මරණින් පසු වෙන දේ ඇමරිකා වෛද්‍යවරයෙක් හෙලිකරයි

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    සුනක්ඛත්ත භික්‍ෂුව ද මේ තොරතුරු ටික දැන කියා ගෙන බුදුන් වදාළ දේ එසේම සිදු වූ බැවින් හොඳ පුද්ගලයකු සේ බුදුරදුන් වෙත ගොස් මේ සිද්ධිය කියාපා සුනක්ඛත්ත උපන් තැන විමසා සිටියේය. “ඔබ එය මගෙන් ඇසිය යුතු දෙයක් නොවේ. ඔබ ම සොහොනට ගොස් මියගිය මිත්‍රයාගේ සිරුරට තට්ටු කොට, හිතවත් මිත්‍රයාණෙනි, දැන් උපත ලබා ඇත්තේ කොහිදැයි විමසන්න” යි වදාළහ. සුනක්ඛත්ත භික්‍ෂුව ද එහි ගොස් ඇඟට තට්ටු කොට විමසූ විට “මිත්‍රය, මම වැඩූ සුනඛ ව්‍රතයෙන් ප්‍රයෝජනයක් නො ලැබ වැරදි දෘෂ්ටියක පිහිටා මෝක්ෂය ලබාගනිමි යි කියා මිථ්‍යාදෘෂ්ටි ගතවීම නිසා අද කාලකඤ්ජිකා ප්‍රේත යෝනියෙහි උපත ලබා දුක් විඳින්නේ මැ යි මළ සිරුරට ආවේශ වී ඔහුගේ කටහඬින්ම සිදු වූ දේ කියා සිටියේ ය.
    මිථ්‍යාදෘෂ්ටියෙහි ඇති භයානකකම මෙයින් පැහැදිලි වන්නේ ය. බුදුරජාණන් වහන්සේ නිවනට යාමට වැඩිය යුතු මාර්ග අටෙන් පළමු වන අංගය වශයෙන් සම්මාදිට්ඨිය හෙවත් නිවැරදි දැක්ම වදාරා ඇත්තේ එහෙයිනි.
    මේක උනේ කොහොමද කියලා කියන්න පුලුවන්ද ඔයාට??

    මළ සිරුරකට පන එන බව බුදු දහමේ පිළිගන්නේ නැහැ මන් ද්න්න තරමින්.
    @asliyanage
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    සුනක්ඛත්ත භික්‍ෂුව ද මේ තොරතුරු ටික දැන කියා ගෙන බුදුන් වදාළ දේ එසේම සිදු වූ බැවින් හොඳ පුද්ගලයකු සේ බුදුරදුන් වෙත ගොස් මේ සිද්ධිය කියාපා සුනක්ඛත්ත උපන් තැන විමසා සිටියේය. “ඔබ එය මගෙන් ඇසිය යුතු දෙයක් නොවේ. ඔබ ම සොහොනට ගොස් මියගිය මිත්‍රයාගේ සිරුරට තට්ටු කොට, හිතවත් මිත්‍රයාණෙනි, දැන් උපත ලබා ඇත්තේ කොහිදැයි විමසන්න” යි වදාළහ. සුනක්ඛත්ත භික්‍ෂුව ද එහි ගොස් ඇඟට තට්ටු කොට විමසූ විට “මිත්‍රය, මම වැඩූ සුනඛ ව්‍රතයෙන් ප්‍රයෝජනයක් නො ලැබ වැරදි දෘෂ්ටියක පිහිටා මෝක්ෂය ලබාගනිමි යි කියා මිථ්‍යාදෘෂ්ටි ගතවීම නිසා අද කාලකඤ්ජිකා ප්‍රේත යෝනියෙහි උපත ලබා දුක් විඳින්නේ මැ යි මළ සිරුරට ආවේශ වී ඔහුගේ කටහඬින්ම සිදු වූ දේ කියා සිටියේ ය.
    මේක උනේ කොහොමද කියලා කියන්න පුලුවන්ද ඔයාට??

    මළ සිරුරකට පන එන බව බුදු දහමේ පිළිගන්නේ නැහැ මන් ද්න්න තරමින්.
    @asliyanage

    .
    ඔහුට පන ඈවිත් නෑහ. ඔහු මිය ගිය සිරුරට අවේශ වේ තිබේ.


    ------ Post added on Sep 2, 2023 at 8:07 AM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,332
    35,039
    113
    අපේ ත්‍රීසිංහලධීශ්වර මයින්ද මාත්තයට මරණින් පසු මක් වෙයිද පිංවතුනි?
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    අපේ ත්‍රීසිංහලධීශ්වර මයින්ද මාත්තයට මරණින් පසු මක් වෙයිද පිංවතුනි?
    ඔය 4 ආකරයෙන් එකකට අවසාන සිතුවිල්ල අවිල්ල, කොහේ හොඅ භවයක් ලබාවි. ගොඩක් වෙලාවට සතර අපාය වෙන්න පුලුවන්. නෑතිනම් ඉතින් කාලතුරකින් මනුශ්ය හො දිව්ය වෙන්න පුලුවන්

    1) *
    ✴️


    ගරුක කර්මය*
    🟢


    දෙවන ජාතියේ ඒකාන්තයෙන් තමාගේ විපාකය ගෙන දෙන බලවත් කුශලාකුශල කර්මය ගරුක කර්ම නම් වේ.
    🟢


    කුශල පක්ෂයෙහි රූපාවචර-අරූපාවචර කුශලයෝ ගරු කර්මයෝ ය. රූපාවචර - අරූපාවචර ධ්‍යාන ලාභියකු යම්කිසි කාම භවයක් ගැන ප්‍රාර්ථනයක් නැති ව ධ්‍යානයෙන් ද නො පිරිහී කාලක්‍රියා කළ හොත් ඒ තැනැත්තා ඒකාන්තයෙන් මහග්ගත කුශලය විපාක දීම් වශයෙන් බ්‍ර‍හ්ම ලෝකයෙහි උපදී. ගරු කර්ම වන කාමාවචර කුසල් නැත්තේ ය.
    🟢


    අකුශල පක්ෂයයෙහි පඤ්චානන්තර්‍ය්‍ය කර්මය හා නියත මිථ්‍යාදෘෂ්ටි කර්මය ගරුක කර්මයෝ ය. මරණයට කලින් දෘෂ්ටිය කළ හොත් නියත මිථ්‍යාදෘෂ්ටිකයා නිදහස් වේ. ආනන්තර්‍ය්‍ය කර්ම කළවුන්ට දෙවන ජාතියේ අපායයෙන් මිදීමට උපක්‍ර‍මයක් නැත්තේ ය.
    🟢


    ගරු කර්මයක විපාකය වැළැක්විය හැක්කේ, ගරු කර්මයකට පමණෙකි. එබැවින් ගරු කර්ම කීපයක් ඇති තැනැත්තා එයින් එක් කර්මයක විපාක වශයෙන් දෙවන ජාතියේ උත්පත්තිය ලබන්නේ ය. ඒ විපාක දෙන කර්මය නිසා ඉතිරි ගරු කර්මයන්ගේ විපාකය වැළකී යන්නේ ය.

    .
    2)*
    ✴️


    ආසන්න කර්මය*
    🟠


    මරණාසන්න කාලයේ දී කළා වූ ද, සිහි කළා වූ ද කර්මය ආසන්න කර්ම නම් වේ.
    🟠


    ගරුක කර්මයක් නැති තැනැත්තාගේ මරණින් මතු උපත සිදුවන්නේ ආසන්න කර්මයේ සැටියට ය. කොතෙක් පව්කම් කර ඇතියකුට වුව ද මරණාසන්නයේ දී කුශලයක් කර ගත හැකි වුව හොත් සුගතියෙහි ඉපදිය හැකි ය. කළ පව්කම් අමතක කොට කුශලයක් සිහි කර ගත හැකි වී නම්, එයින් සුගතියෙහි ඉපදිය හැකි ය. බොහෝ පින් කර ඇති අයට ද මරණාසන්නයේ පව් කර්‍ම සිහි වීමෙන් අපාගත වන්නට ද සිදු වේ.
    🟠


    මරණාසන්නයේ දී පින් කරවන, පින් සිහි කර දෙන කල්‍යාණ මිත්‍ර‍යකු ලැබීම ඉතා ප්‍රයෝජන ය.

    .

    3)*
    ✴️


    ආචීර්‍ණක කර්මය(ආචිණ්ණ)*
    🟡


    වරක් කොට දීර්ඝ කාලයක් නැවත නැවත සිහි කළා වූ ද, දිනපතා කිරීමෙන් හෝ සතියකට - මසකට - වසකට වරක් බැගින් ජීවිතයෙහි දීර්ඝ කාලයක් නැවත නැවත කළා වූ ද කුශලාකුශල කර්ම ආචීර්ණක කර්ම නම් වේ.
    🟡


    නැවත නැවත යම්කිසි කර්මයක් කරන කල්හි මුලින් මුලින් කළ කර්ම උපනිඃශ්‍ර‍ය වීමෙන් පසු පසුව කරන කර්ම බලවත් වේ. මසකට වරක් මාස කීපයකට වර්ෂයකට වරක් කරන කර්ම ආචීර්ණක කර්ම භාවයෙන් බලවත් වන්නේ මතක සිටින තරමට කරන මහත් කර්ම පමණෙකි. ගරුක කර්මය ළඟට බලවත් කර්මය වන්නේ ආචීර්ණක කර්මය ය. එහෙත් විපාක දීමේ දී ආසන්න කර්මය ම ඉදිරියට යයි.

