මරණ සතිය පුරුදු වෙමු... !

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මරණ සතිය පුරුදු වෙමු... !

    10259883_653885811345411_4577828492103634367_n.jpg

    කොයි මොහොතේ හෝ මොන විදිහකින් හෝ මම මැරිල යන්න පුළුවන්. කකුලපැටලිලා වැටිල, මගේ මරණය සිද්ධ වෙන්ට පුළුවන්.

    කන කෑම හිරවෙලා මම මැරෙන්ටපුළුවන්.

    කන කෑම විෂ වෙලා මම මැරෙන්ට පුළුවන්.

    ශරීරය ඇතුලෙ ගෙඩි, පිළිකා වගේදේවල් හැදිල මම මැරෙන්ට පුළුවන්.

    වා පිත් සෙම් කෝප වෙලා මම මැරෙන්ට පුළුවන්.

    හොර හතුරෙක් අතින් මම මැරෙන්ට පුළුවන්.

    සර්පයක් දෂ්ඨ කරල මම මැරෙන්ටපුළුවන්.

    සතෙක් සිව්පාවෙකුට ගොදුරු වෙලා මම මැරෙන්ට පුළුවන්. අමනුෂ්‍යයෙක්අතින් වුනත් මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්.

    මේ පිට වෙන හුස්ම ඇතුල් වෙන්න කලින් මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්.

    මේ මොහොතේම වුනත් මම මැරිල යන්නපුළුවන්.

    මේ විදිහට මම මැරෙන විට මගේ හිතේ රාග, ද්වේෂ, මෝහ තිබුනොත් ඒක මට මහාවිපතක්මයි.

    මම මැරෙන විට රාග, ද්වේෂ, මෝහ නැත්නම් ඒක මට යහපතක්.

    ජීවිතය අනිත්‍යයි..., මරණය නියතයි...,

    ජීවිතය අනිත්‍යයි..., මරණය නියතයි...,

    ජීවිතයඅනිත්‍යයි..., මරණය නියතයි...


    (නැවත නැවත ආරම්භයේ සිට සිහි කරන්න)

    මේ දිවියෙදීම ලෙඩ රෝග හා මරණයෙන් මිදෙන මාර්ගයක් කියාදෙන්නේ බුදු දහමින් පමණි. මේ ජීවිතයේදීම ඉදිරියට සිදුවියහැකි මහලු වීම, ලෙඩ රෝග ගැන සිතාවත් ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න.
     
    • Like
    Reactions: gemba95

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කරල නිච්ච සුඛ අත්ත සිතෙන් ඉවත් කර දැමීම තමයි බුද්ධ දේශනාවෙ මරණානුස්සතිය කියල කියන්නෙ.තමන්ගෙ මරණය ගැන මෙනෙහි කර කර ඉන්න එක මරණානුස්සතිය නෙවෙයි.
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කරල නිච්ච සුඛ අත්ත සිතෙන් ඉවත් කර දැමීම තමයි බුද්ධ දේශනාවෙ මරණානුස්සතිය කියල කියන්නෙ.තමන්ගෙ මරණය ගැන මෙනෙහි කර කර ඉන්න එක මරණානුස්සතිය නෙවෙයි.


    තව පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවද සහෝ?
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කරල නිච්ච සුඛ අත්ත සිතෙන් ඉවත් කර දැමීම තමයි බුද්ධ දේශනාවෙ මරණානුස්සතිය කියල කියන්නෙ.තමන්ගෙ මරණය ගැන මෙනෙහි කර කර ඉන්න එක මරණානුස්සතිය නෙවෙයි.
    මට තේරෙන විදිහට මරණානුස්සතිය තියෙන්නේ මමත්වය සහ මම මගේ කියන හැඟීම දුරු කරගන්නයි. එහෙම නෙවේද?
     

    gemba95

    Active member
  • Oct 28, 2015
    676
    79
    28
    31
    computareta meha paththe..
    අඞ්ගුත්තරනිකායො
    අඨක නිපාතය
    2. දුතිය පණ්ණාසකය
    (8) 3. යමක වර්‍ගය
    3. පඨම මරණසති සූත්‍රය

    ’’එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාදිකගම්හි ගිඤ්ජකාවසථයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ඇමතූ සේක. ’’මහණෙනි, මරණසතිය වඩන ලද්දේ, බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ මහත්පල ඇත්තේ වෙයි. මහානිශංස ඇත්තේ වෙයි. නිවණට බැසගත්තේ, නිවණ කෙළවරකොට ඇත්තේ වෙයි.

    ’’මහණෙනි, යුෂ්මත්හු මරණ සතිය වඩව්.’’ මෙසේ වදාළ කල්හි එක්තරා භික්‍ෂුවක් මෙය කීයේය. ’’ස්වාමීනි, මම මරණ සතිය වඩමි.’’ යනුයි.

    ’’මහණෙනි, යුෂ්මතා කෙසේ වනාහි මරණ සතිය වඩන්නේද ?’’

    ’’ස්වාමීනි, මට මෙහි මෙසේ අදහස් වෙයි. ’මමරෑ දාවල් ජීවත්වන්නෙම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මය සිහිකරන්නෙම් නම් ඉතා යෙහෙක. ඒකාන්තයෙන් මා විසින් බොහෝ දේ කරණ ලද්දේය.’ යනුයි. ස්වාමීනි මම මෙසේ මරණ සතිය වඩමි.’’

    ’’අනෙක් භික්‍ෂුවක්ද භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. ’’ස්වාමිනි, මමත් මරණය සිහි කිරීම භාවිත කෙරෙමි’’ කියාය.

    ’’භික්‍ෂුව, ඔබ කෙසේ මරණය සිහි කිරීම භාවිතා කෙරෙහිද?’’ ’’ස්වාමීනි, මෙහිලා මට අනේ ඇත්තෙන්ම මම දවසේ ජීවත් වෙම් නම් භාග්‍යවතුන්ගේ ධර්‍මය මෙනෙහි කරන්නෙමි. ස්වාමීනි, මම මෙසේ මරණ සතිය වඩමි.

    ’’අනෙක් භික්‍ෂුවක්ද භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. ’’ස්වාමිනි, මමත් මරණය සිහි කිරීම භාවිත කෙරෙමි’’ කියාය.

    ’’භික්‍ෂුව, ඔබ කෙසේ මරණය සිහි කිරීම භාවිතා කෙරෙහිද?’’ ’’ස්වාමීනි, මෙහිලා මට අනේ ඇත්තෙන්ම මම දවසින් අඩක් ජීවත් වන්නෙම් නම් භාග්‍යවතුන්ගේ ධර්‍මය සිහි කරන්නෙමි. ස්වාමීනි, මම මෙසේ මරණ සතිය වඩමි.

    ’’අනෙක් භික්‍ෂුවක්ද භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. ’’ස්වාමිනි, මමත් මරණය සිහි කිරීම භාවිත කෙරෙමි’’ කියාය.

    ’’භික්‍ෂුව, ඔබ කෙසේ මරණය සිහි කිරීම භාවිතා කෙරෙහිද?’’ ’’ස්වාමීනි, මෙහිලා මට අනේ ඇත්තෙන් යම් අතරක එකම පිණ්ඩපාතයක් වළඳමි. ඒ අතර ජීවත් වෙම් නම් භාග්‍යවතුන්ගේ ධර්‍මය මෙනෙහි කරන්නෙමි. ස්වාමීනි, මම මෙසේ මරණ සතිය වඩමි.

    ’’අනෙක් භික්‍ෂුවක්ද භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. ’’ස්වාමිනි, මමත් මරණය සිහි කිරීම භාවිත කෙරෙමි’’ කියාය.

