මරණ දඬුවම ක්‍රියාත්මක (Capital punishment if Parliament approves

smnadundk

Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    මරණ දඬුවම ක්‍රියාත්මක (Capital punishment if Parliament approves

    පාර්ලිමේන්තුවේ එකඟත්වය ලැබුණොත් ලබන වසරේ සිට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තමන් සුදානම් යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.


    එය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කළ යුතු නැති වුවද තමන් ඒ ගැන පාර්ලිමේන්තුවේ අදහස විමසීමට බලාපොරොත්තු වන බව ඒ මහතා කියයි.


    ඒ අනූව පාර්ලිමේන්තුවේ එකඟත්වය ඒ සඳහා ලැබුණහොත් ලබන වසරේ සිට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ඉඩදෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද ගාල්ල නවනගර ශාලාවේදී පැවැති “මතින් තොර රටක්” උත්සවයට එක්වෙමින් කියා සිටියේය.


    පසුගියදා බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කර ඝාතනය කරන ලද සේයා සදෙව්මි දැරියගේ සිද්ධිය ගැන සිහිපත් කරමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.
    see all - http://www.adaderana.lk/news/32381/capital-punishment-if-parliament-approves-president
     
    Last edited: