මරණීය රිය අනතුරක් කර පලාගිය නළු කාවිංග

tokkaputha

Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මරණීය රිය අනතුරක් කර පලාගිය නළු කාවිංග

    K2.jpg

    ජනප්‍රිය ටෙලි නාට්‍ය නළු කාවිංග පෙරේරා තලංගම වේලේ කඩේ හන්දිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකු අනතුරකට ලක්කර මරණයට පත් කිරීමක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
    අද (19) අලුයම් කාලයේ වේලේ කඩේ හන්දියේ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් පිරිසක් මාර්ග නඩත්තු කටයුතුවල නිරතවෙමින් සිට ඇති අවස්ථාවක
    වේගයෙන් ගමන් කළ කවිංග පෙරේරා පැදවූ රථය මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයෙකු යටකරගෙන ධාවනය වී ඇති අතර එම අවස්ථාවේ ඔහු වාහනය නතර කර නැත. තමා අතින් වූ අනතුර මගහැරයාමේ චේතනාවෙන් ඔහු දිගටම වාහනය පදවාගෙන පළාගොස් තිබේ.


    අනතුරට පත් සේවකයා බරපතල තුවාල සහිතව වැටී සිටියදී සෙසු සේවකයින් ඔහුව ඔසවා වෙනත් වාහනයකින් රෝහල් ගත කළ පසුව මරණයට පත්ව තිබේ.

    පසුව මේ ගැන තලංගම පොලිසියට සිදු කළ පැමිණිල්ල මත අවට සීසීටීවී පරීක්ෂා කර එම අවස්ථාවේ ධාවනය කරමින් සිටි වාහනය හඳුනාගන්නට පොලිසිය සමත්ව තිබෙන අතර අනතුර සිදු කර ඇත්තේ එම වාහනය හිමි ටෙලි නළු කවිංග පෙරේරා බව හඳුනාගෙන තිබේ.

    මරණීය රිය අනතුරක් සිදුකිරීම හා පළායාම යන හේතු මත රංගන ශිල්පි කාවිංග පෙරේරා තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අද (19) කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
     
    Last edited:

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    නළු නිලියෝ, දේශපාලකයෝ සහ පුත්තු, ක්‍රීඩකයෝ, ගායකයෝ වගේ ප්‍රසිද්ධ චරිත වගකීම් විරහිතව හැසිරෙන්නේ ඇයි බං. තමන් මොන තත්වයේ හිටියත් නීතියට ගරු කිරීම රටේ පුරවැසියෙකුගේ වගකීමයි. :no:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    නළු නිලියෝ, දේශපාලකයෝ සහ පුත්තු, ක්‍රීඩකයෝ, ගායකයෝ වගේ ප්‍රසිද්ධ චරිත වගකීම් විරහිතව හැසිරෙන්නේ ඇයි බං. තමන් මොන තත්වයේ හිටියත් නීතියට ගරු කිරීම රටේ පුරවැසියෙකුගේ වගකීමයි. :no:

    They get media attention thats all.
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ප්‍රසිද්ධ නළුවෙකු වන කාවිංග පෙරේරා අද (19) අලුයම තලංගම ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු කොට ඇති බව වාර්තා වනවා.

    බීමත්ව සිට තිබෙන ඔහු අනතුර සිදු කිරීමෙන් පසු පලාගොස් ඇති අතර පසුව පොලීසිය විසින් ඔහුව අත්ඩඅංගුවට ගෙන තිබෙනවා.

    සිද්ධියෙන් මහා මාර්ගයේ වැඩ කරමින් සිටි පුද්ගලයෙකු මිය ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

    මතුගම මීගහතැන්න ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි වසන්ත උදය කුමාර නැමැත්තෙක් මෙලෙස මියගොස් ඇත.


    http://nethgossip.lk/article/35777
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    ප්‍රසිද්ධ නළුවෙකු වන කාවිංග පෙරේරා අද (19) අලුයම තලංගම ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු කොට ඇති බව වාර්තා වනවා.

    බීමත්ව සිට තිබෙන ඔහු අනතුර සිදු කිරීමෙන් පසු පලාගොස් ඇති අතර පසුව පොලීසිය විසින් ඔහුව අත්ඩඅංගුවට ගෙන තිබෙනවා.

