මරණානුස්සති භාවනා කමටහන්

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මරණානුස්සති භාවනා කමටහන්
    ''නමෝ තස්ස තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස''
    යෝගාවචරයා හුදකලාව විවේකීව හිඳ පූර්වකෘත්‍යයන් සම්පූර්ණ කරගත යුතුය. ඉන්පසුව, සියල්ලන්ටම උරුම මරණය තමන් කරා ද, පැමිණෙන්නේ යැයි සිතා, මරණ සංවේගය උපදවා ගත යුතු ය. ඉන්පසුව,
    ''මරණං භවිස්සති. ජීවිතින්ද්‍රියන් උපච්චිජ්ජිස්සති.''
    ''මරණය වන්නේය ජීවිත ඉන්දීය සිඳී යන්නේ ය ''
    කියා හෝ
    '' මරණං මරණං'' මරණය, මරණය
    කියා හෝ
    ''මරණං නියතං, ජීවිතං අනියතං, නත්ථි ජාතස්ස අමරණං''
    ''මරණය නියතයි. ජීවිතය අනියතයි. උපන් අයගේ නොමැරී සිටීමක් නැත''
    කියා හෝ
    ''අහෝ මරණං අහෝ මරණං අහෝ මරණං''
    අහෝ මරණය අහෝ මරණය අහෝ මරණය
    කියා හෝ
    මෙනෙහි කරමින් ඥාණ සම්ප්‍රයුක්තව මරණ සංවේගය උපදවා ගත යුතු ය .
    භාවනා වාක්‍යයෝ
    1. ‘’ අහෝ මට මරණය වන්නේය.’’
    2 . ‘’අහෝ මාගේ ජීවිතේන්ද්‍රිය සිඳී යන්නේ ය.’’
    4 . ‘’අහෝ මාගේ ජීවිතය අනියතයි.’’
    5 . ‘’අහෝ උපන්නාවූ මට නොමැරි සිටිය නො නොහැකි ය.’’
    6 . ’’අහෝ මාගේ මරණය දැන් දැන් සිදුවිය හැකි ය.’’
    7. ‘’ජීවිතය අනියතයි. මරණය නියතයි.’’
    8 . ‘’අහෝ මරණය. අහෝ මරණය. අහෝ මරණය.’’
    නිහඬ ව භාවනා කරන්න
    උපචාර සමාධිය උපදවා ගැනීමට උත්සාහ කරනු මැනවි.
    සක්මනෙහි දී, පියවරක් පියවරක් පාසා, ‘’අහෝ මරණය.! අහෝ මරණය.! අහෝ මරණය.!’’ කියා හෝ ‘’ජීවිතය අනියතයි. මරණය නියතයි’’ කියා හෝ මෙනෙහි කරනු මැනවි.
    ආනිසංස
    මනසිකාර අවස්ථාව සම්පූර්ණ වන විට
    1.භාවනා අරමුණෙහි සිත පිහිටීම.
    2 .ඥාන සම්පයුත්ත වූ සංවේගය ඇති වීම.
    3. ජීවිත තණ්හාව බොහෝ දුරට අඩු වීම.
    4. භාවනාවේ වැඩි වසයෙන් ඇලීම.
    ආදී භාවනා ආනිසංස පහල වේ. තියුණු නුවණක් ඇති අයට නම් මේ අවස්ථාවේදීම මරණ සතිය සම්පූර්ණ වී උපචාර සමාධි අවස්ථාවට පත්විය හැකිය.
    මෙම කමටහන් වඩන යෝගාවචරයින් අතර, තියුණු නුවණ ඇති අයට, මරණානුස්මෘතිය සම්පූර්ණ වී උපචාර සමාධිය ඇති වේ. කලක් මෙසේ භාවනා කර, එම තත්ත්වයට පත්විය නොහැකි නම්, නැවත අට ආකාරයකින් මරණය සිහි කළ යුතුය.
    එම අට ආකාරය නම්,
    1. වධක පච්චු පට්ටානය
    2. සම්පත්ති විපත්ති
    3. උපසංහරණය
    4. කාය බහු සාධාරණය
    5. ආයු දුබ්බලය
    6. අනිමිත්ත ය
    7. අද්ධාන පරිච්ඡේදය
    8. ඛණ පරිත්ත ය
    මෙම ආකාර අටෙන් කැමති එක් ක්‍රමයක් හෝ කිහිපයක් හෝ ගෙන, භාවනා වඩමින් උපචාර ධ්‍යානය උපදවා ගැනීමට උත්සාහවන්ත විය යුතු ය.
    සාදු... සාදු... සාදු...
    වධක පච්චු පට්ඨානය
    ''මොහුගේ බෙල්ල කපමි.'' යයි කඩුවක් අමෝරා ගත් වධකයෙකු ගේ කඩුපහරින්, කොයි මොහොතේ දී හෝ ගෙල සිදේවි දැයි, කිව නොහැකි වන්නා සේ , උපත සමඟම පැමිණි මරණය, කවර මොහොතක හෝ මේ ජීවිතය පැහැර ගන්නවා යැයි සිතා, ජීවිතයේ අස්ථීර තත්වය සලකා භාවනා කිරීම වධක පච්චූ පට්පඨානය යි.
    භාවනා වාක්‍ය යෝ
    1. ‘’උත්පත්තියෙන් ගෙන ආ මරණය මාගේ දිවි තොර කිරීමට කඩුව අමෝරා ගත් වධකයකු මෙන් මා පසු පස ම ලුහු බඳින්නේ ය. අහෝ ! කවර මොහොතක හෝ මාගේ මරණය සිදුවිය හැකි ය.’’
    ‘’ජීවිතය අනියතයි. මරණය නියතයි....’’
    2. ‘’උදා වූ හිරු නොනැවතී අවරට ගමන් කරන්නා සේ, මාගේ ජීවිතය ද, නොනැවතී මරණය කරා ගමන් කරන්නේ ය. අහෝ කවර මොහොතක හෝ මාගේ මරණය සිදුවිය හැකි ය.’’
    ‘’ජීවිතය අනියතයි. මරණය නියතයි...’’
    3. ‘’අහසට නැගුණ වලාකුළ සුළඟින් විසිරී යන්නා සේ, මාගේ ජීවිතය උත්පත්තියේ පටන්, නොනැවතී මරණය කරා ගමන් කරන්නේ ය. අහෝ දැන් මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය.’’
    ‘’ජීවිතය අනියතයි. මරණය නියතයි...’’
    4. ‘’වැසි සමයෙහි දිය පිරී ඇති කුඩා ඇල දොල නියගින් සිඳී යන්නා සේ අහෝ! උපන්නාවූ ජීවිතය ඒකාන්තයෙන්ම මරණ නියගින් සිඳී යන්නේ ය. අහෝ දැන් මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය.’’
    ‘’ජීවිතය අනියතයි. මරණය නියතයි....’’
    5. ‘’ඉදුණු ගෙඩිය කවර මොහොතක හෝ නටුවෙන් ගිලිහී බිමට වැටෙන්නා සේ, අහෝ! මාගේ ජීවිතය කවර මොහොතක විනාශ වේ දැයි කිව නොහැකි ය. අහෝ! දැන් මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය .’’
    ‘’ජීවිතය අනියතයි. මරණය නියතයි...’’
    6. ‘’මැටි බඳුනක් මුගුරු පහරින් බිඳී යන්නා සේ , උපන්නා වූ ජීවිතය මරණ මුගුරින් බිඳී යන්නේ ය. අහෝ! දැන් මේ මොහොතෙහිද මාගේ මරණය සිදුවිය හැකි ය.’’
    ජීවිතය අනියතයි. මරණයය නියතයි..
    7. ‘’දියෙහි ඇඳි ඉර වහා මැකී යන්නා සේ, මාගේ ජීවිතය ද ඒකාන්තයෙන් ම මරණයෙන් මැකී යන්නේය. අහෝ! දැන් මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය.’’
    ‘’ජීවිතය අනියතයි. මරණය නියතයි….’’
    8. ‘’හිරු රැස් වැටෙන කළ පිනිබිඳු වැනසී යන්නා සේ, මාගේ ජීවිතය ද මරණයෙන් විනාශ වන්නේ ය. අහෝ! දැන් මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය.’’
    ‘’ජීවිතය අනියතයි. මරණය නියතයි….’’
    9. ‘’අහසෙහි දිස්වන විදුලි එලිය සැණෙකින් නැති වී යන්නා සේ, උපන්නා වූ ජීවිතය සැනෙකින් මරණයට යන්නේ ය. අහෝ! දැන් මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය.’’
    ‘’ජීවිතය අනියතයි.මරණය නියතයි….’’
    ‘’අහෝ මරණය... අහෝ මරණය... අහෝ මරණය…’’
    නිහඬ ව භාවනා කරන්න
    උපචාර සමාධිය උපදවා ගැනීමට උත්සාහ කරනු මැනවි.
    සක්මනෙහි දී, පියවරක් පියවරක් පාසා, ‘’අහෝ මරණය.! අහෝ මරණය.! අහෝ මරණය.!’’ කියා හෝ ‘’ජීවිතය අනියතයි. මරණය නියතයි.’’ කියා හෝ මෙනෙහි කරනු මැනවි.
    සාදු... සාදු... සාදු...
    සම්පත්ති විපත්ති
    ජීවිතය කාලයෙහිදී පෙනෙන සියලු සම්පත් මරණ විපත්තියෙන් අවසාන වන බව සලකා භාවනා කිරීම සම්පත්ති විපත්ති යයි.
    භාවනා වාක්‍යයෝ
    1. ‘’අහෝ! සියලුම සම්පත්තිය, විපත්තිය ම කෙළවර කොට ඇත්තේ ය. ජීවිතය සම්පත්තිය ද, මරණ විපත්තිය ම කෙළවර කොට ඇත්තේ ය. අහෝ මේ මොහොතෙහිද, මාගේ මරණය සිදුවිය හැකිය.’’
    ‘’ ජීවිතය අනියතයි. මරණය නියතයි.’’
    2. ‘’අහෝ! මාගේ නිරෝගී සම්පත්තිය, ව්‍යාධි විපත්තිය කෙළවර කොට ඇත්තේ ය. ජීවිත සම්පත්තිය ද, මරණ විපත්තිය කෙළවර කොට ඇත්තේ ය. අහෝ! මේ මොහොතෙහිද, මාගේ මරණය සිදුවිය හැකි ය.’’