    .

    4)*
    ✴️


    කෘතත්වාත් කර්මය(කටත්තා)*
    🟣


    ගරුක - ආසන්න - ආචීර්ණක කර්ම තුනට අත් නො වන වර්තමාන භවයේ කළ කර්ම හා අතීත භවවල දී කළ කර්ම ද කෘතත්වාත් කර්ම නම් වේ.
    🟣


    ගරුකාදි කර්ම තුනෙන් එකකුදු නැති කල්හි අනතුරු භවයේ ඉපදීම කෘතත්වාත් කර්මයෙන් සිදු වේ. මේ චතුෂ්කයේ ගරුකාදි භාවයෙන් කියනු ලබන්නේ කෘත්‍ය කර්ම චතුෂ්කයේදී කියවුණු ජනක කර්ම ම ය.
    .










    මරණාසන්න මොහොතේ පහළවන පංච නිමිති...
    1.අග්නි ජාලාවක් දර්ශනය වීම –
    කාලයාත්‍රා කරන අවස්ථාවේ ගින්දර ගොඩක් පෙනේ යැයි සඳහන් කරන්නවුන් මෙන්ම ඒ බව නොපවසා දනවා දනවා යැයි කියමින් කෑ මොර දෙන අයද සිටිති. තවත් අය කිසිවක් නොපවසා අභිනයන් මගින් ඉරියව් පළ කරති. තවත් අය ගින්නක් ඇවිලෙන විට කටින් පිඹ එය නිවා දැමීමට හුලං පිඹිති. තවත් සමහරුන් ජලය සොයති.
    .
    2.අන්ධකාරය දර්ශනය වීම
    “මට මොකක්වත් පේන්නේ නැහැ. ලාම්පුව පත්තු කරන්න. ලයිට් දමන්න .හරි කළුවරයි. මොකක්වත් පේන්නේ නැහැ. ඉටිපන්දමක් වත් ගේන්න” යනුවෙන් මරණාසන්න මොහොතේ ප්‍රකාශ කරන අය සිටිති. එළියක් රැගෙන එන ලෙස පවසමින් කෑ මොර දෙන අය සිටිති. ඇස් පොඩි කරමින් ඇස් පිලි ගසන අය සිටිති.
    .
    3.වන සතුන් හා වනාන්තර දර්ශනය වීම
    “හරක් එනවො” ඔන්න අලි එනවෝ මා බේර ගන්න” යනුවෙන් සතුන් ගේ නම් කියමින් කෑමොර දෙන්නවුන් මෙන්ම එසේ නොකියා සතුන් එළවන අභිනයන් පළ කරන්නෝද සිටිති. තවත් සමහරුන් නොයෙක් සතුන් කෑ ගසන හඬට සමාන හඬවල් පිට කරමින් මිය යති. කැලයේ විස්තර ප්‍රකාශ කරන්නෝද සිටිති. තවත් අය කැලයේ ඇවිදින අය මෙන් විපරම් කරමින් වටපිට බලති.
    .
    4.මිය ගිය ඥාතින් හෝ මනුෂ්‍යයන් දර්ශනය වීම
    කාලයාත්‍රා කරණ මොහොතේ තම මියගිය නෑ දැ හිතවතුන් දර්ශනය වන්නවුන් මෙන්ම ජීවතුන් අතර සිටින අයගේ නම ප්‍රකාශ කරමින් කතා කරන අය, එම අයගේ තොරතුරු පවසන්නවුන් මරණින් මතු මනුෂ්‍ය භවයේම උත්පත්තිය ලබන්නෝය.
    .
    5.දෙවිදේවතාවුන් හා දිව්‍ය විමාන දර්ශනය වීම
    මිය යන විට ප්‍රසන්න මුහුණින් සමන්විතව මල් සුවඳ හා මල් ගැන කතා කරන, සිනහවන මෙන්ම දුක්මුසු බියකරු හැඟීම් කිසිවක් පළ නොකරන අය වෙති. තවද අහස දෙස බලා සිටිමින් උඩ හිඳින දෙවි දේවතාවුන් ගැන කරුණු සඳහන් කරන්නෝද සිටිති. ඔවුන් දිව්‍ය විමාන, දිව්‍ය සම්පත්, දිව්‍ය රථ ගැන කරුණු දක්වයි. සුදත්ත සිටුතුමා, දුටුගැමුණු රජතුමා වැනි අයට මෙවැනි දර්ශන පෙනුන බව බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. වර්තමානයේද මෙවැනි දර්ශන පෙනෙන අය සිටිති.
    ------ Post added on Sep 2, 2023 at 8:19 AM
     
    Last edited: