නොමැරී බේරුණ අවස්ථා 4 ක් තියෙනව. 
බැලූ බැල්මට බරපතල නොවුනත් පොඩ්ඩක් එහා මෙහා උනා නම් අද මේක ටයිප් කරන්න මම වගේ එකෙක් නොඉන්න ඉඩ තිබුණ.

1 වෙනි සිද්ධිය
මේක උනේ මම පොඩි කාලෙ....
එදා අපේ මාමා කෙනෙකුත් කොහොම හරි ඇවිත් හිටිය ගෙදර වෙලාවට. පොඩි කාලෙ මම ආසයි ලොකු බේසමකට වතුර පුරවල නාන ගමන් ටික වෙලාවක් වතුර ඇතුලට මූණ ඔබාගෙන ඉන්න. ‘‘පොඩි කාලෙනෙ බං... අමුතු සෙල්ලං නෙ තියෙන්නෙ...’’
ඉතිං ළිඳ ලග වතුර බේසමකට අම්ම වතුර පුරවල තිබුණ. අම්මත් ලිඳ ලග රෙදි හෝදනව. ඉතිං මම නාන්න පටන් අරං ටිකකින් මූණ වතුර බේසමට ඇතුලට ඔබාගෙන ටිකක් හිටිය. නාහෙ, කන වැහෙනකම් වතුර ඇතුලට ඔළුව ගිහිං තිබුණෙ. ඔන්න මම ඔලුව උඩට ගන්න යද්දි වතුර ඇතුලෙන් මූණ එලියට ගන්න කලිං එක පාරටම හුස්ම ඉහළට ඇදුන... මල මගුලයි වතුර හිර වුණා කෙලින්ම ගිහිං... අර ඉස්පොල්ලෙ ගියා කියන එකේ හොඳම එක. මට තේරුණ හැටියට වතුර ගොඩක් උඩට ගිහිං හිරවුණා. පොඩ්ඩක් නෙමෙයි. දැන් මට හුස්ම ගන්නත් බෑ පාතට දාන්නත් බෑ කරගන්න දෙයක් තේරෙන්නෙත් නෑ... මම කට බලිය වගේ ඇරගෙන ඇස් දෙක හෙන ලොකු කරගෙන ‘‘ඔක් ඔක්’’ කියල ගැස්සෙනව විතරයි... (මම හිටපු විදිහ පස්සෙ අම්ම කිව්වෙ එහෙම) අම්ම ලග හිටපු නිසා එක පාරට කෑ ගහල දඩි බිඩි ගාල මාව අල්ලගෙන පිටට තට්ටු දැම්ම... අම්මගෙ කෑ ගැහිල්ලට මාම දුවගෙන ආව... අම්මට වඩා හයියෙන් මාමා පිටට තඩි බෑව... කොහොම හරි ඒ පාරට හිරවෙච්චි වතුර ටික එලියට පැන්න... පොඩි උනත් මට මතකයි කිසි දෙයක් කරගන්න විදිහක් නෑ උගුර, පපුව පුපුරන්න වගේ වේගෙන ආව මතකයි... තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනා නම් කපෝති තමයි ඉතිං.... ඒ සේරටම වඩා අමාරු උණේ අම්මගෙන් ගුටි කාපු එකයි අහපු බැනුම් ටිකයි... 

