මරණානුස්සතිය වැඩීමේ වටිනාකම...

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මරණානුස්සතිය වැඩීමේ වටිනාකම...
    •═══••═══•••••️•═══••••••═══••═══•
    මරණානුස්සතිය වඩන්නා බය නැති බොහොම නිර්භීත කෙනෙක් වෙනවා.මරණයටවත් බය නෑ.අවි ආයුධයකටවත් බය නෑ.වෙඩි තැබීමකටවත් බය නෑ.මොකද ඔහු දන්නවා මරණය සිදු වෙනවා.මේක බය වෙන්න දෙයක් නෙවෙයි කියලා.බලවත් ප්‍රීතියක් සෝමනස්සයක් හිතේ පහළ වෙනවා.ඒ මොකද තමන් ජීවිතයේ යථාර්ථය නිතර තේරුම් ගන්න නිසා...
    ඒ වගේම රත්නත්‍රය ගැන අසීමිත ප්‍රසාදයක් ගෞරවයක් හිතේ වැඩෙනවා.ශ්‍රද්ධා,විරිය,සති,සමාධි,ප්‍රඥා ඉන්ද්‍රියන් බොහොම ශක්තිමත් වෙනවා.ඒ වගේම වස්තු සම්භාර රැස් කර තබා ගැනීමේ චේතනාවක් ඇති වන්නේ නෑ.ඒ වගේම පරිත්‍යාගශීලී වෙනවා.කවදාකවත් මසුරු කෙනෙක් වන්නේ නෑ.අනුන්ගේ සැපයට උපකාර වෙන කෙනෙක් සේම තමන්ගේ ශීලය ඉතා උසස් ආකාරයෙන් ආරක්ෂා කරනවා...
    යම්කිසි අකුසලයක් කරන්න වෙද්දී ඒවින් පවා වැළකෙනවා.තමා මැරෙන්න ඉන්නේ කියලා සිහි උනාම කවදාකවත් අනුන්ට ද්වේෂ කරන්නේ නෑ.වෛර කරන්නේ නෑ.පළිගන්නේ නෑ.මම ඉතින් මැරෙන කෙනෙක්නේ මොකටද මන් මේ කාටවත් හිරිහැර කරන්නේ කියලා සිහිය එනවා.අනිත් අයගෙන් එන නින්දා අපහාස ඉවසලා දරාගන්න හිත හයිය වෙනවා.ඒ වගේම තමාගේ චිත්ත සමාධිය දියුණු කරගෙන විදර්ශනා වඩලා මාර්ගඵල නිවන් අවබෝධය ලබන්න පුළුවන්...
    ________________________



     
    • Like
    Reactions: kinkon