    ’’භික්‍ෂුව, ඔබ කෙසේ මරණය සිහි කිරීම භාවිතා කෙරෙහිද?’’ ’’ස්වාමීනි, මෙහිලා මට අනේ ඇත්තෙන්ම මම යම් අතරක පිණ්ඩපාතයෙන් අඩක් වළඳම්ද, ඒ අතරෙහි ජීවත් වන්නෙම් නම් භාග්‍යවතුන්ගේ ධර්‍මය මෙනෙහි කරන්නෙමි. ස්වාමීනි, මම මෙසේ මරණ සතිය වඩමි.

    ’’අනෙක් භික්‍ෂුවක්ද භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. ’’ස්වාමිනි, මමත් මරණය සිහි කිරීම භාවිත කෙරෙමි’’ කියාය.

    ’’භික්‍ෂුව, ඔබ කෙසේ මරණය සිහි කිරීම භාවිතා කෙරෙහිද?’’ ’’ස්වාමීනි, මෙහිලා මට අනේ ඇත්තෙන්ම මම යම් අතරක බත් පිඬු හතරක් හෝ පහක් යම්තම් වළඳා කල් යවම්ද, ඒ අතර භාග්‍යවතුන්ගේ ධර්‍මය මෙනෙහි කරන්නෙමි. ස්වාමීනි, මම මෙසේ මරණ සතිය වඩමි.

    ’’අනෙක් භික්‍ෂුවක්ද භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. ’’ස්වාමිනි, මමත් මරණය සිහි කිරීම භාවිත කෙරෙමි’’ කියාය.

    ’’භික්‍ෂුව, ඔබ කෙසේ මරණය සිහි කිරීම භාවිතා කෙරෙහිද?’’ ’’ස්වාමීනි, මෙහිලා මට අනේ ඇත්තෙන්ම මම යම් අතරක එක් බත් පිඬක් යම්තම් වළඳා කල් යවම්ද ඒ අතර භාග්‍යවතුන්ගේ ධර්‍මය මෙනෙහි කරන්නෙමි. ස්වාමීනි, මම මෙසේ මරණ සතිය වඩමි.

    ’’අනෙක් භික්‍ෂුවක්ද භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. ’’ස්වාමිනි, මමත් මරණය සිහි කිරීම භාවිත කෙරෙමි’’ කියාය.

    ’’භික්‍ෂුව, ඔබ කෙසේ මරණය සිහි කිරීම භාවිතා කෙරෙහිද?’’ ’’ස්වාමීනි, මෙහිලා මට අනේ ඇත්තෙන්ම මම යම් අතරක ආශ්වාස කොට ප්‍රශ්වාස කරම්ද, ප්‍රශ්වාස කොට ආශ්වාස කරම්ද, ඒ අතර භාග්‍යවතුන්ගේ ධර්‍මය මෙනෙහි කරන්නෙමි. ස්වාමීනි, මම මෙසේ මරණ සතිය වඩමි.

    මෙසේ කී විට භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන්ට මෙසේ වදාළහ. මහණෙනි, යම් මේ භික්‍ෂුවක්, ’’ ස්වාමීනි, මම මෙසේ මරණ සතිය වඩමි. මා විසින් කටයුතු දේ ඒකාන්තයෙන් බොහෝ වන්නේය’’ යි මරණය සිහි කිරීම කෙරේද,

    ’’මහණෙනි, යම් මේ භික්‍ෂුවක්, ’’අනේ ඇත්තෙන්ම මම දවසේ ජීවත් වෙම් නම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මය මෙණෙහි කරන්නෙමි. මා විසින් කටයුතු දේ ඒකාන්තයෙන් බොහෝ වන්නේය’’ යි මරණය සිහි කිරීම භාවිතා කෙරේද,

    ’’මහණෙනි, යම් මේ භික්‍ෂුවක්, ’’අනේ ඇත්තෙන්ම මම දවසින් අඩක් ජීවත් වන්නෙම් නම් භාග්‍යවතුන්ගේ ධර්‍මය මෙනෙහි කරන්නෙමි. මා විසින් කටයුතු දේ ඒකාන්තයෙන් බොහෝ වන්නේය’’ යි මරණය සිහි කිරීම භාවිතා කෙරේද,