    ‘’ජීවිතය අනියතයි. මරණය නියතයි. ‘’
    3. ‘’අහෝ! මාගේ යෞවන සම්පත්ති ය, ජරා විපත්තිය කෙළවර කොට ඇත්තේ ය. ජීවිත සම්පත්තිය ද, මරණ විපත්තිය කෙළවර කොට ඇත්තේ ය. අහෝ! මේ මොහොතෙහි ද, මාගේ මරණය සිදුවිය හැකිය.’’
    ‘’ජීවිතය අනියතයි. මරණය නියතයි.’’
    4. ‘’අහෝ! සියලුම ප්‍රීතිය, ශෝකය කෙළවර කොට ඇත්තේ ය. ජීවිත සම්පත්තියද, මරණ විපත්තිය කෙළවර කොට ඇත්තේ ය. අහෝ! මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය.’’
    ‘’ජීවිතය අනියතයි මරණය නියතයි.’’
    5.’’අහෝ! ප්‍රියයන් හා එක්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම කෙළවර කොට ඇත්තේ ය. ජීවිත සම්පත්තියද මරණ විපත්තිය විපත්තිය කෙළවර කොට ඇත්තේ ය. අහෝ මේ මොහොතෙහිද මාගේ මරණය සිදුවිය හැකි ය.’’
    ‘’ ජීවිතය අනියතයි. මරණය නියතයි.’’
    6. ‘’අහෝ! සියලූ ලෝක සත්ත්වයා, ජාතිය අනුවම ගියේ ය. ජරාවෙන් වැළඳ ගන්නා ලද්දේ ය. ව්‍යාධියෙන් මැඩ ගන්නා ලද්දේ ය. මරණයෙන් නසන ලද්දේ ය. අහෝ! මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය.’’
    ‘’ ජීවිතය අනියතයි. මරණය නියතයි.’’
    ‘’අහෝ මරණය... අහෝ මරණය... අහෝ මරණය... ‘’
    නිහඬ ව භාවනා කරන්න
    උපචාර සමාධිය උපදවා ගැනීමට උත්සාහ කරනු මැනවි. සක්මනෙහි දී, පියවරක් පියවරක් පාසා, ‘’අහෝ මරණය.! අහෝ මරණය.! අහෝ මරණය.!’’ කියා හෝ ‘’ජීවිතය අනියතයි. මරණය නියතයි.’’ කියා හෝ මෙනෙහි කරනු මැනවි.
    සාදු... සාදු... සාදු....
    සම්පත්ති විපත්තිය
    සියලු සම්පත් විපත්තිය ම කෙළවර කොට ඇත. ජීවිත සම්පත්තියද මරණ විපත්තියෙන් කෙළවර වන බව සලකා භාවනා සම්පත්ති විපත්තිය යි.
    භාවනා වාක්‍ය
    1. ‘’අහෝ! මාගේ නිරෝගී සම්පත්තිය රෝගී විපත්තියෙන් කෙළවර වී, මුළු ජීවිතයම මරණයෙන් විනාශ වන්නේය. අහෝ! මේ මොහොතෙහිදී ද මාගේ මරණය සිදුවිය හැකිය.’’
    ‘’ජීවිතය අනියතයි . මරණය නියතයි.’’
    2. අහෝ! මාගේ යෞවන සම්පත්තිය ජරා විපත්තියෙන් කෙලවර වී මුළු ජීවිතයම මරණයෙන් විනාශ වන්නේය. අහෝ! මේ මොහොතෙහිද මාගේ මරණය සිදුවිය හැකිය.
    “ජීවිතය අනියතයි. මරණය නියතයි.”
    3. අහෝ! සියලුම ප්‍රීති සහගත දේවල් ශෝකය කෙළවර කොට ඇත්තේ ය. අහෝ! මේ මොහොතෙහි දී ද, මාගේ මරණය සිදුවිය හැකිය.
    “ ජීවිතය අනියතයි. මරණය නියතයි.”
    4. අහෝ! කන්දකින් පහළට ඇද වැටෙන ගල් පර්වත, හසුවූන සියලුම දේ සුනුවිසුනු කරමින් යන්නා සේ, අහෝ! ජරා මරණ විපත්ති මාගේ ජීවිත සම්පත්තිය විනාශ කරන්නේය. අහෝ! මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය.
    “ ජීවිතය අනියතයි. මරණය නියතයි.”
    5. අහෝ! ප්‍රිය සම්ප්‍රයෝගය ප්‍රිය විප්‍රයෝගයෙන් කෙළවර වන්නේ ය.ජීවිත සම්පත්තිය ද මරණ විපත්තිය කෙළවර කොට ඇත්තේ ය . අහෝ! මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය .
    “ජීවිතය අනියතයි. මරණය නියතයි.”
    6. අහෝ! සියලු ලෝක සත්වයා ජාතිය අනුව ගියේ ය. ජරාවෙන් වැළඳගන්නා ලද්දේ ය. ව්‍යාධියෙන් පීඩාවට පත් වන්නේ ය. මරණයෙ න් විනාශ වන්නේ ය. අහෝ! මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය.
    “ජීවිතය අනියතයි. මරණය නියතයි.”
    නිහඬව භාවනා කරන්න.
    සාදු... සාදු... සාදු...
    උපචාර සමාධිය උප උපදවා ගැනීමට උසත්සාහ කරනු මැනවි.
    සක්මනෙහි දී පියවරක් පියවරක් පාසා ''අහෝ මරණය'' ''අහෝ මරණය'' ''අහෝ මරණය'' කියා හෝ ''ජීවිතය අනියතයි. මරණය නියතයි'' කියා හෝ මෙනෙහි කරනු මැනවි.
    උපසංහරණය
    යස පිරිවරින් අගතැන්පත් වූ මහා සම්මත, මහාමන්ධාතු, මහාසුදස්සන ආදී මහ රජවරුන් ඇතුළු උසස් පුද්ගලයන්ගේ මරණය සිහි කොට, ඒ මරණය තමන් වෙත එලවා බැලීමෙන් මරණය සිහිකිරීම උපසංහරණය යි .
    භාවනා වාක්‍ය
    1. ''මේ ලෝකයෙහි දීර්ඝ ආයුෂ හා මහා යසසින් ආඪ්‍ය වූ මහාසම්මත, මහා මන්ධාතු ආදී රජ දරුවෝ පවා මරණයට පත්විය. අල්ප වූ යස පිරිවරක් ඇති මට ද ඒකාන්තයෙන් ම මරණය අත් වන්නේ ය.''
    ''ජීවිතය අනියතයි. මරණය නියතයි.''
    2. ''පුණ්‍ය ශක්තියෙන් අගතැන්පත් වූ ජෝතිය, ජටිල, මෙණ්ඩක ආදී මහා පිණැතියන්ගේ ජීවිතයද මරණයට පත්විය. අල්ප වූ පින් ඇති මට ද ඒකාන්තයෙන් ම මරණය අත් වන්නේය.''
    ''ජීවිතය අනියතයි. මරණය නියතයි.''
    3. ''කාය ශක්තියෙන් අග තැන්පත් වූ වාසුදේව, බලදේව ආදී මහා බලවතුන්ගේ ජීවිතය ද මරණයට පත් විය. අල්ප වූ කාය බලයක් ඇති මටද ඒකාන්තයෙන් ම මරණය අත් වන්නේ ය.''
    ''ජීවිතය අනියතයි. මරණය නියතයි.''
    4. '' සෘධි ශක්තීයෙන් අගතැන්පත් වූ මහ මුගලන් මහ මහරහතන් වහන්සේ ද, උප්පලවන්නා මහ රහත් තෙරණින් වහන්සේ ද, පිරිනිවනට පිවිසි සේක. සෘධියෙන් තොරවූ මට ද, ඒකාන්තයෙන් ම මරණය අත් වන්නේ ය.''
    ''ජීවිතය අනියතයි. මරණය නියතයි.''
    5. '' ප්‍රඥාවෙන් අගතැන් පත් වූ සැරියුත් මහ මහරහතන් වහන්සේ ද, ඛේමා මහ රහත් තෙරණින් වහන්සේ ද, පිරිනිවනට පිවිසි සේක. ප්‍රඥාවෙන් අසම්පූර්ණ වූ මට ද ඒකාන්තයෙන් ම මරණය අත් වන්නේ ය.''
    ''ජීවිතය අනියතයි. මරණය නියතයි.''
    6. ''ස්වයංභූ ඥාණයෙන් කෙලෙසුන් නැසූ, පසේබුදුවරයන් වහන්සේලා පවා පිරිනිවනට පිවිසි සේක. ස්වයංභූ ඥානයෙන් තොර වූ මටද ඒකාන්තයෙන්ම මරණය අත් වන්නේ ය.''
    ''ජීවිතය අනියතයි මරණය නියතයි .''
    7. ''අති ශ්‍රේෂ්ඨ වූ බල මහිමයෙන් හා පුණ්‍ය සම්පත්තියෙන්ද, ඍධිබලයෙන් හා ලෞකික ලෝකෝත්තර ප්‍රඥාවෙන්ද, සියල්ලෙන් පරතෙරට පැමිණියාවූ, අසම සම වූ, ඒ භාග්‍යවත් සම්මා සම්බුදුපියාණන් වහන්සේ පවා, වැසිදිය වැටීමෙන් මහා ගිනි කඳක් නිවී යන්නා සේ මරණ වැසි වැටීමෙන් පිරිනිවනට වැඩි සේක. අසර්වඥ වූ මටද ඒකාන්තයෙන්ම මරණය අත් වන්නේ ය. ''
    ''ජීවිතය අනියතයි. මරණය නියතයි''
    නිහඬව භාවනා කරන්න.
    සාදු... සාදු... සාදු...
    උපචාර සමාධිය උපදවා ගැනීමට උත්සාහ කරනු මැනවි. සක්මනෙහි දී ''අහෝ මරණය'' ''අහෝ මරණය.'' ''අහෝ මරණය'' කියා හෝ ''ජීවිතය අනියතයි. මරණය නියතයි.'' කියා හෝ මෙනෙහි කරනු මැනවි.
    කාය බහු සාධාරණය
    මේ ශරීරයේ ඇතුලත සිටිනා අසූ කුලයක පණුවන්ට ද, බාහිර වූ නයි පොලොන් ආදී සතුන්ටද, බොහෝ රෝගාබාධයන්ට ද, සාධාරණ බව හා ඒ සත්ත්වයන් නිසාද, ඒ රෝගාබාධයන් නිසා ද, මරණය සිදුවිය හැකි බව සලකමින් භාවනා කිරීම කාය බහු සාධාරණ යයි.''
