මරණාසන්න වුණාම ඉතිං ආයෙ ලබ්බක් කරන්නයැ මැරෙනකං ඉන්නව.
ඒ කාලෙ වෙනකොට euthanasia legalize කරල තිබ්බොත් හොඳයි ඉතින්
දිනෙක ඔබගේ පවුලේ කෙනෙකු හෝ ඔබගේ වෙනත් නෑදෑ හිතවතෙකු මරණය පෙනි පෙනී ලෙඩ ඇඳක සිටින අවස්ථාවක ඔබ ඔහු අසලට යනවා නම්, ඔහුට හෝ ඇයට මේ දේවල් කරන්න එපා.

අඬන්න එපා.

වැලපෙන්න එපා.

බඳාගැනීම් කරන්න එපා.

මුහුණ සිඹීම් කරන්න එපා.

පෙර කල යුතුකම් සහ නොයෙක් සිද්ධීන් ගැන කතා කරන්න එපා.

දරුවන් ගැන කතා කරන්න එපා.

ඉඩකඩම්, දේපල ගැන කතා කරන්න එපා.

රත්තරම් බඩු ගැන කතා කරන්න එපා.

ඔහුව හෝ ඇයව බැලීමට එන අය පෙන්වමින් "මෙයාව මතකද?" යැයි අසමින් වෙහෙසට පත් කරන්න එපා.

ඔහුව හෝ ඇයව සතුටු කිරීමේ අදහසින් සිංදු කියන්න එපා, නොයෙක් සංගීත වාදනයන් කරන්න එපා.

රැගෙන ආ රසවත් කෑම සහ බඩු බාහිරාදිය ගැන කතා කරන්න එපා.

කෙටියෙන්ම කියනවා නම්, එම මරණාසන්න පුද්ගලයාගේ හිතට රාග සහිත සිතිවිලි, ද්වේශ සහගත සිතිවිලි සහ මෝහ සහගත සිතිවිලි ඇතිකරන දේවල් ගැන කතා කිරීම හෝ ක්‍රියා කිරීම් කරන්න එපා.

අප මේ දේවල් නොකල යුත්තේ ඇයි?
ඉහත සඳහන් කල දේවල් කරනවා නම් ඔබ ඒ කරන්නේ ඔබගේ එම මරණාසන්න ඥාතියා හෝ හිතවතා ඉතා පහසුවෙන් සතර අපායේ ඉපදීමට උදව් කිරීමකි. (සතර අපාය යනු - තිරිසන් අපාය, අසුර අපාය, ප්‍රේත අපාය සහ නිරය)
ඔහු හෝ ඇය ආනන්තර්ය පාපකර්ම සිදු නොකල කෙනෙක් නම්, එසේ සතර අපායේ ඉපදීමට ආසන්නම හේතුව වන්නේ, එම ඥාතියා හෝ හිතවතාගේ අවසන් චුති සිත සතර අපායක පිහිටවීමට එම ක්‍රියාවන් පහසුවෙන් උපකාරී වීමයි.

එසේ නම් අප කලයුත්තේ කුමක්ද?
සාමාන්‍යයෙන් කෙනෙක් මරණාසන්න වන විට ඔහුට මීලඟට ඉපදීමට ඇති ස්ථානයේ පෙර නිමිති පහලවෙනවා.
බොහෝ දෙනෙක් මිය යන විට සිහි විකල්වී කෑ ගැසීම්, බය වී තිගැස්සීම්, සතර දිසාවෙන් ගිනි දැල් දැකීම් වැනි පෙර නිමිති දකින පුද්ගලයින් අපට බොහෝ අවස්ථාවල අහන්න දකින්න ලැබෙනවා. මේවා සතර අපායට යෑමට සැරසෙන පෙර නිමිති ලෙස පෙන්වනවා.
ඒ අතර තවත් අයට දෙවියන් දැකීම, අශ්ව රථ දැකීම , දිව්‍ය සළු දැකීම වැනි සිද්ධීන් අප අසා තිබෙනවා. දුටුගැමුණු රජතුමාත්, ධම්මික උපාසකයාත් මේ පෙර නිමිති දකිනු ලැබූ බවට අප අසා තිබෙනවා. මෙම පෙර නිමිති දැකීම බොහෝ විට දිව්‍ය බ්‍රහ්ම ලෝකවල ඉපදීමට සැරසෙන නිමිති ලෙස පෙන්වා දී තිබෙනවා.
බොහෝ මරණාසන්න පුද්ගලයන් තම ජීවිතකාලයේදී කොතෙක් පිංකම් කලද මරණාසන්න අවස්ථාවේදී දුර්වල වී, සිත බොහෝ විට දුගතියකට (සතර අපායකට) සකස්වී තිබීමට පුළුවන.
එසේ නම් අප කල යුත්තේ, එම මරණාසන්න පුද්ගලයාගේ ප්‍රඥාවන්ත ඥාතියෙක් හෝ කල්‍යාණ මිතුරෙක් පමණක් ඔහු හෝ ඇය අසලට ගොස් හිත සුගතියකට සකස් කර දීමයි. එනම් ඔබ ඔහු හෝ ඇය අසලට ගොස් පිරිත් කියමින්, පෙර කල පිංකම් සිහි කරමින්, සසරේ අනිත්‍ය බව කියා දෙමින් සිත සුගතියකට සකස් කර දීමයි .
එවිට දුගතියට සකස් වී තිබූ එම සිත සුගතියකට හැරවීමට බොහෝ දුරට අවකාශ ලැබෙනවා. එමඟින් එය ඔහුට හෝ ඇයට දිව්‍ය බ්‍රහ්ම ලෝකවල ඉපදීමට බෙහෙවින් උපකාර වෙනවා. එයින් ඔබටත් බොහෝ කුසල් රැස් කිරීමට හැකියාව ලැබෙනවා.
උපුටා ගැනීමකි.