මරණ දැන්වීම - Death Notice

D-ICE

Active member
  • Jul 16, 2008
    720
    233
    43
    මරණ දැන්වීම - Death Notice

    කවුදෝ දොරට ගසන ශබ්දයක් ඇසී වහාම විදුලි පහන දල්වා බිමට පැන එහි වූ සරම
    ඇහිද ගෙන ඇගට දා ගත් මම..

    "කවුද..?" කියා ඇසීය.

    "මං සෑර්.."



    Re - Post ද දන්නෙ නෑ..ඊයකින් අවෙ..

    "මං කියන්නේ කවුද..! හමුදාවෙන්ද? පොලිසියෙන්ද..? පාතාලෙන්ද..? ඉන්කම්
    ටැක්ස් එකෙන්ද..? නැත්නම් සුදු වෑන් වලින්ද..?"

    "ඒ එකකින්වත් නෙවෙයි සෑර්.. මං මේ පීටර්. වටලප්පන් නෝනාගේ පණිවිඩේකට."

    "මේ රෑ දොළහට වටලප්පන් නෝනාට මොකෝ මං ඕනෑ වුනේ..? යකෙක්වත් ගැහුවද..?"

    "නෑ සෑර්.. නෝනා කිව්වා විගහට මහත්තයාව අඩගහගෙන එන්න කියලා.."


    "ඒ මොකටද..?"

    "ඒ නෝනාගේ මහත්තයා දැන් මැරුණා.."

    "අහ්.. හොද මහත්තයා! කොහෙද මැරුණේ..?"

    "ගෙදර.. සෙනග පිරෙන්න ඉස්සර මහත්තයාව එක්ක එන්න කියලයි මාව එවුවේ.."


    "ඉතින් මගෙන් ඇති වැඩේ.."

    "ගියාම නෝනා කියයි.."

    "අනුමානයක් නෑ. හොරට අන්තිම කැමති පත්‍රය ලියවාගෙන අත්සන ගහන්න වෙන්න
    පුළුවන්.. කාටත් හොරෙන්.." යැයි මටම කියාගත් මම එහි ගියෙමි. එය පයින්
    විනාඩි දහයක ගමනකි.

    පීටර් සමග මා ගෙට ඇතුළු වූ විට ඈ මිය ගිය සැමියාගේ ඇද ළග තනියම සිටියාය.
    පීටර් කුස්සියට යැවූ ඈ මට ඒ අසලින්ම වාඩි වීමට ඉඩ සැලස්වූවාය. එවිටම අසල
    කාමරයක සිට ඇගේ ලොකු මහත් වූ දියණියද අප අසලට අවුත් වාඩි වූවාය.

    "කරදර කරාට සමාවෙන්න.. මහත්තයාගේ පණ ගිය හැටියෙමයි මහත්තයාට පණිවිඩේ
    එවුවේ. අපිට පිහිට වෙන්න කවුරුවත් නෑ වෙන..!"

    "මරණේ දැනුම දෙන්නද රෙජිස්ටාර්ට..?"

    "නෑ.."

    "මිනී සාප්පුවට.."

    "නෑ.."

    "මුදල් ප්‍රශ්නයක්..?"

    "නෑ.."

    "අන්තිම කැමති පත්තරේ..?"


    "නෑ.."

    "එහෙනම්..?"

    "අපිට පත්තරේටයි රේඩියෝ එකටයි දාන්න මරණ දැන්වීමක් ලියාගන්න.."

    "මේ රෑ..!! මෙච්චර හදිසියෙන්..? වෙන වැඩ ඔක්කොම තිබෙද්දී..?" මම පුදුම වී ඇසීමි..

    "මේක පිට කවුරුවත් රැස් වෙන්න ඉස්සර හොරෙන් කෙරෙන්න ඕන දෙයක්. හොද සිහි

    බුද්ධියෙන්, හිතට දුක එන්න ඉස්සර, අඩන්න ඉස්සර!! " ඈ මගෙන් ඉල්ලා
    සිටියාය.

    "ඉතින් මේක ගෙදර අයටම ලියන්න තිබුනනේ, අහවලාගේ අහවලා අහවල් දවසේ මළා කියලා.."

    "ඇත්ත මහත්තයෝ..!! ඒ වුනාට නියම නම් ගම් ඒ විදියටම ලිව්වොත් අපේ තත්වෙට
    හරි නෑ.. ඒකයි මහත්තයා ගෙන්නා ගත්තේ. නම් ගම් අකුරු ලස්සනට ගලපලා ලියවා
    ගන්න..!" කියා ඈ පෑනක් හා කඩදාසියක් මට සපයා දුන්නාය.

    "හරි.. කියන්න. මං ලියන්නම්.."

    "දැන් මැරිච්ච මහත්තයාගේ නම උඩගෙදර ඩිංගා. ඒ දවස් වල කරත්තේ දැක්කුවේ.
    කසිප්පු බිස්නස් ඒකෙන හම්බකරාට පස්සේ තමා පොහොසත් වුනේ..! ඉතින් නම ටිකක්
    වෙනස් කරලා..."

    "හරි.. මං දාන්නම් ඩිංගිරි බණ්ඩා, උඩගෙදර කියලා..! සත් ගුණවත්, සමාජ සේවක
    වූ ප්‍රසිද්ධ ප්‍රවාහන නියෝජිත.. සහ මොනවද., කසිප්පු නේද නිෂ්පාදනය
    කරේ..?"

    "ඔව්.."

    "ඒක බෙහෙතක්නේ? මං ලියන්නම් වෛද්‍යයාචාර්ය කියලා.."

    "එතකොට මං ඇසිලියා.."

    "උපන් ගම..?"

    "මඩගාලේ රේල් ගේට්ටුව ළග.."

    "මං ලියන්නම් වාසල මුදලිගේ ඇසිලින් මඩපාත මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද.."

    "මහත්තයෝ.. මේ මගේ තුන් වෙනි මිනිහා.."


    "ඒක ලියන්න ඕනේ නෑ.. ළමයි..?"

    "ඕක තමා මහත්තයෝ හැබෑ ප්‍රශ්නේ.. ළමයි එකොළහක් ඉන්නවා. හැබැයි මේ
    මිනිහාගේ කියලා කියන්න බෑ ඔක්කොම.. ඔය බාල එවුන් ටික ගැන මේ මිනිහා
    හැමදාම රණ්ඩු කළා.."

    "කාගේ වුනත් කමක් නෑ.. මෙයාගේ ළමයි කියලා දාමු.. මැරිච්ච මිනිහා මගේ
    නෙමෙයි කියලා කෑගහයි කියලයෑ.."

    "හොදයි මහත්තයෝ.. ලොකුම පුතා ජෙමා.. දැන් හිරේ පස අවුරුද්දකට.."

    "මං ලියන්නම් ජයම්පත්- බන්ධනාගාර දෙපාර්තමේන්තුව.."

    "දෙවැනි එකී මාළු ලෑල්ලක් දාගෙන ඉන්නවා මෝදර වැල්ලේ.. නම යසෝ.."


    "යස්මින් - ධීවර දෙපාර්තමේන්තුව.. ඔව්, ඊළගට..?"

    "තුන්වැනි එකා ඇන්ඩා.. ඌ ගැට කපනවා.."

    "ඇන්දෘ - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව.."

    "හතරවැනියා උස්වැටකෙයියාව වැල්ලේ.. ඔය පෙම් ජෝඩු බය කරලා චේන්, ඔරලෝසු ,
    සල්ලි ගන්නවා. උගේ නම විලි.."

    "විල්සන් - යු.කේ.."

    "පස්වැනි එකී නන්නත්තාරේ යනවා.. එපා කිව්වට අහන්නෙම නෑ..! නම සොපි.."

    "සොෆායා - සංචාරක මණ්ඩලය.. ඔව්. ඊළග.."


    "හයවැනි එකී සල්ලි පොලියට දෙනවා. නම් ජොසි.."

    "ජොසෆින් - උකස්‌ හා ආයෝජන බැංකුව.. ඊළග.."

    "හත්වැනි එකා ඩගියා.. ඌ කොළ තුනේ සූදුව තමා උගේ වැඩේ.."

    "ඩග්ලස් - ජාතික ලොතරැයි මණ්ඩලය.."

    "අටවැනි එකා කුඩු විකුනනවා.. උගේ නම ජුවා.."

    "ජයවන්ත - රාජ්‍ය ඖෂධ සංස්ථාව.."

    "නවවැනියා සයිමා .. ඌ නිධන් හාරනවා.."

    "සයිමන් - පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.."


    "දහවැනි එකී ගෙදර.. මේ ඉන්නේ.. නම මැගී.."

    "මාග්‍රට් - ගෘහකර්මාන්ත දෙපාර්තමේන්තුව.."

    "එකලොස් වැනි එකා පිනා.. හොර සම්මාදමේ යනවා.."

    "පුණ්‍යවන්ත - මුදල් අමාත්‍යාංශය.."


    "ඔය තියෙන්නේ මරණ දැන්වීම නියමෙට ලියලා.." ඈ මරණය අමතක කර සතුටින් සතුටට පත්වූවාය.

    "දැන් මහත්තයෝ ඔය විදියට ලියලා පත්තරේටයි, රේඩියෝ එකටයි යවන්න.. දැන්
    වැඩේ හරි.. බය නැතුව අඩන්න පුළුවන්.." යැයි මට පැවසු ඈ මොහොතකින් ..

    "අනේ මගේ රත්තරන් නැතෝ..! අනේ මාරයා මාවත් අරන් පලෝ..!"


    කියමින් ඇය මහා හඩ දී හඩන්නට පටන් ගත් කල අසල්වැසියෝ කඩාගෙන, බිදගෙන මරණ
    ගෙදරට රැස් වන්නට වූහ. මම හීං සීරුවේ ආපසු ගෙදර ආවෙමි.."


    Re-Post ද දන්නෙ නෑ..ඊයකින් අවෙ..
     
    Last edited:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මමනම් අද තමයි ඉස්සෙල්ලම දැක්කේ... නියම නිර්මාණයක් :lol: :lol: :lol:

    Rep අදට ඉවරයිලු
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    11.gif
    11.gif