ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි, හැම කෙනෙක්ම අද දවසේ සද්ධර්ම ශ්‍රවණයට සූදානම්වන මොහොත. ආවාස පූජාවක් සිද්ධ කරලා, ඒ ආවාස පූජාව හා සමගාමීවම ධර්ම දේශනාවකුත් සිද්ධ කරන්නට කියලා ආරාධනා කරලා තමයි මේ දේශනාව මේ වෙලාවෙදි සිද්ධ කෙරෙන්නේ. කුසල ධර්ම කියන එක අපි කාගෙත් ජීවිතවලට බොහොම වටින දෙයක්. ඒ කුසල ධර්මයන්ගේ විපාකය ලැබෙන්නේ අපිට අපි ඒ ධර්මය අනුව පවත්වන චේතනාව අනුව. ඒ කියන්නේ, කුසලයක් සිද්ධ කරනවා කියනකොට එතන පවත්නා චේතනාව නේ අපි කුසලය හැටියට ගන්නේ. ඒ කුසලයේ ආනිසංස අඩු වැඩි බව තීරණය වෙන්නේ තමන්ගේ හිත මත.
එහෙම නැතිනම්, අපි කොච්චර මහන්සි වුනාද, කොච්චර දේවල් වියදම් කළාද, ආදී දේවල් මත නෙවෙයි කුසලයක ආනිසංස තීරණය වෙන්නේ, අපේ සිත සහ සිතේ යෙදෙන සිතුවිලි අනුව. හිතේ යෙදෙන සිතුවිලි අලෝභ, අද්වේශ, අමෝහ සහගත සිතුවිලි වෙනකොට, ප්‍රඥා සම්පන්න සිතුවිලි ආදිය උත්කෘෂ්ඨව නැගෙනකොට, අන්න එතකොට තමයි ඒ කුසලය බොහෝ ආනිසංස දායක ඉතාම බලවත් කුසලයක් බවට පත්වෙන්නේ. මේ වගේ කුටි පූජාවක් සිද්ධ කළත්, ඒ කුටි පූජා ආදී කුසලයන් තුළ බොහෝ ආනිසංසදායක ලෙස ඒ කුසලය සැකසෙන්නේ කොහොමද කියන එක ගැන අපිට හොඳ දැක්මක් තියෙන්නට ඕන, අවබෝධයක් තියෙන්නට ඕන.
** ඇයි ලෞකික කුසලය වැදගත්**
ලෞකික කුසලය කියන එක කාටත් උපකාර වන නිසා තමයි “මා භික්ඛවෙ, පුඤ්ඤානං භායිත්ථ" කියලා අපිට දේශනා කළේ. "මහණෙනි, පිනට බය වෙන්න එපා" කියලා. මොකද සමහර වෙලාවට 'පින සහ කුසලය කියන්නේ දෙකක්ය, පින් කළාම සසර දික් වෙනවාය, කුසල් කරන්න ඕන ඒ නිසා, පින් නෙවෙයි කරන්න ඕන' ආදී ලෙස නොයෙක් කාරණාවන් සමහර අය අදහස් කරන නිසා තමයි බුදුරජාණන් වහන්සේ වචනයෙන්ම දේශනා කරනවා '“මා භික්ඛවෙ, පුඤ්ඤානං භායිත්ථ' - 'මහණෙනි, පිනට බය වෙන්න එපා'. "සුඛස්සෙතං භික්ඛවෙ අධිවචනං යදිදං පුඤ්ඤානි " - "මහණෙනි, පින කියලා කියන්නේ සැපයට තවත් එක් නමක්" කියලා පෙන්නුවා.
ඒ නිසා පුණ්‍ය ධර්මයෝ ජීවිතයට ඉතාම වැදගත්. ඒ පුණ්‍ය ධර්ම නිසා තමයි අද අපි මනුෂ්‍ය ජීවිතයක් ලැබුවෙත්, ඒ වගේම උපභෝග පරිභෝග වස්තු සම්පත් ලැබිලා තියෙනවා නම්, කල්‍යාණ මිත්‍ර ආශ්‍රයට, කල්‍යාණ මිත්‍රයන් කෙරෙහි නැමුණු මනසක් තියෙන්න පවා හේතු වෙන්නේ අපි සිද්ධ කරන කුසලය. ඒ නිසාම තමයි කුසලයෙහි වැදගත්කම තියෙන්නේ. කුසලයන් කරනකොටත් ඒ එක එක කුසල ධර්මයන් වලින් ලැබෙන විපාක එක එක විදියට තමයි ලැබෙන්නේ. ඒ නිසා තමයි,
~~ආහාර දුන්නේ බලය දුන්නේ වේ~~
''අන්නදො බලදො හොති" කියලා කියන්නේ. ඒ කියන්නේ, ආහාර දුන්නොත් ඒකෙන් දුන්නා වෙන්නෙ බලය. මොකද, ආහාර පාන වලින් වැඩිපුරම ලැබෙන්නේ ශක්තිය, නැතිනම් බලය. යමෙක් ආහාරයක් දෙනවා කියලා කියන්නේ එයා බලය දන් දුන්නා වගේ වෙනවා. එතකොට, ඒ කෙනා ආහාරය දන් දීම තුළ තව කෙනෙකුට බලවත් බව දන් දීලා තියෙනවා.
~~වස්ත්‍ර දුන්නේ වර්ණ දුන්නේ වේ~~
"වත්ථදො හොති වණ්ණදො"- වස්ත්‍ර දන් දුන්නොත්, සිවුරු ආදිය දන් දුන්නොත් එයා වර්ණ දුන්නෙක් වෙනවා. චීවරයක් හෝ වේවා, ඒ විදියේ දේකින්, වස්ත්‍රයක් දීම තුළ තව කෙනෙකුට එයාගේ වර්ණවත් භාවය තමයි එතනින් ඇතිවෙන්නේ. ඒ නිසා වස්ත්‍ර දෙනකොට එයා වර්ණය දන් දුන්න කෙනෙක් බවට පත්වෙනවා.
~~යාන දුන්නේ සැප දුන්නේ වේ ~~
"යානදො සුඛදො හොති" කියලා කියනවා. ඒ කියන්නේ, පාවහන් ආදී දේවල් දන් දුන්නොත් එහෙම, සැප පහසුව පිණිස හේතුවෙන දෙයක් තමයි ඒ පූජාව. එතකොට එයා දන් දුන්නේ සැප පහසුව වෙනවා.
~~කුටියක් දෙන්නේ සියල්ල දුන්නේ වේ~~
"සො ච සබ්බදදො හොති" - යම්කිසි කෙනෙක් මේ ඔක්කොම ටික එකට කරලා දන් දුන්නොත් එහෙම, අන්න ඒක තමයි "යො දදාති උපස්සයං" - ඒ කෙනා කුටියක් දන් දෙනවා කියලා කියන්නේ, ආවාසයක් දන් දෙනවා කියලා කියන්නේ ඉහත කී ඔක්කොම එකතු කරලා, එක්තැන් කරලා පූජා කළ දෙයක් හා සමාන වෙනවා.
ඒ වගේම එහි විපාක හැටියට ඇතැම් තැන්වල දැක්වෙනවා "වණ්ණං දත්වා වණ්ණස්ස භාගී හොති"- ඒ කියන්නේ, වර්ණය දන් දීලා වර්ණය ලබන්නෙක් බවට පත්වෙනවා. අපි කිව්වානේ, වස්ත්‍ර දන් දුන්නොත් වර්ණය දන් දුන්නා වෙනවා. අපි සිවුරක් පූජා කරනකොට අපි චීවර පූජාවෙන් බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේ ඒක පරිහරණය කරයි, නැතිනම් අපි පූජා කරන ඒ චීවරය මහා සංඝරත්නයට කැප සරුප් විදියට, වර්ණවත් විදියට පූජා කරන්න තමයි අපි අදහස් කරන්නේ. එතකොට ඒ වර්ණවත් බව දෙන්න කැමතියි කියලා කියන්නේ ඒ තුළ අපි කැමති වර්ණ ලබන්න අවශ්‍ය චේතනා සම්පත්තිය තමයි අපි ඇතිකර ගන්නේ.
තව කෙනෙකුට ආහාර දෙනවා කියලා කියන්නේ 'බලය දීම' තමයි. එතකොට අපි කැමතියි මහා සංඝ රත්නයේ පැවැත්ම ලෝකයේ තියෙනවා නම්, ඒ උදෙසා තමයි අපි දානය දෙන්නේ. එතකොට ඒ ආහාරය පූජා කිරීම තුළ අපි දන් දෙන්නේ බලය, එතකොට ඒ බලය දන් දීම තුළ තමන් බලය ලබන්නෙක් බවට නිකන්ම පත්වෙලා තියෙනවා. චේතනාව තමයි 'බලය දන් දීම'. ඒ දන් දීම තුළ තමන් බලය ලබන්නෙක් බවට පත්වෙනවා. ඒක උපමා කරන්නේ "ආදිත්තස්මිං අගාරස්මිං යං නීහරති භාජනං" - හරියට, ගිනිගෙන ඇවිලෙන ගෙදරක තිබුණු භාජනයක් ඒ ගිනි ගන්න ගෙදරින් ටික ටික හරි අපිට එළියට විසි කරගන්න පුළුවන් වුනොත්, අපිට අන්තිමටම ඉතුරු වෙන්නේ අර අපි විසි කරපු භාජනේ විතරයි. ඒ කියන්නේ විසි කරගත්ත ද්‍රව්‍ය තමයි අපිට මතුවට උපකාර වෙන්නේ.
ඒ වගේ, අපේ මනුෂ්‍ය ජීවිතයේ ස්වභාවය තමයි ජාති, ජරා, ව්‍යාධි, මරණ, සෝක, පරිදේව.. ආදී මේ හැම ගින්නකින්ම ඇවිලිලා යනවා. ලෝකේ එදා හිටපු මහා ධනවත්තුත් මරණය කියන ධර්මයට පත්වුනා. හැබැයි කිසිම දෙයක් අරගෙන ගියේ නෑනේ. සුමේධ බෝධිසත්වයන් වහන්සේ කල්පනා කරන්නේ එදා ඒකනේ. 'මේ පියා හම්බ කරපු කොටස', 'මේ පියාගේ පියා, නැත්නම් සීයා හම්බ කරපු කොටස', 'මේ සීයගේ පියා, මුත්තනුවන් හම්බ කරපු කොටස'... කියලා මේ විදියට පරම්පරා හතක් තිස්සේ හම්බ කරපු මහා ධනය ගොඩක් තියෙනවා.
එතකොට මේ ධනය ඔක්කොම දිහා බලලා මෙතුමා කල්පනා කරනවා, 'මේ එකක්වත් අරගෙන යන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ එයාලට, මේ දේවල් එකක්වත් අරගෙන යන්නේ නැතුව ඔක්කොම මිය පරලොව ගියා. එහෙනම් මම මේ ටික අරගෙන යන්න ක්‍රමයක් හදාගන්න ඕන'. අපි දෙයක් විසි කරන්නේ ඒ දේ අපිට එපා නිසා, එහෙමනේ අපිට අද ලෝකේ පේන්නේ, හැබැයි ගෙදර ගිනි ගන්නවා නම් අපි විසි කරපු දේ විතරයි අපිට අවශ්‍ය දේ වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ, අපේ ජීවිතේ ජාති, ජරා, ව්‍යාධි ආදී දේවල් වලින් ගිනි අරගෙන විනාශ වෙලා යනකොට අපිට උපකාර වෙන්නේ අපි අර විසි කරපු දේ විතරයි.
ඒ නිසා තමයි කුසලය කියලා කියන්නේ, අපි දාන ධර්මයක් විෂයෙහි හෝ යමක් විසි කළා නම්, ඉවත් කළා නම්, අපේ ජීවිතයෙන් අපි ඒක දෙන්න කැමති වුනා නම් තව කෙනෙකුට, ඒ තුළ සිද්ධ වෙන්නේ ඒ දේ ලබන්නෙක් බවට අපි නිරායාසයෙන්ම පත්වෙලා තියෙනවා. ඒ හින්දා අපි අද සාමාන්‍යයෙන් බලනකොට ගිනි ගන්න ගෙදර ඇතුලේ ඉඳලා විසි කරනවා වගේ දෙයක් තමයි අද මේ කළ කුටි පූජාවත්. හැබැයි ඒ දේ තමයි අපි ඉතුරු කරලා තියෙන එකම දේ. ඒ නිසා තමයි සුමේධ පඬිතුමා එදා අර තිබුණු ඔක්කොම දන් දෙන්න පටන් ගත්තේ. ඇයි, 'මේ ටික ඔක්කොම යනකොට අරන් යන්න ඕන මම, මේ ඔක්කොම තියලා ගියොත් මට කවදාවත් ආයේ හම්බ වෙන්නේ නැහැ. මැරුණට පස්සේ එතනින් අයිතිය ඉවරවෙන නිසා'.
