට දාලා මමයි තව ඩයල් එකකුයි තනි අතකින් එල්ලිල යනවා දැන්.. පාරත් පොඩියි. ඒත් බස් කාරය අරිනව එකසිය ගානට. කොහොම හරි මගේ කොන්ඩෙ අවුල් වෙලා, ඇදුම් විකාර වෙලා ටික දුරක් ගියා. පස්සෙ කොන්ඩෙ හදාගෙන ආයිත් එල්ලුනා. ඔලුවෙ ගාලා තිබ්බ හෙයා ක්‍රීම් වල තෙල් ගතිය අතට සෙට් වුනා. ඉතින් දැන් බස් එකේ යකඩ පොල්ල අල්ලන් යද්දි මට තේරෙනවා ඒක ටික ටික ලිස්සල අත ඇරෙනවා.. හෙයා ක්‍රීම් වල තෙල් ගතියට.. කකුලක බාගයක් විතරයි තිබ්බෙ. අත ඇරැන ගමන් අනිවා බිමට වැටෙනවා යන ඈන්ගල් එකත් එක්ක. දැන් මට වැටෙනවට වඩා හොදයි බස් එකෙන් පනින එක කියල හොද තැනක් බල බල මර බයෙන් යනවා. ඒ එක්කම අත ඇරුන කියහන්කො. හිතාගන්න බැරි විදිහට මට එහා පැත්තෙ ගිය එකා සෙනිකව මාව අල්ලගත්තා දෙයියො එව්වා වගේ.. පොරට තේරුනා මම හෙන අමාරුවෙන් ආවෙ කියල. පස්සෙ මම ඊළග හෝල්ට් එකෙන් බැහැල වෙන එකක ගියා.. ඒ බස් එක ගිය ස්පීඩ් එකට වැටුනනන් එක්කො මැරෙනවා. නැත්නන් අබ්බගාත වෙනවා අනිවා..

    :shocked::shocked:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl

    එහා පැත්තේ ගිය එකාව මතක නැද්ද උබට
    මම හින්දයි අද තෝ ඔහොම ඉන්නේ
    පරඩල වගේ ඇදල ගත්ත නිසා හොදයි :P
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    සිරාවට බං මටත් ඔහොම වුණාම හිත හදාගන්ඩ හරි අමාරුයි :sorry: දැං ඉතිං ඉඳල වැඩක් නෑ. මම මැරණ වගේම තමා :rofl:

    මට ඔච්චර ලොකු දේවල් නෙමේ, පොඩි දේවල් වලටත් අවුල් යනව..

    :sorry:යුධ හමුදා සටන් බිම් වල හිටපු සොල්දාදුවන්ට ඕක ලොකුවටම දැනෙනවලු.

    Post-Traumatic Stress Disorder (PTSD)
     
    dDonza

    Member
    May 8, 2018
    24
    4
    0
    එදා විශේෂ දවසක්. මගේ වයිෆ්ට පුතා හම්බෙලා රෝහලේ හිටියේ. මම දැන් ඒ දෙන්නා බලන්න හොස්පිටල් එකට යන ගමන්. මම බස් එකේ නැගලා ඩ්‍රයිවර්ට පිටිපස්සේ තියෙන සීට් එකේ වාඩි වෙලා ගමන යනවා. සීට් එකේ ජනේලේ අයිනේ තව පිරිමි කෙනෙක් හිටියා.

    මෙහෙම යද්දී එක පාරම පිටිපස්සෙන් ආපු ට්‍රේල් බයික් එකක් බස් එක ඉස්සර කරලා, පාර හරස් කරල නැවැත්තුවා. ඊට පස්සේ බයික් එකේ ආපු මිනිහා ඩයිවර්ගේ සීට් එක ලග තියෙන ටයරය උඩට නැගල තුවක්කුවක් අරං වෙඩි තිබ්බ බස් එක ඇතුලට.

    මට එහා පැත්තේ හිටපු කෙනාගේ කට පාසරු කර ගෙන උණ්ඩයක් ගියා. ඒ මනුස්සා කට අල්ල ගත්ත. ලේ විදිනවා.

    මම එහෙම්ම බස් එකෙන් පැනලා දිව්වා. හොස්පිටල් එකටම පිස්සෙක් වගේ දුවගෙන ගියේ. මගේ ඇගේ ලේ හැම තැනම. සෙරෙප්පු, පර්ස් එහෙම කොහෙද දන්නේ නැහැ. කමිසය උඩට ඇවිල්ල එකෙත් ලේ.

    ජිවිතේ බේරුනේ අනු නමයෙන්.

    මේක උනේ 88/89 භීෂණ සමයේදී. ජේවීපී කෙනෙක් ඇවිත් වෙඩි තියලා තියෙන්නේ.
     
    • Like
    Reactions: HSW

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    එහා පැත්තේ ගිය එකාව මතක නැද්ද උබට
    මම හින්දයි අද තෝ ඔහොම ඉන්නේ
    පරඩල වගේ ඇදල ගත්ත නිසා හොදයි :P

    යකෝ ඒ අන්කල් ටයිප් අයිය කෙනෙක්.. ඒ උඹද සිරාවට.. සොරි අන්කල්.. ඔයාට ස්තූතියි එදා මාව බේරගත්තට...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එදා විශේෂ දවසක්. මගේ වයිෆ්ට පුතා හම්බෙලා රෝහලේ හිටියේ.
    මේක උනේ 88/89 භීෂණ සමයේදී. ජේවීපී කෙනෙක් ඇවිත් වෙඩි තියලා තියෙන්නේ.

    ඔයාට අයිය කියන්නද අන්කල් කියන්නද කියල හිතාගන්න බැහැ..
    පුතා දැන් අවුරුදු 30 ක විතර තරුණයෙක් වෙන්න ඇති..
    සමහර විට පුතාටත් ළමයි ඇති...:rolleyes::rolleyes: