මම අහවලාව මරන්නේ නෑ කියල හිතුවත් , එකත් වැරදි
මරණ හෝ නොමරණ , මම කියල කෙනෙක් ඉන්නකන් , මොන කරත් වැඩක් නෑ
මම දැකපු ගැබුරු තේරුමක් සහිත පොඩි විස්තරයක් තියනවා, ටිකක් ප්‍රඥා වන්තව හිතල බලන්න
"මම" දඩයම් කරන්න...
මිහිඳු හිමිත්
තිස්ස රජුත් අතර
හැඳුනු
දාර්ශනික සංවාදය
අපෙන් ගිලිහුනා.....
තිස්ස මුවා අතහැරල
දර්ශනය
සොයා ගියා.
අපි දර්ශනය අතහැරල
මුවා සොයා ගියා......
එනිසා
අපිට හිතෙනව
තාමත් පොසොන් කියන්නෙ
තිස්ස මුවා
පස්සෙ පන්නපු කතාව
කියල .......
අපි හැමදාමත්
ඉතිහාසය පුරා
සිද්ධි වලට වැඳ වැඳ
ඉඳල ... ,
බුදුවරු පහලවීමේ
සත්‍ය කතාව
සිත් මානයේ
බොඳකර ගත්ත. .....
දවසක් මම පෝය දිනක
සඳ දඩයම්
කරන්න ගියා ...
හඳ එළියෙන් මට
මුවෙකු හමුවුනා.
මමත් මුවත් අතර සංවාදයක්
ඇතිවුනා.
මුවා :-
" මිතුර ... මිතුර ....
නවතින්න...
කරුණාකරල මට කියන්න...
පෝය ඉපදුනේ හඳට කලින් ද ?
හඳ ඉපදුනේ පෝයට කලින් ද ?
මම :-
" නෑ ඒ දෙකටම කලින් " මම " ඉපදිලා
ඒ දෙකම මා තුළ ඉපදුනා....
මුවා :-
" එහෙනම් ඔබ මේ හඳත් අතහැර ,
මේ පෝයත් අතහැර ,
ඔබ තුළ ඉන්න " මම "
දඩයම් කරන්න...."
- අමිල ජයකොඩි -