    භාවනා වාක්‍යයෝ
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    1. ''අහෝ! මේ ජීවිතය සම, මස්, නහර, ඇට, ඇටමිදුළු ඇසුරු කොට ඇති අසූ කුලයක ප්‍රාණීන්ට සාධාරණ වන්නේ ය. ඔවුන්ගේ කිපීමෙන් දැන් මේ මොහොතෙහි පවා මාගේ මරණය සිදුවිය හැකි ය.''
    ''ජීවිතය අනියතයි. මරණය නියතයි.''
    2. ''අහෝ! නයි, පොළොං ආදි විසකුරු සර්පයකු දෂ්ඨ කිරීමෙන්, දැන් මේ මොහොතෙහි පවා මාගේ මරණය සිදුවිය හැකිය.''
    '' ජීවිතය අනියතයි. මර ණය නියතයි.''
    3. ''අහෝ! පය පැකිලී වැටීමෙන් හෝ වැළඳූ ආහාර අජීර්ණ වීමෙන් හෝ දැන් මේ මොහොතෙහි පවා මාගේ මරණය සිදුවිය හැකිය.''
    ''ජීවිතය අනියතයි. මරණය නියතයි.''
    4. ''අහෝ! ඇස් රෝගයකින් හෝ කන් රෝගයකින් හෝ දිවෙහි හැදෙන රෝගයකින් හෝ හිසෙහි හැදෙන රෝගයකින් හෝ දැන් මේ මොහොතෙහි පවා මාගේ මරණය සිදුවිය හැකි ය.''
    ''ජීවිතය අනියතයි. මරණය නියතයි.''
    5. ''අහෝ! මුඛ රෝගයකින් හෝ දත් රෝගයකින් හෝ අතීසාර රෝගයකින් හෝ පීනස් රෝගයකින් හෝ දැන් මේ මොහොතෙහි පවා මාගේ මරණය සිදුවිය හැකි ය.''
    ''ජීවිතය අනියතයි . මරණය නියතයි.''
    6. ''අහෝ! දාහ රෝගයකින් හෝ කාස රෝගයකින් හෝ කුෂ්ඨ රෝගයකින් හෝ දැන් මේ මොහොතෙහි පවා මාගේ මරණය සිදුවිය හැකි ය.''
    ''ජීවිතය අනියතයි. මරණය නියතයි.''
    7. ''අහෝ! ගණ්ඩ රෝගයෙන් හෝ දද රෝගයෙන් හෝ අපස්මාර රෝගයෙන් හෝ පිළිකා රෝගයෙන් හෝ දැන් මේ මොහොතෙහි පවා මාගේ මරණය සිදුවිය හැකි ය.''
    ''ජීවිතය අනියතයි. මරණය නියතයි.''
    8. ''අහෝ! පිත හෝ සෙම හෝ වාතය හෝ මුල්කොට ඇතිවන රෝගයකින් දැන් මේ මොහොතෙහි පවා මාගේ මරණය සිදුවිය හැකි ය.''
    ''ජීවිතය අනියතයි. මරණය නියතයි.''
    9. ''අහෝ! ඍතු වෙනස් වීමකින් හෝ වැරදි පිළිපැදීමකින් හෝ උපක්‍රමයකින් ඇතිවන රෝගයකින් හෝ දැන් මේ මොහොතෙහි පවා මාගේ මරණය සිදුවිය හැකි ය.''
    ''ජීවිතය අනියතයි . මරණය නියතයි.''
    10. ''අහෝ! පෙර කළ කර්මයක විපාකයෙන් හෝ සීතල නිසා හෝ උෂ්ණය නිසා හෝ බඩගින්න නිසා හෝ පිපාසාව නිසා හෝ ඇතිවන රෝගයකින් දැන් මේ මොහොතෙහි පවා මාගේ මරණය සිදුවිය හැකි ය.''
    ''ජීවිතය අනියතයි. මරණය නියතයි.''
    11. ''අහෝ! මළබද්ධය නිසා හෝ මුත්‍රා දෝෂයක් නිසා හෝ ඇතිවන රෝගයකින් දැන් මේ මොහොතේ පවා මාගේ මරණය සිදුවිය හැකි ය.''
    ''ජීවිතය අනියතයි. මරණය නියතයි.''
    12. ''අහෝ! මේ ජීවිතය ගින්දර, ජලය, වස විෂ, අවි ආයුධ ආදි විවිධ උපද්‍රව වලට සාධාරණ වන්නේ ය. අහෝ! දැන් මේ මොහොතෙහි පවා මාගේ මරණය සිදුවිය හැකි ය.''
    ''ජීවිතය අනියතයි. මරණය නියතයි.''
    13. ''අහෝ! මාගේ මරණයට ආධ්‍යාත්මික උවදුරු ද, බාහිර උවදුරුද බොහෝ බැවින්, ක්ෂණයකින් මේ මොහොතෙහි පවා මාගේ මරණය සිදුවිය හැකි ය.''
    ''ජීවිතය අනියතයි. මරණය නියතයි.''
    ''අහෝ! මරණය. අහෝ! මරණය. අහෝ! මරණය.''
    නිහඬව භාවනා කරන්න .
    සාදු... සාදු... සාදු...
    උපචාර සමාධිය උපදවා ගන්නට උත්සාහ කළ මැනවි. සක්මනෙහි දී ''අහෝ මරණය. අහෝ මරණය. අහෝ මරණය.'' කියා හෝ ''ජීවිතය අනියතයි. මරණය නියතයි.'' කියා හෝ මෙනෙහි කරනු මැනවි.
