මරණයේ කම්හල්

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    පළමුවන ලෝක යුද්ධයෙන් පසු වයිමාර් සමූහාණ්ඩුව වසර 14ක් පුරාවට පාලනය ගෙන ගිය සමයේ විරැකියාව, ආහාර හිඟය, ආර්ථික උද්ධමනය සහ වර්සේල්ස් ගිවිසුම මඟින් පළමු ලෝක යුද්ධයේ මිත්‍ර පාක්ෂිකයන්ට ගෙවීමට සිදු වූ වන්දි මුදල යනාදී දහසක් ගැටලුවලට මුහුණ දීමට ජර්මනියට සිදු වුණා. දේශපාලනමය ව්‍යාකූල තත්වයක් පැවති මේ යුගයේ ජර්මනිය අන්ත දුගී භාවයට පත්ව තිබූ රාජ්‍යයක්. 1930 සිට ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවත් ඉන් පරාජයට පත්වන ඇඩොල්ෆ් හිට්ලර් 1933 වර්ෂයේ ජර්මනියේ චාන්ස්ලර් පදවියට පත් වන්නේ ඒ ගැටලුවලට පිළිතුරු සෙවීමේ අරමුණ ඇතිවයි. එවක සිටි ජනාධිපති හින්ඩන්බර්ග් මියයාමෙන් පසු ජනාධිපති ලෙස පත්වන ඇඩොල්ෆ් හිට්ලර් එතැන් සිට ඔහුගේ ඒකාධිපති පාලනය ආරම්භ කළා. ඇඩොල්ෆ් හිට්ලර් පළමු ලෝක යුද්ධයේදී ජර්මනිය වෙනුවෙන් සටන් කළ සෙබළෙකු වීම නිසාත් ඔහු තුළ වූ අධික ජාත්‍යාලය නිසාත් ජර්මනිය තුළ ජාතිකවාදී ආකල්ප ව්‍යාප්ත කිරීම සඳහා නාසිවාදය ඉදිරිපත් කළා.

    රාජ්‍ය නායකයා වෙත අසීමිත බලතල ගොනු කෙරෙන නාසිවාදය හරහා ජර්මානුවන් සැබෑ ආර්‍යයන්ගෙන් පැවත එන බවත් එය ලොව උතුම් මානව වර්ගය බවත් ජර්මන් ජනතාවට ඒත්තු ගැන්වීමට හිට්ලර් තම චතුර කතා විලාසය භාවිතා කළා. යුදෙවුවන්, කොමියුනිස්ට්කාරයන් වගේම හිට්ලර්ගේ නාසි වාදී පක්ෂයට විරුද්ධ වන ඕනෑම කෙනෙකු සතුරෙකු ලෙස නම් කෙරුණා. අතිශය පීඩාවට පත්ව දහසක් දුක් කම්කටොලුවලට මුහුණ දුන් ජර්මන් ජනතාවට තමන් වෙනුවෙන් නිර්භයව කතා කළ හිට්ලර් දේවදූතයෙක් වුණා. ස්වස්තිකය සහිත ධජය ඔවුන්ට එකම පිළිසරණ වුණා. නාසිවාදයට විරුද්ධ වන අය නිහඬ කිරීමට හිට්ලර් ඔහුගේ ss හමුදාව පාවිච්චි කළා. මුලදී රහස් හමුදා කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වූ එස් එස් භටයන් පසුව නිල රාජ්‍ය හමුදාව බවට පත් වූවා. “ගස්ටාපෝ” නමින් රහස් පොලිසියක්ද පිහිට වූවා. ජර්මනිය තුළ හිට්ලර්ගේ නාසිවාදය සහ ඉතාලියේ ආඥාදායක මුසෝලිනිගේ පැසිස්ට් වාදය එකතු වී යුරෝපය පුරා භීෂණය පැතිරවීම ආරම්භ කළා. හිට්ලර්ට එකතු වූ ඉතාලිය, හංගේරියාව සහ රුමේනියාවට එරෙහිව මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, සෝවියට් රුසියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අත්වැල් බැඳගත්තා . 1941 වර්ෂයේ ජපානය විසින් ඇමරිකානු හත්වන නාවික බලඇණියට පහරදීමත් සමග මේ බල තරඟය ලෝක යුද්ධයක් දක්වා වර්ධනය වූවා.