2 වෙනි සිද්ධිය
මේක උනේ දහය එකොළහ වගේ වසර පන්ති යන්න යනකොට.... කොල්ලො සෙට් එකත් එක්ක කයිය දදා පන්ති යන්න ස්ටේෂන් එකට යන්න යනකොට දැක්ක කෝච්චිය එන්න ගේට්ටුවත් වහල කියල. සෙට් එකම හුරේ රන් එක කෝච්චිය අල්ලගන්න. මාත් ඉතිං දිව්ව. මම තමයි අන්තිමටම දිව්වෙ... රේල් පාර හරහා අනිත් පැත්තෙ ප්ලැට්ෆෝම් එකට තමා කෝච්චිය එන්නෙ... දැන් දුවගෙන එද්දි කෝච්චිය ලග ලගම එනව පෙනුණ... කට්ටිය රේල්පාර හරහා පැන්නා එකා එකා... මට දැන් කෝච්චිය මේ ලග ලග ම පේනව... මාත් ඇරියෙ නෑ ෆුල් ගැම්ම අරං පැන්නා රේල්පාර හරහා... මම පනිද්දිම තමා කෝච්චිය මාව පහු කලේ... අපි පනිද්දි ඒ ලග ප්ලැට්ෆෝම් එකේ හිටපු කෙල්ලො ටිකක් කෑ ගැහුව මම පනිනව දැකල. මගෙත් පපුව ඩිග් ඩිග් ගාල ගැහුන ඒ සිද්ධියට. සිද්ධිය දැකපු උන් බනිනව. පොඩ්ඩක් එහා මෙහා උනා නම් ඉවරයි කියල.
3 වෙනි සිද්ධිය
මේක උනේ හොස්පිටල් එකකදි... ඒත් මං පොඩි කාලෙ...
මගෙ ලග තනියට හිටියෙ තාත්ත... මට උණක් හැදිල වාට්ටුවේ නවත්තල හිටියෙ... ඒ කාලෙ ඩෙංගු වලට සෑහෙන්න බයයි... පොඩි ළමයින්ට උණයි වමනයයි යනව නම් කෙලින්ම නවත්තනව හොස්පිටල් එකේ.... ඉතිං ඒ වගේ එකක් තමා මටත් තිබ්බෙ... කොහොම හරි උණ නම් ඩෙංගු නෙමෙයි... වෙන මොකක් හරි එකක්....
කොහොම හරි සිද්ධිය මේකයි.... අර ලෙඩ්ඩු බලන්න වාට්ටුවට එනවනෙ ඩොක්ටර්ලා... ඒ වගේ වෙලාවක මේක උණේ.... නැත්තං කෙලවීමේ සම්භාවිතාවය සෑහෙන්න වැඩිවෙන්න ඉඩ තිබුණ... මට සේලයින් දීල තිබුණෙ. එක මිසී කෙනෙක් හරි කවුරු හරි ඇවිල්ල ඒ සේලයින් එකට ඉන්ජෙක්ෂන් එකක් ගහල ගියා මොකක් හරි එකක් මට ඒක නම් මතකයක් නෑ පොඩියි ඔව ගැන තේරුමක් නෑ. ඉතිං ඔන්න පැය බාගයක් හරි පැයක් හරි කාලයක් යනකොට මෙන්න මට නොදැනීම මගේ ඇග ගැහෙන්න ගත්ත... මටම තේරෙන් නෑ මොකක් වෙන්න යනව ද කියල.... ගැහෙන එක වැඩි වෙන්න පටන් ගත්ත මට නිකං වටේ හැම එකක්ම කැරකෙනව වගේ වෙන්න ගත්ත කටෙන් වචන පිටවෙන් නෑ නිකම් සද්ද විතරයි පිට වුණේ මතක විදිහට මම ගැහෙනව තාත්ත දැකල ඩොක්ටර් කෙනෙක්ට කෑ ගහල කතා කලා... මිසීලයි ඩොකෙකුයි දුවං ආව... ඇවිත් මාව චෙක් කලා... මට යන්තම් මතකයි ඩොකා අහනව මිසී කෙනෙක්ගෙන් මොකක් හරි ඊට පස්සෙ ඩොකා මිසීට බැණ්න සැරට මට මතක විදිහට.... ටක් ගාල සේලයින් එක ගැලෙව්ව ගලවල වෙන මොකක් හරි ඉන්ජෙක්ෂන් එකක් මට ගැහුව... මට ඊට පස්සෙ ටිකක් නින්ද ගියාද කොහෙද.... පස්සෙ දැනගත්තෙ මට මොකක් හරි දෙන්න සුදුසු නැති බේතක් තමා දීල තියෙන්නෙ වැරදිලා....
