මරණාසන්න වේදනාව නිසා මනෝමය කාය වෛරයෙන් සැමියා සොයා යයි

batmanTES

Well-known member
  • Feb 10, 2018
    1,334
    1,716
    113
    Gotham City 👁
    image_1c69f299dd.jpg

    පෙර ආත්ම භාවයක් පිළිබඳව සිදු කළ පර්යේෂණයක් මගින් හෙළිකොට ගත් මෙම කතාංගය මෙයට හොඳ උදාහරණයකි. ගාල්ල ප්‍රදේශයේ ජීවත් වූ ලතා දෙමාපිය සෙවණේ හැදී වැඩී අධ්‍යාපනය ලැබුවේද උසස් පාසලකයි. උසස් අධ්‍යාපනය ලැබීමෙන් පසු රැකියාවක් සඳහා නාගරික ප්‍රදේශයකට යාමට ඇයට සිදු විය. ලතාගේ ජීවිතය වෙනස් වූයේ එතැන් සිටය. රැකියාව කරන අතර ලතා ප්‍රේම සබඳතාවකට යොමු විය. එහෙත් දෙමාපියන්ගේ කැමැත්ත නොලැබීම නිසා ඇයට සිදු වූයේ දෙමාපිය අකමැත්ත පිට විවාහ වීමටයි. පසු කාලීනව දියණියක් ලැබ ඉතා සතුටින් ජීවත් වූ ඇයගේ ජීවිතය බලාපොරොත්තු නොවූ සිදුවීමක් නිසා සඳහටම අඳුරු විය.

    1971 කැරල්ල සමයේදී ලතාගේ සැමියා නොසිතූ විරු ලෙස මරණයට පත් විය. රටේ පැවති වාතාවරණය හමුවේ ජීවත්වීම අනතුරුදායක වූ බැවින් ලතා සිය සැමියාගේ ගම් ප්‍රදේශය වූ කෑගල්ලට සමු දී යළිත් ගාල්ලේ සිය දෙමාපියන් සොයා පැමිණියාය.

    ඒ වන විට දියණිය තරුණ වයසට එළඹෙමින් පැවතිණි. දියණියගේ වැරදිවලට ලතා අවවාද දෙන අවස්ථාවන්හිදී ඇය ඒවා පිළිනොගත් අතර නිරන්තරව මව සමග අමනාපකම් ඇතිකොට ගත්තාය. ක්‍රමයෙන් එය දැඩි බවක් දක්වා වර්ධනය වූයෙන් මව ඒ පිළිබඳව විමසිලිමත් වූවාය. සමහර අවස්ථාවන්හිදී මව මේ පිළිබඳව විමසන්නට වූවාය. එහිදී ඇයගේ පිළිතුර යහපත් නොවීය.


    අම්ම මම ගැන හොයන්න එපා. මම ලොකු ළමයෙක්, තේරුණාද. මම කැමැති නැහැ අම්ම මගේ වැඩවලට අතගහනවට. මව නොසන්සුන්ව දියණියට දොස් තැබීම නිසා තත්ත්වය සුබදායක නොවීය. මේ අතර දියණියට රැකියාවක් ලැබීම නිසා මව සිතා සිටියේ දියණියගේ දඩබ්බර ගති අඩු විය හැකි බවය. එහෙත් අමනාප කම් තව තවත් බැරෑරුම් විය. ක්‍රමයෙන් මව උයන ආහාර ප්‍රතික්ෂේප කොට ඇය තනියම ආහාර උයාගන්නට වූවාය. අඩ දබර අසල්වාසීන් අතරද ප්‍රචලිත විය. ඥාතීන් මව සහ දියණියගේ ගැටීම සමථයකට පත් කිරීමට උත්සාහ ගත්තද එය සාර්ථක නොවීය. මව දියණියට විවාහයක් කර දීමට උත්සාහ ගත්තද දියණිය එය ප්‍රතික්ෂේප කළාය. ඇය කියා සිටියේ කිසි දිනක විවාහ නොවන බවය.


    රැකියාවට ගොස් පැමිණියද ඇය කාමරයටවී සිටි අතර ආහාර ගැනීමට පැමිණියේද මව නොසිටින විටය. මෙම තත්ත්වය මවට මහත් වේදනාවක් වූයෙන් කළ යුතු ප්‍රතිකර්මයන් පිළිබඳව විමසමින් සුසුම් ලන්නට වූවාය. ඥාතීන් විසින් දියණියට යම් මානසික රෝගයක් ඇතැයි සිතූ බැවින් මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට සූදානම් කරන ලදී. ඒ සඳහා ඇයගේ කැමැත්ත ලබා ගැනීම ඉතා අපහසු විය. ඥාතීන්ගේ උත්සාහය නිසා අවසානයේ ඇය කැමති වූයෙන් පර්යේෂකයන් වෙත යොමු කෙරිණි. දියණිය මවට වෛර කරන්නේ ඇයි ද යන්න දැන ගැනීමට ඔවුහු ඇය ගෙන් ප්‍රශ්න කළහ.


    හේතු රහිතව ඇය කියා සිටියේ මව අප්‍රසන්න බවයි.
    කුමන හේතුවක් නිසාද යන්න ඇයට හෙළි කිරීමට නොහැකි වූයේය. පෙර ආත්මයේ තොරතුරුවලින් කොටස් කිහිපයක් මෙහි දැක්වේ. දැන් ඔබ පෙර භවයේ මවගේ කුස තුළ සිටින්නේ, දැන් ඔබ උත්පත්තිය ලබා ඇත. ඔබ ක්‍රමයෙන් වැඩෙනවා. විවාහකයි වයස අවුරුදු විසි පහයි.


    ඔබ දැන් සිදු කරන්නේ කුමක්ද? පැහැදිලි කරන්න.
    පි. මම ඉන්නේ ගෙදර අඬ අඬා.


    ප්‍ර. ඇයි අඬන්නේ. මොකද හේතුව.
    පි. කන්න බොන්න දෙන්නේ නැහැ. හොඳටම ගහනව.



    ප්‍ර. කවුද ගහන්නේ
    පි. මනුස්සය (සිය සැමියා)


    ප්‍ර. ඇයි ගහන්නේ
    පි. බීල ඇවිල්ලා


    ප්‍ර. හැමදාමත් ගහනවද
    පි. ඔහු බීල ආපු දවසට ගහනවා.


    ප්‍ර. ළමයි ඉන්නවද
    පි. ඉන්නවා ළමයින්ටත් ගහන නිසා අම්මලයි ගෙදර.


    ප්‍ර. ඔබ ජීවත් වන තැන ගැන විස්තරයක් කරන්න.
    පි. ලොකු වනාන්තරයක් ළඟ පුංචි ගෙයක් සමහර දවසට අලි රංචු ගෙදර ළඟටම එනවා.


    ප්‍ර. තව විස්තර කරන්න. හොඳට පෙනෙනවා. ඉදිරිය පැහැදිලියි.
    පි. වනාන්තරයේ සත්තු මනුස්සය මරාගෙන එනවා. මම උයලා නුදුන්නොත් මට ගහනවා.


    එතැන් සිට ඇය පැවසුවේ ඉතාමත් අනුවේදනීය කතාවකි. බීමතට හා දඩයමට ලොල් වූ සැමියා නිසා ඇය අන්ත අසරණ තත්ත්වයට පත්ව තිබිණි. දරුවන් නිසා සැමියා අතහැර දැමීමට නොහැකි වීමෙන් සියලු වේදනාවන් විඳ විඳ ඇය ජීවත්ව සිට ඇත. එක් දිනක බීමත්ව පැමිණ මස් උයා නොතිබීම නිසා බැණ වදිමින් පහර දෙන්නට වූයෙන් කෝපයට පත් ඇයද සැමියාට පහර දෙන්නට වූවාය.

    සැමියාගේ පහර දීමකින් සිහිසුන් වූ ඇය රෝහල් ගත කිරීමෙන් පසු මරණයට පත්විය. මරණයට පත්වන අවස්ථාව වන විට ඇගේ සිතේ සැමියා පිළිබඳව වෛරයක් පැවතීම නිසා මරණයෙන් පසුවද එම වෛරය නොසන්සිඳිණි. එහි ප්‍රථිඵලය වූයේ ඇය වෛරයෙන් යළි උත්පත්තියක් ලැබීමය. මෝහන ප්‍රතිගමනයේදී එය මෙසේ දිග හැරිණි. මට ගහනකොට මම හිස බදාගෙන විලාප දුන්නා. කවුරුවත් මම බේරා ගන්න ආවේ නැහැ. මම කර කැවිලා ගියා. ඒ එක්කම ඉහළට විසිවෙලා ගියා. උඩගිහිල්ලා නතර වෙලා පාවෙන්න පටන් ගත්තා. මම උත්සාහ කළා පහළට එන්න. ඒත් බැරි වුණා. මම උත්සාහ කළේ දරුවන් ළඟට යන්න. ගියේ නැහැ.


    ප්‍ර. අහසෙ පාවෙවී කොපමණ කාලයක් හිටියද
    පි. හිතාගන්න අමාරුයි.


    ප්‍ර. පස්සේ
    පි. හැම තැනම පාවී පාවී ගියා


    ප්‍ර. පාවී ගියේ ඇයි කවුරු බලන්නද
    පි. දරුවන් බලන්න


    ප්‍ර. හමු වුණාද
    පි. නැහැ


    ප්‍ර. ඔබ උත්පත්තියක් ලබා ගත්තේ කොහොමද? විස්තර කරන්න
    පි. මම ගොඩක් කලක් අම්මා කෙනෙක් සොයා ගියා. අම්මලා කිහිප දෙනෙකුගේ බඩ ඇතුළට ගියත් මට ඉන්න බැරි වුණා. අන්තිමේදී මම අම්මව සොයා ගත්තා. මෙහිදී පැහැදිලි වූයේ අම්මා ලෙස ඇය සොයා ගත්තේ පෙර ආත්මයේ සැමියාය.


    ප්‍ර. ඒ පෙර ආත්මයේ සැමියාද
    පි. සැමියා


    ප්‍ර. සොයා ගත්තේ ඇයි
    පි. මම මරපු නිසා පළිගන්න


    ප්‍ර. ඔබ දැන් පළිගන්නවද
    පි. පළිගන්නවා


    ඇය විස්තර කළ ආකාරයට ඇය උත්පත්තියක් ලබා ඇත්තේ සිය සැමියාගෙන් පළිගැනීමටයි. මරණාසන්න අවස්ථාවේදී ලැබූ අප්‍රසන්න වේදනා බර සිතුවිලි නිසා ඇයගේ ආත්මයට කිසිදු සැනසිලිදායක බවක් නොවීය. දීර්ඝ කාලයක් උප්පත්තියක් ලබා ගැනීමට ඇයට නොහැකි වූයේ සැමියා පිළිබඳව ඇය තුළ තිබූ වෛරය හා වේදනාවය. එහි ප්‍රතිඵලයක් ලෙස පෙර ආත්මයේ සැමියා සොයා ගියාය. එහෙත් සැමියා ඒ වන විට උත්පත්තිය ලබා තිබුණේ කාන්තාවක ලෙසය. ඇයගේ කුසේ දරුවකු ලෙසට උත්පත්තිය ලැබුවාය. ඇය දීර්ඝ කාලයක් අන්තරාභවයේ සැරිසරමින් පෙර ආත්මයේ සැමියා සොයා ගියේ වෛරය පිරිමසා ගැනීමේ අරමුණෙනි.

    එහිදී හෙළි වූයේ ඇයගේ මව පෙර ආත්මයේ සිය සැමියා බවයි. ඇගේ දියණිය පෙර ආත්මයේ බිරිඳ විය. ඇය පෙර ආත්මයේ සැමියා සොයා ගියේ එම ආත්මයේ දී තමන්ට සිදු කළ වධහිංසාවන්ට පළිගැනීමේ චේතනාවෙනි. එහිදී සැමියා කාන්තාවක් ලෙසට උත්පත්තිය ලබා සිටි නිසා ඇයගේ කුසේ දියණියක් ලෙසට උත්පත්තිය ලැබීමට ඇයට සිදු විය. එහිදී මවට අනේකවිධ දුක්ඛ වේදනාවන් ලබා දුන්නේ පෙර ආත්මයේ දී තමන්ට සිදු කළ වද වේදනාවන්ට වෛරය පිරිමසා ගැනීමේ චේතනාවෙනි. මව පෙර ආත්මයේ පුරුෂයකුවී උත්පත්තිය ලැබුවද පසු ආත්මයේ කාන්තාවකවී උත්පත්තිය ලැබුවේ ද පෙර ආත්මයේ සිදු කළ අකුසල කර්මවල හේතු ඵලයක් ලෙසිනි.


    දියණිය සිය මවට විවිධ හිංසාවන් සිදු කළ අතර එක්වරක් දකුණත බිඳ දැමීය. තවත් වරෙක ආහාර පාන නොදී කාමරයක සිරකොට තැබීය. අවසානයේදී ඇයට සිදු වූයේ ඥාතීන්ගේ නිවෙස්වල ජීවත් වීමටය. ජීවිතයේ අවසන් භාගයේදී ඇය අනාථ නිවාසයක සිටියද දියණිය මව බැලීමට නොපැමිණියාය. සිය ජීවිතය පිළිබඳව ඇති වූ කලකිරීමෙන් මව අනාථ නිවසින්ද පිටමංව ජීවිතයේ අවසන් භාගය ඇය කෙසේ ගත කළා දැයි සිතා ගත නොහැකිය. එහෙත් දියණිය ඇය ගැන සොයා බලන්නට කිසිදු උත්සාහයක් නොගත්තාය. මෙම කතාවෙන් පැහැදිලි වන්නේ මරණාසන්න අවස්ථාවේ චුති සිතේ පහළවන සිතුවිලි ඊළඟ ආත්මයට මුල් වන බවයි. තවදුරටත් පැහැදිලි වන්නේ සිත් තුළ ඇති වන වෛරයන් ආත්මයෙන් ආත්මයට ගමන් කරන ආකාරයයි.


    මෙම කතාංගයේ නාමයන් කතාංගයේ ගැළපුම සඳහා පමණි. වෙනත් කිසිවකුටවත් ඒවා අදාළ නොවේ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ai ban holman adum adinne?

    දැන් කලින් ආත්මේ ගෑණියෙක්ව මැරුව මිනිහාට මනුස්ස ආත්මයක් ලැබුනෙ කොහොමද? :lol: :lol: :lol: :lol:
    ------ Post added on Sep 16, 2022 at 6:44 AM
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Bump

    දැන් කලින් ආත්මේ ගෑණියෙක්ව මැරුව මිනිහාට මනුස්ස ආත්මයක් ලැබුනෙ කොහොමද? :lol: :lol: :lol: :lol:
    එහෙම වෙන්න පුලුවන් පෙර ජීවිතයක කරපු පිනක් ඉස්මතු වෙලා.
    (ප්‍රවෘත්තිය ඇත්තද බොරුද කියන එක ගැන නෙවේ කිව්වෙ.)