    NightWillFall460.png


    ජර්මනියේ පාලන බලය අල්ලාගත් හිට්ලර් ජර්මනිය තුළ සියලුම දේශපාලන පක්ෂ තහනම් කළා. තාමට විරුද්ධ වන සහ විරුද්ධ වියහැකි යැයි සිතූ සෑම දේශපාලඥයෙකුම සහ යුරෝපයෙන් සදහටම තුරන් කළ යුතු යැයි සැලකූ යුදෙව් ජාතිකයන් රඳවා තබා ගැනීමට හිට්ලර් දේශපාලන සිරකඳවුරු සංකල්පය බිහි කළා. මේ කඳවුරු ගොඩනැගීමෙහි මුල් පරමාර්ථය ලෙස දැක්වූයේ සිරකරුවන් නව ජර්මනියට ගැලපෙන ලෙස පුනරුත්තාපනයයි. එහෙත් ක්‍රියාත්මක වීමේදී ඒවා වධකාගාර හෝ සමූල ඝාතන මධ්‍යස්ථාන බවට පත්වූවා. පසු කාලීනව මේ සිරකඳවුරුවල පාලනය එස් එස් හමුදා වෙත භාරදෙනු ලැබුවා. දෙවන ලෝක සංග්‍රාමයේදී ජර්මනිය පුරා සහ ජර්මනිය විසින් ආක්‍රමණය කර අත්පත් කරගත් පෝලන්තය වැනි සෙසු රටවල් තුළද මේ සිරකඳවුරු ගොඩ නගනු ලැබුවා.
    පළමු නාසි සිරකඳවුර වන ඩැකාවු (Dachau) කඳවුර ජර්මනිය තුළ ගොඩනැගුණේ 1933 වසරේ හිට්ලර් චාන්ස්ලර් ධුරයට පත් වූ කාලය තුළයි. ඉන්පසු ප්‍රධාන කඳවුරු සහ ඒ ආශ්‍රිත උප සිරකඳවුරු 1200 පමණ යුරෝපය පුරාම ගොඩ නැගුණා. ඒ අතරින් Auschwitz, Bergen-Belsen, Majdanek, Buchenwald යන කඳවුරු ලොව පුරම කතාබහට ලක් වුණා. වහල් කඳවුරු, පුනරුත්ථාපන කඳවුරු, හුවමාරු කිරීමේ කඳවුරු යනාදී වශයෙන් ජර්මන් සිරකඳවුරු වර්ග කොට දැක්වුණා. කුමන ආකාරයෙන් වර්ග කරනු ලැබුවත් මේ සිරකඳවුරු සියල්ල තුළ එක් කෝටි දස ලක්ෂයක පමණ සිරකරුවන් රඳවා තබා ගෙන මරණය තෙක් වද හිංසාවට ලක් කෙරුණා. මිලියනයකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් කරමින් මානව ඉතිහාසයේ මෙතෙක් සිදුව ඇති විශාලතම සමූල ඝාතනය සිදු වූයේ මේ කඳවුරු අතරින් විශාලතම කඳවුර වන Auschwitz කඳවුර තුළදීයි. කඳවුරු තුළ එස් එස් හමුදා භටයන් යටතේ පැවති පාලනයෙන් දහස් ගණනක සිවිල් ජනතාව දැඩි පීඩාවන්ට ලක් වුණා.

    night.jpg


    මේ කඳවුරු තුළට යැවුණේ හිට්ලර්ගේ නාසි වාදයට විරුද්ධ වූ කොමියුනිස්ට්වාදීන්, රුසියානුවන්, යුදෙවුවන්, සමලිංගිකයන් සහ එස් එස් හමුදාවේ අත් අඩගුවට පත්වන සාමාන්‍ය අපරාධකරුවන්. සිරකඳවුරු වෙත යැවුණේ වැඩිහිටි පිරිමින්, ගැහැනුන් පමණක් නොවේ. කුඩා දරුවන්ද සිර ගත කරනු ලැබුවා. සෑම සිරකරුවෙකුම කඳවුරු තුළ තමා අයත්වන කණ්ඩායම නියෝජනය කිරීමට කමිස අතේ ලාංඡනයක් පැළඳිය යුතු වුණා. කොමියුනිස්ට් වාදීන් ඇතුළු දේශපාලන සිරකරුවන්ට රතු ත්‍රිකෝණයක්ද, සාමාන්‍ය අපරාධකරුවන්ට කොළ පැහැ ත්‍රිකෝණයක්ද, සමලිංගික මිනිසුන්ට රෝස පැහැ ත්‍රිකෝණයක්ද සහ යුදෙවුවන්ට කහ ත්‍රිකෝණයක්ද යනාදී වශයෙන්.

    සෑම සිරකරුවෙකුගේම ඉරණම තීන්දු කෙරෙනුයේ ඔවුන් පිරී ඉතිරී යන තරම් තදබදයක් තිබෙන දුම්රිය මැදිරිවලින් එළියට බට විගසයි. ඇත්තෙන්ම ඔවුන් එළියට ඇද දැමූ විගසයි. ප්‍රයෝජනයක් ගත නොහැකි මහල්ලන් එවෙලෙහිම මරා දමනු ලැබුවා. සිරකරුවන් නිරුවත් කොට සියල්ලන්ගේම හිසකෙස් කපා විෂබීජ නාශක දියරයකින් නහවා හරස් ඉරි වැටුණු සිර නිල ඇඳුමක් සහ අංකයක් ලබා දෙනු ලැබුවා. ඔවුන් කිසිදිනෙක නමින් හැඳින්වූයේ නැහැ. සෑම කඳවුරකම සිරකරුවන් නිරාහාරව වහල් සේවයේ යෙදවූ අතර බැරැක්කවල ඔවුන් සතුව සනීපාරක්ෂක පහසුකම් මුළුමනින්ම පාහේ නොමැති වීම නිසා ඔවුන් අතර ටයිපස් උණ සහ වෙනත් බෝවන රෝග ශීඝ්‍රයෙන් පැතිර ගියා. ඔවුන්ට ප්‍රතිකාර කිරීමට එස් එස් භටයන් උනන්දු වූයේ නැහැ. මන්ද පෝෂණයෙන්, ටයිපස් උණ වැළඳීමෙන් සහ අධික ලෙස වහල් සේවයේ යෙදවීමෙන් දිනකට සිය ගණනක් මිය ගියා. එහෙත් දිනපතාම සිර කඳවුරු තුළ තදබදය වැඩි වූවා මිස අඩු වූයේ නැහැ.

    371429-2.jpg


    කාන්තාවන් සිරකඳවුරු තුළ ලිංගික අඩන්තේට්ටම්වලට ලක් වුණා. කුඩා දරුවන් නිසි පෝෂණයක් නොලබා ළදරු වියේදීම මිය ගියා. සෑම කඳවුරකම ආදාහනාගාරයක් සහ බිම්ගෙයක් ගොඩනගා තිබුණා. ආදාහනාගාර කිසිදින විවේක ගත්තේ නැහැ. වධකාගාර වූ බිම් ගෙයින් නැගෙන විලාප හඬ කිසිදා නැවතුණේ නැහැ. Auschwitz කඳවුරෙහිදී ජර්මන් නොවන දෙමවුපියන්ට උපන් සර්වසම නිවුන් දරුවන් වහාම ජෝසෆ් මෙනෙගෙලේ හෙවත් කඳවුරේ ප්‍රධානතම වෛද්‍ය නිලධාරියාට භාර දෙනු ලැබුවා. ඒ නිවුන් දරුවන්ට මෙන්ගෙලේ මාරාන්තික රෝග කාරක සමග කරන ක්‍රෑර පර්යේෂණවලට මුහුණ දීමට සිදු වූවා. ඔහුගේ දෑතින් නිවුන් දරුවන් 1500කට ආසන්න පිරිසක් මිය ගියා. එස් එස් පිරිමින් මෙන්ම ගැහැනුන් විසින් අතිශය දරුණු ලෙස සිරකරුවන්ට වද හිසා කරනු ලැබුවා. Auschwitz කඳවුරේදී විශාල ජන සංඛ්‍යාවක් එකවර මරා දැමීමට එස් එස් භටයන් ගෑස් කුටීර භාවිතා කළා. ගෑස් කුටීර තුළ කෘමි නාශකයක් ලෙස භාවිත වූ මරණීය සයික්ලෝන් (zyklon) වායුවට නිරාවරණය කර සමූල ඝාතනය කෙරුණා.

    ජීවත්ව සිටියදී කිසිදු ගෞරවයක් නොලද සිරකරුවන්ට මරණයේදී පවා ගෞරවයක් හිමි වූයේ නැහැ. මියගිය සිරකරුවන් වළ දැමීමට එස් එස් භටයන් උනන්දු වූයේ නැහැ .ඇතැම් මළසිරුරු දිරාපත් වන තෙක් එලෙසම තබා තිබුණා. ඔවුන්ට අවශ්‍ය වූයේ ඔවුන් සිදු කළ අපරාධයන්හි කිසිදු සාක්ෂියක් ඉතුරු නොකිරීමට. එබැවින් සියලු මියගියවුන් ආදාහනාගාරයෙහි පුළුස්සනු ලැබුවා. කිසිවෙකු ඇඳුම් සහිතව පිළිස්සීමට අවසර ලැබුණේ නැහැ. මිය ගිය සියල්ලන්ගේ ඇඳුම් නැවත පිරිසිදු කර නව සිරකරුවන්ට ලබා දුන්නා. මියගියවුන්ගේ හිසකෙස් කපා ක්‍රමානුකූල ලෙස අසුරා තැබුණා අපනයනය කිරීම සඳහා. ඔවුන්ගේ මුඛයෙන් දත් පවා ඉවත් කෙරුණා රන් දත් ඇතිදැයි පරික්ෂා කිරීමට. කිසිදු දෙයක් අපතේ යැවුණේ නැහැ. ඔවුන්ගේ සුළු සුළු අයිතිවාසිකම් පවා උදුරා ගැනුණා.