    ’’මහණෙනි, යම් මේ භික්‍ෂුවක්, ’’අනේ ඇත්තෙන් මම යම් අතරක එකම පිණ්ඩපාතයක් වළඳමි. ඒ අතර ජීවත් වෙම් නම් භාග්‍යවතුන්ගේ ධර්‍මය මෙනෙහි කරන්නෙමි. මා විසින් කටයුතු දේ ඒකාන්තයෙන් බොහෝ වන්නේය’’ යි මරණය සිහි කිරීම භාවිතා කෙරේද,

    ’’මහණෙනි, යම් මේ භික්‍ෂුවක්, ’’අනේ ඇත්තෙන්ම මම යම් අතරක පිණ්ඩපාතයෙන් අඩක් වළඳම්ද, ඒ අතරෙහි ජීවත් වන්නෙම් නම් භාග්‍යවතුන්ගේ ධර්‍මය මෙනෙහි කරන්නෙමි. මා විසින් කටයුතු දේ ඒකාන්තයෙන් බොහෝ වන්නේය’’ යි මරණය සිහි කිරීම භාවිතා කෙරේද,

    ’’මහණෙනි, යම් මේ භික්‍ෂුවක්, ’’අනේ ඇත්තෙන්ම මම යම් අතරක බත් පිඬු හතරක් හෝ පහක් යම්තම් වළඳා කල් යවම්ද, ඒ අතර භාග්‍යවතුන්ගේ ධර්‍මය මෙනෙහි කරන්නෙමි. මා විසින් කටයුතු දේ ඒකාන්තයෙන් බොහෝ වන්නේය’’ යි මරණය සිහි කිරීම භාවිතා කෙරේද,

    ’’මහණෙනි, මේ භික්‍ෂූහු ප්‍රමාදව වෙසෙත්යයිද, ආශ්‍රවයන් ගෙවීම පිණිස, මරණය සිහි කිරීම සෙමෙන් භාවිත කරත්යයිද, කියනු ලැබෙත්.

    ’’මහණෙනි, යම් මේ භික්‍ෂුවක්, ’’අනේ ඇත්තෙන් මම යම් අහරක එක් බත් පිඩක් යම්තම් වළඳා කල් යවම්ද, ඒ අතර ජීවත් වන්නෙමි. භාග්‍යවතුන්ගේ ධර්මය මෙනෙහි කරන්නෙමි. මා විසින් කටයුතු දේ බොහෝ වන්නේයයි මරණය සිහි කිරීම භාවිතා කෙරේද,

    ’’මහණෙනි, යම් මේ භික්‍ෂුවක්, ’’අනේ ඇත්තෙන් මම යම් අතරක හුස්ම ඇද පිට කරම්ද, හුස්ම පිටකර ඇද ගනිම්ද, ඒ අතර භාග්‍යවතුන්ගේ ධර්මය මෙනෙහි කරන්නෙමි. මා විසින් කටයුතු දේ බොහෝ වන්නේයයි මරණය සිහි කිරීම භාවිතා කෙරේද,

    ’’මහණෙනි, මේ භික්‍ෂූහු අප්‍රමාදව වෙසෙත්යයිද, ආශ්‍රවයන් ගෙවීම පිණිස තියුණු ලෙස මරණය සිහි කිරීම භාවිතා කෙරෙත්යයිද කියනු ලැබෙත්. මහණෙනි, එබැවින් මෙහි ලා අප්‍රමාදව වසන්නමු. ආශ්‍රව ගෙවීම පිණිස තියුණු ලෙස මරණය සිහි කිරීම භාවිතා කරමුයි මෙසේ හික්මිය යුතුය. මෙසේම තොප විසින් හික්මිය යුතුය.


    උපුටා ගැනීම:- https://suttacentral.net/si/an8.74

    උඩ දාපු සුත්‍රය ඔයිට වඩා සරලව තියෙන තැනක් හෙව්වා හෙව්වා හම්බුනේ නෑ... :(:(:(



    සම්පුර්ණයෙන්ම බලන්න...!!! :)
     
    • Like
    Reactions: KPZ and DChathu30