    ආයු දුර්වලත්වය
    සත්වයා ජීවත් වන්නේ ආශ්වාස ප්‍රශ්වාස වාතය, සීතල, උණුසුම, ආහාර යනාදී ජීවිතය පැවැත්වීමට උපකාර වන හේතූන් සමව පවතින තෙක් පමණි. ඒ හේතු වල කුමන හෝ වෙනසක් සිදු උනොත් සත්වයා මරණයට පත් වන්නේ ය. මේ හේතු නිසා පවතින ආයුෂය (ජීවිතේන්ද්‍රිය) ඉතා දුර්වල නිසා ආයු දුර්වලත්වය සලකා මරණානුස්සතිය වැඩිය යුතු ය.
    භාවනා වාක්‍යයෝ
    1. '' අහෝ මාගේ ජීවිතය ආශ්වාස ප්‍රශ්වාස සමව පවතින තෙක් පවතියි. එහි වෙනසක් ඇති වුවහොත් වහාම මාගේ මරණය සිදුවිය හැකි ය.''
    ''ජීවිතය අ නියතයි. මරණය නියතයි.''
    2. අහෝ! පිටතට නික්මුණු නාසිකා වාතය ඇතුලට නොපැමිණීමෙන් වහා මාගේ මරණය සිදුවිය හැකි ය.
    ''ජීවිතය අනියතයි. මරණය නියතයි.''
    3. අහෝ! ඇතුලට ගිය නාසිකා වාතය පිටතට නොපැමිණීමෙන් වහා මාගේ මරණය සිදුවිය හැකි ය.
    ‘’ජීවිතය අනියතයි. මරණය නියතයි.’’
    4. ''අහෝ! මාගේ ජීවිතය පවතින්නේ සතර ඉරියව් සමව පවතින තෙක් පමණි. එයින් එක් ඉරියව්වක්වත් අධිකව පැවැත්වීමෙන් වහා මාගේ මරණය සිදුවිය හැකි ය.
    ‘’ ජීවිතය අනියතයි. මරණය නියතයි''
    5. අහෝ! ශරීරයෙහි සීතල අධික වීමෙන් හෝ උෂ්ණය අධික වීමෙන් හෝ වහා මාගේ මරණය සිදුවිය හැකි ය.''
    ‘’ජීවිතය අනියතයි. මරණය නියතයි.''
    6. අහෝ! පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන් අතරින් යමක් කිපීමෙන් වහා මාගේ මරණය සිදුවිය හැකි ය.''
    ''ජීවිතය අනියතයි. මරණය නියතයි.''
    7. ''අහෝ! ආහාර පානාදිය සුදුසු අවස්ථාවෙහි නොලැබීමෙන් වහා මාගේ මරණය සිදුවිය හැකි ය.''
    '' ජීවිතය අනියතයි. මරණය නියතයි.''
    ‘’අහෝ මරණය... අහෝ මරණය... අහෝ මරණය...’’
    නිහඬව භාවනා කරන්න
    සාදු... සාදු... සාදු…
    උපචාර සමාධිය උපදවා ගනු මැනවි. සක්මනෙහිදී ''අහෝ මරණය. අහෝ මරණය. අහෝ මරණය. කියා හෝ ''ජීවිතය අනියතයි. මරණය නියතයි.'' කියා හෝ සක්මන් කරන මැනවි.
    අනිමිත්ත ය
    ජීවිතය, ව්‍යාධිය, කාලය, දේහ නික්ෂේපය, ගතිය යන කරුණු පස ගැන නියමයක් නොමැති බව සලකා මරණ සතිය වැඩීම අනිමිත්තයි.
    භාවනා වාක්‍යයෝ
    1. ''මේ ජීවිතය පවතින්නේ ස්වල්ප කාලයකි. අවුරුදු සියයක් ඇතුළත දී ඒකාන්තයෙන්ම මරණයට පත්වන්නේ ය.
    ''ජීවිතය අනියතයි. මරණය නියතයි.''
    2. ''අහෝ! මා මෙතරම් කලක් ජීවත් විය යුතු යැයි නියමයක් නැති නිසා, මාගේ මරණය මේ මොහොතෙහි පවා සිදුවිය හැකි ය.''
    ‘'ජීවිතය අනියතයි මරණය නියතයි.''
    3. ''අහෝ! අසවල් රෝගයකින් මාගේ මරණය සිදුවිය යුතු යැයි නියමයක් නැති නිසා, කවර රෝගයකින් හෝ මාගේ මරණය සිදුවිය හැකි ය.''
    ''ජීවිතය අනියතයි මරණය නියතයි.''
    4. ''අහෝ! පෙරවරු කාලයෙහි හෝ පස්වරු කාලයෙහි හෝ අසවල් වේලාවට මාගේ මරණය සිදුවිය යුතු යැයි නියමයක් නැති නිසා, මේ මොහොතෙහි පවා මාගේ මරණය සිදුවිය හැකි ය.''
    ''ජීවිතය අනියතයි. මරණය නියතයි.''
    5. '' මා මරණයට පත්වී අසවල් තැන වැටිය යුතු යැයි නියමයක් නැති නිසා කොතනකදී හෝ මාගේ මරණය සිදුවිය හැකි ය.''