4 වෙනි සිද්ධිය
මේකත් කෝච්චි සම්බන්ධයි...
(මේ සිද්ධිය ගොඩක් වැදගත්... කෝච්චිවල යන අයටත්... වැරදීම් වෙන්න පුළුවන් පොඩි වෙලාවයි යන්නෙ කියන එක. අපි හිතන් නැති විදිහේ සිද්ධි වෙන්න ඉඩ තියෙනව කියන එක. අපිට ඔ්නෙ තැනකින් නැගල බැහැල ෂෝට් කට් වලින් යන්න පුළුවන් කම තිබ්බට ඒව කරද්දි නොහිතන අනතුරු වෙන්න ගොඩක්ම ඉඩ තියෙනව. මෙක කියන්න බේරුණ නිසා හොඳයි ඉතිං.)
මේක උනෙත් ක්ලාස් යන කාලෙ... ගම්පහ ස්ටේෂන් එකේ කොළඹ පැත්තට යන පැත්තෙ කෝච්චියක් නවත්තල තිබුණ. ප්ලැට්ෆෝම් මාරු වෙන්න ගාඩර් හදල දීල තිබ්බට ඒවා පාවිච්චියක් නෑනෙ... කොල්ලො නෙ... ආව පැන්න මාරු උනානෙ... තාමත් එහෙමයි සමහර වෙලාවට... හික්ස්....
ඉතිං මේ යන්න තියෙන කෝච්චියක් මට මතක විදිහට ඒක යන්නෙ නැතුව නවත්තං ඉන්නව... පෙට්ටි කෝච්චියක්... අනිත් පැත්තෙ පාරට යන්න වටෙන් යන්න බැරි නිසා ඔන්න මම නවත්තල තිබ්බ කෝච්චි පෙට්ටියේ දොරකින් ඇතුළු වෙලා කෙලින්ම අනිත් පැත්තෙ දොර ගාවට ගියා ගිහිං එලියට ඔළුව දාල බැළුව කොළඹ යන පැත්ත... ගොඩක් ඈත පේනව මොකක් හරි කෝච්චියක් නවත්තං ඉන්නව. ඒ කාලෙ මට මතකයි ගම්පහ ඔහොම කෝච්චි නවත්තං ඉන්නව රේල් ගේට් එක හරහා වාහන යනව වැඩි වුණාම ඒක වහගන්න වාහන ටික යනකම් සිග්නල් දීල. පස්සෙ ගේට්ටුව වැහුවම කෝච්චිය එනව ස්ටේෂන් එකට. දැන් මම හිතුව එහෙනම් ඒක තමා මේ යන් නැතුව ඉන්නෙ කියල මම බැස්සා රේල් පාරට. බැහැල හිමිහිට අනිත් පැත්තෙ ප්ලැට්ෆෝම් එකට නගින්න යද්දි තමා මම දකුණු පැත්ත බැළුවෙ... මල හත් ඉලව්වයි අර පරණ එන්ජින් කෝච්චියක් මෙන්න එනව දකුණු පැත්තෙන්... ලගට එනකම් සද්දයක් ඇහුනෙත් නැහැ... කෝච්චියේ හෝන් එකක් ගැහුවෙත් නැහැ... කෝච්චි එන්ජිම මට මතක හැටියට තිබ්බෙ අඩි විස්සක විතර දුරකින්... මම එහා ප්ලැට්ෆෝම් එකට නගින මොහොතෙ නෙ දැක්කෙ... ටක් ගාල නැග ගත්ත නැත්තං තව තත්පර ගාණක් එහා මෙහා වෙන්න විතරයි තිබුණෙ කෙළ වෙන්ඩ... 