    දෙවන ලෝක යුද්ධයෙන් ජර්මනිය පරාජයට පත් වෙමින් සිටියදී, මිත්‍ර හමුදා බර්ලින් වෙත ගමන් අරඹා තිබියදී එස් එස් භටයන්ට නාසි හමුදා අණදෙන නිලධාරී හිම්ලර්ගෙන් නියෝග ලැබුණේ හැකිතාක් ඉක්මනින් කඳවුරු හිස් කරන ලෙසයි. කඳවුරු හිස් කිරීමට තිබුණේ විකල්ප දෙකක් පමණයි. පළමු වැන්න සිරකරුවන් වෙනත් ප්‍රදේශයක සිරක්ඳවුරකට යැවීමයි. දෙවැන්න නාසීන්ගෙ “අවසන් විසදුම” ක්‍රියාත්මක කිරීමයි. එක් එක් සිරකඳවුරුවල අණ දෙන නිලධාරීන් විවිධ තීරණ ගත්තත් අවසානයේ මිලියන සංඛ්‍යාත ජන සංඛ්‍යාවක් මරුමුවට පත් වුණා. මිත්‍ර හමුදා ඉදිරියට ගමන් කරද්දී මේ ජර්මන් සිරකඳවුරු එකින් එක මුදාවානු ලැබුවා. ඒ අනුව

    Majdanek කඳවුර – 1944 ජූලි 23 සෝවියට් හමුදා මගින්
    Auschwitz කඳවුර – 1945 ජනවාරි 27 සෝවියට් හමුදා මගින්
    Buchenwald කඳවුර – 1945 අප්‍රේල් 11 ඇමරිකානු හමුදා විසින්
    Bergen-Belsen කඳවුර – 1945 අප්‍රේල් 15 බ්‍රිතාන්‍ය හමුදා විසින්
    Dachau කඳවුර – 1945 අප්‍රේල් 29 ඇමරිකානු හමුදා විසින්

    යනාදී වශයෙන් සිරකඳවුරු මුදාවගනු ලැබුවා. ඇතැම් කඳවුරුවල නිදහස ලබාගැනීමට සිරකරුවන් අරගල කරමින් තිබුණා. Buchenwald කඳවුරේ එවකට සිරකරුවෙක්ව සිටි Bruno Apitz විසින් රචිත Naked Among Wolves කෘතියේ බූකන්වල්ඩ් කඳවුරේ නිදහස් අරගලය ගැන මනා විස්තරයක් දැක්වෙනවා. මේ සිරකඳවුරු නිදහස් කර ගැනීමේදී හෙළිදරවු වූ සිදුවීම් මිත්‍ර හමුදා කණ්ඩායම්වල සිටි කැමරාකරුවන් අතින් පටිගත කරගනු ලැබුවා. යුද්ධයෙන් පසු ඇතැම් කඳවුරු අද වනතුරුත් ස්මාරක ලෙස එලෙසම පවතිනවා. ඇතැම් ඒවා පසු කාලීනව නාසි සිරකරුවන් රඳවා තැබීමට භාවිතා කළා. ඇතැම් ඒවා බෝම්බ හෙළා විනාශ කර දැමුණා . ජර්මන් නාසි සිරකඳවුරුවල සිටි අවතැන් වූ සිරකරුවන් විවිධ රටවල්වලට සංක්‍රමණය වීම නිසා ඊශ්‍රාලය වැනි රටවල් බිහිවුණා.
    ඒ අතීත කතාව. වර්තමාන කතාව මේකයි.

    1945 වසරේ හමුදා කැමරාකරුවන් ජර්මන් සිරකඳවුරු මුදවා ගැනීම රූගත කරපු දර්ශන ඇතුළත් වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කරන්න ඇමරිකාව සහ මහා බ්‍රිතන්‍යය ඒකාබද්ධව කටයුතු කළා. එහි නිෂ්පාදනයට මූලික වෙන්නේ Sidney Bernstein මහතා සහ එහි අධ්‍යක්ෂක Alfred Hitchcock මහතා. එහෙත් දෙරටෙහි පවතින දේශපාලනමය ගැටලු සහ අනවබෝධය නිසා ඇමරිකාව “Death Mills” නමින් තනිව කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරනවා. ඒ චිත්‍රපටයෙන් එවන් සිදුවීමක් නැවත් සිදු නොවීමට ජනතාව තුළ ආකල්ප වර්ධනය කරනවා වෙනුවට ජර්මන් ජනතාවට චෝදනා කිරීමයි කරලා තිබුණේ. ඒ නිසා දෙරට එක්ව නිර්මාණය කරන්නට සූදානම් වූ German Concentration Camps Factual Survey නම් කෙටි වාර්තා චිත්‍රපටය නිර්මාණය කිරීමේ පරමාර්ථය ඇමරිකානු චිත්‍රපටයෙන් ඉටු වූයේ නැහැ. සිඩ්නි බර්න්ස්ටයින් මහතා දිගටම තම චිත්‍රපටය තනිව නිර්මාණය කරන්න උත්සාහ කළා. එහෙත් දේශපාලන ගැටලු නිසා එය නවතා දමන්න සිදු වෙනවා. වසර 70 කට පසුව බ්‍රිතන්‍යයේ ඉම්පීරියල් යුධ කෞතුකාගාරයේ කණ්ඩායමක් ඒ චිත්‍රපටය නැවත නිර්මාණය කරනවා . එය මුල් චිත්‍රපටයේ නමින්ම 2014 වර්ෂයේදී සිනමාවට එක් වෙනවා. මේ ඒ චිත්‍රපටයේ සත්‍ය රූපරාමු වල පෙනී සිටි වර්තමානයේත් ජීවත්ව සිටින පුද්ගලයන් ඇතුළත් කර German Concentration Camps Factual Survey නම් 1945 දී නිර්මාණය කරන්නට යෙදුණු වාර්තා චිත්‍රපටය පිළිබඳ නිර්මාණය වූ වාර්තා චිත්‍රපටයක්.

    nwf_jeep.jpg


    වැදගත්ම දේ මේ රූපරමු කිසිවක් චිත්‍රාගාරයක් තුළ හෝ ව්‍යාජ ලෙස සකස් කළ ඒවා නොවීමයි . මේ සත්‍ය සිදුවීම් . ඒ නිසාම IMDb හි 7.9ක අගයක් ලැබිලා තියනවා . ඉතිහාසය කියන්නෙ සිද්ධ වෙලා ඉවර වුණ දේවල්නෙ කියලා නොසලකා හරින්නෙ නැති ඒ දේවල් ඉගෙන ගන්න සංවේදීව ලෝකය දිහා බලන්න පුලුවන් හැම කෙනෙකුටම මේ චිත්‍රපටය වැදගත් වේවි.
    මේ තරම් දිග ලිපියක් කියවලා මහන්සිත් ඇති. සමහරවිට මට බනිනවත් ඇති මොකටද මේ වගේ දිග ලිපියක් ලිවුවේ කියලා. කොහොමවුණත් තවත් දිගට ලියන්න බලාපොරොත්තුවක් නෑ. මේක හොයලා දුන්න සමීර චතුරංග අයියාටත් ස්තුති කරමින් මම සමුගන්නවා. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග !:yes:

    Night Will Fall (2014)

    Download
    http://tinyurl.com/oxhdlyz

    සිංහල උපසිරස බයිස්කෝප් සයිට් එකෙන් ගන්න


    මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නියමයි විකියා.. බෑවෙන්න දැම්මා.. තව ගිගා දෙකයි ගානක් තිබ්බෙ හතර වෙනිදා වෙනකං.. ලිපිය කියෙව්වාම නොබා ඉන්න බැරි උනා කියහංකො.. :(
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩෝ තෑන්ක්ස් කොල්ලෝ හිටහන් බලන්න ඕනී :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක මං ලිපිය කියවපු වෙලාවෙම බාගෙන බැලුවා බං.. ඇඬෙනවා මේක බලද්දි.. පවු බං ඒ මිනිස්සු.. කී දාහක්ද.. එකෙක් දෙන්නෙක් නම් කමකුත් නෑ.. හැමෝම එකම විදියයි.. කටු ටික විතරයි ඉතිරි වෙලා තියෙන්නෙ.. :(