    ''ජීවිතය අනියතයි. මරණය නියතයි.''
    6. ''මා මරණයට පත්වී අසවල් තැන ඉපදිය යුතු යැයි නියමයක් නැති නිසා, මාගේ මරණය සිදුවී වහා කර්මානුරූපව සුගතියක හෝ දුගතියක හෝ ඉපදිය හැකි ය.''
    ''ජීවිතය අනියතයි. මරණය නියතයි.''
    නිහඬව භාවනා කරන්න.
    සාදු... සාදු... සාදු...
    උපචාර සමාධිය උපදවාගැනීමට උත්සාහ කළ මැනවි.
    සක්මන් භාවනාවෙහිදී පියවරක් පියවරක් පාසා ''අහෝ මරණය. අහෝ මරණය. අහෝ මරණය.'' කියා හෝ ''ජීවිතය අනියතයි. මරණය නියතයි'' කියා හෝ භාවනා කළ මැනවි.
    අද්ධාන පරිච්ඡේදය
    මෙතරම් කල් ජීවත්විය යුතු යැයි නියමයක් නැති බැවින්, ජීවිතයේ අස්ථීර තත්වය සලකා මරණසතිය වැඩීම අද්ධාන පරිච්ඡේදය යි.
    කමටහන් වාක්‍යය
    1. ''අහෝ! ආයුෂ ඉතා ස්වල්ප වූ බොහෝ දුක් ඇති මේ ජීවිතය මොහොතක් පාසා මරණයට ලං වන්නේ ය''
    ''ජීවිතය අනියතයි. මරණය නියතයි.''
    2. ''අහෝ! හිරු උදාවත් සමගම තණ අග පිනි බිඳු සේ විනාශ වන සුළු බොහෝ දුක් ඇති මේ ජීවිතය, මොහොතක් පාසා මරණයට ලන් වන්නේය''
    ''ජීවිතය අනියතයි. මරණය නියතයි''
    3. ''දියෙහි නැගී දිය බුබුළු සේ විනාශවන සුළු බොහෝ දුක් ඇති මේ ජීවිතය, මොහොතක් පාසා මරණයට ලං වන්නේ ය.''
    ''ජීවිතය අනියතයි. මරණය නියතයි''
    4. ''අහෝ! දියෙහි ඇදි ඉරක් සේ විනාශවන සුළු බොහෝ දුක් ඇති මේ ජීවිතය, මොහොතක් පාසා මරණයට ලං වන්නේ ය.''
    ''ජීවිතයඅනියතයි. මරණය නියතයි.''
    5. ''අහෝ! පර්වතයෙන් ගලා බසිනා දිය දහර සේ විනාශවන සුළු බොහෝ දුක් ඇති මේ ජීවිතය, මොහොතක් පාසා මරණයට ළං වන්නේ ය.''
    ''ජීවිතය අනියතයි. මරණය නියතයි.''
    6. ''අහෝ! දිව අග කෙළ පිඬ සේ විනාශවන සුළු බොහෝ දුක් ඇති මේ ජීවිතය, මොහොතක් පාසා මරණයට ළං වන්නේ ය.''
    ''ජීවිතය අනියතයි. මරණය නියතයි''
    7. ''අහෝ! රත් වූ කබලෙහි මස් කැබැල්ල සේ විනාශ වන සුලු මේ ජීවිතය, මොහොතක් පාසා මරණයට ලං වන්නේ ය.''
    '' ජීවිතය අනියතයි. මරණය නියතයි.''
    8. ''අහෝ! මස් ලොඹුව කරා ගෙනයන ගවයකු සේ විනාශවන සුළු බොහෝ දුක් ඇති මේ ජීවිතය, මොහොතක් පාසා මරණයට ලං වන්නේ ය.''
    '' ජීවිතය අනියතයි. මරණය නියතයි.''
    9. ''අහෝ! බත් පිඬක් හෝ වතුර උගුරක් හෝ මුවට රැගෙන ගිලීමට ප්‍රථමයෙන් මාගේ මරණය සිදුවිය හැකි ය.''
    '' ජීවිතය අනියතයි. මරණය නියතයි''
    10. ''අහෝ! සිටගෙන සිටිය දී ද මාගේ මරණය සිදුවිය හැකි ය.''
    ''ජීවිතය අනියතයි. මරණය නියතයි.''
    11. ''අහෝ! ඉඳගෙන සිටියදී ද මාගේ මරණය සිදුවිය හැකි ය.''
    ''ජීවිතය අනියතයි. මරණය නියතයි.''
    12. ''අහෝ! ඇවිදිමින් සිටියදී ද මාගේ මරණය සිදුවිය හැකි ය.''
    ''ජීවිතය අනියතයි. මරණය නියතයි.''
    1. ''අහෝ! නිදාගෙන සිටියදී ද මාගේ මරණය සිදුවිය හැකි ය.''
    '' ජීවිතය අනියතයි. මරණය නියතයි.''
    2. ''අහෝ! ආහාර ගනිමින් සිටියදී ද මාගේ මරණය සිදුවිය හැකි ය.''
    '' ජීවිතය අනියතයි. මරණය නියතයි.''
    3. ''අහෝ! හුස්ම ගනිද්දී ද මාගේ මරණය සිදුවිය හැකි ය.''
    ''ජීවිතය අනියතයි. මරණය නියතයි.''