~~මහා මන්ධාතු රජ්ජුරුවන්ගේ කතාව~~
ඒ නිසා ජීවිතයක ස්වභාවය තමයි අතහැරිලා යන එක. ජීවිතය තුල කවදාවත් අපිට වින්දනයක් තුළ තෘප්තියක් ලැබෙන්නේ නැහැ. ඒකනේ 'මහා මන්ධාතු රජ්ජුරුවෝ' මේ ලෝකය තුළ දීර්ඝායුෂ්ක කාලෙක බොහෝ කාලයක් මේ ලොව රජකම් කරලා, ඒ වගේම, දිව්‍ය ලෝකේ ගිහිල්ලා දිව්‍ය ලෝකේ ශක්‍රයත් එක්ක ශක්‍ර රාජ සම්පත්තියත් බෙදාගෙන, ඒ කියන්නේ, (සමහර වෙලාවට මේ කල්ප ආරම්භක අවස්ථාවල සහ ඒ හා සමාන යුගවල ඉන්න මිනිස්සු බොහොම කුසලකාමී, ඒ වගේම ස්වභාවික කුසලයන්ගෙන් යුක්ත මිනිස්සු. එතකොට දීර්ඝායුෂ්කයි, වර්ණවන්තයි වගේම ඒ හා සමාන වුන පුණ්‍ය ශක්තියක් තිබුණහම දිව්‍ය ලෝකේ ගිහිල්ලා ඒ අය හා සමගත් ගණුදෙනු කරනවා) දිව්‍ය ලෝකෙට ගිහිල්ලා ශක්‍රයත් එක්ක ශක්‍ර රාජ්‍යයත් පාලනය කරනවා ශක්‍රයෝ තිස් හයදෙනෙක් මැරෙනකන්. ඒ තරම් දීර්ඝායුෂ ලබපු කෙනෙක්.
හැබැයි එච්චර හිටපු මේ මහා මන්ධාතු රජ්ජුරුවොන්ට අන්තිමටම හිතෙනවා, කාලෙන් කාලෙට ශක්‍ර දෙවියෝ එක්ක බෙදාගෙන පාලනය කරන්නේ ශක්‍ර රාජ සම්පත්තිය,'මම මොකටද බෙදාගෙන පාලනය කරන්නේ මේ ඔක්කොම මට අයිති කරගන්න පුළුවන් නම්' කියලා. දිව්‍ය ලෝකය කියන එක පුණ්‍ය ශක්තිය මත පහළ වුන දෙයක්නේ. මේ පාපී චේතනාවත් එක්කම අර ශක්‍ර සම්පත්තිය අයින් වෙලා, ඒ පුණ්‍ය ශක්තිය නිසා ලැබුණු දේ අයින් වෙලා නැවත මේ ලෝකෙට එන්න සිද්ධ වෙනවා. එනකොට මේ ලෝකේ බොහෝ කාලයක් ගතවෙලා. රජ උයනට ආවහම මෙතුමාගෙන් අහනවා ඔබතුමාට මොකක්ද කියන්න තියෙන්නේ කියලා.
එතකොට කියනවා 'මෙච්චර සම්පත්තියක් තිබුණු මහා මන්ධාතු රජ්ජුරුවොත් කාමයෙහි කෙළ පැමිණෙන්නේ නැතිව, කාමයෙහි කෙළවරකට පත් නොවීම කලුරිය කළා' කියලා ලෝකෙට කියන්න කියලා. ඒ කියන්නේ, දැන් මේ ලොකේ අනුව වයසක කෙනෙක්නේ, එතකොට එයා මරණයට පත්වෙනවා ඒක කියලා. ජීවිතයක ස්වභාවය තමයි භෞතික සම්පත් මොන තරම් අපි එකතු කළත්, ඒ දේවල් තිබුණත් කවදාවත් ඒ තුළ අපිට සැනසිල්ලක් හෝ ඒ තුළ කවදාවත් රැකවරණයක් සැලසෙන්නේ නැහැ. ඒ තුළ රැකවරණයක් බලාපොරොත්තු වෙන්නත් හොඳ නැහැ. බලාපොරොත්තු වෙන්න වෙන්න අපි ඒ පස්සෙම අපේ ජීවිතේ අරගෙන යයි. හැබැයි අපිට ඒ දේවල් වලින් පිහිටක් නොලැබෙන තැනදිම තමයි අපිට අනිතිමටම අපේ ජීවිතය අවසන් කරන්න සිද්ධ වෙන්නේ.
~~නිවන් දකින කෙනාගේ ජීවිතය කෙබදුද~~