මරණින් පසු ජීවිතය

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    හිත කොහෙද තියෙන්නේ?
    සිතුවිලි තියෙන්නෙ කොහෙද?

    මොලයයි හදවතයි නැති තැනක හිතක් තියනවද?
    දන්නෑ.

    මොලේ වැඩ කරන්නේ නැතුව හිතන්න පුලුවන්ද?
    අපිට නං බෑ.
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    සිතුවිලි තියෙන්නෙ කොහෙද?
    ඒක අපිට දැනෙන දෙයක් නේ.. මොලේ හර්යට වැඩ කරන්නේ නැති එකෙක්ට හරියට හිතල වැඩක් කරන්න බෑ..හදවතයි මොලයයි වගේ දෙයක් නෙවෙයි ඕක . මොලයේ ක්‍රියාකාරිත්වය නෙවෙයිද හිත කිවල අපිට දැනෙන්නේ..
     
    • Like
    Reactions: NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Here We Go Reaction GIF by MOODMAN
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඒක අපිට දැනෙන දෙයක් නේ.. මොලේ හර්යට වැඩ කරන්නේ නැති එකෙක්ට හරියට හිතල වැඩක් කරන්න බෑ..හදවතයි මොලයයි වගේ දෙයක් නෙවෙයි ඕක . මොලයේ ක්‍රියාකාරිත්වය නෙවෙයිද හිත කිවල අපිට දැනෙන්නේ..
    මොළයේ රසායනික ක්‍රියාවලිය = සිතුවිලි
    මොළයේ රසායනික ක්‍රියාවලිය වෙනස් වෙනස් වෙන කොට සිතුවිලි වෙනස් වෙනවා

    සිතුවිලි = මොළයේ රසායනික ක්‍රියාවලිය
    සිතුවිලි වෙනස් වෙන කොට මොළයේ රසායනික ක්‍රියාවලිය වෙනස් වෙනස් වෙනවා

    👆 මේ දෙකෙන් මොකද්ද හරි?
     
    • Like
    Reactions: NRTG

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    කොල්ලනේ උඹලා දැනට විශ්වාස කරන්නේ මොකක් වෙයි කියලද ?
    Reincarnation එක පිළිගන්නවද ?? නැත්තම් වෙන දෙයක්ද ?
    කොටගෙන යමු...
    මරණින් මතු නැවත ඉපදෙනවනම් ඉපදුනාම කලින් ජීවිතේ කරපු එව්වා මතක තියෙන්ඩ ඕනෙනෙ..
    එතකොට එතනින් එහාට ආත්මයක් කියලා දෙයක් තියෙනවද නැද්ද කියන එක මට නම් ප්‍රශ්නයක් නෑ.
    මොකද ආත්මයක් තිබ්බත් කලින් ජීවිතේ කරපුවා මතක නැත්නම් ආත්මෙන් ඇති වැඩේ මොකක්ද..?
    ලැබුනු ජීවිතේ හොදින්ම ගෙවන එක තමා අරමුණ වෙන්ඩ ඕනෙ...
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,154
    2,365
    113
    මොළයේ රසායනික ක්‍රියාවලිය = සිතුවිලි
    මොළයේ රසායනික ක්‍රියාවලිය වෙනස් වෙනස් වෙන කොට සිතුවිලි වෙනස් වෙනවා

    සිතුවිලි = මොළයේ රසායනික ක්‍රියාවලිය
    සිතුවිලි වෙනස් වෙන කොට මොළයේ රසායනික ක්‍රියාවලිය වෙනස් වෙනස් වෙනවා

    👆 මේ දෙකෙන් මොකද්ද හරි?
    මොළයේ රසායනික ක්‍රියාවලිය = සිතුවිලි
    මොළයේ රසායනික ක්‍රියාවලිය වෙනස් වෙනස් වෙන කොට සිතුවිලි වෙනස් වෙනවා

    Meka tamai hari , mkda oka hodatama oppu wenawa depression walata behet ganna kenek gattot , depression tina kenekta enne duka sithuwili , behet biwwama mole chemical wenas unama sathutu sithuwili enawa , hitha kiyanne wenama ekak nan behet nisa sithuwili wenas wenna widiyak kohetma na
     
    • Like
    Reactions: NRTG

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මොළයේ රසායනික ක්‍රියාවලිය = සිතුවිලි
    මොළයේ රසායනික ක්‍රියාවලිය වෙනස් වෙනස් වෙන කොට සිතුවිලි වෙනස් වෙනවා

    Meka tamai hari , mkda oka hodatama oppu wenawa depression walata behet ganna kenek gattot , depression tina kenekta enne duka sithuwili , behet biwwama mole chemical wenas unama sathutu sithuwili enawa , hitha kiyanne wenama ekak nan behet nisa sithuwili wenas wenna widiyak kohetma na
    අපි බලමු තව උත්තර තියෙනවද කියලා.
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    මොළයේ රසායනික ක්‍රියාවලිය = සිතුවිලි
    මොළයේ රසායනික ක්‍රියාවලිය වෙනස් වෙනස් වෙන කොට සිතුවිලි වෙනස් වෙනවා

    සිතුවිලි = මොළයේ රසායනික ක්‍රියාවලිය
    සිතුවිලි වෙනස් වෙන කොට මොළයේ රසායනික ක්‍රියාවලිය වෙනස් වෙනස් වෙනවා

    👆 මේ දෙකෙන් මොකද්ද හරි?
    සිතුවිලි කියන්නේ මොලයට දැනෙන දෙයක් නේ. රසායනික විතරද නැද්ද කියලා දන්නේ නෑ . හැබැයි පිටින් රසායනික නොවන input දීලත් සිතුවිලි වල අවුලක් තියනවනම්, මොලේ අවුලක් තියනව නම් හරි යනවා. මනෝවෛද්‍ය වරයෙක් ගෙන් ඇහුවනම් ඕක හරියට කියාල දෙයි.

    මම කිව්වේ හිත කියන එක හදවත, මොලය ට අමතරව තව වෙනම එකෙක් කියලා ගන්න බෑ කියලා. මොළයේ ක්‍රියාකාරිත්වය තමයි ඔය හිත කියලා අපිට දැනෙන්නේ මට හිතෙන විදියට.
     
    • Like
    Reactions: Samaposha and NRTG

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සිතුවිලි කියන්නේ මොලයට දැනෙන දෙයක් නේ. රසායනික විතරද නැද්ද කියලා දන්නේ නෑ . හැබැයි පිටින් රසායනික නොවන input දීලත් සිතුවිලි වල අවුලක් තියනවනම්, මොලේ අවුලක් තියනව නම් හරි යනවා. මනෝවෛද්‍ය වරයෙක් ගෙන් ඇහුවනම් ඕක හරියට කියාල දෙයි.

    මම කිව්වේ හිත කියන එක හදවත, මොලය ට අමතරව තව වෙනම එකෙක් කියලා ගන්න බෑ කියලා. මොළයේ ක්‍රියාකාරිත්වය තමයි ඔය හිත කියලා අපිට දැනෙන්නේ මට හිතෙන විදියට.
    කෙනෙකුට තමන්ගෙ මොළයේ ක්‍රියාකාරිත්වය (හෝ අර කියපු මොළයට දැනෙන දෙය) පාලනය කරගන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,293
    100,105
    113
    මේක කියවල බලන්න. දැනට ඔය ගැන තියෙන වාද ඔක්කොම එක තැනක සමරියක් විදියට තියෙනව.

    https://en.wikipedia.org/wiki/Mind–body_problem

    මයින්ඩ් එක කෙමිකල් රියැක්ශන් එකක් විතරයි කියන අයටත් මයින්ඩ් එකයි බොඩි එකක් දෙයක් ඒ දෙක වෙන වෙනම වැඩ කරනව කියන අයටත් එහෙම සාක්ෂියක් නෑ. හිතක් තියෙනව කියන අයටත් එහෙම සාක්ෂියක් නෑ ඒක තියෙනව කියන්න. අන්තිමට ගත්තම තියෙන්නෙ විශ්වාස විතරයි. කට්ටියක් විද්‍යාව විශ්වාස කරනව කට්ටියක් පෙරදිග ආගම් වල තියෙන දේවල් විශ්වාස කරනව.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    කෙනෙකුට තමන්ගෙ මොළයේ ක්‍රියාකාරිත්වය (හෝ අර කියපු මොළයට දැනෙන දෙය) පාලනය කරගන්න පුලුවන්ද?
    පුලුවන් නේ යම්තාක් දුරකට.. පාලයන කරගන්න බැරි දේවලුත් තියන නිසා නේ ප්‍රතිකාර ගන්න වෙන්නේ.

    බෙහෙත් කරල හොද කරන ඇගේ අමාරුවම හරි විදියට පේශි ක්‍රියාකරවල , ව්‍යායාම් කරන්න දීලත් හොද කරන වෙලාවල් තියෙන්නේ.
    ඒ වගේ මොලේ හරි විදියට වැඩ කරන්න හරි input දීලත් ඕක කරන්න පුලුවන් නිසා නේ counselling කියලා දෙයක් තියෙන්නේ.
    එහෙම බැරි ඒවාට බෙහෙත් දෙනවා.
     
    • Like
    Reactions: NRTG

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කෙනෙකුට තමන්ගෙ මොළයේ ක්‍රියාකාරිත්වය (හෝ අර කියපු මොළයට දැනෙන දෙය) පාලනය කරගන්න පුලුවන්ද?

    පුලුවන් නේ යම්තාක් දුරකට..
    තමන් විසින්ම යම්තාක් දුරකට මොළයේ ඒ ක්‍රියාකාරිත්වය පාලනය කරන්නෙ හිතෙන්.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,293
    100,105
    113
    කෙනෙකුට තමන්ගෙ මොළයේ ක්‍රියාකාරිත්වය (හෝ අර කියපු මොළයට දැනෙන දෙය) පාලනය කරගන්න පුලුවන්ද?
    පුලුවන් නේ යම්තාක් දුරකට.. පාලයන කරගන්න බැරි දේවලුත් තියන නිසා නේ ප්‍රතිකාර ගන්න වෙන්නේ.

    බෙහෙත් කරල හොද කරන ඇගේ අමාරුවම හරි විදියට පේශි ක්‍රියාකරවල , ව්‍යායාම් කරන්න දීලත් හොද කරන වෙලාවල් තියෙන්නේ.
    ඒ වගේ මොලේ හරි විදියට වැඩ කරන්න හරි input දීලත් ඕක කරන්න පුලුවන් නිසා නේ counselling කියලා දෙයක් තියෙන්නේ.
    එහෙම බැරි ඒවාට බෙහෙත් දෙනවා.
    ඕක ගැන තර්ක කරන එක තේරුමක් නෑ ඕක මිනිස්සු හිතන්න පුලුවන් වෙච්ච දවසෙ ඉදල මේ වෙනකන් තර්ක කර කර ආව තාම හැමෝම එකග වෙන උත්තරයක් නැති ආර්ගියුමන්ට් එකක්. ප්‍රධාන කොටස් 6ක් ඉන්නව ඕකෙ ඕකෙන් එක්කො හෝ ඔක්කොම හරි. ඒ හැම කොටසකටම එක්ප්ලේන් කරන්න පුලුවන් කොටස් තියෙනව බැරි කොටස් තියෙනව. උබල දෙන්න ඉන්නෙ ඔය තර්කෙ වෙනම පොසිශන් දෙකක ඔය දෙකෙන් එකක්වත් 100% හරි කියන්න දේවල් නෑ 100% වැරදියි කියන්න දේවලුත් නෑ.
     
    • Like
    Reactions: NRTG and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    තමන් විසින්ම යම්තාක් දුරකට මොළයේ ඒ ක්‍රියාකාරිත්වය පාලනය කරන්නෙ හිතෙන්.
    තමන්ගේ පේශි ම ක්‍රියා කරවල, තමන්ගේ පේශි වල තියන අවුලක් හදාගන්නවා වගේ.
    මොලේට හොද දේවල් දීල, හරි විදියට උත්තේජනය කරනවා වගේ දෙයක් කරල ඕක හදාගන්න පුලුවන් නේ.
    meditate කරනවා කියල කරන්නෙත් ඕක නේ (ඇස් දෙක පියාගෙන නිකන් කලින් පාඩම් කරගත්තා වචන ටිකක් කියනවන එක නෙවෙයි...)... . පැත්තකට කියලා හිත සන්සුන්ව තියාගෙන හිත හදාගන්නවා කියලා කරන්නෙත් ඕක නේ.

    ඕක ගැන තර්ක කරන එක තේරුමක් නෑ ඕක මිනිස්සු හිතන්න පුලුවන් වෙච්ච දවසෙ ඉදල මේ වෙනකන් තර්ක කර කර ආව තාම හැමෝම එකග වෙන උත්තරයක් නැති ආර්ගියුමන්ට් එකක්. ප්‍රධාන කොටස් 6ක් ඉන්නව ඕකෙ ඕකෙන් එක්කො හෝ ඔක්කොම හරි. ඒ හැම කොටසකටම එක්ප්ලේන් කරන්න පුලුවන් කොටස් තියෙනව බැරි කොටස් තියෙනව. උබල දෙන්න ඉන්නෙ ඔය තර්කෙ වෙනම පොසිශන් දෙකක ඔය දෙකෙන් එකක්වත් 100% හරි කියන්න දේවල් නෑ 100% වැරදියි කියන්න දේවලුත් නෑ.
    තර්ක කරේ නෑ බන්. මට හිතෙන දේ කිව්වේ.
    ------ Post added on Jan 4, 2023 at 5:48 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,057
    8,340
    113
    ඉපදෙනවා,මැරිලා යනවා
    නැවත ඉපදෙනවා කියන එක පිළිගන්න හිතෙන්නේ නැ.
    අපි ස්ටාර් ඩස්ට් වලින් හැදිලා තියෙන්නේ,මේ ලෝකේ අනිත් දේවල් වගේ අපිත් දවසක නැවත විශ්වයට එකතු වෙනවා.
    මන් මැරිලා ගියාම දවස මගේ දිරන දේවල් උදව් කරගෙන එතන ගහක් පලවෙන්න පුළුවන්,එක්කෝ පසට එකතු වෙනවා.
    හැබැයි ඒ ගහේ මගේ දිරච්ච බොඩි එකේ අංශු වලින් පෝෂණය උනාට,ඒ අංශු වලින් හැදිලා තිබ්බට මගයි ගැහෙයි අතර සම්බන්දයක් නැ කියලා මන් හිතන්නේ.මේ ලෝකේ හැමදේම හැදිලා තියෙන්නේ කලින් මොකක් හරි තිබ්බ දෙයක ස්ටේට් එක වෙනස් වෙලා.
    කාට හරි තමන්ගේ වටිනාම කෙනෙක් නැති උන් දවසක එත් අයව අත්හරින්න හිතෙන්නේ නැතිනම් එයවා බුම දාන කරලා එතන ගහක් හිටවන්න,නොදන්නා පෙර බයක් පසු බයක් ගැන විශ්වාස කරනවට වඩා ඒ ගහ ආදරෙන් රැක බලාගන්න පුලුවන්නම් එක තමයි මරණයෙන් පස්සේ තව කෙනෙක් ලගින් තියාගන්න හොදම ක්‍රමය.අනිත් දේවල් නම් මන් විශවාස කරන්නේ නැ.මොකද ඒ ගහ හැදෙන්න ,පෝෂණය වෙන්න අර මරුන කෙනාගේ අංශු උදව් වෙලා තියෙනවා,ඒ ගැහෙ ඒ අංශු තියෙනවා.

    හීට් ඩෙත් එකක් වෙලා හරි ,ප්රෝටෝන් ඩිකෙයි වෙලා හරි දවසක අපි හැමෝම නැතිවෙලා යයි,අංශුවක්වත් ඉතුරු වෙන එකක් නැ,එතකන් එහෙට මෙහට මාරු වේවි ඉදි.....
    තර්ක කරන්න නෙමේ,මන් මේ මගේ මතය දැම්මේ.මේ දේවල් එලකිර්යේ තර්ක කරන එකෙන් තේරුමක් නැ,හොදම යාලුවෙක් එක්ක කතා කරනවා ඇරෙන්න.
    මම තර්ක කරනව නෙමෙයි. ඒත් ඔයා මොකක්ද හිතන්නෙ පුනරුත්පත්තිය ගැන. මොකද මට පොඩි ළමයෙක් හම්බවෙලා තියෙනව වයස අවු 5කට අඩු ඇති. ඒ කියන දේවල් කොහොමත් බොරු වෙන්න බෑ. එයා ඇක්සිඩන්ට් එකකින් නැති උන පට්ට වාහන පිස්සෙක්. නැති උන විදිය ගැනත් කිව්ව. වැඩේ තියෙන්නෙ ඒ පොඩි එකා ත්‍රීවීල් එකක ආවෙ තාත්ත එක්ක. ඒ ත්‍රීවීල් එක හොඳ පුරුදු කාරයෙක් වගේ රිවර්ස් කරා මිදුල ඇතුලෙ යන්න හදද්දි. ඒ වයසෙ කෙනෙක්ට ඒ විදියෙ ස්කිල් එකක් තියෙන්න කොහොමටවත් බෑ. අර කිව්ව කතා ගොතල කියන ඒව කොහොමත් වෙන්න බෑ. ඊට පස්සෙ මගේ සහෝදරයෙක් ඉන්නව ඩොක්ට කෙනෙක් එයා ඔය වගේ කතා සෑහෙන කියල තියෙනව. හැබැයි අර ළමයගෙ කතාව නම් මම ඇහින් දැකපු/කණෙන් ඇහුව දෙයක්.
     
    • Love
    Reactions: NRTG

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    අන්තිමට ගත්තම තියෙන්නෙ විශ්වාස විතරයි. කට්ටියක් විද්‍යාව විශ්වාස කරනව කට්ටියක් පෙරදිග ආගම් වල තියෙන දේවල් විශ්වාස කරනව.

    මෙන්න මේ යථාර්ථයට අපි හම්බල් වෙන්න ඕනෙ. මෙයම සත්‍යය අන් සියල්ල අසත්‍යය (ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤං) කියලා කියන්න අපහසු ලෝකයක අපි ඉන්නෙ. ථේරවාද බුදුදහමෙ සත්‍ය තමාටම ප්‍රත්‍යක්ෂ කරගන්නා පැහැදිලි මාර්ගයක් තියනවා. බොහොම සරල ප්‍රමාණයකින් ඒ මාර්ගයේදි කොහොමද සත්‍යානුබෝධය පඩියෙන් පඩිය සිදුවෙන්නෙ කියලා පහදන්න වුනත් පුලුවන්. ඒ මාර්ගයේ ගමන් කිරීමෙන් තමා ඔය කලින් හිටියෙ කොහෙද කියන වගේ අවබෝධ ලබන්නෙ.