මරණය, තෙල් සහ ආගම

Mandhawa nimal

Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    ඉතිහාසය පුරාවටම, විදේශිකයන්ට අයත් භූමිය සහ අමුද්‍රව්‍ය සම්පත් කොල්ලකෑමේ අරමුණින් දියත් කෙරුණු අධිරාජ්‍යවාදී සංග්‍රාමවල සැබෑ ආර්ථික සහ මූලෝපායික වුවමනා එපාකම් වසන් කිරීමට යොදාගත්ත උපක්‍රමයක් තමයි, ඒ සංග්‍රාම ව්‍යාපාරවලට ආගමික මුහුණුවරක් ලබාදීම. “ආගමේ නාමයෙන්“ දියත් කෙරුණු මේ සංග්‍රාම ව්‍යාපාරවල සැබෑ අරමුණ වුනේ වෙළෙඳ මාර්ග සහ අමුද්‍රව්‍ය සම්පත් අත්පත් කරගැනීම.

    යුද්ධයක් සඳහා ජනමතයක් නිර්මාණය කිරීමට නම් සතුරා ගර්හාවට ලක් කළ යුතුයි. ඒ තුළ සංග්‍රාමය සාධාරණීකරණය කරන්න, යුද්ධයට සුජාතභාවයක් ලබා දෙන්න අවශ්‍ය සදාචාරාත්මක හෝ ආගමික පදනමක් සැකසෙනවා.

    “ඉස්ලාමීය ත්‍රස්තවාදයට එරෙහි සංග්‍රාමය“ කියන සටන් පාඨයට මුවා වෙමින්, අමෙරිකා එක්සත් ජනපදය අද අරාබි රටවල් එකින් එක විනාශ කරමින් ගෙන යන අධිරාජ්‍යවාදී ව්‍යාපෘතිය විසින් ලෝකය විනාශ මුඛය වෙත ගෙන යමින් සිටින බව පැහැදිලියි. පළමු කොටම අපි අවබෝධ කරගත යුතු කාරණයක් තමයි, “ත්‍රස්තවාදයට එරෙහි සංග්‍රාමය“ කියන්නේ අමූළික බොරුවක් ය කියන එක. අරාබි ලෝකයේ ත්‍රස්තවාදීන් හැටියට අද හංවඩු ගහන කණ්ඩායම් සියල්ලක්ම අමෙරිකා එක්සත් ජනපදය විසින් සෘජුව හෝ වක්‍රව අරමුදල් සපයමින්, අවි ආයුධ ලබා දෙමින්, පුහුණු කරමින් නිර්මාණය කරන ලද කුලී හේවායන් පිරිසක් බව ඔප්පු කරන්න ප්‍රමාණවත් සාධක තියෙනවා. අරාබි ලෝකය බෙදා වෙන්කොට පාලනය කිරීම තමයි මේ ව්‍යාපෘතියේ අරමුණ.

    තලේබාන් සහ අල් ඛයිඩා කියන ත්‍රස්තවාදී ව්‍යාපාර දෙකම අමෙරිකාව විසින් නිර්මාණය කරන ලද බවට සාධක එමටයි. මේ කණ්ඩායම් මධ්‍යම ආසියාව සහ මැදපෙරදිග කලාපයේ භූදේශපාලනික සැළසුමට සහාය පිණිස නිර්මාණය කරගත් බව පැහැදිලියි. විශේෂයෙන්ම, අල් ඛයිඩා සංවිධානය සහ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය මැද පෙරදිග කලාපයේ ඊශ්‍රායලයට එරෙහි අරාබි ජාතීන් විනාශ කිරීමට යොදාගත් භීෂණ අවියක්. මේ සංවිධාන කවදාවත් වොෂිංටනයට සහ ඊශ්‍රායලයට හිතවත් සෞදි අරාබිය ඇතුළු පර්සියානු ගල්ෆ් කලාපයේ අනෙකුත් රාජාණ්ඩුවලට එරෙහිව ක්‍රියාත්මක නොවීමට හේතුව මේකයි.

    මැද පෙරදිග සහ මධ්‍යම ආසියානු කලාපයේ අමෙරිකාවේ මූළිකත්වයෙන් වර්තමානයේ ක්‍රියාත්මක සංග්‍රාම ව්‍යාපාරවල අරමුණ ලෝකයේ තෙල් සහ ස්වාභාවික වායු නිධිවලින් සියයට 60 කට හිමිකම් කියන කලාපයේ පාලනය තමන්ට නතු කර ගැනීම. ඇංග්ලෝ-අමෙරිකානු තෙල් සමාගම්වලට මේ කලාපයෙන් පිටතට දිවෙන තෙල් සහ ස්වාභාවික වායු නල මාර්ගවල අයිතියත් තමන්ට පවරා ගැනීමට අවශ්‍යයයි. චීනය, රුසියාව, ඉරානය, ඉන්දියාව වගේ යුරේසියානු කලාපයේ නැඟී එන බලවත් රාජ්‍යයන්හි ඉදිරි ගමන වැළැක්වීමට නම් මූලෝපායිකව මේ කලාපය තුළ ස්ථානගතවීම වොෂිංටනයට වැදගත්.

    තලේබාන් පාලනය පෙරළා දමමින් 2001 වසරේ ඔක්තෝබර් මාසයේ ඇෆ්ගනිස්තානයට ප්‍රහාරයක් එල්ල කරමින් අමෙරිකාව මධ්‍ය ආසියානු කලාපයට ඇතුළු වෙන්නේ මේ මූලෝපායික අරමුණ පෙරදැරිවයි. මේ ප්‍රහාරය සාධාරණීකරණය කරගන්න අමෙරිකාව ව්‍යාජ ප්‍රස්තුත දෙකක් නිර්මාණය කරගන්නවා. එකක් තමයි 2001 වසරේ සැප්තැම්බර් 11 අමෙරිකාවට එල්ල කෙරුණු ත්‍රස්තවාදී ප්‍රහාරය. මේ ප්‍රහාරයට වගකිව යුතු ඔසාමා බින් ලාඩන්ට රැකවරණය සැළසූ බවට ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනයට චෝදනා එල්ල කරනවා. ඒත් මේ සැප්තැම්බර් 11 ප්‍රහාරයට සම්බන්ධ ගුවන් යානා මංකොල්ලකරුවන් 19 දෙනාගෙන් 15 දෙනෙක්ම සෞදි අරාබි පුරවැසියන්. හරිනම් අමෙරිකාව ගහන්න ඕනේ ඇෆ්ගනිස්තානයට නෙවෙයි සෞදි අරාබියට.

    දෙවැනි ප්‍රස්තුතය තමයි, තලේබාන්වරු ඇෆ්ගනිස්තානයේ බාමියන්හි පිහිටි, වසර 2,000 ක් විතර ඉපැරණි, සුප්‍රකට බුද්ධ ප්‍රතිමා ද්වය විනාශ කිරීම. මේ ප්‍රතිමා විනාශ කරන බවට තලේබාන්වරු කළ තර්ජනයට බටහිර ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විශාල ප්‍රසිද්ධියක් ලබාදුන්නා. ආසියාවේ මුළුමහත් බෞද්ධ ලෝකයාම කම්පාවට පත්වුනා. ප්‍රහාරය සිද්ධ වෙනකොට, මතකයේ හැටියට විනාශයට පත් ප්‍රතිමාවල මුල්ම ඡායාරූප විකාශය කෙරුණේ සීඑන්එන් ප්‍රවෘත්ති සේවාව හරහා. තලේබාන් මූලධර්මවාදීන් කෙරෙහි ආසියාවේ බෞද්ධයන් අතර දැඩි විරෝධයක් මතු කරමින්, ඇෆ්ගනිස්තානයට පහර දෙද්දී ආසියාවේ කිසිම රටක් කිසිදු විරෝධයක් දැක්වුවේ නෑ. අපේ කලාපයට ඇතුළුවෙලා, මේ කලාපය තුළ ස්ථානගත වෙන්න ඔවුන් අපේ ආවේග, අපේ හැඟීම් යොදා ගත්තා.

    ඒත් ඇත්තටම අමෙරිකාව ඇයි ඇෆ්ගනිස්තානයට බෝම්බ ගැහුවේ? අරාබි ලෝකයේ තෙල් මත රඳා පැවතීම අවම කරන්න නම්, වොෂිංටනයට මධ්‍යම ආසියාව සහ කැස්පියන් සාගර නිම්නයේ තෙල් සහ ස්වාභාවික වායු නිධි කෙරෙහි අවධානය යොමු කළ යුතු වනවා. ඒත්, මේ විකල්ප සැපයුම් මාර්ගවලට ප්‍රවේශවීමට නම් තෙල් නල මාර්ගයක් ඇතිරිය යුතුයි. මධ්‍යම ආසියාවේ සිට අරාබි මුහුද දක්වා මෙම නල මාර්ග පද්ධතිය සුරක්ෂිත කරගන්න නම් ඇෆ්ගනිස්තානයේ භූගෝලීය පිහිටීම අතිශයින් වැදගත්. කලාපීය වශයේ තම බලය ප්‍රක්ෂේපණය කරගැනීමට අමෙරිකාව ඇෆ්ගනිස්තානයේ ස්ථානගත වෙන්නේ මෙන්න මේ හේතුව නිසයි.

    මේ අරමුණ වඩාත් සාර්ථක කරගන්න නම් පකිස්තානයෙත් තමන්ට හීලෑ ආණ්ඩුවක් බලයට රැගෙන ආ යුතුයි. විශේෂයෙන්ම අරාබි මුහුදට සමීපව පකිස්තානයේ පිහිටීමත්, ඇෆ්ගනිස්තානය පකිස්තානයට යාබදව පිහිටීමත් යන කාරණා මෙහිලා අතිශයින් වැදගත්. 2007 සැප්තැම්බර් මාසයේ පකිස්තානයේ රාවල්පිණ්ඩි නගරයේ පැවති මැතිවරණ රැළියකදි බෙනාසීර් භූතෝ ඝාතනයට ලක්වෙන්නේ මේ පසුබිම තුළයි. බෙනාසීර් කියන්නේ, ආසියාවේ බටහිර අධිරාජ්‍යවාදී ව්‍යාපෘතිවලට එරෙහිව නැඟී සිටි සුල්ෆිකාර් අලි භූතෝගේ දියණියයි. ඇය ඉගෙනුම ලැබුවේ අමෙරිකාවේ හාවඩ් සහ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් යන සරසවිවල. බෙනාසීර් තමයි, ඔක්ස්ෆර්ඩ් සංගමයේ සභාපති පදවියට පත්වුණු ආසියාවේ ප්‍රථම කාන්තාව.

    මේ යුද ව්‍යාපෘතියේදී පකිස්තානය බාහිර ලෝකයෙන් හුදකළා කිරීම අත්‍යාවශ්‍ය කොන්දේසියක්. අපේ කලාපය එකට එකතු වෙන්නේ කොහොමද, ඒ එකතු වන මාර්ග අහුරාලිය යුතුයි. දකුණු ආසියාව එකට එකතු කරන එක් වැදගත් සාධකයක් තමයි ක්‍රිකට් ක්‍රීඩාව. ඉන්දියාව පකිස්තානය අතර මොන ප්‍රශ්ණ තිබුණත් මේ රටවල් දෙක ක්‍රිකට් ක්‍රීඩාවේ දී එකතු වෙනවා. පකිස්තානය සහ බංගලිදේශය අතර මොන ගැටළු තිබුණත් මේ රටවල් දෙක එකට ක්‍රිකට් ගහනවා. මේ ක්‍රිකට් බැඳීම දුරස් කරන්න නම් මොනව ද කළ යුත්තේ? 2009 මාර්තු මාසයේ 3 වෙනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පකිස්තානයේ ලාහෝර්වලදී ප්‍රහාරයක් එල්ල වෙන්නේ මෙන්න මේ අවශ්‍යතාවය පිණිසයි. එහෙම නැතිව, ඇෆ්ගනිස්තානයේ මිනිස්සුන්ට ලංකාවේ අපිත් එක්ක තියෙන්නේ මොන තරහක් ද? . මේ ප්‍රහාරයෙන් පස්සේ පකිස්තානය දකුණු ආසියාවෙන් තවදුරටත් හුදකළා කෙරුණා. විදේශ ක්‍රිකට් කණ්ඩායමක් ආපහු පකිස්තානයට යන්නේ අවුරුදු 6 කට පස්සේ. ඒ 2015 අවුරුද්දේ සිම්බාබ්වේ ක්‍රිකට් සංචාරය. අවසානයේ මොකක් ද වෙන්නේ? සිම්බාබ්වේ-පකිස්තාන තරගය පැවැත්වුනු ලාහෝර්වල ගඩාෆි ක්‍රීඩාංගනයට බෝම්බ ගහනවා!!! බටහිර අදිරාජයයන් විසින් ඔව්න්ගේ සැපවත් ජීවිත සදහා අනෙකුත් රටවල් බිල්ලට දී ඇත.එන්නත්කරනය හොදම උදාහරණයක්.චීනය, රුසියාව නොසිටින්න එන්නත් කරනය කියන්නේ තුන් වෙනි ලෝකයේ රටවල් වලට හීනයක් පමනයි.
     
    Last edited:
    • Like
    Reactions: hodakolla