මේ ලෝකෙ ජීවත් වෙන මිනිස්සුන් විශේෂයෙන්ම දිනපතාම සිහිකරනවා නම් ජීවත් වෙන්න පහසුව සලසන කාරණාවන් 3ක් පවතිනවා.
එවා තමයි
ලෙඩ වෙනවා
වයසට යනවා
මිය යනවා කියන කාරණාවන්. ඒ අනුව
*ලෙඩ වෙනවා කියලා සිහි කරනවා නම් ලෙඩ රෝග නොහැදී නිරෝගීව සිටීමට සිහිකල්පනාව තියාගන්නවා වගෙම
*වයසට යනවා කියලා සිතනවා වයසට අනුව කටයුතු කරන්න පෙළඹෙනවා
*ඒ වගේම මැරෙනවා කියලා සිතනවා නම් මරනයට පසු වන්නේ කුමක්ද කියලා නොදැන නිසා හෝ යහපත් අයුරින් ජීවත් වෙන්න උත්සාහ ගන්නවා.
බුදුරජාණන් වහන්සේ මේ කරුණු 3ම හැමදාම සිහි කළ යුතු බව මතක් කරල දෙන්නේ ඒ තුළින් නිවැරදි මාර්ග ගමන් ගන්නට විශාල තල්ලූවක් ලැබෙන නිසයි.
අප කවුරුත් මියයන අය දැකලා තියනවා වගෙම අප හැමෝම මැරෙන බවත් දන්නවා. නමුත් අපේ යටි හිතේ අරමුණක් පවතිනවා
"මම මැරෙන්නෙ නෑ ,දැම්ම මැරෙන එකක් නෑ, මගේ ඥාතීන් දැම්ම මැරෙන එකක් නෑ යනුවෙන්.
ඉතිං අපි කොච්චර මළගෙවල් දැක්කත් ඒවාට ගිහින් දුක් වෙනවාමිස ඒගැන මෙනෙහි කරන්නේ නෑ.මෙ මෙනෙහි කිරීම, නැත්තං සංවේගය තුළින් තමයි අපිට යමක යථාර්ථය දැක ගැනීමේ හැකියාව තිබේන්නෙ.
හඬන එක තුළින් වන්නෙ ක්ලෙෂවර්ධනයක් පමණයි.වගෙම අපි කොච්චර ඇඬුවත් මියගිය පුද්ගලයාට වත් අපිට වත් එයින් සෙතක් සැලසෙන්නේ නැහැ.
සංවේගය ඇති කරගත් සිතින් මියගිය පුද්ගලයාට පින් දෙනවා නම් ඒක ඔහුට මෙන්ම අපිටත් සෙතක් වන්නෙ පැහැදුන සිත ඒ තුල ඇති නිසයි.
මරණය ගැන දැක අපි ඒ පිළිබඳ ආවර්ජනය කළොත් නිවැරදි මාර්ගයේ යෑමට අපට ඒය උපකාරී වෙනවා වගෙම එය අන් අයට කරදරයක් නොකර හිත් තලාපෙළා දමන්නෙ නැතුව,සිත කය
වදන මනාව හසුරුවා කටයුතු කිරීමේ හැකියාවලබා ගැනීමට කුසල් උපදවා ගැනීමටද මාර්ගයක් වෙනවා. ඒවිතරක් නෙමෙයි අපි ගෙනාපු කර්ම ශක්තියේ ඉවර වුනු ගමන් අපිව අරන් යන්න මාරයා එන බවත් මාරයා සමඟ නම් අප කාටවත් නිවන කරා යන තෙක්ම ගනුදෙනුකල නොහැකි බවත් මතකයට ගෙන එනවා.
මරණයදි සත්වයා හසුරුවන මච්චු මාර නම් දිව්‍ය පුත්‍රයා වැරදි කළ කාගෙනුත් දඬුවම් දීමට පෙර අසන ඒක පැනයක් වන්නේ මිය යන මිනිසුන් දැක්කේ නැද්ද යනුවෙනුයි. එසේ මිය යන අය දැක තමා ද මිය යන බව දැන වැරදි නොකර නිවැරදි ලෙස ජීවිතය ගත කරන්න සිතුණේ නැද්ද? යැයි ඔහු කාගෙනුත් අසන බව ධර්මයේ සඳහන් වෙයි.
ඔබත් කුමන මොහොතක හෝ තමා මිය යන බව සිහිකර තමාටත් අනුන්ටත් සෙත සලසන මේ මරණානුස්සතිය තුළින් ජීවිතය දැක ජීවත්වීම සසර ගැලවීමටමද පහසුව සලසන බව මතක තබා ගන්න