මේ සින්දුව නම් ලියලා තියෙන්නෙ බුදු රජාණන් වහන්සේ ලෝකෙ පාලනය කරනවා කියලා හිතාගෙන ඉන්න කෙනෙක් වෙන්න ඇති.
බණ ඇහුණ පලියට රටේ, ලෝකෙ මිනිස්සු නිවැරදි වෙනවා කියලා එකක් නෑ. එහෙම වෙනවා නම් දේවදත්තත් එහෙම වෙන්න එපැයි. එහෙම නෑ.
මේ ධර්මය තියෙන්නෙ ප්‍රඥාවන්තයාටයි කියලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නෙ. ප්‍රඥාවන්තයා නම් ධර්මය ඇහුණාම අප්‍රමාදීව නිවැරදි වෙනවා. එහෙම අය මේ රටේ ඉන්නවා. ගොඩක් නෑ.
රටේ, ලෝකෙ මිනිස්සු වැරදි කරන කොට බුදු බණ ඒකට පටලවා ගන්න තරම් මිනිස්සු හිතාගෙන ඉන්නෙ "බුදු බණ විසින් ලෝකය පාලනය කරනවා" කියලද