    සිද්ධියෙන් මහා මාර්ගයේ වැඩ කරමින් සිටි පුද්ගලයෙකු මිය ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

    මතුගම මීගහතැන්න ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි වසන්ත උදය කුමාර නැමැත්තෙක් මෙලෙස මියගොස් ඇත.


    http://nethgossip.lk/article/35777

    How do they know he was drunk
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,241
    27,944
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කවීන්ග රටේ ඉන්න දක්සම නළුවෙක්.
    මේ වෙලාවේදී කළා ලෝකෙට ඕනෑම කෙනෙක්.
    ජනදිපතිතුමනි, කවීන්ගට ඇප ලබා දෙන්න..
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    කවීන්ග රටේ ඉන්න දක්සම නළුවෙක්.
    මේ වෙලාවේදී කළා ලෝකෙට ඕනෑම කෙනෙක්.
    ජනදිපතිතුමනි, කවීන්ගට ඇප ලබා දෙන්න..

    :lol::lol::lol:
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    හොදටම බීමත්ව රිය පැදවූ කාවිංග සුදු ඉරි අඳිමින් සිටි කම්කරුවා හප්පා පැන ගියා පාරේ කට්ටිය වටවෙලා පොලිසියට අල්ලා දුන්නා

    ප්‍රකට ටෙලි නාට්‍ය රංගන ශිල්පී කාවිංග පෙරේරා ඊයේ පාන්දර සිදුකරන ලද රිය අනතුර නිසා එක් පුද්ගලයෙකු මියගිය අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මේ වනවිට අනාවරණය වී තිබේ.

    මෙම අනතුර සිදුව ඇත්තේ පාන්දර 12.45 ට පමණය. තලංගම, කලල්ගොඩ වෙලේකඩේ හන්දිය ප්‍රදේශයේදී මාර්ග සංවර්ධන අධිකාරියේ කොන්ත්‍රාත් සේවකයන් කිහිප දෙනෙකු පාරේ සුදු ඉරි අඳිමින් සිටි බව පැවසේ. අධික බීමතින් රිය පැදවූ කාවිංග තලවතුගොඩ සිට පන්නිපිටිය දෙසට සිය වාහනය ධාවනය කරමින් සිටි අතර ඔහු පැමිනි අධික වේගය නිසා පාරේ බාධක ලෙස සිටුවා තිබූ කෝන් කිහිපයක්ද තල්ලු කරගෙන සුදු ඉරි අඳිමින් සිටි සේවකයින් පෙරළාගෙන වාහනය ධාවනය වී තිබේ.

    අනතුර නිසා සේවකයෙකු හැපුණ බව කාවිංග දැනගෙන වාහනය සුළු මොහොතකට නැවතූවද ඔහු වහා එම ස්ථානයෙන් පළායාමේ අටියෙන් වාහනය පණගන්වා ධාවනය කළ බව පැවසේ. මේ අවස්ථාවේ අවට සිටි පිරිස් හා මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් ඔහු අල්ලා ගෙන පොලිසියට භාරදී ඇත.

    පොලිස් අත්අඩංගුවට ගත් සැකකරු මුල්ලේරියාව රෝහලේ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර හා ශ්වසන නළ මඟින් කළ පරික්ෂාවේදී මත්පැන් පානය කර සිටින බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.

    අත්අඩංගුවට ගත් රංගන ශිල්පි කාවිංග පෙරේරා ඊයේ කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 03 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.

    මියගිය සේවකයා මීගහතැන්න, වෙලපහළ පදිංචි වසන්ත උදය කුමාර 42 නමැති අයයි.
    කාවිංග උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඇප අයදුම් කළද අගතියට පත් පාර්ශ්වය ඇප ලබාදෙනවාට විරුද්ධ විය.

    අධික වේගය හා අධික බීමත්කම නිසා සිදුවූ අනතුරක් බැවින් ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ තබන ලෙස ඉල්ලා තිබේ.

    එසේම මියගිය අයගේ අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් කාවිංගට ගෙවන ලෙස අගතියට පත් පාර්ශ්වය කළ ඉල්ලීමට කාවිංග එකඟවී ඇති අතර ඔහු ඊයේ එම මුදල් ගෙවා ඇත.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    දැන් ඉතින් කාල වරෙන්කො.... යකඩ මිනිසා හම්බ වුනානම් උපදෙසක් ගන්න තිබ්බා මූට...