මරණය කොහොමද වෙයිද..
පුතේ හටගත් සියල්ලම දවසක නැතිවෙනවා
මිය යනවා. අපිත් දවසක මිය යනවා. හැබැයි
ප්රසන්ය නම් අපිට කොයි විදියට මිය යන්න
වෙයිද කියන එකයි. මේ ලොකේ මිනිසුන් හරිම
දුක්ඛිත විදියට මිය යනවා.
මදක් සිතා බලන්න මේ වනවිට ලෝකයේ
හරිම අවාසනාවන්තව, හරිම දුක්ඛිත විදියට
අසරණ වෙලා, දුක්විදල මිය ගියපු අය ගැන.
පුතේ අපිත් මේ සසරෙ හිටියොත්, අපිටත් අන්ත
අසරන විදියට දුක් විදල, මිය යන්න වෙනවාමයි.
එහි කිසිම සැකයක් නැහැ. හිතන්න කැලයක
අතර මං වෙලා නිරාහාරව මිය යන්න වුනොත්,
වතුරක ගිලිලා, යම් දෙයක හිරවෙලා එලියට
එන්න බැරිව මිය යන්න වුනොත්,
සොර සතුරන්ගේ පහරදීම් වලට ලක්වෙලා අත
පය තුවාල වෙලා මිය යන්න වුනොත්,ලෙඩ රෝග
හැදිල මළමූත්රා ගොඩක වැටිල මිය යන්න වුනොත්
පුළුවන් වෙයිද ඒ දුක දරාගන්නට, ඒ වගේ මරණ
මොන තරම් නම් දුක්ඛිත වෙයිද.. වේදනා වෙයිද..
පුතේ අපි මේ සසරෙ හිටියොත් අපිටත් ඒ වගේ
දුක්ඛිත අවාසනාවන්ත මරනයන් උරුම වෙනවාමයි.
මේ ජිවිතේ අපි දැනට යහපත්ව සිටිනවා විය හැකියි
නමුත් මරනය කියන දේ මොන විදියට ලැබෙයිද
කියන්න අපිට කියන්න බැහැ.. සමහරවිට මේ
ජිවිතේ ලැබෙන මරණය ඒ වගේ දුක්ඛිත වේදනා
සහගත මරණයක් වුනත් වෙන්න පුළුවන්.
ඒ නිසා දැන් දැන්ම අප්රමාදීව මේ ධර්මය අවබෝධ
කරගන්න උත්සාහවත් වෙන්න ඕන.
කර්මානුරූපිව අපිට මොන විදියෙ මරනයක්
ලැබුනත්, අපි ඒ වෙනකොට මේ දර්මය අවබෝධ
කරලනම් ඉන්නේ , අපි බොහෝ සෙයින් කුසල්
දහම් රැස්කරගෙන නම් ඉන්නේ අපිට ඒ මරනය
දැඩි වේදනාකාරි මරනයක් නොවුනු ඇත. ඒනිසා
නිතර නිතරම මරණය සිහි කරමින් අප්රමාදීකම
ඇති කරගතයුතුයි. එසේ අප්රමාදිව මේ ධර්මය
අවබෝධ කරගන්නට උත්සාහවත් විය යුතුයි.
එවිට අපිට ඉපදිමත් මරනයත් කියන දෙකින්ම
සදාකාලිකවම නිදහස් විය හැකියි.
පුතේ හටගත් සියල්ලම දවසක නැතිවෙනවා
මිය යනවා. අපිත් දවසක මිය යනවා. හැබැයි
ප්රසන්ය නම් අපිට කොයි විදියට මිය යන්න
වෙයිද කියන එකයි. මේ ලොකේ මිනිසුන් හරිම
දුක්ඛිත විදියට මිය යනවා.
මදක් සිතා බලන්න මේ වනවිට ලෝකයේ
හරිම අවාසනාවන්තව, හරිම දුක්ඛිත විදියට
අසරණ වෙලා, දුක්විදල මිය ගියපු අය ගැන.
පුතේ අපිත් මේ සසරෙ හිටියොත්, අපිටත් අන්ත
අසරන විදියට දුක් විදල, මිය යන්න වෙනවාමයි.
එහි කිසිම සැකයක් නැහැ. හිතන්න කැලයක
අතර මං වෙලා නිරාහාරව මිය යන්න වුනොත්,
වතුරක ගිලිලා, යම් දෙයක හිරවෙලා එලියට
එන්න බැරිව මිය යන්න වුනොත්,
සොර සතුරන්ගේ පහරදීම් වලට ලක්වෙලා අත
පය තුවාල වෙලා මිය යන්න වුනොත්,ලෙඩ රෝග
හැදිල මළමූත්රා ගොඩක වැටිල මිය යන්න වුනොත්
පුළුවන් වෙයිද ඒ දුක දරාගන්නට, ඒ වගේ මරණ
මොන තරම් නම් දුක්ඛිත වෙයිද.. වේදනා වෙයිද..
පුතේ අපි මේ සසරෙ හිටියොත් අපිටත් ඒ වගේ
දුක්ඛිත අවාසනාවන්ත මරනයන් උරුම වෙනවාමයි.
මේ ජිවිතේ අපි දැනට යහපත්ව සිටිනවා විය හැකියි
නමුත් මරනය කියන දේ මොන විදියට ලැබෙයිද
කියන්න අපිට කියන්න බැහැ.. සමහරවිට මේ
ජිවිතේ ලැබෙන මරණය ඒ වගේ දුක්ඛිත වේදනා
සහගත මරණයක් වුනත් වෙන්න පුළුවන්.
ඒ නිසා දැන් දැන්ම අප්රමාදීව මේ ධර්මය අවබෝධ
කරගන්න උත්සාහවත් වෙන්න ඕන.
කර්මානුරූපිව අපිට මොන විදියෙ මරනයක්
ලැබුනත්, අපි ඒ වෙනකොට මේ දර්මය අවබෝධ
කරලනම් ඉන්නේ , අපි බොහෝ සෙයින් කුසල්
දහම් රැස්කරගෙන නම් ඉන්නේ අපිට ඒ මරනය
දැඩි වේදනාකාරි මරනයක් නොවුනු ඇත. ඒනිසා
නිතර නිතරම මරණය සිහි කරමින් අප්රමාදීකම
ඇති කරගතයුතුයි. එසේ අප්රමාදිව මේ ධර්මය
අවබෝධ කරගන්නට උත්සාහවත් විය යුතුයි.
එවිට අපිට ඉපදිමත් මරනයත් කියන දෙකින්ම
සදාකාලිකවම නිදහස් විය හැකියි.