    4. ''අහෝ! හුස්ම හෙලද්දී ද මාගේ මරණය සිදුවිය හැකි ය.''
    ''ජීවිතය අනියතයි. මරණය නියතයි.''
    ''අහෝ මරණය... අහෝ මරණය... අහෝ මරණය...''
    නිහඬව භාවනා කරන්න.
    සාදු... සාදු... සාදු...
    උපචාර සමාධිය උපදවා ගැනීමට උත්සාහ කළ මැනවි.
    සක්මනෙහිදී ''අහෝ මරණය. අහෝ මරණය. අහෝ මරණය.'' කියා හෝ ''ජීවිතය අනියතයි. මරණය නියතයි.'' කියා හෝ භාවනා කළ යුතු ය.''
    ඛණ පරිත්ත ය
    මේ ජීවිතය චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා මරණයට පත්වන්නේ යැයි සලකා, මරණ සතිය වැඩීම ඛණ පරිත්ත ය යි.
    කමටහන් වාක්‍යය
    1. ''අහෝ! අතීත චිත්තක්ෂණයෙහි පැවතියාවූ ජීවිතය, වර්තමාන චිත්තක්ෂණයට නො පැමිණ මරණයට පත් වූයේ ය.''
    '' ජීවිතය අනියතයි. මරණය නියතයි.''
    2. '' අහෝ ! වර්තමාන චිත්තක්ෂණයෙහි පවතින්නාවූ ජීවිතය, අනාගත චිත්තක්ෂණයට නොපැමිණ මරණයට පත් වන්නේ ය.''
    ''ජීවිතය අනියතයි. මරණය නියතයි.''
    3. ''අහෝ! අනාගත චිත්තක්ෂණයෙහි පවතින්නා වූ ජීවිතය මතු අනාගත චිත්තක්ෂණය ට නොපැමිණ මරණයට පත්වන්නේය''
    ''ජීවිතය අනියතයි. මරණය නියතයි''
    නිහඬව භාවනා කර කරන්න.
    සාදු ...සාදු ...සාදු ...
    උපචාර සමාධිය උපදවා ගැනීමට උත්සාහ කළ මැනවි. සක්මනෙහිදී ''අහෝ මරණය. අහෝ මරණය. අහෝ මරණය.'' කියා හෝ ''ජීවිතය අනියතයි. මරණය නියතයි'' කියා හෝ භාවනා කළ මැනවි.
    විදර්ශනාවට යොමු වීම.
    මරණ සති භාවනා වෙහිදී පහල වූ ස්කන්ධ, ධාතු, ආයතන ආදි පරමාර්ථ ධර්මයන් නුවණට හසුකරගෙන ඒවායෙහි සැබෑ ලක්ෂණය ත්‍රිලක්ෂණය බව වටහා ගනිමින්, කෙලෙස් සහමුලින් නැසීමට විදර්ශනා භාවනා කටයුතු ආරම්භ කළ යුතුය.
    කමටහන් වාක්‍යය
    1. ''මරණ සති භාවනාවෙහි දී පහළ වූ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන නාම රූප ධර්මයෝ ක්ෂණයක්, ක්ෂණයක් පාසා, ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යයි. ඇතිවීම් නැතිවීම් දෙකෙන් නිරන්තරයෙන් ම පීඩා වින්ද බැවින් දුක්ඛයි. තම තමන් කැමති ලෙසින් නොපැවති නිසා ස්ථිරසාර නොවූ නිසා අනාත්මයි.''
    2. ''අනිත්‍ය වූ ද, දුක්ඛ වූ ද, අනාත්ම වූ ද, නාමරූප ධර්‍මයෝ සතර අපායක පැවතියත්, මිනිස් ලොව පැවතියත්, දෙව්ලොවක පැවතියත්, බඹලොවක පැවතියත්, දුක්ඛ සත්‍යය නම් වේ.''
    3. ''දුක්ඛ සත්‍යය උපදවන්නා වූ, පූර්ව භව තණ්හාව, ඒකාන්තයෙන්ම සමුදය සත්‍යය නම් වේ.
    4. ''දුක්ඛ සත්‍යය සහ සමුදය සත්‍යය යන දෙකෙහි නොපැවැත්ම නම් වූ, නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම නිරෝධ සත්‍යය නම් වෙයි.''
    5. ''ඒ නිරෝධ සත්‍යය අවබෝධ කරගැනීමට වැඩිය යුතු වූ, ප්‍රතිපත්ති මාර්ගය, ඒකාන්තයෙන්ම මාර්ග සත්‍යය නම් වේ.''
    6. ''මාගේ භාවනා කුසලය, ඒකාන්තයෙන්ම, මේ උතුම් චතුරාර්ය්‍ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිනිසම හේතු වේවා!''
    නිහඬව භාවනා කරන්න.
    මෙතැන් සිට දිට්ඨි විසුද්ධිය ට අදාල භාවනා කමටහන් වලින් විදර්ශනාව පටන් අරගෙන ඉන් එහාට ඇති කමටහන් වඩමින් චතුරාර්ය්‍ය සත්‍යයාවබෝධය උදෙසා විදර්ශනා භාවනා කටයුතු සිදු කරගන්න.
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,640
    2,143

    ගොඩක් වටිනා ලිපියක් ස්තුති 🙏🏻🙏🏻🙏🏻
     
    • Like
    Reactions: asliyanage and NRTG